tag:blogger.com,1999:blog-3744973467231537796.post8261323978740834538..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : උරුමය - දහ හත්වන (අවසන්) කොටස සඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-3744973467231537796.post-76557404669528888632016-08-14T22:52:42.102+09:002016-08-14T22:52:42.102+09:00තිලිණි නංගි ඔයාගෙ කමෙන්ට් එක ස්පෑම් එකෙන් දැනුයි හ...තිලිණි නංගි ඔයාගෙ කමෙන්ට් එක ස්පෑම් එකෙන් දැනුයි හොයාගත්තෙ. මං ඩිෆෙන්ස් එක ඉවර වෙනකල් මේ කතාව අමතක කරලා දැම්මා. ඒත් ටිකක් හැදුවා බ්ලොග් එකෙන් කියවන්න බැරි වුණ කෙනෙකුට කියවන්න යවන්න. ඔයා අන්තිම කොටස් තුන ආයෙ කියවන්නකො ඒකෙ ඔයාගෙ සමහර ප්‍රශ්ණ වලට උත්තර ඇති. ඔයා මතු කරපු කාරණා එක්ක මං තව ටිකක් සංශෝධනය කරන්නම්. ඔයාට දිග උත්තරයක් 18 න් පස්සෙ ලියන්නංසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-69024260625305467902016-08-06T20:08:09.949+09:002016-08-06T20:08:09.949+09:00ඉස්සෙල්ලම බොහොම ස්තූතියි! කියන්න ඕනි මේ කතාව කියවම...ඉස්සෙල්ලම බොහොම ස්තූතියි! කියන්න ඕනි මේ කතාව කියවමින් දිගටම මාත් එක්ක රැඳිලා හිටියට.

ඊළඟට යෝජනාවටත් ස්තූතියි! කියන්න ඕනි. අනිවාර්යෙන්ම මං හිතන්නෙත්, ආයෙ කතාවක් ලිව්වොත් කරන්නෙත් ඒකම තමයි.

මං මුලදිමත් කිව්වා වගේ මේක අවුරුදු දෙකකට විතර උඩදි ලියන්න අරන් අතෑරලා දාපු කතාවක්. මං මේ දවස්වල ඇත්තටම මේක ලියන්න ගත්තේ පොඩි මූඩ් චේන්ජ් එකකට. ඒක මට බලාපොරොත්තු වුණාටත් වඩා හොදින් කරන්න ලැබුණා ෆේස් බුක් එක හරහා මේක කියවපු පිරිස නිසා.

ඉතින් ආපහු ඇකඩමින් මූඩ් එකට යන්න ඕනි නිසා කතාව මේකෙන් අයින් කරලත් දැම්මා. මේ අන්තිම කොටස් දෙක තිව්වෙ හැලපයාට සහ ඉවාන්ට.

චරිත ගොඩක් ගෙනල්ලා වටේ යැව්වෙ නං මට කියන්න ඕනි කතන්දරේ කියන්න මිස අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා අනුමාන කිරීම වලක්වන්න නං නෙවෙයි.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-5399851227259933432016-08-06T19:55:17.436+09:002016-08-06T19:55:17.436+09:00ඔන්න අන්තිමට කියෙව්වෙ මම. අවසානය මොකක්ද කියල මම මු...ඔන්න අන්තිමට කියෙව්වෙ මම. අවසානය මොකක්ද කියල මම මුලදීම අනුමාන කළා.ඔයා එක එක චරිත ගෙනැත් අපිව කැරකෙව්වට මම හිතපු දේ හරිගියා. සුපුරුදු සම්ප්‍රදායික අවසානයම නේද? ආයෙම කතාවක් ලියද්දි ටිකක් වෙනස් අවසානයක් ගැන හිතන්න. හැබැයි කියවන අය නම් කැමති වෙන එකක් නෑ. වෙනසකට වගේ එහෙම හිතුවොත් නරකද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-62466612500350467692016-08-03T18:28:06.225+09:002016-08-03T18:28:06.225+09:00අක්කේ, කතාව හොඳයි, ලියන රටාව කියවලා තියෙන අනික් න...අක්කේ, කතාව හොඳයි, ලියන රටාව කියවලා තියෙන අනික් නවකතා වලට වඩා වෙනස්, හැබැයි අවසානේ නම් වෙනසක් නැහැ කියලයි හිතුනේ. ඒ කියන්නේ සියල්ලෝම සතුටින් විසිර ගියහ තමයි. (එහෙම නැත්නම් ඔයාටත් විසුමක් නැතිවේවිනේ?)
කතාවේ 13වන කොටසේ ඉඳන් එකදිගට කියෙව්වේ. ඒ නිසාද කොහෙද අන්තිම කොටස් දෙකේ සිද්දි දාමයේ වේගේ වැඩි කියල හිතුනා, flow එක වැඩි වගේ, කතාවේ මුල තිබ්බ gentle ගතිය නෑ.

