Saturday, August 20, 2016

හරි පුදුම ඉස්කෝලෙ-6


හරි පුදුම ඉස්කෝලෙ ගැන මා මුලින් ලියන්නට සිතූ සියල්ල දැන් ලියා අහවර නිසා මා මෙය අවසන් කරන්නට හදන්නේ මේ ඉස්කෝලෙදී සහ මේ ඉස්කෝලය නිසා අප මුහුණ දුන් සිදුවීම් දෙකක් ගැන ලියා තැබීමෙන් පසුවය.

මේ පාසල තිබුණේ අපේ නිවාස සංකීර්ණය ඉදිරිපිට බවත්, කුස්සියේ ජනේලයෙන් මට ප්රධාන පිවිසුම් දොරටුව දැකිය හැකි බවත් මා පෙර සටහනක සඳහන් කරන ලදී. නමුත් මා කිසිදිනක පාසල පටන් ගන්නා වේලාවට ආසන්න වෙලාවකදී ගුරුවරුන් පාසලට යනවා හෝ පාසැල් අවසන් වූ පසු පාසලින් පිට වනවා දැක නැත. දැන් මෙය කියවන අපේ ගුරුවරු ඇත්නම් කලබල වන්නට කාරි නැත. මගේ අක්කාත්, අයියගේ බිරිඳත් ගුරුවරියන් නිසා උදෑසන 7.30 පෙර පාසැල් යන්නට ඔවුන් කරන යුද්ධය ගැන ඔබ තරමටම නැතත් මටද හොඳ අවබෝධයක් තිබේ. දිවා ආහාර පිළියෙල කිරීම, පාසැල් හෝ පෙරපාසැල් යන දරුවන්ගේ කෑම බීම සහ ඔවුන්ව සූදානම් කිරීම, ඇහේ හැප්පුනත් බිරිඳගේ සහය නොමැතිව මේස් දෙකක්වත් සොයාගත නොහැකි සැමියෙකු ඇත්නම් ඔහුටද සූදානම් වීමට සහය දීම ආදී එකී මෙකී නොකී වැඩ කන්දරාව නිසා අපේ බොහොමයක් ගුරුවරියන්ට නිවසින් එළියට බහින්නට වෙන්නේ හෙම්බත්වය. ඉන්පසු ප්රවාහන ගැටළුවකටද මුහුණ දෙන්නට සිදු වේ.

ජපානයේ තත්වය මීට හාත්පසින්ම වෙනස් නිසා ගුරුවරියන්ට පාසැල් ඒමට පෙර ලෝක යුද්ධයක් කිරීමට අවශ් නැත. දරුවන්ට තමන්ට වයසට කළ හැකි  ඇඳුම් ඇඳ ගැනීම, සපත්තු දා ගැනීම ආදී සරල  වැඩ පෙර පාසැල් හා දිවා සුරකුම් වලදීම උගන්වන නිසා මවට ගැන වද වීමට උවමනා නැත. කෑම පාසලින් හෝ දිවා සුරකුමෙන් ලැබෙන නිසා  දිවා ආහාර පිළියෙල කිරීමක්ද අවශ් නැත. ප්රාථමික අධ්යාපනයේ සිටම තමන්ගේ සියළු වැඩ කටයුතු තමාට කළ හැකි ස්වාධීනයෙකු බිහිකර ඇති නිසා සැමියා ගැන වදවෙන්නටද උවමනා නැත. පෙර ලිපියක සඳන් කළ පරිදිම  පොදු ප්‍රවාහන සේවය ඉතා ඉහළ මට්ටමක ඇති නිසා ගමනාගමනයද ගැටළුවක් නොවේනම් උදෑසන 8.15 පාසල පටන් ගන්නා වේලාවට පැය භාගෙකට කලින්වත් පාසලට පැමිණීම අපහසු කාරණයක් වන්නේ නැත. සවස හය හත වනතුරුත් ගුරුවරු සිටින්නේ පාසලේය. ජපානයේ හැටිය. මොන රැකියාව කරත් වේලපහ ගෙදර යාම ඔවුන් සලකන්නේ මදිකමක් ලෙසය.

අපේ පුතාගේ එක වසර පංතිභාර ගුරුතුමියට ඉංග්රීසි කතා කළ හැකිවීම අපට ලොකු පහසුවක් විය. රෙන්රකුබුකුරො එක හරහා සතියකට ලිපි කිහිපයක් ලැබුණත් ඒවා කියවා තේරුම් ගැනීමට තරම් කන්ජි දැනුමක් අප දෙදෙනාටම තිබුණේ නැත. මේ නිසා මේ ගුරුතුමිය විශේෂ යමක් දැනුම් දෙන්නට ඇත්නම් අපට ඊමේල් එකක් එවයි. අපට හැමදාම ඇගෙන් මේ පණිවිඩ ලැබී තිබුණේ පාන්දර 4 ත් 4.30 ත් අතර වෙලාවකය. හේතුව නිසා අපටද දිනපතා වේලාවට අවදිව ඇගෙන් පණිවිඩයක් තිබේදැයි බැලිය යුතු විය.

මැයි මාසය වනවිට ජපානයේ උෂ්ණත්වය සීග් ලෙස ඉහළ යන්නට පටන් ගන්නා නිසා පිහිනුම් පුහුණුවීම අරඹන්නේ කාලයේදිය. දිනක් මේ ගුරුවරිය එවූ පණිවිඩයක සඳහන් වූයේ ඊළග සතියේ සිට පාසැල් කාලසටහනට "පිහිනුම් පුහුණුව" ඇතුළත් වන නිසා අදාල දිනයේදී පිහිණුම් ඇඳුම් කට්ටලයක් සහ තුවායක් සහිත වෙනම බෑගයක් එවිය යුතු බවත්, පාසලින් එවන කාඩ්පතක අදාල දිනයේ දරුවාගේ ශරීර උෂ්ණත්වය සටහන් කර (මුලින් කාඩ්පතේ නම-අංකය සහ සාමාන් ශරීර උෂ්ණත්වය සටහන් කර තිබේ ) පිහිනුම් පුහුණුවට දෙමාපියන් අවසර දුන් බවට අත්සන් කර එවන ලෙසත්ය. එය හැටි අපහසු කාර්යක් නොවූ නිසා අපට අදාල දිනයේ අදාල සියල්ල පාසලට යැවිය හැකි විය. අපේ පුතාගේ ඇඳුම් තෝරාගැනීම කරන්නේ ඔහුම නිසා, ඔහු තෝරාගත්තේ තද නිල් කලිසමක්, ලා නිල් තොප්පියක් සහ ඇස් ආවරණ කුට්ටමකි.

