tag:blogger.com,1999:blog-3744973467231537796.post6666853554287965214..comments2023-05-08T19:44:30.040+09:00Comments on සඳ වියමන් : සකුරා සුවඳ 9 (වෙලාවට වැඩ කිරීම) සඳ වියමන්http://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-3744973467231537796.post-73092734984054169182016-07-01T15:12:26.018+09:002016-07-01T15:12:26.018+09:00බොහොම ස්තූතියි! ධර්මසිරි.
ඒ කාලෙ ලිවිල්ල ඉස්කෝලෙන...බොහොම ස්තූතියි! ධර්මසිරි.

ඒ කාලෙ ලිවිල්ල ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සෙ පටන් ගත්තු දිවිල්ලත් එක්කම නැති වුණා. අවුරුදු විස්සකින් විතර ආයෙ ලියන්න පටන් ගත්තෙ මෑත කාලෙ. මේ බ්ලොග් වලින්ම හඳුනාගත්තු කිහිප දෙනෙක් සහ දිලාන්, චතූ වගේ අපේ සෙට් එකේ අය තමයි ආපහු ලියන්න උනන්දු කෙරෙව්වෙසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-50480412432441902972016-07-01T00:07:01.405+09:002016-07-01T00:07:01.405+09:00මේක මුනු පොතේ තියෙනවා කිහිප දවසක්ම දැක්කා. ඒත් කිය...මේක මුනු පොතේ තියෙනවා කිහිප දවසක්ම දැක්කා. ඒත් කියවන්න හිතාගෙන හිටියට අතපසු උනා. හරිම අපුරෑවට ලියලා තියෙනවා.සතුටුයි උඹ ගැන ඒ කාලෙ වගේම තාමත් අත් ඇර ගන්නෙ නැතුව දිගටම ලියනවට. සුභ පැතුම්. දිගටම ලියපන්. Dharmasirihttps://www.blogger.com/profile/13271185212889232332noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-22985399995816294252016-06-29T22:09:34.393+09:002016-06-29T22:09:34.393+09:00තරංග, ඒ වගේ කටු කොහොම අමතක කරන්නද? ඕක විතරක් නෙවෙය...තරංග, ඒ වගේ කටු කොහොම අමතක කරන්නද? ඕක විතරක් නෙවෙයි අපේ අය කරන කොයි වැඩෙත් පටන් ගන්නෙ ලංකාවෙ වෙලාවටනෙ.
කොහොමද ඔයාගෙ වැඩ. ඉවරද?සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-48286710326203237882016-06-29T18:07:49.376+09:002016-06-29T18:07:49.376+09:00Mathakada api ara BBQ ekata welawata awilla paya 1...Mathakada api ara BBQ ekata welawata awilla paya 11/2 akigase park ekke hitiya?
(Tharanga-Saitama)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-18066422440048238532016-06-17T15:42:55.260+09:002016-06-17T15:42:55.260+09:00For Nirmani,
http://www.ntj.jac.go.jp/english/ac...For Nirmani,

http://www.ntj.jac.go.jp/english/access/facilities_01.htmlසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-11472534053082293772016-06-03T15:29:45.601+09:002016-06-03T15:29:45.601+09:00අනේ ඔයානම් හරිම නරකයි මල්ලි. මං වැඩ ඔක්කොම පැත්තක ...අනේ ඔයානම් හරිම නරකයි මල්ලි. මං වැඩ ඔක්කොම පැත්තක තියලා කෙටි කතාවක් කියවන්න ගියාසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-636973766854428942016-06-03T14:37:50.841+09:002016-06-03T14:37:50.841+09:00අක්කලාගේ ආදරණිය තානාපතිතුමා පැණි වළලු වලට ලිව්වා ල...අක්කලාගේ ආදරණිය තානාපතිතුමා පැණි වළලු වලට ලිව්වා ලිපියක මම දැක්කා ඔය ජපන් ජාතිකයින් වෙලාවට වැඩ කරන හැටි ගැන ලියලා තියෙනවා.