නොගැලපීම් ගැනත් අහලා තිබ්බෙනේ,
accountant සමීරත් නෙමෙයි ජනකත් නෙමෙයි අර university එකේදී භාග්‍යාට try කරපු තව කෙනෙක් හිටියේ, මට නම මතක නැහැ, එයා කියලයි හිතුවේ.
මොකද, ඔයා කතාවේ හදුන්වලා තියෙන හැටියට ජනක නිහඩ මනුස්සයෙක්. එහෙම අය ප්‍රායෝගිකව ගත්තම කුකුල් කෙන්තිකාරයෝ නෙමෙයි.
ඒ නිසා ජනකව එතනින් අයින්කරගන්න මට ලේසි උනා.
accountant ජනක කියුවම මට තේරුම් ගන්න බැරි උනේ meditation කරලා කේන්තිය පාලනය කරගන්න තත්වෙට පත්වෙන්න තරම් එයාට මොකක්ද උනේ කියලයි.
accountant කෙන්තිකාරයෙක් කියුවේ එයා සමීරමයි කියලා එත්තුගන්වන්නද?
සමිරනම් රට කියලමයි හිතන් හිටියේ
එයා අතර මැදදී භාග්‍යාට පේන්න ආවහමවත් මට හිතුනේ නැහැ ඒ මනුස්සයා engage වෙලා ඇති කියලා
මොකද ඔය කියනතරම්ම සමීර භාග්‍යාට ආදරේ කලානම් එහෙම වෙන්න සම්භාවිතාවක් නැහැ
අනික accountant සමීරනම් boss ගාව තිබ්බ photo එක දැක්ක වෙලාවේම භාග්‍යාව හොයාගෙන යනවා
අනික කියන්නම ඕනේ දහරා ගැන කියුවේ වටේ ගෙනියන්න කියල කලින්ම දැනුනා

කතාවේ හැටියට ජනක භාග්‍යාව හොයනවා කියලා තිබ්බාට සමීර එහෙම කලා (භාග්‍යාව හොයනවා) කියලා අඩුගානේ දෙන්නා අන්තිමට හම්බුනාමවත් කියන්නේ නැහැනේ
එක තරමක් අස්වාභාවිකයි
ආදරේ කරන කොල්ලෙක් තමන් ආදරේ කරන කෙල්ල හිටි ගමන් අතුරුදහන් උනාම හොයා බලන්නේ නැතිව ඉන්නෙත් නැහැ දෙන්නා ආයේ හම්බුනාම මං ඔයාව කොච්චරනම් හෙවුවද කියලා නොකියා ඉන්නෙත් නැහැ නේද?

අනික, භාග්‍යා දැඩි තීරණ ගන්න හිත හයිය කෙනෙක්
ඉතින් කොහොමද එයා ඩෝන් ගලා කලන්තේ දාලා වැටෙන්නේ?
ගේ පහල ගල් තලාවේදී උනත් එයාට හයිය තියෙනවා සමීර ගාවින් නැගිටලා යන්න
ඒකනම් තාත්විකයි
නදිනි ප්‍රේමදාසත් කියනවානේ "මොන තරම් ආදරෙ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ" කියලා
ගියානම් අඬයි දොඩයි සතියයි දෙකයි ගොඩ එනවා let it go කියලා, එකමනේ භාග්‍යා කලෙත්
ආ... අරුනොද්යාව අමතකම උනානේ,
එයා එකපාර office එකෙන් මතුඋනේ කොහොමද බැලුවා
ජනක එක්ක දැවටී දැවටී ඉන්න, හිත ගැස්සෙන ලස්සනක් තියෙන කෙනෙක් සහ සමීර භාග්‍යාට try කියලා දන්න කෙනෙක් භාග්‍යා නැති අඩුව පුරවන්න එයිද අක්කේ?
අන්තිම පරිච්චේද දෙක චුට්ටක් දිගට අදින්න, එතකොට තවත් රසවත් වේවි.

තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා
භාග්‍යා ගැන, ඒ කියන්නේ කවුද කින්ද මන්ද කියලා දන්න ජනක ඇයි භාග්‍යාගේ ගෙදරින් භාග්‍යාව හොයන එක පටන්ගන්නේ නැත්තේ?
කතාවේ තියෙනවනේ අම්මලා දෙන්නා සහෝදරියෝ කියලා ජනකයි අයියයි දැනන් හිටියා කියලා
ඉතින් එකටත් සාධාරණයක් කරන්න වෙයි නේද?

කතාව සමීරගේ පැත්තෙන් කියවෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා
සමීර ගුප්ත මනුස්සයෙක් විදියට මිසක් ආදරණීය කෙනෙක් හැටියට දැනෙන්නේ නැහැනේ (මට)
සිද්දි සමුදායක් මතක් කරනවා හැර භාග්‍යාත් තමන්ගේ හිතින් හිතන මතන දේවල් ලියවිලා තියෙනවා අඩුයි වගේ දැනෙන්නේ
භාග්‍යා අරුනොද්යා ගැන තියා දහරා ගැනවත් හිතින් හිතලා තීරනගන්න බවක් පෙන්නේ නැහැ
ඒ කියන්නේ භාග්‍යා එකපාර අතුරුදහන් වෙන එක හරියට justify වෙන්නේ නැහැ කියලයි හිතෙන්නේ

ලියුවා දිග වැඩිද මන්දා
මොනවා ලියුවත් අන්තිමට හිතෙනවා මේ ඔක්කොම හිතෙන දේවල් මට සහ මගේ වටේ ඉන්න මං දන්න අයට සාපේක්ෂයි නේද කියලත්
කොහොම උනත් defense මැද්දේ ලියපු එකනම් වටිනවා
තව එකක් ලියමු එන්න කලින්තිලිණි ඉලංකෝන්noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-31380785276740408982016-08-03T16:09:02.506+09:002016-08-03T16:09:02.506+09:00නිර්මාණි,
කතන්දර වල එහෙමනෙ. හැමෝටම හැමදේම අන්තිමට ...නිර්මාණි,
කතන්දර වල එහෙමනෙ. හැමෝටම හැමදේම අන්තිමට පැහැදිලි කරගන්න ලැබෙනවා.