පසුදා උදෑසන ගුරුතුමියගෙන් ලැබුණ පණිවිඩයේ තිබුණේ සමාව අයැදීමකි. එක වසර සඳහා නිර්දේශිත තොප්පියේ වර්ණය තැඹිලි බවත්, පෙර දවසේ ඇයට එය සඳහන් කිරීමට අමතකව ඇති බව තේරුම් ගියේ සියළු දෙනා තැඹිලි තොප්පි දමාගෙන සිටියදී අපේ පුතා පමණක් ලා නිල් තොප්පියක් පැළඳ සිටියදී බවත් සඳහන් කරමින් සිදු වූ අතපසු වීමට සමාව ඉල්ලා තිබුණි. එය හැටි දෙයක් නොවන බවත් ඊළඟ සතියේ තැඹිලි තොප්පියක් එවිය හැකි බවත් පිළිතුරු ලෙස යැවූ පසු අපිට සිද්ධිය ගැන තව සිතන්නට යමක් නොවීය.

නමුත් ඊටත් පහුවදා යළිත් ගුරුතුමියගෙන් ලැබුණ පණිවිඩයක සඳහන් වූයේ පුතාගේ යාළුවෙකුගේ මවක් මේ රෙන්රකුබුකුරෝ එකෙන් දිනපතාම පාහේ ගෙන එන අපට මෙලෝ සංසාරයක් නොතේරෙන කොළ කැබලි වල ඇති පණිවිඩ ඉංග්රීසියට පරිවර්තනය කර ලබාදීමට කැමැත්ත පල කර ඇති බවත්, අපි කැමති නම් පමණක් ඇයට අපේ ඊමේල් ලිපිනය ලබාදිය හැකි බවත්ය. ජපානයේදී සාමාන්යයෙන් අවසරයකින් තොරව ඊමේල් ලිපින, දුරකතන අංක ආදී කිසිවක් හුවමාරු වන්නේ නැත. අපි හැරෙන තැපෑලෙන් ඊට කැමැත්ත පල කර යැව්වේ ගුරුතුමිය මේ කරදරයෙන් නිදහස් කිරීමට හැකිවීම ගැනත් සතුටු වෙමිනි.

ඉන්පසු මට අම්මාගෙන් ඊමේලක් ලැබුණි. ඇගේ නම "මිකා" . මිකා සන් ලියා තිබුණේ පංතියේ සියල්ලෝම තැඹිලි තොප්පි දමාගෙන සිටියදී අපේ පුතා පමණක් නිල් තොප්පියක් පැළඳ සිටි බව අසා ඇය දැඩි කම්පනයකට පත් වූ බවත්, තමාගේ රටේදී භාෂාව බැරි කම නිසා විදේශිකයෙකු එවැනි අපහසුවකට ලක්වීමට ඉඩදිය නොහැකි බවත් වයස අවුරුද්දක පමණ කුඩා දියණියක්ද ඇති ගුරුවරිය කාර්ය්බහුල නිසා ඇයට නිරන්තරයෙන් අපිට තොරතුරු දැනුම් දිය නොහැකි නිසා ඉතා කැමැත්තෙන්ම අපට උදව් කරන බවත්ය. දිනපතා ගෙන එන පත්රිකා වල ඇති වැදගත් තොරතුරු ඇයට එදාම දැනුම් දිය හැකි බව සඳහන් කළ ඇය අපට පැණ නගින ඕනෑම ප්රශ්ණයක් අසා එවන ලෙසත් එය කිසිසේත්ම කරදරයක් නොවන බවත් ලියා තිබුණි. පාසලේ වැඩ කටයුතු වලට අමතරව අපට එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමේදී පැන නගින වෙනත් ඕනෑම ගැටළුවකදී වුවත් ඇයට සහය විය හැකි බවද ඇය වැඩිදුර සඳහන් කර තිබුණි. පොරොන්දු වූ පරිදිම එතැන් සිට මාස 16 ක් තිස්සේ පණිවිඩ සියල්ල අපට ඉංග්රීසියෙන් ලියා එවන්නට තරම් කාරුණික විය.

එක වසර දරුවන් පළදින කහ තොප්පිය පාසලින් ලබා දුන්නද දෙකේ සිට හය දක්වා පැළදිය යුතු නිල් තොප්පිය දෙමව්පියන් විසින් මිළට ගත යුතුය. එහි මිල දෙදහස් ගණනකි. මේ තොප්පියේ පාසැල් ලාංජ්නය ඇති නිසා එය මැසීම කරන්නේ ලියාපදිංචි සමාගමක් මගිනි. එකේ ළමුන් දෙකට යාමට ආසන්න වන  මාර්තු මුල් සතිය වන විට මේ සමාගම පාසලට පැමිණ දරුවන්ගේ හිසේ වට ප්‍රමාණය මැනගෙන යයි. ඉන්පසු තොප්පි මිළට ගත හැකි කාල සීමාව සහ ස්ථානය දන්වයි. එවිට ඒ අදාල තැනට ගොස් දරුවාගේ පංතිය සහ නම හෝ අංකය කියූ විට ඒ දරුවගේ හිසේ ප්‍රමාණයට අදාල තොප්පිය ලබාදේ. මේ පණිවිඩය මිකා සන් මට දන්වා එවීමේදී විශේෂ යමක්ද සඳහන් විය. ඒ එම තොප්පි මිළට ගත යුතු තැන අපට සොයා ගැනීම අපහසු විය හැකි නිසාත්, ඇගේ පුතාගේ තොප්පිය ගැනීමට ඈ අනිවාර්යෙන්ම එතනට යායුතු නිසා ඒ සමගම අපේ පුතාගේ තොප්පියත් ගෙන ඒමට ඈ කැමති බවය. එයද අපට පහසුවක් විය.