තානාපතිතුමා කොහෙද යන්න දුම්රිය පොළට ගියාම 9.05 ට නම් කෝච්චිය තියෙන්නේ (මට හරියට ලිපියේ තිබ්බ වේලාව මතක නැහැ) 9.04ට තානාපතිතුමා බැලුවාලු කෝච්චිය එනවාද කියලා.එත් කෝච්චිය පේන්න නැහැලු.ඒ පේන්න තිබ්බ නැති කෝච්චිය මෙන්න ඊගාව විනාඩියේදී දුම්රිය වේදිකාවට ඇවිල්ලාලු.කෝච්චියට ගොඩ වුනාම ඊගාව තප්පරේ දොරවල් වැහිලා කෝච්චිය යනවාලු නියම කාලසටහනටම තප්පරේටම.

අක්කේ අපේ අයත් වේලාවම වැඩ කරනවා.හැබයි නැකතක් තියෙන්න ඕනේ.

මේ වේලාව ගැන ලියවෙච්චි ලස්සන කෙටි කතාවක්. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-60063433380800870712016-05-24T22:38:31.359+09:002016-05-24T22:38:31.359+09:00ස්තූතියි! දේශො. ජපන් ඇනෝගෙ වගේම කෙන්කියූෂා එකතු කර...ස්තූතියි! දේශො. ජපන් ඇනෝගෙ වගේම කෙන්කියූෂා එකතු කරන අදහසුත් මේ පෝස්ට් වලට වටිනාකමක් එකතු කරනවා.

ඇනෝ මිත්‍රයා බොහොම කාර්යබහුල කෙනෙක් වගේ. නැත්නම් ඔහුගෙ විසි වසරක අත්දැකීම් අපිට සෑහෙන්න දේවල් ටිකක් කියා දේවිසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-68802700867460393062016-05-24T12:14:40.002+09:002016-05-24T12:14:40.002+09:00සඳ වියමන්ගේ මේ වියමන් ඉතා වටිනවා.. ජය වේවා..
ඒ වග...සඳ වියමන්ගේ මේ වියමන් ඉතා වටිනවා.. ජය වේවා..

ඒ වගේම ජපන් ආනෝගේ අදහස් දැක්වීම් ඉතා වටිනවා. එළදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-20438167845106473152016-05-21T20:31:08.446+09:002016-05-21T20:31:08.446+09:00ඔය කලින් ගෙදර ගියාම ඒ අයව ගනන් ගන්නෙ නෑ කියන කතාව ...ඔය කලින් ගෙදර ගියාම ඒ අයව ගනන් ගන්නෙ නෑ කියන කතාව මාත් අහලා තියෙනවා.
ඔයා කියන අනෙක් කාරණෙත් ඇත්ත. එයාලා රැකියාව විනෝදාංශයක් හෝ විනෝදාංශය රැකියාව කරගෙන ඉන්නෙ. මැසිවිලි කිය්වන්නෙ, හරි අමාරුයි අරවා මේවා මොකුත් නෑ.

ගිය අවුරුද්දෙ දවසක් සෙන්සෙයි මමයි මොන්ට්පේලියර් වල ඉදන් flight එකක් delay වෙලා මාර කට්ටක් කාලා කොහොමහරි මෙහෙට ආවා පැය 24 කින් වගේ. ඒ ආවෙ උදේ 9 ට විතර. මම ඒ වෙනකොට හිටියෙ University apartment එකක. සෙන්සෙත් මං එක්ක ආවා ලැබ් එකේ වැඩක් තියෙනවා ඒක කරලම ගෙදර යන්න ඕනි කියලා. මම ගෙදර ගිහින් හොදට නාලා කාලා, පැය දෙක තුනක් නිදාගෙන එහෙම නැගිටලා හවස තුන හමාරට විතර ලැබ් එකට ගියා. ඒ යනකොටත් සෙන්සෙ ඉන්නවා. මට ලැජ්ජාවෙ පණ ගියා.
තමන්ගෙ රස්සාව විනෝදාංශය හෝ තමන් කැමතිම දෙයක් උනාම වෙහෙසක් දැනෙන්නෙ නැති බව මාත් අත්දැකීමෙන් දන්නවා.මට මේ කොහරි ඉදලා ගිහින් වැඩට ගියාම තමයි මං ජීවත් වෙනවා කියලා දැනෙන්නෙත්.