ඔයාගෙ සුබ පැතුමට ස්තූතියි! ඒත් බොහොම කල් වැඩියි නංගි සුබ පැතුවා. තාම මං මෙහෙ.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-76169962884064102462016-08-03T14:09:11.013+09:002016-08-03T14:09:11.013+09:00එහෙමයි එහෙනම් උනේ.. හැමදේම අවබෝධයෙන් පැහැදිලි කර ග...එහෙමයි එහෙනම් උනේ.. හැමදේම අවබෝධයෙන් පැහැදිලි කර ගන්න හැමෝටම ඉඩ ලැබුනා...

එදාම කියෙව්වට කොමෙන්ට් කරන්න ලැබුනේ අදයි අක්කේ...

අඩුපාඩු හදාගෙන ඔයාගේ පොතක් ගහන වැඩේට සුභපතනවා අක්කේ...

තවත් කතාවක් ලියන්න වෙලාව තියන විදිහට පටන්ගන්න...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-62803993946518043942016-08-03T13:58:30.742+09:002016-08-03T13:58:30.742+09:00බොහොම ස්තූතියි! පොකුරු ඉවසීමෙන් කතාව රස වින්දාට.
...බොහොම ස්තූතියි! පොකුරු ඉවසීමෙන් කතාව රස වින්දාට.

මේක ලියද්දි ලියද්දි පබ්ලිස් කරපු නිසා සමහර අඩුපාඩු මමම දැක්කත් හදන්න බැරි වුණා. ඒත් එහෙම නොකර කතාවම ලියලා ඉවර වෙලා පබ්ලිස් කරන්න හිටියනං මේ කතාව කවදාවත් ලියලා ඉවර කෙරෙන්නෑ. දැන් ලියලා ඉවර නිසා අඩුපාඩු හදාගන්න ලේසියි මුල මැද අග හොදින් ගලපලා.

තව සති කීපයකින් ඒ අඩුපාඩු ටිකත් හදලා, තව මම මේකෙ නොලිව්ව ටිකක් තියෙනවා, ඒ ටිකත් දාලාම පොතකට යන්නයි හිතා ඉන්නෙ . ස්තූතියි ඔයාට ඔයා කීප සැරයක්ම ඕක කිව්වා. ඒ වැඩේ ඉවර වුණාම මම ඔයාට සම්පූර්ණ කතාවෙ පීඩීඑෆ් එකක් එවන්නංකො. මං නොහිටියත් ඔයා බ්ලොග් එක්ක දිගටම ඉදියිනෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-18052050976800703862016-08-03T11:23:55.544+09:002016-08-03T11:23:55.544+09:00මුලින්ම බොහොම ස්තුතියි සඳා තීසිස් එක ලියන ගමන් කථා...මුලින්ම බොහොම ස්තුතියි සඳා තීසිස් එක ලියන ගමන් කථාව දිගටම ලියල අපූරු අවසානයකට ගෙනැත් තිබ්බට...මම නම් බොහොම රස වින්දා...සමහර තැන් වල පොඩි පොඩි පැටලවිලි තිබුනට, එයින් රසයට ලොකු බාධාවක් උනේ නැහැ..හෙමින් සැරේ ආයිමත් එඩිට් කරලා පොතක් විදියට පබ්ලිෂ් කළා නම් හොඳයි නේද?WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-43129622115854706682016-08-03T10:16:33.700+09:002016-08-03T10:16:33.700+09:00//කවදාවත් කමෙන්ට් නොකලට මේකෙ මම ගොඩාක් ආසාවෙන් කිය...//කවදාවත් කමෙන්ට් නොකලට මේකෙ මම ගොඩාක් ආසාවෙන් කියවපු කතාවක්// ආසාවෙන් කෙසේ වෙතත් මේක දිගටම කියවපු, නමුත් වැරදීමකින්වත් ඒ බව දැනෙන්න නොදුන් අය හය හත්සීයකට වඩා ඉන්නවා. සතුටුයි එහෙම අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හෝ දැනගන්න ලැබෙනවට.ඒ ගැන ඔබට ස්තූතියි! වරා මලී

කතාව ඉවර වුණාට පස්සෙ පාළු දැනිච්ච අයත් මහ ගොඩක් හිටියා. "හෙට ඉදන් අපි ෆේස් බුක් එන්නෙ මොනා බලන්නද" කියලා කියවපු හැමෝම වගේ විස්සෝප වුණා. මටත් පාළුයි. ඒත් මං ඒ කතාවෙන් එළියට ඇවිත් මගේ වැඩ කරගන්න ඕනි නිසා මං ඒක බ්ලොග් එකෙන් තාවකාලිකව ඉවත් කරා. මේ අන්තිම ටික ඉතුරු කරලා තිව්වෙ දිගටම මේක කියවපු බව මං දන්න බ්ලොග් කරුවො දෙතුන් දෙනෙක් කියෙව්වද නැද්ද කියලා තාම මට අදහසක් නැති නිසා.

ඔයාගෙ ප්‍රශ්ණෙට උත්තරේ ගෙඩිය පිටින්නං කතාව ඇතුලෙ නෑ. කතාවක් ලියනකොට මං උත්සහ කරනවා කියවන කෙනාට කියවලා ඉවර වුණාට පස්සෙ "අරක මෙහෙම වුණේ මේ නිසාද....අර නිසාද" අරවා මේවා මොනා හරි හිතන්න ඉතිරි වුණානම් හොඳයි කියලා. ඕක නිසා වතාවක් කෙනෙක් කිව්වා මං ගෙදරට කෑමට එන්න කියලා උයන දේවල් ළඟට දීලා උයාගෙන කන්න කියලා කියනවා වගේ වැඩක්ලු කරන්නෙ. හැබැයි මං හිතන්නෙ මං උයන්න නෙවෙයි ඉතිරි කරන්නෙ, සලාදයක් තමන් කැමති රහකට හදාගන්න කියලා.

