එදා වාගේම හැඩට
සුමිදා ගඟ ගලනවා
ගං ඉවුරෙ දෙපැත්තෙම
සකුරා මල් පිපෙනවා
කෝපි සුවඳක් එක්ක
මතක පොත ඇරෙනවා
රළ නඟන ගං දියෙහි
නුඹේ රුව මැවෙනවා
රෝස තුරු වියන යට
හිත හෙමින් ඇරෙනවා
නුඹ ළඟින් උන් මතකෙ
මං තාම විඳිනවා
අපි අපේ නොවන බව
කවුරුදෝ කියනවා
ඇහුනෙ නෑ වගේ මං
අතීතයෙ ගිලෙනවා
2019.08.25