සකුරා ජපානයට ආවේණික ශාකයක් නොවුනත් ඒ නම බැදී පවතින්නෙ
එහි උපත සිදු වූ හිමාලය සමග නොව ජපානය සමගය. උත්තර අර්ධ ගෝලයේ ඇති තවත් රටවල් ගනනාවක
සකුරා පිපුණද ජපානයට සකුරා විශේෂය. Prunus ගණයට අයත් සකුරාගේ පවුලේ අනෙක් සාමාජිකයන්
ලෙස ඇපල්, පීච්, ආමඩ් ආදි තව බොහොමයක් අප දන්නා ශාක තිබුනද සකුරා සිටින්නේ මේ සියල්ලේම
පෙරමුණේය.සකුරා ගැන සාමාන්‍ය විස්තර ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය කුරුටු
ගා සොයාගත හැකි නිසා මා ඒ ගැන ලියන්නට අදහස් කරන්නේ නැත. ඒ වෙනුවට ජපන් ජාතිකයන් සමග සකුරා දක්වන සබදතාවය මා දන්නා
තරමින් ලියා තැබීමට කැමතිය.
සෘතු භේදය ඇති සෑම රටකම පයිනස් වැනි සමහර ගස්වල හැරෙන්නට අනෙක් ගස්වල කොළ හැලී ගස් මහණදම් පිරීම අප කවුරුත් දන්නා දෙයකි. මේ පොදු ධර්මතාවය සකුරාටද වලංගුය. සැප්තැම්බර් මාසයෙන් ඇරඹී නොවැම්බර් දක්වා දිගු වන සරත් සෘතුවේදී සකුරා ගස් මහණ වන්නට පටන් ගනී. මේ මහණවීම වන අතරේ කුඩා පොහොට්ටු දහස් ගනනක් ශීත කාලයට ඔරොත්තු දීමට සූදානමින් අතු අග දීර්ග නිද්‍රාවක පසුවේ. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ජපානයේ නිළ සීත කාලයයි. පෙබරවාරි දෙවන සතියෙන් නිළ සීත කාලය අවසන් වුවත් මාර්තු දෙවන සතියෙ වැඩිපුර හිම පතනයක් නැති තෝක්යෝවට පවා හිම වැටෙන්නට පුළුවන. කාළගුණයේ හැටි කොහෙත් එහෙමය. ජපානයේ කාළගුණය කොහොමත් පිස්සු නටන්නට දක්ෂ නිසා තත්වය වඩාත් බරපතලය.