Monday, June 6, 2016

හරි පුදුම ඉස්කෝලෙ-1


ලංකාවෙ අපි හිටිය
ගේ වටට ඉස්කෝල
ඒත් අපෙ පොඩි පුතුට
ඉඩ තිබුනෙ නෑ එකක.......

ඉපදිලා පස් වසර
ගෙවුනෙ රටවල් දෙකක
පදිංචියෙ තහවුරුව
පෙන්නන්නෙ මොන බිලද?......
තෝක්යෝවට ඇවිත්
හය මසක් නොගෙවාම
පොඩි එකා දැන් ඉන්නෙ
ගේ මුලම ඉස්කෝලෙ

යාන වාහන වලින්
එන්න බෑ පාසලට
ඉතින් කවුරුත් ඉන්නෙ
පයින් ඇවිදින දුරක

TERM TEST ඇගයීම්
නිළ ඇදුම් මොකුත් නැති
සොබා දහමට බැදුන
හරි පුදුම ඉස්කෝලෙ...

ගෙවුන සති අග යෙදුනා
වසරෙ ක්රීඩා උළෙල
ඇරඹුමයි නැවතුමයි
තත්පරේටම තිබුනා...

අර ලොක්කා මේ ලොක්කා
කාටවත් නෑ අසුන්
ඉදගන්න ඉඩ තිබුනෙ
ගැබිනි,-වියපත් අයට....

පාට පාටින් මහපු
ඇදුම් පැළදුම් නැතුව
මේ ලෝකෙ මම දැකපු
සරල සුන්දර උළෙල....

නිල් පාට SHORT එක
සුදුයි T SHIRT එක
පිටින් රතු නොපිට සුදු
තොප්පියකි හැමොටම....

රතුපාට "අකා ගුමි"
සුදුපාට "ශිරො ගුමි"
නිවාසාන්තර උළෙලෙ
ඔය නමින් හවුස් දෙක....

රතුපාට තොප්පියම
නොපිට හරවලා දාපු
ශිරො ගුමි පැටව් ටික
සුදු පුලුන් වගෙ දුරට.....

ප්රාථමික පාසලේ
හයේ පන්තියයි ලොකු
දෙසිය දෙක හෝ හතර
වසරකට උපරිමය....

50m (fifty meters) දිව්වා
එක වසරෙ බට්ටො ටික
එක පෙලට හය දෙනයි
තුන ගානෙ නිවාසෙට...

නිවාසය දිනවන්න
වෙර යොදා වර නැගු
පොඩි එවුන් සිහිකලා
මට මගේ බාලවිය...

දෙසිය දෙදෙනෙක් දුවපු
මහා ධාවන තරඟෙ
නිමවෙන්න ඇත්තටම
ගියෙ නෑනෙ අඩ පැයක්...

ළමයි තෝරලා තරඟ
තියෙන අපෙ මව්බිමේ
කල්පයක් ගියත් තව
නෑනෙ පිළිවෙල මෙහෙම...

අඩ පැයට මදක් වැඩි
විවේකය මද්දහනෙ
එලා පැදුරක් මිදුලෙ
කෑවා බත් ගුලි එක්ව

විදුහලේ ප්රධානියා
කියලා වෙනසක් නැතුව
ඔහු ඇතුළු ගුරුවරුත්
ඇන්දෙ නිල් සුදු ඇදුම....

එකා පිට එකා නැගි
ජිම්නාස්ටික් සරඹ
වැටෙන අය අල්ලන්නෙ
අනේ අර ප්රින්සිපල්.....

කුසලානෙ පිරිනමා
උත්සවය නිමාවිය
පොඩි එකෙක් කල පසුව
ස්තූති කතාවක්...

තෑගි ලැබුනේ පසුව
හැමෝටම පන්තියෙදි
පාසලේ නම රැදුන
යතුරු ඇමුණුමකි එය...

උත්සවය පුරාවට
මගෙ මතක අවදි කළ
ටොට්ටො චන්ගේ පුටුවෙ
අද ඉන්නෙ මගෙ පුතා....

පසු සටහන : මේ 2014 ඔක්තෝබර් 18 ලියපු එකක්. හරි පුදුම ඉස්කෝලෙට පිවිසුමක් විදිහටයි මේක දැම්මෙ


දෙමව්පියන්ට එහායින් සුදු ටී ෂර්ට් එකක් ඇදගෙන හිටන් ඉන්නෙ ප්‍රින්සිපල්



ගුරුවරු සහ ළමයි






46 comments:

  1. මාරයි...අහන්නත් ආසයි...මෙහේ ඉස්කෝල වල දොර වැහුන එක දරුවගේ වාසනාවක්.ඒකෙන් ගිරවෙක් නොවී මින්සෙක් වෙන්න දරුවට අවස්තාවක් ලැබිල

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙ ඉස්කෝලයක් නොලැබුණ නිසා මෙහෙ ආවා නෙවෙයි. ඒත් පුතාට මෙහෙ මේ වගේ අපූරු ඉස්කෝලෙක ඉගෙනගන්න ලැබුණ එක වාසනාවක්. පුතාට වගේම අපිටත් හොද අත්දැකීම් ටිකක් ලැබුණා

      ඒත් දැන් එයා ආපහු ඉන්නෙ ලන්කාවෙ ඉස්කෝලෙක. ඒක පුන්චි ඉස්කෝලයක් නිසාද කොහෙද අපි බලාපොරොත්තු වුණාට වඩා හොදයි. ගොඩක් ඇක්ටිවිටි තියෙන හොද ආදර්ශ පාසලක්

