Monday, April 25, 2016

සකුරා සුවඳ 2 (ජපානයේ ආමන්ත්‍රණ)


සකුරා සුවඳ 1 (පිවිසුම)

ජපානයේ ආමාන්ත්‍රණ විදි ගැන අපි බොහෝ දෙනෙකුට දැනුමක් ඇත. දරුවන් හෝ වැඩිහිටියන් අතර ආමන්ත්රණයේදී පුද්ගල නාම පමණක්  යෙදෙන්නේ නැත. වෙනුවට ඕනෑම පුද්ගලයෙකුගේ නම අගට විශේෂණ පදයක් යෙදීම සාමන් සිරිතය. කුඩා දරුවන් සදහා භාවිතා වන්නේචන්” යන පදයයි. "හරි පුදුම ඉස්කෝලෙ" ටොට්ටෝ නම් දඟකාර දැරියටොට්ටෝ චන්” ලෙසින් අපි අතරට ආවේ එනිසාය. "චන්" යන්න කුඩා දරුවන් ගැහැණු පිරිමි භේදයකින් තොරව හැදින්වීමට යොදා ගත්තද පාසැල් යාම අරඹන පිරිමි දරුවන්ගෙන් "චන්" ඉවත් වී වෙනුවට "කුන්" යන ආමන්ත්රණය යෙදේ. යොවුන් විය එලඹෙන තුරුම පාහේ ගැහණු දරුවන් සදහා "චන්" යන්න භාවිතා කෙරේ.
වැඩිහිටි ගැහැණු පිරිමි දෙපාර්ශවයම සදහා යෙදෙන්නේ "සන්" යන්නය. නොරිකෝ සන් සහ දෙවුන්දරා  සන් අපිට හමු වුයේ එලෙසය (ජපන් භාෂාවේ අපේ භාෂාවල ඇති සමහර "ශබ්ද" නැති නිසා බොහෝවිට ජපානයේදී අපේ නම් වෙනස්වේ. දේවේන්ද්‍ර ජපානයේදී දෙව්දරා වුයේ එහෙමය. දෙව්දරා විතරක් නෙවෙයි මේ ලියන මගේ නමද ජපානයට ආපසු  අළුත් "මාරි" වර්ගයක් සහ "මත්පැන්" වර්ගයක් මෙන් විය. එය ලියන්නේ සහ කියවන්නේ "සඳමාරි සකුන්තරා" ලෙසය).
 වැඩිහිටි ළමුන් සදහා  "කුන්"/"චන්"  හෝ "සන්" ආමාන්ත්රණය අමතන්නා සහ ඔහු අතර ඇති වයස් පරතරය අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස "ඔමොතො කුන්" නමින් මහාචාර්යවරයෙකු ආමන්ත්රණය කරන අවුරුදු විසි පහක්  විසි හයක් වයසැති පශ්චාත් උපාධි අපේක්ෂක තරුණෙයෙකුට ඔහුගේ සම වයසේ මිතුරන්  අමතන්නේ "ඔමොතො සන්" ලෙසිනි.  අපේ පර්යේෂණාගාරයේ සිටින සියළුම ජපන් ජාතික තරුණයන් ආමාන්ත්රණයට මහාචාර්යවරු පමණක් නොව අප පවා භාවිතා කරන්නෙ "කුන්" . තරුණියන් සියල්ල "චන්" . විතරක් නොවේ, දැන් සිය ජීවිතයේ පස්වන දශකය ගෙවමින් සිටින අපේ සහය මහාචාර්යවරයාට ප්රධාන මහාචාර්යවරයා කතා කරන්නේද "හගා කුන්" නමිනි. නමුත් ඔහු බාහිර ලෝකයේදී "හගා සන්" මිස කුන් නොවේ.

 “සන්” යන ආමන්ත්රණය ජපානයේ පුද්ගල ආමන්ත්රණයේදී සුලභවම භාවිතා වන ගෞරව නාමයයි. තනි තනි පුද්ගලයන් සදහා අදාල පුද්ගලයාගේ නමට පසුව යෙදෙන "සන්" යන්න විශාල පිරිසකට එකවර ආමන්ත්රණයේදීද යොදා ගැනේ. එහිදී "මිනසන්" යන පදය භාවිතා වේ. එහි අදහස "ඔබ සැම" යන්නය. සාමාන්යයෙන් රැස්වීමක් වැනි අවස්ථාවන් ආරම්භ කරන්නෙ "මිනසන් ඔහායෝ ගොසයිමාස් (සුබ උදෑසනක් ඔබ සියළු දෙනාට )" හෝ "මිනසන් කොනිච්චිවා (සුබ දහවලක් ඔබ සියළු දෙනාට )" කියමිනි.නමුත්සන්” යන විශේෂණය සැමවිටම යෙදෙන්නේ සාමාන් ව්යවහාරයේදීය. විශේෂිත අවස්ථා වල විශේෂ පුද්ගලයන් හැදින්වීමේදී මෙය "මිනසමා" ලෙස වෙනස් වේ.