මේ කතාවෙ භාග්‍යා ඔෆිස් හිටියෙ දවස් තුනයි. පළවෙනි දවසෙ තමයි අයියා අකවුන්ටන් ගැන කිව්වෙ. ඉන් ටිකකට පස්සෙ එයා ගෙදර යනවා. දෙවෙනි දවසෙ තමා අකවුන්ටන් මඟ හරින්නෙ. ඒ වෙනකොට අයියා දන්නෑ නංගි කලින් දවසෙ කිව්වෙ කා ගැනද කියලා. ඒකයි විහිළු කරන්නෙ. ඊළඟට දවල් වෙනකොට එයා ඒක දැනගන්නවා. ඊට පස්සෙ නංගිත් එක්කම ගෙදර යනවා. කලින් දවසෙ වගේ එයා එන්නෙත් නෑ ඊට පස්සෙ සතියෙත් නංගිව තනි නොකර ඉන්න බලනවා. ඇයි ඒ. අයියා හිතන්නෙ නංගි කිව්වෙ එයා ගැන කියලා සහ අකවුන්ටන්ගෙ හිතෙත් නංගි ඉන්නවා කියලා හිතලා.අයියා ඒකට බය වෙනවා.

මුලදි ජනක කවුද කියලා නොදන්නවා වුණාට කතාව කියවලා ඉවර වුණාම ඒ භාග්‍යාගෙ සහෝදරයෙක් කියලා දැනගන්නවනෙ.

එයා මෙයාව හොයන්නෙ ඒ සහෝදර කමට. ඉතින් ඉන්නවා කියලා දැක්කම සතුටු වෙනවා. ඒක අර පමුදිගෙ කතාවෙදි කියවෙනවනෙ. ඒත් එයා හරියටම දන්නෑ මෙයා කැම්පස් එකෙන් අතුරුදහන් වුණේ ඇයි කියලා. සැකයක් විතරනෙ තියෙන්නෙ. ඒ නිසා එයා හොද සහෝදරයෙක් විදිහට හිතන්න ඇති එකපාර එයා ඇවිත් මෙයාව එක්සයිට් කරනවට වඩා සමීරට ඒ ගැන කියලා කරන දෙයක් කරන්න. ඉතින් සමීරව මඟ ඇරෙනවා. සමීරට වුණත් එයා ෆෝන් එකෙන් නෙවෙයිනෙ ඒ ගැන කියන්නෙ. ළඟ ට ගිහින් මුණ ගැහිලා.

මං ජනක වුණානං කරන්නෙ ඔහොමයි. ඒකයි මං ඒ විදිහග කතාව හැසිරෙව්වෙ. මොකද භාග්‍යා ආවට පස්සෙ ආයෙ එන්නෑ කියන්න ඇර කාටවත් කෝල් එකක්වත් නොදුන්න නිසා වටින් පිටින් ගාඩ් නොදා එයාව මුණ ගැහීම ආයෙ වතාවක් එයාව නැති වෙන්න වුණත් හේතුවක් වෙන්න පුළුවන්නෙ. ජනක කියන්නෙ නංගි කෙනෙක් අහිමි වීමේ වේදනාව දෙපාරක්ම විදපු කෙනෙක්නෙ. ජනකගෙ අයියා සමීරට එයා නිදා ඉන්න වෙලාවක් පෙන්නන්ත් අකමැති වුණා කියන එකෙන් මං කියන්න උත්සහ කළේ එයාලට මේනංගි කොච්චර වටිනවද කියලා. ඒක ඔයාටල තේරුණාද නැද්ද නං දන්නෑ.

කොහොම වුණත් මේ මගේ හිතේ තිබ්බ සම්පූර්ණ කතාව නෙවෙයි. මට මේකට වැය කළ හැකි කාලය තුල කතාවේ අවසන් රසයට බාධාවක් නොවෙන විදිහට මං සමහර කොටස් ඉවත් කළා. දිගටම මේ කතාව කියවපු අයට කියවන්න ඕනි වුණ කතාව ලැබුණට මට කියන්න ඕනි වුණ කතාව මට සම්පූර්ණ කරගන්න බැරි වුණා. තව සති දෙක තුනකින් ආයෙත් විවේකයක් ලැබෙනවා. එතකොට මං මේක සම්පූර්ණ කරන්න හිතනවා.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-84420405481341544732016-08-02T16:09:35.541+09:002016-08-02T16:09:35.541+09:00සඳ වියමන්,
කවදාවත් කමෙන්ට් නොකලට මේකෙ මම ගොඩාක් ආස...සඳ වියමන්,
කවදාවත් කමෙන්ට් නොකලට මේකෙ මම ගොඩාක් ආසාවෙන් කියවපු කතාවක්. හැමදාම උදේට වැඩ පටන් ගත්තෙ අලුත් කොටස කියවලා ඉවර වෙලා. ඇත්තටම කතාව ඉවර උනාට පස්සෙ පොඩි පාලුවක් දැනෙනවා, මොකද ඔයා අපිව ඒ තරමට කතාව ඇතුලෙ ජීවත් කෙරෙව්වා.