රිසර්ච් වලදිත් අපිට උනත් වෙහෙසක් නොදැනෙන්නෙ අපි ඒවා කැමැත්තෙන් කරන නිසා වෙන්නැති.
සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-20347311306001344152016-05-21T20:11:15.391+09:002016-05-21T20:11:15.391+09:00ඇත්තටම ඔවුන් එහෙම යන්නේ නැත්තේ, එහෙම වේලාසන ගෙදර ය...ඇත්තටම ඔවුන් එහෙම යන්නේ නැත්තේ, එහෙම වේලාසන ගෙදර යන මිනිස්සුන්ගේ බිරින්දෑවරුත් දරුවොත් ඒ අයව ගණන්ගන්නේ නැති වගේම ඔවුන්ට සලකන්නේ නිකම්මු ලෙසට නිසා මම දන්නේ. පශ්චාත් යුධ සමයේ ජපානයේ සීඝ්‍ර දියුණුව වෙනුවෙන් දවසට පැය 20 විතර වැඩ කරපු කාලේ තමයි ඔය සිදුවීම දරුණු ම වෙලා තිබෙන්නේ. දැන් ඒ තරම් වැඩ කරන්නේ නැති වුනත් පැය 11-12ක් වත් වැඩ නොකරන අයව පවුලෙන් ඒ තරම් ගණන් ගන්නේ නැති බව තමයි මට බොහෝ දෙනා කිවේ. මම ශිෂ්‍යයෙක්ව සිටි කාලේ බොහෝ සතියේ දින වල පැය 15ක් පමණත් සති අන්තයේ දින වල පැය කිහිපයකුත් වැඩ කිරීම මට මේ රැකියාව ලබාගැනීමේ තරඟයේ දී ලොකු වාසියක් වුණා.

වැදගත්ම දේ (මා සමග වැඩ කරන අයගේ නම්) රැකියාව විනෝදාංශය බවට පත්කරගෙන තිබීම. අවුරුදු 34ක් පමණ වෙද්දී මගේ මහාචාර්යතුමාට (Assc. Prof) පේටන්ට් 20 ක් පමණත් පත්‍රිකා 50ක් පමණත් තිබීමේ රහස එයයි. ඔහු හැමතිස්සෙම කියන්නේ let's enjoy our research කියලා. මම ජපානයෙන් ඉගෙන ගතිපු වටිනාම සංකල්පය එය බවයි මම හිතන්නේ.

අනෙක් ක්ෂේස්ත්‍ර වලටත් වැඩිය පර්යේෂණ වලදී නම් වැදගත්ම දෙයත් අපේ ප්රයේෂණය අපේ විනෝදාංශය බවට පත් කරගැනීමයි. කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-65390352453721651842016-05-21T16:05:51.250+09:002016-05-21T16:05:51.250+09:00ස්තුතී ජපන් ඇනෝ...ස්තුතී ජපන් ඇනෝ...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-13420039824591193372016-05-21T16:02:35.773+09:002016-05-21T16:02:35.773+09:00 ජපානය දැන් ස්වභාවික විපත් වලට සූදානම් වෙලා තියන ව... ජපානය දැන් ස්වභාවික විපත් වලට සූදානම් වෙලා තියන විදිහ දැන්වත් අපේ රටවල් ආදර්ශයට ගන්නවානම් මේ තරම් වෙන හානිය අඩු කර ගන්න පුලුවන්..

ආ ඒ කබුකි ප්‍රශ්නෙ හරි.. මං ඒක පොතක බැලුවේ අක්කේ.. ඒකෙ ඒ වගේ වැරදි කීපයක් පස්සේ මට හම්බුනා.. ස්තුති..නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-80064184291649261552016-05-21T14:53:50.451+09:002016-05-21T14:53:50.451+09:00'ලූ' කියල දැම්මෙ වෙන කෙනෙක් දෙයක් නිසා.
අන...'ලූ' කියල දැම්මෙ වෙන කෙනෙක් දෙයක් නිසා.
අනිත් ඒව ඒ දවස්වල TV එකේ පත්තර වලත් තිබුනා.
-ජපන් ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-34904985949846598672016-05-21T14:17:36.950+09:002016-05-21T14:17:36.950+09:00අපේ අය කොහෙ ගියත් තමන්ගෙ දේවල් අරන්නෙ යන්නෙ. ඔය මි...අපේ අය කොහෙ ගියත් තමන්ගෙ දේවල් අරන්නෙ යන්නෙ. ඔය මිරිස්, තුනපහ, සිද්ධාලේප, අසමෝදගම්, මාළු ඇඹුල්තියල අරවා මේවා ටිකත් එක්ක පුංචි කාලෙ ඉදලා ගොඩ ගහගත්තු ඔය කවිඳු උඩ කියලා තියෙන එව්වා ටිකත් පැක් කරගන්නවා. යන තැනකදි උවමනා උනාම ගන්න. මෙහෙත් ඔය වගේ දේවල් තියෙනවා.