"චිචී" සහ "හහා" යනු පිලිවෙලින් තම මව සහ පියා සදහා භාවිතා වන වචනය. තමන්ගේ මව සහ පියාය. අපේ භාෂාවේ හැටියට අපි "අපේ තාත්තා" "කමල්ගේ තාත්තා" ලෙස එකම වචනය භාවිතා කලද ජපානයේ එය එසේ නොවේ. තමාගේ නමට සහ තම පවුලේ අයට "චන්" "කුන්" "සන්" යන පද භාවිතා නොකරන ඔවුන් පවුලෙන් පිටත සියල්ලන් සදහාම ගෞරව නාම යොදා ගනී. වෙන අයෙකුගේ මව හදුන්වන්නේ "ඔකා-සන්" ලෙසය. පියා "ඔතෝ-සන්" . මගේ පුතාගේ මිතුරන් මා හදුන්වන්නේ "සෙනු කුන් නෝ ඔකාසන්" යනුවෙනි. මෙහි "නෝ" යන්න "සෙනුගේ" යන්න අර්ථවත් කරයි.

මෙලෙසින්ම තමාගේ පවුලේ නොවන අයියා අක්කා නංගී මල්ලී ආච්චි සීයා නැන්දා මාමා යන සියල්ල සදහාම "සන්" යන ගෞරව නාමය යෙදීම ජපන් ජාතිකයන්ගේ සිරිතය. තවත් උදාහරණයකින් පැහැදිලි කලොත්, "ඔජි" යනු මාමා/බාප්පා/ලොකු තාත්තා වැනි තම මව්පියන්ගේ සහෝදරයන් සදහා යෙදෙන ජපන් වචනයයි. නමුත් තම පවුලේ නොවන මාමා කෙනෙක් නිකන්ම "ඔජි" වන්නේ නැත. එවිට එය "ඔජි සන්" ලෙස වෙනස් වේ.

කිසියම් ජාතියක් ගැන සදහන් කිරීමේදී "ජින්" යන විශේෂණය යොදා ගනී. නිහොන් යනු ජපන් භාෂාවෙන් ජපානය හදුන්වන නමයි. එනිසා ජපන් භාෂාවෙන් ජපනුන් යනු "නිහොන් ජින්" ය. අපි "සුරි රන්කා ජින්" ය (ශ්‍රී ලංකාව කියා ජපන් භාෂාවෙන් ලියූ විට කියවන්නේ සුරි රන්කා කියාය. ජපන් භාෂාවේ "ල" "ව" වැනි ශබ්ද නැත ).
ගුරුවරු සහ වෛද්යවරු හැදින්වීමට "සෙන්සෙ" යන නාමය භාවිතා කරයි. මේ සෙන්සෙ යන්න පෙර පාසල් ගුරුවරයෙකුගේ සිට විශ්ව විද්යාල මහාචාර්යවරයෙකු දක්වා ඕනෑම ස්ථලයක කිසියම් දෙයක් ඉගැන්වීමේ නිරත වන අය සදහා පොදුය.
ජපානයේ ආචාර සමාචාර ඊළග සකුරා සුවඳින්

a Japanese Family tree ගත්තෙ මෙතනින්
















22 comments:

  1. ඉස්කෝතුයි සඳා මේ විස්තර ටික ට.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ඉස්කෝතුවටත් ඉස්කෝතුයි කසුන්

      Delete
  2. කෝ කලින් පෝස්ටුව. සකුරා 1.

    ReplyDelete
    Replies
    1. හැ.... ඔයා කිව්වමයි දැක්කෙ ඒක පොඩි වැරදීමකින් draft වෙලා. ඒක කිව්වටත් ඉස්කෝතුයි!

      Delete
  3. සදා..................

    මේ කියන දෙයින් මම දැකපු ලක්ෂණ ටිකක් කියන්නම්. ජපනුන් බොහෝ විට අනෙකාට ගරුත්වයක් සහිතව කතා කරයි. ඒ වගේ ම අනෙකාගේ රැකියාව මත අමුතු මහන්තත්තකම් අරූඩ නොකරයි. අගමැති අබේ අතිගරු අබේ අග්‍රමාතා්‍ය උතුමාණන් නොවී අබේ සන් වන්නේ ඒ නිසාය. ඔවුන් රැකියාව මත උසස් සහ පහත් යැයි සැලකීම අපිට සාපේක්ෂව අඩු බව මෙයින් පෙනෙයි.