මේ පාසැල් වල වසරක් පාසා ළමයින් අලුතින් පංති වලට බෙදා වෙන් කිරීමත් ගුරුවරු මාරු කිරීමත් සිදු කරන නිසා දෙක වසරේදී අපේ පුතා හා "කේයු" නම් ඇගේ පුතා සිටියේ පංති දෙකක වුවත් මේ උදව් කිරීම අපේ පුතා පාසලින් ඉවත් වන තුරුම නතර කළේ නැත.

අපේ පුතා දෙක වසරේ සිටියදී ලද සති හයේ ගිම්හාන නිවාඩුවට පෙර පැවති පංති රැස්වීමේ මිකා සන් විසින් ලියා එවූ සාරාංශයෙන් කොටසක් මෙහි අමුණා තබන්නේ අපට උදව් කළ ආකාරය පෙන්වීමේත් ළමයින්ට නිවාඩු කාලයට ලැබෙන ගෙදර වැඩ ගැන අවබෝධයක්ද ලබාදීමේත් අරමුණෙනි.

// Following is homework information provided at the previous parent meeting.

1) Any summer project

- Choose a theme by discussing with your son

- For example, crafts, growing and recording vegitables, family trip summary, cooking and recipe...following your son's interest

- Theme should be something which requires some time and makes the child feel accomplishment

- Parents' help is welcome

2) "Natsuyasumi no kansei" which will be distributed later

- Drills, parents should check the answer and make the child correct if there is any mistake

- Kanji and calculation (the attachement no1) answers also should be checked by parents

- Journal book (the attachment no2) includes everyday-one-line-journal and diary with picture. You can attach photo for a picture diary. When you draw a picture, be sure to color it since it will be shown on the wall in September. There are also spaces for summer goals and summer schedule, need to be filled in

- Book report prep note (the attachment no3). Pick one book out of what your son reads in summer. He will write a book report in September based on this note

3) Reading and chores card

- Targeting at least 500 pages reading during the holidays. Choose books he likes but avoid pictrial books. (picture books are fine)

- Pick one chore which can be done everyday (and record the results)

4) Not a homework but recommended

- Pool classes at school and pianika practice

- Write a post card to the class teacher, you can mail it to the school address

Additional notes:

- Please take home the vegitable pot and keep growing. During 7/11-17, a parent should pick it up. The pot will be used at school then please keep it. When to bring will be notified after school starts.

- September 1st, come to school at usual time. Indoor shoes, renrakucho, pencil box, homework and zokin (2 cleaning clothes) shold be braught. No lunch but pick up exercise by parents planned.//

 

ජපානය ගැනත් ජපන් ජාතිකයන් ගැනත් අපේ හිත් තුල ඇති විස්තර කළ නොහැකි හැඟීමට මෙය එකම එක කුඩා හේතුවක් පමණි (අනෙක් හේතූන්ද ඉඩක් ලැබුණොත් ලියන්නට සිතුවිල්ලක් ඇත ).

මේ හරි පුදුම ඉස්කෝලෙ නිසා ලංකාවේදී අපට වෙනස් ආකාරයක අත්දැකීමකටද මුහුණ දෙන්නට සිදුවිය.

අපි පහුගිය සැප්තැම්බර් 26 ලංකාවට යන විට අපේ පුතා ජපන් පාසලේ දෙවන වසරේ දෙවන වාරය ආරම්භයේ  සිටියත් ලංකාවේ ඔහුගේ සම වයස් දරුවන් සිටියේ තුන්වෙනි වසර තුන්වෙනි වාරය අවසන් කරමිනි. ඔහු බහ තෝරන වියේ පටන්ම වෙනත් භාෂා ඉගෙන ගන්නට සිදු වුවත් සිංහල හොඳින් කතා කිරීමේ හැකියාව තිබුණි. සිංහලෙන් ඕනෑම දෙයක් තේරුම් ගැනීමේ හැකියාව තිබුණත් ජපානයෙන් යන කාලය වන විට ඔහු ජපන් භාෂාවෙන් හිතන්නට පටන්ගෙන තිබුණි.ඒත් ඔහු ජපනුන් සමග කතාවට මිස අප සමග කතා කිරීමට භාෂාව යොදා ගත්තේ නැත.

අපි මුලින් සිතා සිටියේ ඔහුට ගෙදරදී සිංහල ලිවීමට හා කියවීමට ඉගැන්විය යුතු බවය. සදහා උවමනා පොත්පත්ද අප ළඟ තිබුණි. එහෙත් මේ ඉගැන්වීම කළ හැකි වූයේ ඔහු පාසලට ඇතුල් කරන තෙක් පමණි. වෙනත් භාෂාවක අකුරු සිය ගණනක් ඉගෙන ගැනීමට ඇති වයස අවුරුදු හය හතක දරුවෙකුට අපේ මව් භාෂාව වුවත් ඉගැන්වීමට යාම මානසික පීඩනයක් විය හැකි නිසා අපි ඔහු පාසැල් යාම ඇරඹූ පසු මාතෘකාව අත්හැර දැමුවෙමු. අවුරුදු හයක් වන විට භාෂා හතරක් හොඳින් කතා කරන්නට හැකි වූ ඔහුට ලංකාවට ගියපසු සිංහල ඉගෙන ගැනීම අපහසුවක් නොවන බවට විශ්වාසයක්ද අප තුල තිබුණි.