දැන් සති දෙක තුනකට උඩදි මෙහෙ වෙල්කම් පාටියක් තිබුනා. පටන් ගන්නෙ 7 ට. 6.45 ට ඉන්ටකොම් එකෙන් රිමයින්ඩර් එකකුත් ආවා. මං ඒ වෙලාවෙ මගේ කිට්ටුව කාමරේක ඉන්න ලංකාවෙ කෙනෙකුට කතා කරා යමුද අහන්න. "ඇයි දැන්ම යන්නෙ...7 ටනෙ පටන් ගන්නවා කිව්වෙ.....7.10 ට විතර යමු" අන්න එහෙමයි මට උත්තර ලැබුනෙ. ඔව්වා ගැන ඉතිං මොකට කතා කරනවද?. මේ වගේ රටක ඉදලවත් වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න බැරිනම් ආයෙ කෝවක දාලා ගත්තත් බෑ.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-14436683318844804812016-05-21T13:31:34.991+09:002016-05-21T13:31:34.991+09:00ඒක මරු කතාව. අන්තිම වාක්‍ය දෙක තමයි තමයි හොදම.පොලි...ඒක මරු කතාව. අන්තිම වාක්‍ය දෙක තමයි තමයි හොදම.පොලිස් කාරයා පහුවදා වැඩට ගිය එක හරි. අනෙකත් ඇත්තටම එහෙමද? නැත්තන් සුරි රන්කන් "ලු" කතාවක්ද?. අපි ඉතිං ඒ අතින් ඉහළයිනෙ....ඊට පස්සෙ මෙහෙම වුණාලු කියලා උපකල්පන ගොඩනගන්න.