    මේවා ලෝකේ ඉන්න තවත් ජාතියකින් අපිට ඉගෙන ගැනීමට හැකි හොද දේවල් විදිහටයි මම දකින්නේ. කෙනෙකුට මේවා විවේචනය කරන්නත් හැකියි. ජපානේ දේවල් අපිට මොකට ද කියලා. ඒත් ජපනුන් කියන්නේ ලෝකේ ඉන්න උත්සහවන්ත ජාතියක්. ඒ වගේ ම ස්වාභාවිකා අනතුරු රැසක් මැද ජීවත් වෙන ඒවාට නොසැලුණ ජාතියක් (මං හිත්නේ ඔබ මේවා ගැන ඉස්සරහාට කතා කරන්න හිතාගෙන ඇති.) ඒ නිසා මේ විස්තර හරි වටිනවා.............

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුටු, ඔබේ තේරුම් ගැනීම හරි.
      ඔවුන්ගෙ රැකියාව මත කිසිම ආකාරයක උස් පහත් සැලකිල්ලක් නෑ. අපේ සභාපතිවරයා කිසිම පැකිලීමක් නැතුව අතුගාන මනුස්සයා පිටිපස්සෙ පෝලිමේ ඉදලා කැන්ටිමෙන් කෑම එක අරන් එක මේසෙ ඉදන් කනවා කිසිම ගැටළුවක් නැතුව. හැමෝම හැමෝගෙම නිළයට එක හා සමානව ගරු කරනවා.
      මම මේ ගැන පස්සෙ විස්තර ඇතුව ලියන්නම්

      Delete
    2. මේක ජපනුන්ට විතරක් තියෙන දෙයක් නෙවි නේද? සිවිලයිස් වෙන්න වෙන්න ඕනෙම කෙනෙක් රටක් මනුස්ස කොට්ටාශයක් කරන දෙයක් (ලංකාවේ ඇරෙන්න ? )
      මම ජපන් ෆිල්ම් බලන කෙනෙක්. මට නම් ඔය කියන තරම් සිනමාව අස්සේ ජපනුන්ගේ ආචාරධර්ම මහා විශේසයි කියලා දැනිලා නෑ. අනික ඔය කතා කිරීමේදි විතරක් ආචරශීලි වීම අතරත් නිකම්ම නම කියලා කතා කරලා පෙන්වන හිතවත්කමත් අද වෙනකොට තියෙනවා නේද? (ලෝකේ කොයි රටෙත් වගේ? )

      Delete
    3. ඔව් Buru Babe මේක කොහෙත්ම ජපනුන් ළඟ විතරක් තියෙන දෙයක් නෙවෙයි. අනෙකුත් දියුණු රටවල වගේම සමහර දියුණු වෙමින් පවතින රටවලුත් ඒ පැත්තෙන් අපිට වඩා ගොඩක් දියුණුයි. මම කතා කරේ ජපානෙ ගැන නිසයි එයාලා ඒ වගේ කියලා ලිව්වෙ. ඒකෙන් ලෝකෙන්ම එයාලා විතරයි එහෙම ජාතියකට ඉන්නෙ කියන එක මම අදහස් කරේ නෑ.
      ජපනුන්ගෙ ආචාර ධර්ම විශේෂයි කියලා ඔබට නොදැනෙන්නෙ ඔබ ඉන්නවා ඇත්තෙ බොහොම ආචාරශීලි මිනිසුන් මැද්දෙ වෙන්න ඕනි. මම වැඩිපුරම ජීවත් වුනේ අපේ රටේ නිසායි දැනටත් ඉන්නෙ ලෝකෙ හතර දිග්භාගෙන් ආව එක එක ගති සිරිත් තියෙන මිනිස්සු ගොඩක් මැද්දෑවෙ නිසයි මට ඒක හොදින් දැනෙනවා වගේම අපි එක්ක ඉන්න අනෙක් රටවල මිනිස්සුත් ඒ බව දකිනවා. නමුත් මේ හැමදෙයක්ම සාපේක්ෂයිනෙ. ඒ නිසා ඔබට එහෙම ඔවුන්ගෙ ආචාරශීලි බවේ විශේෂත්වයක් නොදැනීම පුදුමයක් නෙවෙයි. ඒක හොදින් දැනෙන්නෙ එහෙම නොවෙන මිනිස්සු මැද ඉන්න හෝ හිටපු කෙනෙකුටයි.
      ඔව් ලෝකෙ ගොඩක් රටවල නම විතරක් කියලා තමා කතා කරන්නෙ. මම හිතන්නෙ ඒක වඩාත් හිතෛෂි ක්‍රමයක්. ජපනුන්ගෙ ගති සිරිත් අතර ආසියාතික ලක්ෂණ වගේම බටහිර ලක්ෂණත් තියෙනවා.
      ජේෂ්ඨත්වයට ගරු කිරීම වගේ දේවලුත් මේ හැමෝම සමානයි කියලා සලකන අතරෙම හැංගිලා තියෙනවා.
      හොද නරක සමෝසමේ තියෙන ජපන්නු ලෝකෙ අනෙක් මිනිස්සුත් එක්ක බැලුවම මහ අරුම පුදුම ජාතියක් කියලා මම හිතන්නෑ. නමුත් ඒ මිනිස්සුන්ගෙ සිරිත් විරිත් පුරුදු පුහුණු දිහා බලලා කාට හෝ ගතයුත්තක් තියෙනවනම් ගන්නයි, මම අහන දකින දේ ඒ අවස්ථාව උදා නොවෙන කෙනෙකුට දැනගන්නයි තමයි මම මේ ටික මෙහෙම ලියලා තියන්න හිතුවෙ.
      ස්තූතියි ඔබ දකින කෝණෙන් මේ ගැන කතා කළාට.