කතාව ඉවරවෙලා ඒ ගැන හිතනකොට මට හිතුන දෙයක් මේක. ජනක කියන්නෙ අයියගෙ අකවුන්ටන්නෙ. එතකොට එයා දැනගත්තම භාග්‍යා තමයි අයියගෙ සෙකට්‍රි කියලා (එයා භග්යාව එච්චර හෙව්වා නම්) ඇයි එයා භාග්‍යාට කතා නොකර සමීරව හොය හොයා හිටියෙ. (ජනක භාග්‍යාගෙන් හැංගෙන්න නේද අර අසයිමන්ට් එක එක රැයකින් තනියම කලේ)

සමහරවිට මේකට උත්තරේ ඔයාගෙ කතාව ඇතුලෙම ඇති, හැබයි ඔයා ඒ කොටස් අයින් කරලා නිසා හොයා ගන්න නැහැ.

ඔයාට පුලුවන්ද ඇයි ජනක එහෙම කලේ කියලා මට කියලා දෙන්න. වරාමලීhttps://www.blogger.com/profile/06452067562341646381noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-72133606902162584582016-08-02T14:27:24.872+09:002016-08-02T14:27:24.872+09:00ස්තූතියි! නිරෝ හැමදාම වගේ ලියන්න මාව උනන්දු කරවනවට...ස්තූතියි! නිරෝ හැමදාම වගේ ලියන්න මාව උනන්දු කරවනවට.

ඔයා නිතරම "අක්කෙ අර නවල් එක ලියන්නැද්ද" කියලා අහපු එකත් මේක ලියන්න පටන් ගන්න හේතුවක් වුණා.

ඔයා අර උඩ කියපු අය නිතර පොත් ලියන අයනෙ. මට ඉතින් එකක් ලියන්න අවුරුදු දෙක තුනක් යන නිසා අනිවාර්යෙන්ම හයිලයිට් වෙනවා වේගෙ නිසාම

මම මේකෙ මැද අර අප්පච්චි දුවට කියන්න හැදුව කතාව ලියලා නෑනෙ ඇයි අප්පච්චි දුවගෙන් දුරස් වෙලා හිටියෙ වගේ දේවල් ටික (ඔයාලට 16 කියවලා පිස්සු හැදුන නිසා මං ඉක්මන් කලා පව් කියලා ). ඇත්තටම නං ඒකට හේතුව මේ කතාව ඇතුලෙ තියෙනවා. ඕගොල්ලො සීඅයිඩී නොවන නිසා මං ඉතින් ඔව්වා ඔයාලට හොයාගන්න තියන්නැතුව කියන්නයි හිටියෙ. ඒත් වෙලාව මදි වුණානෙ. ඩිෆෙන්ස් එකෙන් පස්සෙ ඒ ටිකත් ලියලාම ඔයාට පීඩීඑෆ් එකක් එවන්නං දහ දොළොස් බැරිනං සිය පාරක්වත් කියවාගන්නසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-9528169659607099262016-08-02T14:20:25.652+09:002016-08-02T14:20:25.652+09:00මනෝජ් මල්ලි,
ඔයා නිකන් අපේ පුතා පොඩි කාලෙ කතන්දර ක...මනෝජ් මල්ලි,
ඔයා නිකන් අපේ පුතා පොඩි කාලෙ කතන්දර කිව්වා වගේනෙ. ඔක්කොම කතා ඉවර වෙන්නෙ අන්තිමට සතුටින් ජීවත් වෙලානෙ. ඒක හන්දා එයා මුල චුට්ටක් කියලා........අන්තිමට සතූ.....ඌඌඌඌ.....ටින් ජීවත් වුණාලු කියලා කතාව ඉවර කරනවා.

ඔන්න දවසක් අර ගමරාලට යකෙක් කන්න බඩගිනියි කියන කතාව එයා අපිට කියලා දෙනවා.

මුල චුට්ටක් කිව්වා, යකා ඇද යටට රිංගන හරියට. ඊට පස්සෙ "අන්තිමට යකයි ගම හාමිනෙයි සතූඌඌඌඌඋටින් ජීවත් වුණාලු" කිව්වා.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-78744847292642353642016-08-02T13:50:52.801+09:002016-08-02T13:50:52.801+09:00අක්කේ,
බොහෝ ප්‍රේම කතාවන් අවසානයේදී සිදුවන්නේ මොන ...අක්කේ,
බොහෝ ප්‍රේම කතාවන් අවසානයේදී සිදුවන්නේ මොන බාධක මැද හෝ ප්‍රේමවන්තයෝ එකිනෙකා එකතුවීම නිසා මම අනුමාන කෙරුවේ "භාග්‍යා"ට තමන්ගේ ප්‍රේමවන්තයා හමුවේවි කියලායි.එත් ඒ ප්‍රේමවන්තයා සමීර ද ජනකද කියන එක ගැන මට වැටහීමක් තිබ්බේ නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-89974110956663994592016-08-02T13:11:23.299+09:002016-08-02T13:11:23.299+09:00අක්කගේ පලවෙනි නවකතාව උනාට හුගක් සාර්ථක කතාවක් කියල...අක්කගේ පලවෙනි නවකතාව උනාට හුගක් සාර්ථක කතාවක් කියල මට හිතෙනවා. අලුත් ආරකින්, කියවනන් ඇද බැඳ තබාගනිමින් හැම කොටසක්ම හරිම ලස්සනට ගලාගෙන යවල තියෙනවා. දව්ස්ගනක් කුතුහලෙන් එලඟ කොටස එනකන් බලන් හිටපු හින්දද මන්ද මට අද හරිම පාලු ගතියක් දැනුන. ඉතින් අපහු පරණ කොටස් කියවන්න හිතුනත් වැඩ නිසා අමාරුවෙන් එක මග අරගත්තා. මන් හිතන්නේ මන් ළඟ ඕක පොතක් විදියට තිබුන නම් මෙලහකටත් 10 සැරයක් වත් කියවල. එතරම් රසවත්. එලඟ කතාවත් අරන් ඉක්මනට එනකන් බලන් ඉන්නව. එඩ්වඩ් මලල්වරච්චි.කරුනාසෙන ජයලත්, චන්දී කොඩිකාර සුජීව ප්‍රසන්න ආරච්චි ලියපු කතා වලට වඩා වෙනස් ආරක් ඔයාට තියෙන්නේ, මන් කලින් ලිව්ව නම් එක්ක ඔයාගේ නම හයිල්යිට් වෙයි කියල හිතෙනවා ඔයාගේ ශෛලියත් එක්ක. හුගක් වෙලාවට මම නොවෙල් එකක් කියවද්දී උඩින් පල්ලෙන් කියවගෙන යනවා, එත් ඔය ලියන මේ ශෛලියත් එක්ක එහෙම කරලා බෑ . ඒ කයි මන් කිව්වේ ඔයා කියවන්නන් ඇද බැද තබාගන්නවා කියල. අපේ කැම් පස් කාලෙට යවල, ජීවිතේ සුන්දර කලේ මතක් කරලා දීල ලියපු මේ ලස්සන කතාවට ඔයාට ගොඩක් පින්.