මං ඇත්තටම ගොඩක් හොදින් නිරීක්ෂණය කරපු දෙයක් තමයි තමන්ගෙ බලතල පාවිච්චි කරලා තමන්ට වඩා තනතුරින් පහළ කෙනෙකුගෙ රාජකාරියට කිසිම අත පෙවීමක් නොකරන එක. ඒ මිනිස්සු එහෙම එකක් හිතන්නෙවත් නෑනෙ. නීතිය නම් නීතියසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-57747798557060635902016-05-21T13:21:01.980+09:002016-05-21T13:21:01.980+09:00/නමුත් කණගාටුවට කරුණ ජපානය තුලදී ශ්‍රී ලාංකිකයන් ම.../නමුත් කණගාටුවට කරුණ ජපානය තුලදී ශ්‍රී ලාංකිකයන් මෙතෙක් සංවිධානය කල කිසිදු උත්සවයක් වෙලාවට පටන් නොගැනීමය. // අපේ අය කොහෝ ගියත් අපේ නරක පුරුදු තමයි වැඩිපුර අරගෙන එන්නේ. මම ඉන්න ප්‍රදේශයේ ඉන්න ලංකාවේ අයගේ තියෙන බෙදීම් දිහා බැලුවහම හිතෙනවා මෙයාලා තමන් ඉන්න රටේ හොඳ ගති ටික හැර ඔක්කොම නරක වැඩ තමයි පුරුදු වෙන්නේ කියලා .. පාසැල් භේද, රැකියා තනතුරු මට්ටම් අතර භේද .. මෙකි නොකී ඔක්කොම මෙහෙ පවත්යනවා වැඩි දෙනෙක් ..Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-83421922969391891052016-05-21T13:18:13.588+09:002016-05-21T13:18:13.588+09:00ඒ වචන ටික අහන්න ලැබීම සතුටක් ඉයන්. එකම එක්කෙනෙක් හ...ඒ වචන ටික අහන්න ලැබීම සතුටක් ඉයන්. එකම එක්කෙනෙක් හෝ එහෙම තමන් ළඟ තියෙන දුර්වලතාවයක් කියලා තමන්ටම දැනෙන දෙයක් හදාගන්න හිතුවා කියන්නෙ මේ ලිවීමෙන් මට ලබන්න පුළුවන් ඉහලම සතුට ඒකසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-30214462221187942312016-05-21T13:09:51.002+09:002016-05-21T13:09:51.002+09:00ඔය timing ගැන කියනකොට මට එක් සිද්දියක් මතක් උනා.
ම...ඔය timing ගැන කියනකොට මට එක් සිද්දියක් මතක් උනා.
මේක උනේ 2008 විතර වගේ මතක හැටියට. ඒ කාලෙ ජපානෙ අගමැති හිටියෙ තරෝ අසො.
එයා දවසක් ආව කුමමොටො නගරෙට. ඔය ළඟදි භූමි කම්පාව උනේ. ඒ කාලෙ මම එහෙ වැඩ කලේ.
ඉතින් එයාගෙ ඒ මොකක් හරි ඒ ඩියුටි එක ඉවර වෙලා කුමමොටො ඉඳල හවසට ටෝකියෝ යන අන්තිම
ෆ්ලයිට් එක අල්ලන්න සිටි එකේ ඉඳල එයාපෝට් එකට කා එකේ ගියා.
ඒ යනකොට ට්‍රැෆික් පොලිසියෙන් ඇල්ලුවා හයි ස්පීඩ්.
එතන දඩ කොල ලියන වැඩේ නිසා අන්තිම ෆ්ලයිට් එක මිස් උනා.
මෙතන කතා ගොඩක් තියෙනවා.
1. අගමැති එන නිසා ෆ්ලයිට් එක ඩිලේ කරන්න කියල එයාපෝට් එකට කෝල් කරේ නෑ කවුරුත්.
2. පොලිස් කාරයා අගමැතිව දැකලා සැලියුට් ගහලා යන්න ඇරියෙ නෑ.
3.සේරමටත් වඩා පොලිස් කාරය පහුවදා උදෙත් වැඩට ගියා.
සිදු උන එකම දේ ඉන් පස්සෙ එයාපෝට් පාරෙ ට්‍රැෆික් දැම්මෙ නෑ (ලු)
-ජපන් ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-6717487556206456102016-05-21T11:36:59.252+09:002016-05-21T11:36:59.252+09:00මේවගේ දේවල් කියවීමෙන් මගේ තිබෙන දුර්වලතාවයක් තරමක්...මේවගේ දේවල් කියවීමෙන් මගේ තිබෙන දුර්වලතාවයක් තරමක් හෝ නිවැරදි කර ගැනීමට සිතුනා. මට හදන්න පුලුවන් මාව විතරක් නිසා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-31464964619674796982016-05-21T11:28:59.918+09:002016-05-21T11:28:59.918+09:00හි හි...මේගොල්ලන්ට කොහොමත් කලබලයක් කියලා එකක් ඇත්ත...හි හි...මේගොල්ලන්ට කොහොමත් කලබලයක් කියලා එකක් ඇත්තෙම නෑනෙ. මට අන්න ඒක ඩිංගක් උගන්න්න හිතෙනවා ඔය කොහෙට හරි කන්න ගිහින් පැයක් හමාරක් ලිස්ට් එකේ ඉන්නකොට. අපේ පුතා කියන්නෙ "ගෙදර ගියානං උයලා කන්නත් තිබුනා" කියලා.

ඔය අපේ සෙන්සෙලාට එහෙමත් ගෙවල් වල යන්න කිසි කුලප්පුවක් නෑ. අනේ මන්දා ඒ මිනිස්සුන්ගෙ ගෙදර උදවියත් ඒ ජානම තියෙන අය නිසා හොදයි. අපේ සෙන්සෙ වෙන රටකට එහෙම ගිහින් එනකොට ඒ එන්නෙ දවල් කාලෙක නම් ආයෙ ලැබ් එකටත් ඇවිත් තියෙන වැඩත් කරලා තමයි ගෙදර යන්නෙ. දවසක් එහෙම ආවා හයට විතරත්. වෙලාවකට පිස්සුද කියලත් හිතෙනවා.
සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-18222157522164284152016-05-21T11:22:58.231+09:002016-05-21T11:22:58.231+09:00ඇනෝ සං, ඔව් නිර්මාණි තමයි ඒ ප්‍රශ්ණෙ අහලා තිබ්බෙ. ...ඇනෝ සං, ඔව් නිර්මාණි තමයි ඒ ප්‍රශ්ණෙ අහලා තිබ්බෙ. පස්සෙ එයාම කියලා තිබ්බා "ඔව් ඒ කබුකි තමයි . මට වැරදීමක් උනේ" කියලා.
මාත් දැනට කබුකි ගැන දන්නෙ අන්තර්ජාලෙ තියෙන ඒවා විතරයි.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-5700613156700931722016-05-21T11:20:21.840+09:002016-05-21T11:20:21.840+09:00ඔව් නිර්මාණි....වෙලාවට වැඩ කරනවා කියනෙ දේ අපි පිටි...ඔව් නිර්මාණි....වෙලාවට වැඩ කරනවා කියනෙ දේ අපි පිටින් දකිනවට වඩා ගොඩක් වැදගත්කම් තියෙනවා. එයාලා හැමෝම පිළිවෙලට දින පොතක් එහෙම තියාගෙන වැඩ කරන අය නිසා මේ පිළිවෙල වගේම වෙලාවට වැඩ කිරීම අත්‍යවශ්‍යයි.