      Delete
  4. හරි සතුටුයි මේ පෝස්ටුව දැක්කම.. මාත් ජපන් ඉගෙන ගත්තා.. ඒත් බාවිථ කරන්නවත් අහන්න විදිහක්වත් නෑනේ..

    නිහොන්ජින් අයට අක්ෂර හෝඩි 3 ක් තියනවා නේද?? බාෂාව කියනකොට “ගෝ“ කියලා යොදනවා මට මතක විදිහට..

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි එයාලට " කන්ජි" එහෙමත් නැත්නම් චීනයෙන් ආව රූපාක්ෂරයි, එයාලගෙම භාෂාවක් විදිහට එයාලගෙ වචන ලියන්න " හිරගන" කියන අකුරුයි, විදෙස් භාෂාවලින් යෙදෙන හෝ තත්භව වූ වචන ලියන්න අර " හිරගන" වලට අනුරූප වෙච්ච " කතකන" කියන අකුරුයි විදිහට අකුරු ජාති තුනක් තියෙනවා.
      "ගො" කියන්නෙ භාෂාවට. ජපන් බසින් " නිහොන්" කියන්නෙ ජපානෙට. " නිහොන්ගො" කියන්නෙ ජපන් භාෂාව. " ඒගො" කියන්නෙ ඉන්ග්‍රීසි භාෂාව.
      මම විවේකයක් ලැබුනම මේ භාෂාව ගැන ලියන්නම්

      Delete
  5. සන්ද වියමන් චන් ඔබෙන්ක්යෝ ගන්බත්තෙ නෙ
    නිහොන්නො දොකොනො දයිගකු දෙස්කා

    ReplyDelete
    Replies
    1. අරිගතෝ ගොසයිමස්ටා!

      වතශිවා තෝක්‍ යෝ කයියොදයිගකු නො ගකුසෙයි දෙස්.
      අනතවා නිහොන්එ සුන්දෙ ඉරුහිතෝ දෙස්කා?..

      Delete
  6. උඩ ජපං කමෙන්ටුව දැකල මට චෑං කියවුණා හිහි...
    මුල පෝස්ට් එකත් කියවගෙනමයි ආවෙ. අපේ එක් මානවිකාවක් නෝනත් ඔහෙ ජපානෙ නේද ඉන්නෙ හමුවෙන්නෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. චෑන් කියවුනානම් සමාව භාජනේකට දාන්න මහේෂ්. ඇනෝ නිහොන්ගො වලින් කියන දේකට මට ගොනා වගේ සින්හලෙන් රිප්ලයි කරන්න බැරි නිසා එහෙමම උත්තර දුන්නා.

