Saturday, December 21, 2019
ඉවුරෙන් එහා
හරියටම මින් දොළොස් වසරකට පෙර අද වන් දිනක මම අපේ පුංචි පුතු මෙලොවට බිහි කරමින් මව් පදවිය ලැබුවෙමි. අද ඔහුගේ දොළොස්වෙනි උපන් දිනය වෙනුවෙන් කිරිබතක් පිළියල කරමින් සිටියදී, මාස නවයක් තිස්සේම මා මඟ බලා සිටි තවත් ආරංචියක් රැගත් දුරකථන ඇමතුම ලැබිණ. ඒ "ඉවුරෙන් එහා" ලෙස නම් තැබූ මගේ දෙවෙනි දරුවා මුද්‍රණාලයෙන් පිටතට ආ බවට කළ දැනුම් දීමයි.
"ඉවුරෙන් එහා" මගේ කුළුදුල් මුද්‍රිත නවකතාව ගොඩගේ ප්රකාශනයක් ලෙසින් තව නොබෝ දිනකින් ඔබ අතට පත් වෙනු ඇත
Sunday, August 25, 2019
එදා වාගේම හැඩට
සුමිදා ගඟ ගලනවා
ගං ඉවුරෙ දෙපැත්තෙම
සකුරා මල් පිපෙනවා
කෝපි සුවඳක් එක්ක
මතක පොත ඇරෙනවා
රළ නඟන ගං දියෙහි
නුඹේ රුව මැවෙනවා
රෝස තුරු වියන යට
හිත හෙමින් ඇරෙනවා
නුඹ ළඟින් උන් මතකෙ
මං තාම විඳිනවා
අපි අපේ නොවන බව
කවුරුදෝ කියනවා
ඇහුනෙ නෑ වගේ මං
අතීතයෙ ගිලෙනවා
2019.08.25
සුමිදා ගඟ ගලනවා
ගං ඉවුරෙ දෙපැත්තෙම
සකුරා මල් පිපෙනවා
කෝපි සුවඳක් එක්ක
මතක පොත ඇරෙනවා
රළ නඟන ගං දියෙහි
නුඹේ රුව මැවෙනවා
රෝස තුරු වියන යට
හිත හෙමින් ඇරෙනවා
නුඹ ළඟින් උන් මතකෙ
මං තාම විඳිනවා
අපි අපේ නොවන බව
කවුරුදෝ කියනවා
ඇහුනෙ නෑ වගේ මං
අතීතයෙ ගිලෙනවා
2019.08.25
Subscribe to:
Posts (Atom)