ලංකාවට ගොස් දින කිහිපයකින්ම ඔහු පාසලකට ඇතුල් කළ හැකි වෙතැයි අපි සිතා සිටියත් අධ්යාපන බලධාරින් හා කළ කතා බහෙන් පසුව ඊට කල් ගතවන බව අපට තේරුම්ගත හැකි විය. මේ නිසා ප්රදේශයේ ප්රාථමික පාසලක ගුරුවරියක් වූ මගේ පාසැල් මිතුරියකගේ සහය ගැනීමට අපට සිදුවිය. ඇගේ පුතුන් දෙදෙනා වසරේ ශිෂ්යත්වයට පෙනී සිටි නිසා වෙනත් ළමුන් සඳහා කළ අමතර පංති ඊට පෙර  වසරේම නතර කර තිබීම හේතුවෙන් ඇයට මේ සදහා ඕනෑ තරම් විවේකය තිබුණි.   වනවිටත් ඇගෙන් කීප දෙනෙකුම නැවත පංති පටන් ගන්නා ලෙස ඉල්ලීම් කර තිබූ බව සදහන් කළ ඇය අපේ පුත්තරයාට ඉගැන්විමට පටන් ගත්තේ බොහෝ කැමැත්තෙනි. මේ සදහා දවසට පැය එක හමාර බැගින් සතියට දින දෙකක් ඉගැන්වීමට ඇය කැමති විය. මුල් දවසේ පංතියට යනවිට සිංහල හෝඩියේ අකුරු 28 ක් පමණක් දැන සිටි ඔහු එදා ගෙදර ආවේ සම්පූර්ණ හෝඩියේම අකුරු හඳුනාගෙනය.  ගැන ඔහුට ප්රසංසා කරමින් අපි අපේ සතුට පල කළ විට කටකාරකු වූ අපේ පුතා  "මට සිංහල බැරි වුණේ මගේ වැරැද්දක් නිසා නෙවෙයිනෙ අප්පච්චිගෙ පීඑච්ඩී එකට ජපානෙට ගිය නිසානෙ " කියා  පණ්ඩිත පිළිතුරක්ද ලබා දී නොදැනුවත්වම අපව සියුම් කම්පනයකටද ලක් කළේය.

බලාපොරොත්තු වූවාට වැඩි වේගයකින් ඔහු සියල්ල ධාරණය කර ගත්තද ඔහුට එක දිගට එක තැනක රැදී ඉගෙනීම අපහසු විය. ඊට හේතුව ජපන් පාසලේ එක් කාලච්ජේදයක් නිමා වූ පසු ඊළඟ එකට පෙර විනාඩි 5/10/15 ක් වැනි කෙටි විවේකයක් (උදේම 5 යි, ඊළඟට 10...) ලැබීමත් විවේකය වැසිකිලි යාමට, මා පෙර සටහනක සඳහන් කළ පැළයට වතුර දැමීමට හෝ එය නිරීක්ෂණය කිරීමට හෝ පොඩ්ඩක් දුව පැන නැටීමට ඇතිකරගෙන තිබූ පුරුද්දය.

විටින් විට පරිසරයත්, භාෂාවත්, ඇසුරු කිරීමට ලැබෙන පුද්ගලයනුත් මාරු වූ නිසාම ඔහුට ඕනෑම තැනකට පහසුවෙන් හුරු වීමේ හැකියාවක්ද තිබුණි. මේ නිසා දෙවන දවසේ පංතිය නිමා වන විට, ඔහුට වසරක් වැඩිමහල් නිවුන් අයියලා දෙදෙනාත්, ගෙදර සිටි බලු පැටියාත් ඊට අමතරව අහිංසක ගුරුවරියත් වසඟයට ගෙන නිවස ඔහුගේම තැනක් බවට පත් කරගන්නට ඔහු සමත් වී තිබුණි. ටික වේලාවක් ඉගෙන ගැනීම කරන ඔහු කුඩා විවේකයක් ඉල්ලාගෙන ගේ පුරා දුව ඇවිදීමත් බලු පැටියා සමග සෙල්ලම් කිරීමත් කර ඇත්තේ මගේ යෙහෙළියගේ හඬටද අවනත නොවෙමිනි. බොහෝවිට ඔහුට ඇය ගුරුවරියක් බව දැනෙන්නටද නැත. ඇය මගේ මිතුරියක් බව දැන සිටීමත්  ඉගෙනීම සිදුකළේ නිවසක් තුල වීමත් ඊට හේතුවන්නට ඇත.

මේ නිසා මගේ මිතුරිය ඔහුට තනිව ඉගැන්වීම කළ නොහැකි බව අවබෝධ කරගෙන තිබුණ අතර ඇය ඊළඟ දවසේ පංතිය වනවිට තවත් ඇගේ හිතවතෙකුගේ දරුවෙකු පංතියට එක් කරගෙන තිබුණි. හතර වන දවස වනවිට තවත් දරුවන් දෙතුන් දෙනෙකුද එක් කරගන්නට ඇය වග බලාගෙන තිබුණේ ළමයි කීප දෙනෙකු සිටින විට අපේ පුත්තරයාට එය පංතියක් ලෙස දැනේවි යන බලාපොරොත්තුවෙන් සහ ඔහුට ඔහුගේ මට්ටම ගැන ඉඟියක් ලබාදී උනන්දු කිරීමේද අපේක්ෂාවෙනි. මේ වනවිට තවත් ළමුන් සිටින නිසා පංති පවත්වන වෙලාව පැය දෙකක් සහ සතියට එක් දිනක් ලෙස වෙනස් කරගෙන තිබුණි. නමුත් තරම් වෙලාවක් අපේ පුත්තරයා රදවා ගත නොහැකි වූ නිසා ඇය අපට දුරකතන ඇමතුමක් දී ඔහුව රැගෙන යන ලෙස දැනුම් දුන්නාය.

මේ පංතියේ පස්වන හෝ හයවන දිනය වන විට මා සිටියේ ජපානයේය. එදා පංතිය පටන්ගෙන පැයක් යාමට මත්තෙන් ඔහුව රැගෙන යන්නට එන ලෙස දන්වා මගේ සැමියාට දුරකතන ඇමතුමක් ලැබී තිබුණි. හේතුව අපේ පුත්තරයා අනෙක් ළමයි ටිකත් එකතු කරගෙනම ගේ වටේ දුව පනින්නට සහ බලු සුරතල් බැලීමට පටන්ගෙන තිබීමයි. අනෙක් ළමුන්ගේ දෙමව්පියන් ඔවුන් පංතියට එවන්නේ පැය දෙකක් තුල උපරිමයෙන් ඉගෙන ගැනීමට නිසාත්, දුව පැන නැටීමේදී දරුවෙකුට අනතුරක් වුවහොත් ඊටද වග කිව යුතු නිසාත් මගේ මිතුරිය පත්ව තිබුණේ දැඩි අපහසුතාවයකටය. එදායින් පසු අප පංති යැවීම නවතා දැමුවේ කිසිදු මුදලත් අය නොකර හිතවත්කමට උගන්වනන්ට පටන් ගත් ගුරුවරිය තවදුරටත් අපහසුතාවයට පත්වීම වැලැක්වීමටය. මේ වනවිට පාසැල් යාමද අරඹා තිබූ නිසා පංතියෙ අවශ්යතාවයද නැති විය.