      ඇනෝ පළවෙනියට මගේ අජ්ජාපන කටයුතු වලට සුබ පතලා. ගන්බත්තෙ කුදසායි කියන්නෙ " good luck" වගේ අදසක් දෙන ඔය අපි කියන්නෙ "දෙයියන්ගෙ පිහිටෙන් හොදට වැඩ කටයුතු කරගන්න කියලා" අන්න ඒ වගේ. මම මුලින් ඒකට ස්තූතියි කියලයි ලිව්වෙ.
      ඇනෝ දෙවෙනි ප්‍රශ්ණෙන් අහන්නෙ මම ජපානෙ කොහෙ තියෙන විශ්ව විද්‍යාලෙකද ඉන්නෙ කියලා. ඒකට මම මම ඉගෙනගන්න තැන නම ලිව්වා.
      ඊළගට මම ඇනෝගෙන් ඇහුවෙ එයා ජපානෙ ජීවත්වෙන කෙනෙක්ද කියලා.

      මානවිකා කියන්නෙ බ්ලොගර් කෙනෙක්ද?. මම දන්න එක බ්ලොගර් කෙනෙක් ඉන්නවා. එයා "ආගන්තුක දේශයේ ආගන්තුකාවි" වගේ නමකින් තමයි ලියන්නෙ නෙවෙයි ලිව්වෙ.

      Delete
    2. ස්තූතියි මල්ලි. මම ගිහින් එබිකමක් දාලා ආවා. එයා ආගන්තුක දේශය ලියන කෙනා නෙවෙයි. සමහරවිට දන්න කෙනෙක් වෙන්නත් ඇති.

      Delete
  7. ජපානෙ ගැන ප්‍රස්න ටිකක් අහන්න තියෙනවා.. තව පෝස්ට් කීපයක් ගියාම අහන්නම්.එතකන් මේවා අත්තිවාරම් වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජපානෙ ගස්ලබු මිළ කොහොමද වගේ ප්‍රශ්ණද තියෙන්නෙ?. එව්වනම මෙහෙ හොයාගන්න හරි අමාරුයි.

      තියෙන ප්‍රශ්ණයක් අහන්නකො. දන්න දෙයක්නම් දන්න හැටියකට උත්තර දෙන්න බැරියැ.

      Delete
  8. සඳමාරි සකුන්තරා සන්ගේ ජපන් පාඨමාලාව.

    ජපානය ගැන සතුටු වෙන්න පුළුවන් ඔවුන් එකිනෙකා කෙරේ දක්වන ගරුත්වය ගැන එහෙම.මේක ඇත ජපන් අධිරාජ්‍ය කාලේ ඉඳන්ම එහෙමද ? නැතිනම් පස්සේ කාලෙක ආකල්පමය වෙනස්කම් මත ඇති කරගත් පුරුද්දක්ද සඳමාලි අක්කේ ?

    ReplyDelete
    Replies
    1. නෑ මේ දේවල් ඉස්සර ඉදලම එන ඒවාලු...... එයාලා මේ සිරිත් විරිත් ඊළග පරම්පරාවට හොදින් ලබාදෙනවා.
      කෑමක් බෙදන විදිහ, කෙනෙකුට දෙයක් දෙන විදිහ වගේ දේවල් පවා මේවට ඇතුලත්.

      මගේ පුතා මෙහෙ ඉස්කෝලෙ ගිය නිසා මට ඒ ගැන වැටහීමක් තියෙනවා. මම ඉස්සරහට " හරි පුදුම ඉස්කෝලෙ" ගැන ලියන්නම්

      Delete
  9. ආගන්තුක සත්කාර, ආදරණීය ආමන්ත්‍රණ, උදව් කරන්නට ඉදිරිපත් වෙන විදිය ජපන් අයගෙ ඉහළම ගතිගුණ.. මං දැක්ක ලස්සනම කාරණයක්.. කෙනෙක් සමුගනිද්දි එයාල කොයිතරම් අවධානයක් දෙනවද කියන එක. පෙරමඟට ගිහින් පිළිගන්නවා වගේම ආචාර සමාචාර ඇතුව සමුදීලා මගටත් ඇවිත් ඈත යනකල් බලා හිඳීමත් හරි ලස්සන දෙයක්...

    ඒකෙන් අමුත්තාට උපරිම ගෞරවය දෙනවා එයාලා..

    ReplyDelete
    Replies
    1. ඔව් තරු රසී. ඒවා මමත් දැක්ක බොහොම අපූරු සිරිත් විරිත්. මේ රටේදි විතරක් නෙවෙයි රටින් පිටට ගියාමත් ඔවුන් ළඟ ඒ අපූරු සිරිත් තියෙන බව මම දැකලා තියෙනවා.
      ඒ මඟට ඇවිත් නොපෙනී යනකල් බලන් ඉන්න එකට මමත් ආසයි. හරියට අපේ අම්මා අප්පච්චි අපි ගෙදරින් පිටවෙලා එනකොට බලන් ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා අපිට.

      Delete