සුභ පැතුම් අක්කේ. ඊළඟ කතාව එනකන් මග බලන් ඉන්නවා.

nirohttps://www.blogger.com/profile/08889664240604599891noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-69152261793728802102016-08-02T11:13:38.245+09:002016-08-02T11:13:38.245+09:00සාලිය,
පංචලී කියන්නෙ එයා සමීරව දැක්කෙ " හොදම ...සාලිය,
පංචලී කියන්නෙ එයා සමීරව දැක්කෙ " හොදම යාළුවෙක් මැරි කරන්න ඉන්න බෝයි" හැටියට කියලනෙ. එතනදි එන්ගේජ් වුණ කතාවක් එයා කියන්නෑ. ඒ වගේම පංචලී කියනවා දහරා එයාට වැඩි විස්තර කියන්න අකමැති වුණ බවත් ෆොටෝ එකක් පෙන්නන්න කිව්වම මුලින් නොපෙන්නුව බවත්.
එතනින් එහා දෙයක් මං නොකිව්වෙ කියවන කෙනාට හිතාගන්න ඉඩ අරින්න මොකක් වෙන්න ඇද්ද කියලා.

මං ගොඩ නගපු සමීරගෙ චරිතය තුල තියෙන ලක්ෂණ, එයා කොහොමද තමන්ගෙ අක්කා, නංගිලා ගැන සහ මනූජා පවනි වගේ අයට සැලකුවෙ කියලත්. ඒකත් එක්ක දහරගෙ පසුබිමයි, ඒ පවුල් අතරෙ තිබ්බ යාළුකමයි ඔක්කෝම බලලා හිතන්නකො එතන මොකක් වෙන්න ඇද්ද කියලාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-82689494244909304052016-08-02T11:13:08.829+09:002016-08-02T11:13:08.829+09:00සිත්තමී,
දැන් කතාව ඉවර නිසා මට ඔයාට උත්තර දෙන්න පහ...සිත්තමී,
දැන් කතාව ඉවර නිසා මට ඔයාට උත්තර දෙන්න පහසුයි.
මේ කතාව කොහෙත්ම කොටස් වශයෙන් කියවන්න පහසු කතාවක් නෙවෙයි කියන එක මගේ මෝඩ මොළේට වැටහුනේ කොටස් තුන හතරක් ගියාට පස්සෙ. ඉතින් මොනා කරන්නද බැඳගත්තනං බෙරේ ගහන්නම ඕනි නිසා ගැහුවා.

කතාව මුල කියවනකොට අකවුන්ටන් සමීර කියලා හිතෙන විදිහට තමා ලිව්වෙ. ඊට පස්සෙ කියවන අය බලාපොරොත්තු වුණා සාම්ප්‍රදායික සරසවි ප්‍රේමයක්. ඒක නොලියා මං මේ මළ ගෙදරක් ගැන ඕන්නැති තරං විස්තර ලියනකොට කට්ටිය කලබල වුණා. ඒත් මං ගියෙ මගෙ ටාගට් එකට. ඒකයි මං ඔයාට කිව්වෙ මං දිගටම යන්නෙ මගෙ ට්‍රැක් එකේ කියලා. ඒ ට්‍රක් එකේ මං හරියට ගිය බව ලැබුණ ප්‍රතිචාර වලින් දැනුනා. මේ අවසානය අනුමාන කරපු කවුරුත් තාම මුණ ගැහුනෙ නෑ.

හැබැයි මේ මළ ගෙදර විස්තරෙත් එක්ක හිතින් අවුරුදු ගානක් ආපස්සට ගිය ලොකු පිරිසක් හිටිය නිසා එයාලගෙන් මට ලොකු සහයක් ලැබුණා කලබල නොවී මට ඕනි පාරෙ යන්න.

කොහොම වුණත් ඔයාලට දැන් තේරෙණවනෙ මේ මළගෙදර විස්තරේ කතාවෙ අවසානයට කොයි තරම් ලොකු බලපෑමක් කරාද කියලා. මට ඔයාලව මට ඕනි ඕනි හැටියට නොමග යවාගන්න උදව් කළේ මේ මළ ගෙදර.