30 comments:

  1. ජපානයේ සුළු ජාතීන් ජීවත්වනවාද ? ඔවුන්ට සැලකීම කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මගේ දැනීමේ හැටියට නං ජපානේ සුළු ජාතීන් කියලා කොටසක් නෑ. මිශ්‍ර විවාහ නිසා වෙනත් ආගම් හා ජාතීන් සමග සම්බන්ධ වුණත් සුළු ජාතීන් හැටියට සැලකෙන කොටසක් ඉන්නවද කියලා කියන්න මගේ දැනුම මදි වෙන්න පුළුවන්. බලමු මේ රටේ වැඩි කාලයක් හිටිය "ජපන් ඇනෝ මිත්‍රයා" හෝ කෙන්කියුෂා ඒ ගැන හරි හැටි දෙයක් දන්නවද කියලා.

      Delete
    2. ජපානෙ උතුරු දූපතේ (හොක්කයිඩො) ඉන්නව ඇබොරිජිනල්ල කට්ටියක් අයිනු (Ainu) කියල.
      ඉස්සර ඒගොල්ලගෙන් වහල්ලු වගේ වැඩ අරන් තියෙනව විශේෂයෙන් මාලු ඇල්ලීම සඳහා.
      දැනටත් 30,000ක් විතර ඉන්නවලු. යුද්දෙන් පස්සෙ ඒ ඩිස්ක්‍රිමිනෙෂන් සම්පූර්නයෙන්ම නැවතුනා, විශෙෂයෙන්ම ව්‍යවස්ථාවෙන්ම ඒ අඩු සැලකිලි තහනම් වුනා.
      දැනටනම් ඒ අය අඳුරගන්න පුලුවන් අවුරුද්දට වරක් පැවැත්වෙන සංස්කෘතික උත්සවයෙදි විතරලු.
      පහල දූපත්වල (ඔකිනවා) ඉන්නෙත් ඔරිජිනල් ජැපනීස්ල නෙවෙයි. ඔකිනාව ජපානෙට ඈඳගෙන තියෙන්නෙ අවු. 150කට විතර කලින්.
      එයාලගෙනම් භාෂාව ජපන් උනත් කතාකරන විලාසය හරිම අමුතුයි. සමහරු කියනව තේරෙන්නෙම නෑ කියල.
      (මම එක්වරක් ගිහින් තියෙනවා, ලංකාවෙ වගේ කොස්, දෙල්, අඹ, කෙසෙල් හැම දෙයක්ම තියෙනවා.)
      කොහොම උනත් දැන් නම් සේරමල්ල ජැපනීස් (නිප්පොන්ජින්) කිසිම් විදියක අඩු සැලකීමක් නෑ කොහේවත්ම.
      ඒ ඇරෙන්න යුද්දෙට කලින් සහ පසුව කොරියාවෙන්, චීනෙන්, පිලිපීනෙන්, ඉන්ඩුනීසියාවෙන්, බ්‍රසීලෙන් ආපු ජන කොටස් ඉන්නවා.
      විශේෂයෙන් චීනෙන් සහ කොරියාවෙන් විශාල පිරිසකට විශේෂ වීසා කැටගරියකින් (මට මතක නෑ ඒකෙ නම) එන්න දුන්නා යුද්දෙන් පස්සෙ.
      ඒ අයගෙ අලුත් පරම්පරාව නියම ජපන් සමජට අනුගත වෙලා හිටියත්, මුල් අය තවමත් සන්ගම් පිහිටුවාගෙන ආන්ඩුවට හිසරදයක් වෙන වෙලාවලුත් තියෙනවා
      කෙන්ක්යූෂා-කුන් දැන් දැන් ගැඹුරට ජපන් ඉතිහාසෙත් ස්ටඩි කරන බව මැතකදි දාපු පෝස්ට් එකකින් පෙනුනා. ඒ නිසා මිට වඩා පැහැදිලි විස්තරයක් දෙයි.
      ඒකනෙවෙයි සඳා දැන් කවද්ද මවුරට වලා යන්නෙ, සබිෂීනෙ.
      අපි (හිරොෂිමා සඳා ෆැන් ක්ලබ්) සෝබෙත්සුකයි එකක් ලැහැස්ති කරල තියෙන්නෙ, කවදද හිරොශිමා එන්න පුලුවන් ?

      Delete
    3. බොහොම ස්තූතියි! මිත්‍රයා මේ කරපු උදව්වට. මමත් අන්තර්ජාලෙන් තොරතුරු හොයද්දි ඔය අන්තිමට කියලා තියෙන බ්‍රසීල, පිලිපීන, කොරියා චීන කතන්දරේ අහු වුණා. ඒත් ඒක පැහැදිලි පිළිතුරක් නොවෙන නිසාත් ඔය දෙන්නා මගේ ගැලවිජ්ජාවට ඉන්න බව දන්න නිසත් බලන් හිටියා.

      ග්‍රැජුවේෂන් 28. මං ටිකට් ඉල්ලුවා 29 ට. තාම ලැබුණෙ නැති නිසා හරියටම කියන්න බෑ. ඒත් 29 හෝ 30 අනිවාර්යෙන්ම යන්න ඕනි න් මෙක්ස්ට් එකෙන් ටිකට් දෙන්නෙ සැප්තැම්බර් මාසෙ තුල යන්න විතරනෙ.