ඉස්කෝල වල අවුරුද්දෙ මුල පටන් ගන්නකොටම ඒ අවුරුද්දෙ ඒ ඒ කාලවල පැවැත්වෙන්න නියමිත දේවල් කාල සටහනකට දාලා තියෙන්නෙ.ඒක හරි පහසුවක් දෙමව්පියන්ට.
තත්පර පහ හයක් කොච්චර වටිනවද කියලා තේරෙන වෙලාවල් මෙහෙදි ඕනි තරම් තියෙනවා.

ඒ භූමිකම්පාව එච්චර කම්පා වෙන්න තරම් දෙයක් නෙවෙයි. මෙහෙ ඕක නිතර වෙන දෙයක්. ඒත් ෆෝන් එකට ඇලට් එන්නෙ ටිකක් ලොකු එකකදි විතරයි. එදත් එහෙම ඇලට් එකක් ආව එකයි ඒ වෙලේ මං හිටියෙ මුහුද අයිනෙ ගොඩක් උඩ තට්ටුවකයි නිසා ඒක ලොකුවට දැනුනා. මං ඇත්තටම බය උනා. කොටින්ම හෙල්ලිලා ඉවරයි කියලා දැනුන ගමන් දොර ඇරලා බැලුවා වටේ පිටේ මිනිස්සු මොකද කරන්නෙ, මුහුද කොහොමද ඒවා මේවත්. ඊට පස්සෙයි ඉන්ටර්නෙට් බැලුවෙ. එතකොට තිබ්බා 5.6 ක එකක් කොහෙටවත් සුනාමි නෑ කියලා.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-91696118472893065432016-05-21T11:07:50.085+09:002016-05-21T11:07:50.085+09:00බලනකොට වෙනස තියෙන්නෙ වාර ගානෙ නෙවෙයි ජාන වල නේද?. ...බලනකොට වෙනස තියෙන්නෙ වාර ගානෙ නෙවෙයි ජාන වල නේද?. කැළේ මාරු වුණාට කොටියගෙ පුල්ලි වෙනස් වෙන්නෑ කියනවනෙ. පුල්ලි නැතත් සිංහයොත් එහෙම තමයි.

අපි කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් පටන් ගන්නවා කියලා. පැය තුන හමාරක වෙනසක් තියෙනවනෙ.

මටත් මෙහෙ ජපන් අයගෙ උත්සව වල හිතාගන්නම බැරි වෙලාවට පටන් ගන්න එකට වඩා වෙලාවට ඉවර කරන එක.මං අර කලින් පෝස්ට් එකක ලිව්වා වගේම මෙයායා උත්සවයක් ඉවර උනාම ඒ තැන තිබ්බ විදිහටම හදලත්නෙ යන්නෙ.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-3744973467231537796.post-89515037528557878342016-05-21T09:33:01.608+09:002016-05-21T09:33:01.608+09:00නිර්මාණි නේද අහල තිබුණෙ ගබෙයි ද මොකද්ද්ද කියලහ ජපා...නිර්මාණි නේද අහල තිබුණෙ ගබෙයි ද මොකද්ද්ද කියලහ ජපානෙ නාට්‍ය ක්‍රමයක් ගැන.
මම හිතන්නෙ වැරදීමක්, ඒ අහල තිබුනෙ "කබුකි" (歌舞伎) ගැන වෙන්න ඕනෙ.
කබුකි ගැන ඕන තරන් අන්තර්ජාලෙ තියෙනවා හොයල බලන්න.
- ජපන් ඇනෝAnonymousnoreply@blogger.com