මට ඕනිනම් වාක්‍ය කීපයකින් විතරක් ලියන්න තිබ්බා ජනකගේ ගෙදර අය භාග්‍යාට විශෙෂත්වයක් දැක්කුවා කියලයි අරුණෝද්‍යා ආකර්ශණීය, තැනක් නොතැනක් නොබලා කතා කරන කටකාර තරුණියක් කියලයි. ඒත් එහෙම වාක්‍ය වලින් ලිව්වනං අන්තිම හරියෙ එයා ඔෆිස් එකට එනකොට සමීර එන්ගේජ් වුණේ එයත් එක්ක කියන වැරදි අදහස කියවන්නගෙ හිතේ අදින්න අමාරුයි. ඒකයි මං වචන ගොඩාක් නාස්ති කරලා අරුණෝද්යාගෙ චරිතෙට, ඕනි කොල්ලෙක් දැලේ දාගන්න පුළුවන් ආකර්ශණීය කෙනෙක් විදිහට පණ දුන්නෙ. ඒක සාර්ථකයි කියලා හිතුනා අර අපේ ඉවාන් පවුලූෂට අරුණෝද්‍යා ගැන හිතක් පහළ වෙච්ච නිසා.

අර අරුණෝද්‍යා මේ ජෝඩුව පොරොන්දුවක් ගන්න තැනට එන හැටි, වාඩි වෙන තැන ජනකගෙ අයියා දහ දොළොස් වතාවක් භාග්‍යාගෙ ඔළුව අතගාපු එක එහෙම කියවද්දි ඔයාලට හිතෙන්න ඇති මොන බහුභූත ලියනවද කියලා. ඒ වුණාට ඒවා තමා මං අන්තිම හරියෙදි ඔයාලව නොමගෙනුත් නොමග යවන්න පාවිච්චි කළේ.

මං ඒකයි කිව්වෙ අවසානෙ වෙනකල් ඉදලා ඒ ගැන කතා කරන්න කියලා.
එතකොට චරිත ගොඩේ ප්‍රශ්ණෙ. මේ දෙන්නයි තව දෙතුන් දෙනෙකුයි එක්ක කැම්පස් කතාවක් ලිව්වනං ඒකෙ සජීවි බව අඩුයි. ඒකයි එහෙම කළේ. ඒක කියවීමට බාධාවක් වුණානං සමාවෙන්න.

ඊට පස්සෙ අර අතීතයෙන් වර්තමානෙට එනකොට ඉඟි දෙන්න කියපු එක. මට හිතෙන්නෙ එහෙම කරාම කියවන කෙනා කම්මැලි වෙනවා කියලා. අර වාහන නැති කෙලින් පාරක ඩ්‍රයිව් කරනවා වගේ.අර එක තැනක තියෙන්නෙ මෙයාලා බෙහෙත් ගන්න ගිය වෙලේ සමීර මනූජගෙ කොණ්ඩෙන් අදින වෙලාවෙම නැන්දම්මා කියලා දෝණි දුවගෙන එන කෑල්ලක්. ආන්න එහෙම වුණාම මේ මොකද්ද මේ වුණේ කියලා කියවන්නට තත්පරෙකට හරි හිතන්න වෙනවා දැන් කතාවෙ කොහෙද ඉන්නෙ කියලා. එතකොට එයා ආපහු කතාවට එනවා කියලයි මං හිතන්නෙ.

ඔය ඉතින් මං හිතන හැටිනෙ. ඒ නිසා මං හිතා ඉන්නෙ එහෙම හොදයි කියලා. ඒත් කියවන අයගෙ පැත්තෙන් ඒක අපහසුවක් වෙනවා ඇති. ඒත් මගේ තියෙන නරක ගතිය කියන්නෙ මට කෙරෙන්න ඕනිත් ඒකමයි.

මගේ උත්තරෙත් පෝස්ට් එකක් වගේ දිගයි. ඒත් ඔයාට පැහැදිලි උත්තරයක් දෙන්න ඕනිනෙ.
ඉතින් බොහොම ස්තූතියි සිත්තමී මුල ඉදලම මාව දිරිමත් කරමින් කතාවත් එක්ක හිටියටත්, ඔයාට අඩුපාඩු හැටියට දැනුන දේවල් පෙන්නලා දෙන්න ඉදිරිපත් වීමටත්. ඒ වගේමයි ඔයාගෙ අගය කිරීමත් මට ලොකු ශක්තියක්. ස්තූතියි! ඒ හැමදේකටම
සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-73607749219895906112016-08-02T06:25:13.483+09:002016-08-02T06:25:13.483+09:00මනෝජ් මල්ලි,
ඔයා මුලදිම කිව්වනෙ ඔයාට මේ කතාව බෝරිං...මනෝජ් මල්ලි,
ඔයා මුලදිම කිව්වනෙ ඔයාට මේ කතාව බෝරිං, ඒ අන්තිමට වෙන්නෙ මේකයි කියලා හිතෙන නිසා වෙන්නැති කියලා.

දැන් මං ලියලා ඉවර නිසා කියන්නකො බලන්න මොකක්ද ඔයා ඒ හිතා හිටියෙ කියලාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-62965136667073881112016-08-02T06:21:28.652+09:002016-08-02T06:21:28.652+09:00කුමු,
පහළ සාලිය කියලා විතරක් ලියවුණාට ඒ උත්තරේ ඔය...කුමු,

පහළ සාලිය කියලා විතරක් ලියවුණාට ඒ උත්තරේ ඔයාටත් අදාලයි.