      දැන් මේකෙ බ්ලොග් පෝස්ට් 49 ක් තියෙනවා. මං හිතා ඉන්නෙ තව එකක් ලියලා නවත්තලා දාන්න. එතකොට නං මටත් සබිෂි තමා

      පහුගිය බ්‍රහස්පතින්දා හවස 2 ඉදලා මං ෆ්‍රී බර්ඩ් කෙනෙක්. ඕනි වෙලාවක ඕනි තැනක යන්න පුළුවන්. මට බෝම්බයක් දාන්නැත්තං හිරොෂිමාවට ඕනි වෙලාවක එන්න පුළුවන්

      Delete
    4. ඔව් ඔව් ආචාර්ය සඳ වියමන් උනයින් පස්සෙ බ්ලොග් ලිය ලිය ඉඳල හරි යනවයි නේ.

      Delete
    5. ඒක නේන්නං.

      නෑ අප්පා. මට දැන් ඇති වෙලා තියෙන්නෙ. ලියන්න ගත්තු ඒවා ඉවරයක් නොකර නවත්තන එක හරි නැති නිසයි පුළුවන් හැටියට ලිව්වෙ. තව ලියන්න හිතේ තිබ්බට දැන් කම්මැලියි. මට ඔහොම වෙන වැඩ කරන්න පුළුවන් ලොකු වැඩක් ඔළුවෙ තියෙනකොට විතරයි. දැන් ඔළුව නිදහස් නිසා කම්මැලියි. මනෝ පාරක් ගහගෙන පැත්තකට වෙලා ඉන්න එක හොඳයි වගේ.

      ඒ වුණාට ඔය මට එක එක වෙලාවට හිතෙන ඒවත් ජපානෙ කාලගුණේ වගේ තමයි. තව මාසයක් මෙහෙට වෙලා කරන්න වැඩකුත් නැතුව ඉන්නකොට මට හිතෙන්න බැරි නෑ 50 නෙවෙයි 75 න් නවත්තනවා කියලා. ආං එහෙම වුණොත් ලියන් ලියන් යනවා.

      Delete
    6. තවම නත්සු යසුමි. හෙට සෙන්සෙ ආවම ඔය ගැන "නොමි-කයි" පාරක් දාන්න ඕනේ. ඒ සෙන්සේත් ජපානේ විසින් චීනයේ ලයෝනින්ග් අල්ලාගෙන ඉන්න කාලේ ජපන් අධිරාජ්‍යයට අයිති චීනේ ඉපදුන කෙනෙක්. ඇත්තටම මම ඔය ගැන කතා කරලා තියෙන්නේ යන්තමින්. කොහොම වුනත් ඔය කියන අය සුළු ජාතීන් කියල නම් කොහෙවත් කියවෙන්නේ නැති බවයි මගේ අදහස නම්.

      මගේ මතකය නම් 1890 මෙජි ව්‍යවස්ථාවෙනුත් 19 සහ 28 වැනි වගන්ති යටතේ සමානාත්මතාවය යම් ප්‍රමාණයකට ඇතිකරපු බව.

      හිරෝෂිම පැත්තේ ආව කලින් නම්. මියජිමා, ඔකුනොශිම පැත්තෙත් ගියා. කුරේ මියුසියම් එක හරියට බලන්න බැරිවුණ නිසා ආයේ යන්න ඉන්නේ.

      Delete
    7. ස්තූතියි! කෙන්කියුෂා.

      මේ ප්‍රශ්ණෙ පිටින් දාලා හරි "නොමි-කයි" පාරක් දාන්න ලැබෙන එකම මදැයි.

      හිරොෂිමා පැත්තෙ යනකොට ඔය ඇනෝ මිත්‍රයාට කියලා යන්න. නොමි-කයි පාරක් දාන්න පුළුවන් (ආ ඔය දෙන්නම වතාවක් යමු කිව්වා නේද අර කවිය කියවලා ). බලන්නකො ප්‍රොෆයිල් පික්චර් එක

      Delete
    8. යෝකොසො හිරොෂිමා එ.

      Delete
    9. ඇනෝ ජපන්, උතුරු දිවයින කියල සාමන්යෙන්කි යන්නේ කුරිල් අයිලන්ඩ්ස් එක්ක තියෙන northern islands නේද ? දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ ඒක අයිති රුසියාවට නේ.

      සෙන්සේ කොරියා ගියා අද කතා කරන්න බැරි වුනා.

      Delete
    10. අපරාදෙ කෙන්කියුෂගෙ නොමි-කයි සිහිනය. තනියම බෝතලයක් ගෙනල්ලවත් බොන්න ඔන්ලයින් ඉන්න කාත් එක්ක හරි චැට් එකක් දාගෙන

      Delete
  2. අදත් ආසාවෙන් කියෙව්වා. ජපන් විස්තරේ මෙතනින් නිම කරනවා කිව්වම පොඩි පසුතැවීමකුත් ඇතිවුණා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දුමින්ද. ඔයාලා වගේ ආසාවෙන් කියවපු පිරිසක් හිටිය නිසා තමයි මං වැඩ අස්සෙත් මේ ටික ලියලා ඉවර කරේ.

      තව අමු මාළු කෑම (සෂිමි-සුෂි ) ගැන, Public hot water bath ගැන සහ තව මෙහෙදි මං දැක්ක පුංචි පුංචි සිත් ඇදගන්නා සුළු සිරිත් කීපයක් ගැන බාගෙට ලියපු පෝස්ට් තුනක් තියෙනවා. අඩුම තරමෙ ඒ තුන හෝ අවසන් කරන්න මං උත්සහ කරනවා

      Delete
  3. ලිපි පෙළ කියවගෙන ආවා, පහුගිය දවස් වල මග හැරුන ඒවත් එක්කම...ජපානය ගැන බොහෝ කරුණු දැන ගත්තා...

    ලංකාවේ ළමා මනෝවිද්‍යාව හදාරලා නෙවේනේ ළමයින්ට උගන්වන්නේ...එතැන වෙන්නේ බුද්ධි වර්ධනයක් නෙවේ..ළමයාව තරඟයට හුරු කිරීමක්...පොඩි උන්ගේ හිත්වල ඉරිසියාව වපුරන්න හුරු කිරීමක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! පොකුරු දිගටම කියෙව්වට.

      ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ අඩුපාඩු තියෙනවා වගේම ඒවා මේ අද තියෙන තත්වෙට ඇද දාන්න දෙමව්පියොත් සෑහෙන්න වග කිව යුතුයි කියලයි මං හිතන්නෙ. ගුරුවරයෙකුට හෝ පාසලට හැමදේම කරන්න බෑ දරුවො පාසලේ රැදෙන්නෙ පැය 6 යි.

      ඇත්තටම මං පහුගිය අවුරුද්ද වෙනකල්ම ලංකාවෙ පාසැල් වල අද තත්වය ගැන හිතා හිටියෙ බොහොම වැරදියට. ඒ වුණාට අපි හිතන තරම් හෝ අපිට පිටින් අහන්න ලැබෙන තරම් යකා කලු නෑ, සිද්ධ වෙන එකම දේ අපිට අහන්න දකින්න ලැබෙන්නෙ කලුම කලු යක්කු ගැන විතරයි.

      Delete
  4. Replies
    1. සමාවෙන්න ඕනි ඒ කොමෙන්ටුව ස්පෑම් වෙලා. එහෙම වෙන අවස්ථා තියෙනවා. සමහර ඒවා මං දකින්නෙ මාස ගානකින්. ගොමෙන්නෙ

      කොහොම වුණත් මේ ලස්සන ප්‍රොෆයිල් එකෙන් ආව එක ගැනනං සන්තෝසයි

      Delete
  5. indumathie adikariAugust 21, 2016 at 4:29 PM

    අපරාදේ ඔයා ලියන එක නවත්වන්නෙ . අපි කියවන්න ආවා විතරයි. වැඩ ගොඩක් මවාගෙන හරි දිගටම ලියන්න.
    ඔයා ආස වුණා නේද මම වගේ වයසක අයත් බ්ලොග් කියවනවට . ලංකාවේ පත්තර බලනවට වඩා මේක දාහෙන් සම්පතක් . කේන්දරයි , නැකත්සාත්තරෙයි , දහ ජරා දේශපාලනෙයි එපා වෙලා.

    ReplyDelete
    Replies
    1. ඉන්දු ටීච, මම ඔයා වගේ කෙනෙක් බ්ලොග් එක කියවනවට ගොඩක් කැමතියි. ඒ කියන්නෙ බ්ලොග්, අන්තර්ජාල භාවිතය වගේ ඒවා සෑහෙන්න පරාසයක පැතිරිලා කියන එකනෙ.

      මං අද දවසම වැය කරලා සෂිමි සුෂි ගැන පෝස්ට් එක හැදුවා. මේක තව කීප දෙනෙක් කියෙව්වම හෙට ඒක පබ්ලිෂ් කරන්නං. ඒක ලියද්දි මතක් වුණා මෙහෙ අනිත් කෑම ගැනත් ලිව්වනං හොඳයි කියලා. ඕං ඔහොම එක එක ඒවා මතක් වුණාම තව කීපයක්වත් ලියවෙයි.

      Delete
  6. මං හිතුවෙ සඳවියමන්, අර තරන් පිළිවෙලට ජපන් ඉස්කොලේ වැඩ කෙරුන නිසා පුතා සැහෙන්න පිළිවෙලට හැදෙනව ඇති කියලා.. කැම නාස්ති කරන්න බැ කියන එක සැහෙන හොඳින් ඔබේ ලිපි වල තිබුනා ඒ පාසල් වල. නමුත් ඒ ක්‍රම ප්‍රායෝගික නැතිද..

    නැත්නම් ඒ ක්‍රම පාසලට පමනක් සිමා වන ඒවද..මට එහෙම හිතුනේ හරියට දෙයක් ඉගෙන ගන්නවා කියන්නෙ කොහෙත් කොතනත් ඒ දෙය එකම විදිහට භාවිතා කිරිමට ඇති හැකියාව කියලා මම ඉගෙන ගන්න නිසා මෙහෙ. Generalize ...

    ReplyDelete
    Replies
    1. අපේ පුතා මෙහෙ හිටියෙ අවුරුදු දෙකයි (ආසන්න වශයෙන් අවුරුදු 6-8 අතරෙ කාලෙ ). ඒ දෙක තුල ඔහු බොහෝ දේවල් මෙහෙන් ඉගෙන ගත්තා. ඒත් එයා මෙහෙට එනකොට තිබ්බ සමහර පුරුදු නිසා ජපන් ළමයෙක් තරම් හොඳින් එයා ඒ පුරුදු ග්‍රහණය කරගත්තෙ නෑ. ඒක අපේ පුතා හැදුන ක්‍රමේ නිසා වෙච්ච දෙයක් මිස මේ අධ්‍යාපනයේ වැරැද්දක් නෙවෙයි. මෙහෙ ළමයි දිගටම (උපන්දා ඉදන් ) ඔය පිළිවෙලට ජීවත් වෙන නිසයි වැඩිහිටියො තුළ පවා මං අර කිව්ව විදිහෙ සමානතා තියෙන්නෙ.

      මමනං කොහොමත් අවුරුදු දෙකක් තුල දරුවෙක් සම්පූර්ණයෙන් ජපන් ළමයෙක් වගේ වෙයි කියලා බලාපොරොත්තු වුණෙත් නෑ. එහෙම නොවුනා කියලා දුකකුත් නෑ

      Delete
  7. නැ සඳවියමන් ලමයෙක් ජපන් වීම නෙමේ මම ඇහුවේ.. අවුරුදු දෙකක් කියන්නෙ දිගු සහ ප්‍රමානවත් කාලයක් මොළය යමක් ග්‍රහනය කර ගන්න. ඇහුකන් දිම සහ පිළිපැදීම ගැන විතරයි මගේ හිතට ආවේ.. මොකද මෙහෙ ක්‍රමය අනුව 6 මසයක් වගෙ කෙටි කාලයක් ඇතුලත අපෙ පුතා සැහෙන්න දෙවල් ග්‍රහනයට අරගෙන වගේම ඒව වෙනස් වෙන්නෙත් නැ.. අපිටත් වඩා හොඅඳින් කා එක්කත් පිළිපදිනවා..මෙහෙ මුලික වෙන්නේ ඒ ඒ දරුවට තේරුන් ගන්න පුලුවන් වඩාත්ම ප්‍රයෝගික ක්‍රමය අදුරාගෙන එය සැම තැනම එක ලෙස කිරිම ගැන වැඩිහිටියන් ඇතුලු හැදෙනාම දැනුවත්වීම.. දරුවා කොහේ ගියත් එක පවුලක් වගේ ඒ නිස.. අලුත්ම අලුත් කෙනෙක් එක්ක උනත් මේ පුරුදු ඒ වගෙමයි..මොලේ ග්‍රහනය කරගෙන නිස මුලීක හරය..