ඇත්තටම මං මේ කතාවෙදි පංචලී තරමටවත් දහරව හයිලයිට් කරේ නෑ. ඒ නිසා එයාට වෙච්ච දෙයක් කතාවට අදාල නෑ. ඒක භාග්‍යාට ඉරිසියාවක් ඇතිකරන්න සමත් වෙච්ච එයාට කලකිරීමකට හේතු වුණ මැරුණ චරිතයක් විදිහට හසුරුවන්නයි මට ඕනි වුණේ. හැබැයි කතාව තුල එයා ජීවත් වෙලා කියලා හිතෙනවා ඔයාලගෙ කමෙන්ට් දැක්කාමසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-82877389806659718372016-08-02T01:36:17.646+09:002016-08-02T01:36:17.646+09:00දහරා ට මොකද වුනේ.... පංචාලි කිව්වා වගේ සමීරත් එක්ක...දහරා ට මොකද වුනේ.... පංචාලි කිව්වා වගේ සමීරත් එක්ක එන්ගේජ් වෙලා ඉන්නවා කිව්ව එකට මොකද වුනේ.... දහරාගේ අසනීපේ නිසා ස්මීර එහෙම හිතාගන්නවත් ඉඩ ඇරියද? දහරාට තිබුනෙ සුවකල නොහැකි අසනීපයක්ද?. දැන් දහරා කොහෙද??Anonymoushttps://www.blogger.com/profile/12885313739634559158noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-22940837102088731982016-08-02T00:20:54.362+09:002016-08-02T00:20:54.362+09:00දහරා එක්ක විවාහ ගිවිසගෙන ඉන්න බව පන්චලී භාග්‍යාට ක...දහරා එක්ක විවාහ ගිවිසගෙන ඉන්න බව පන්චලී භාග්‍යාට කිව්වා බවක් පෙර සඳහන් කළා නේද? ඒකට සිදු වුනේ කුමක් ද?Saliya Ekanayakehttps://www.blogger.com/profile/10281589417412608237noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-20326718703422293932016-08-01T22:08:28.617+09:002016-08-01T22:08:28.617+09:00ඔයානං මගෙන් ගුටියක් කන්න ඉතාම ආසන්නයි මල්ලිඔයානං මගෙන් ගුටියක් කන්න ඉතාම ආසන්නයි මල්ලිසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-54894327120472078772016-08-01T22:06:27.897+09:002016-08-01T22:06:27.897+09:00සිත්තමී,
ස්තූතියි ඔයාගෙ දීර්ග කමෙන්ටුවට. මට ඔයාට ඊ...සිත්තමී,
ස්තූතියි ඔයාගෙ දීර්ග කමෙන්ටුවට. මට ඔයාට ඊටත් වඩා දිගම දිග උත්තරයක් ලියන්න ඕනි. ෆෝන් එකෙන් අමාරු නිසා හෙට. මං දැන් රූම් එකේ. නෝ කම්පියුටර්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-80065442642239974902016-08-01T22:04:04.462+09:002016-08-01T22:04:04.462+09:00සාලි,
මුල නොබලා අහ බලපු කෙනෙක්නං ඔය මුණ ගැහුනමයිසාලි,
මුල නොබලා අහ බලපු කෙනෙක්නං ඔය මුණ ගැහුනමයිසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-84561907080766942042016-08-01T22:02:44.644+09:002016-08-01T22:02:44.644+09:00රන්දුලා,
ඇයි මේ හැමෝම සේරම ලිව්වට ස්තූතියි කියන්නෙ...රන්දුලා,
ඇයි මේ හැමෝම සේරම ලිව්වට ස්තූතියි කියන්නෙ. මං මේක මගින් නවත්තයි කියලද හිතුනෙ

මට කතාව ගස්සන්න බැරිනං මං ලියන්නෑ. ඒ නිසා බයවෙන්න එපා ලිව්වොත් ගස්සනවමයිසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-37489070631623429112016-08-01T22:00:31.370+09:002016-08-01T22:00:31.370+09:00ගස් ගස් ගස්,
ඔයා නිකං ස්තූති කතාවක් පවත්තනවා වගේන...ගස් ගස් ගස්,
ඔයා නිකං ස්තූති කතාවක් පවත්තනවා වගේනෙ කමෙන්ට් කරලා තියෙන්නෙ.

මුල ඉදලම මේ කතාව කියවමින් මට ලියන්න ශක්තියක් වෙමින් රැදී හිටියට මගේ ස්තූතියත් පිළිගන්න

කලන්තෙ දාපු තැන විතරක් නෙවෙයි තවත් එහෙම තැන් මේ අන්තිම කොටස් දෙකේ තියෙන බව දැනෙනවා. මං ඒ ටික 18 මගෙ ෆයිනල් ඩිෆෙන්ස් එකෙන් පස්සෙ බලලා නිදහසේ හදන්නම්.

ඇත්තටම මේක පළවෙනියට ලිව්ව එක නෙවෙයි. නමුත් මට වුවමනා විදිහට ලියා අවසන් කරපු පළවෙනි එක. මේකත් කලින් බාගෙට ලියලා තිබ්බ එකක්.

දෙවෙනි එක එනකල් බොහෝ දෙනෙක් ඇගිලි ගනිමින් ඉන්න බව කිව්වා. ඒත් ඒකට යන කාලෙ ගැන මටවත් අදහසක් නෑ. මොකද මේ කතාවත් මං අකුරු කරේ අවුරුදු දෙකක්ම හිතින් රස විද විද ඉදලා.

ඒත් ඔයාලා මගේ තව කතාවක් කියවන්න ආසාවෙන් ඉන්න බව දන්න නිසා හිත ටිකක් මීට වඩා කඩිසර වෙයිනෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.com