    ReplyDelete
    Replies
    1. අපිට හැම දරුවෙක්ගෙන්ම එකම දේ බලාපොරොත්තු වෙන්න බෑ හීන දකින්නි.

      සමහරවිට ඔහෙ ක්‍රමය මාර ඉෆෙක්ටිව් ඇති. මං ඒ ගැන දන්නෑ. මං දන්නෙ මෙහෙ විදිහ සහ ඒකෙන් මෙහෙ දරුවො වැඩිහිටියෙක් වෙනකොට කොහොමද ඒවා ඒ විදිහටම අරන් යන්නෙ කියන එක.

      ඔයාගෙ පුතා වුණත් දැන් ලංකාවට අරන් ගිහින් අවුරුද්දක් තියලා බලන්නකො. සමහරවිට වෙනස් වෙයි. ඔයා කියන විදිහට එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් මගේ අත්දැකීම් අනුව අපේ ස්ටාෆ් එකේ අයගෙ ළමයි විවිධ රට රට වලින් සමහර විට ඒ රටකම ඉපදිලා ලංකාවට ආවට පස්සෙ මාස පහ හයක් ගියාම ලොකු වෙනසක් තිබ්බෙ නෑ. අද වෙනකල් මටනං හැමෝගෙන්ම අහන්න ලැබිලා තියෙන්නෙ එකම කතන්දරේ.

      Delete
    2. එකම දේ නෙමේ සඳවියමන්, දරුවට ගැලපෙන දේ හොයා ගන්න පාරක් හදා ගන්න ක්‍රම ගැන මම ඉගෙන ගන්න නිසයි මම එහෙම කිව්වේ.. මේ ක්‍රමයේදි මොළය හැඩ ගසන්නේ තැනට අනුව හැඩ ගැහෙන්න මුලික සංකල්ප වලට..මොන දේ උනත් හරියට පිලිපැද්දේ නැත්නම් දෙමාපියන් ඇතුලු හැමොම වෙනසක් දකින්න බැ දරුවන්ගෙ.. ඒ නිස ඔබ කියන දේට මම එකඟයි සඳවියමන්.

      Delete
  8. ඒ වගේම සඳවියමන් අපි ඉගෙන ගන්න දේවල් , අපි හොඳයි කියල වෙන රටවල් වලින් උකහා ගන්න දේවල් දරුවන් තුලින් අපිට දකින්න බැරි නම් අපිත් යන්නේ පරන පුරුදු පාරෙම තමයි. එහෙම උනාම අපේ දරුවොත් ලොකු වෙලා අපි මේ දැන් ලියනව වගේ වෙනස් වෙන්න ඕන තැන් ලියාවි.. හැබැයි වෙනසට යන පාර අඳුරගන්නේ නැතුව. ටික ටික හරි මේ හොඳ වෙනස්කම් දකින දෙමාපියන් දරුවන් තුලින් මේ වෙනස්කම් කලොත් අපේ අනාගතය වෙනස් වෙලා වඩා හොඳ අතට හැරෙවී කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ ඇත්ත හීන දකින්නී. ඒත් සමහර දේවල් කරන එක වචන වලින් කියන ලියන තරම් පහසු නෑ.

      අපි වෙන රටවලින් ඉගෙන ගන්න හැමදේම ඊට හාත්පසින් වෙනස් පරිසරයක ඒ විදිහටම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව පහසු නැති අවස්ථා තියෙනවා. අපේ පුතාට පරිසරය, භාෂාව විතරක් නෙවෙයි ගෙදර තත්වෙ පවා සහමුලින්ම වෙනස් වුණා. අම්මයි අප්පච්චියි එක්ක හිටිය දරුවා දැන් ඉන්නෙ අප්පච්චි එක්ක තනියම. කන්න බොන්න ඕනි උයලා පුරුදු නැති අප්පච්චි උයන ඒවා.
      ඉතින් මං එයාගෙන් මෙහෙ හිටිය ළමයා හෝ ලංකාවෙ ළමයින්ට වඩා මාර වෙනස් ළමයෙක් බලාපොරොත්තු වෙන්නෑ. මට දැනට ඕනි එයාට කිසිම මානසික පීඩාවක් නොදැනී තැබීම විතරයි.

      ඒත් එයා ලබපු අත්දැකීම් එයා තුල තියෙන බව අපිට දැනෙනවා. ඒවා දැනට නැතත් අනාගතයේ එයාට ප්‍රයෝජනවත් වෙයි.

      Delete
    2. ඔබ කියන දේ හරි සඳවියමන්.. එකපාර කරන්න පුලුවන් දෙයක් නෙමේ ඔබටවත් අපි කාටවත්.

      ඔබ කිව්වා වගේ කවදාක හරි ඒ අත්දැකිම් වැදගත් වේවී..

      Delete
    3. සඳවියමන්.. මගේ පුතාට ඉපදෙන්න ආව දා ඉදලා මුන දෙන්න උන අභියෝග මං ලිව්වන්නේ . ඉපදුනාට පස්සෙත් එයා මුන දුන්නේ අභියෝග වලට.. අවුරුදු 2ක් විතර යනකන් එයාට අම්මටයි තාත්තටයි දෙන්නටම හිටියේ මම විතරයි.. අදටත් වැඩියෙන් ලැබෙන්නෙ මගෙ ඇසුර.. නමුත් ලැබෙන පොඩි අවස්ථාවක් උනත් ධනාත්මක කර ගන්න අපිට තියන හැකියාව මත නොලැබිම් හිරු දුටු පිනි වගේ.. මම ඒ ගැනත් ලියන්න හිතන් ඉන්නවා..

      ඒ නිසා හිත පේන දේවල් වලින්  ආපස්සට අදින කොට නොපෙන්නේ දේවල් වලින් ඉස්සරහට යන්න ඉඩ හදා ගන්න..

      Delete