      Delete
  2. ෆොටෝ නැතත් කියවගෙන යද්දී රූප මැවිලා පේන විදිහට ලියලා තියෙනවා..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. රූප මැවිලා පෙනුනා නම් හොදයි දුමින්ද. මම ෆොටෝ අන්තිමට දැම්මෙත් ඒකයි

      Delete
  3. මගෙ පැටව් දෙන්නගෙත් ඔය කාලෙ ගත්තු විඩියෝ මහ ගොඩක් තියෙනවා.
    ආයෙත් බලන්න හිතුනා. ඔය ඉන්ටවල් එකේ හැමෝම වගේ ඉක්මනට කාල ගේට්ටුව ගාව ඉන්න කකිගෝරි කාරය ගාව පෝලිමට එක් වෙනව.
    මාත් එදාට පොඩ්ඩලත් එක්ක කකිගෝරි පෝලිමේ. කාල තියෙද රහයි.
    අමෙරිකා ගක්කයි නි ඉත්ත නො?
    - ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. අපේ පුතාගෙ AITIS ( ඒ කාලෙ community school වෙන්නැති) එකේ එහෙම දැන් බලනකොට දුක හිතෙන වීඩියො තියෙනවා. අවුරුදු දෙක හමාර තුන කාලෙ.

      කකිගොරි කාලා තියෙනවා. හැබැයි ඉස්කෝලෙ ගේට්ටුව ගාව තිබ්බෙ නෑ. අවුරුදු උත්සවේ දවසට ලන්කාවෙ රෙස්ටොරන්ට් වල කකිගොරි කාලා තියෙනවද?. මාර රහයි. අන්න කකිගොරි ( හි හි.... හිතාගත්තැහැකිනෙ)

      ඇමරිකා ගක්කයි තමයි. පිස්සු වගේ. පැය දාසයක් පස්සෙන්

      Delete
  4. පොඩි එකාගේ වාසනාව.. මෙහෙ ඉස්කෝල වලට දාගන්නවට වඩා ලේසියි විය සිදුරෙන් අහස බලන එක..

    ReplyDelete
    Replies
    1. අපි ඔය විය සිදුරෙන් අහස බැලුවා කලණ. පුතා දැන් ලන්කාවෙ ඉස්කෝලෙක ඉන්නෙ. ඒ විය සිදුරෙන් අහස බැලීම මම ඉස්සරහදි ලියන්න ඉන්නෙ

      Delete
    2. ලියපන් මචෝ ලියපන්. මාත් දන්නවානේ පරිච්ජේදේ තියෙන ජේද සමහරක්. මුන්ගේ අමන නිති.එක අතකට එහෙම නැතුවත් බැහැ.

      Delete
    3. එව්වා ලියන්න තියා කමෙන්ට් ටිකට උත්තර ලියාගන්නත් වෙලාව නැති උනානෙ.
      දවස් නවයකදි පැය දාසයක් ඉස්සරහටයි පස්සටයි ගිහින් ජීවත් වෙන්න වුණායින් මගේ වැඩ සෑහෙන්න හබක් වුණා.

      Delete
  5. හයි ස්කූල් වෙනකොට ඔය රතු/සුදු වෙනස් වෙනව. කුමි(කන්ඩායම්) 4ක්, ලංකාවෙ නිවාස වගේ.
    දෙමව්පියන්නම් ඔය තරම්ම එන්නෙ නෑ.
    අර ඕබී ල ඇවිල්ල පිස්සු කෙලින්නෙ ඒ වසන්ගතේත් නෑ.
    කට්ටියම හැමෝටම චියර් කරනවා.
    අපේ මෑනුත් දැන් හයි ස්කූල්. මට මේ අවුරුද්දෙ යන්න බැරි උනා
    - ජපන් ඇනෝ

    ReplyDelete
  6. අපූරුයි.. පුතාට හොඳ අද්දැකීමක් නේද??? පුංචි ළමය උනත් පොඩි කාලේ ඉදලා දකින්නේ වෙලාවට වැඩ කරන පිළිවෙල.. ඉතින් ඒක මුලු ජීවිතේට ම බලපානවානේ...
    මුලින් ඇති පබැදුම අගෙයි...

    ReplyDelete
    Replies
    1. පුතාට විතරක් නෙවෙයි අපිටත් ඒක හොද අත්දැකීමක් වුණා. මම ඉස්සරහට ලියන්නම්කො ඒ ගැන විස්තර.

      අපේ පුතාගෙ පුන්චි කාලෙ ගැන අපිට ලොකු දුකක් වගේම සතුටකුත් තියෙනවා. එයා ලබපු අත්දැකීම් දැනට වඩා ඉස්සරහදි එයාට වටියි කියලා හිතනවා

      Delete
  7. අක්කේ මට ඔයා උදේ මතක් උනා.. පුංචි ගෑණු ළමයෙක් හම්බ උනා.. එයාගෙ නම “සෙත්මා සයෝනාරා“ බලන්න වෙන නම් නැතුව වගේ.. මං කියුවා සයෝනාරා කියන්නේ ජපන් වචනයක් කියලා..

    ReplyDelete
    Replies
    1. අපේ ඔෆිස් එකේ ඉන්නව "ගොනා" කියල ලේඩි කෙනෙක්. තකහාෂි ගොනා.
      ඇත්තමයි බොරු නෙමෙයි.
      -ජපන් ඇනෝ

      Delete
    2. නිර්මාණිට එහෙම හරි මාව මතක් වුණා කිව්වම සතුටුයි. අපේ රටේ නමත් ෆැෂන් එකක්නෙ. අනෙක් රටවල එහෙම නම් පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙන්නෑනෙ අපෙ වගෙ.

      සයොනරා ට අපේ භාෂාවෙ වෙන තේරුමක් තියෙනවා වෙන්නැති. නැත්නම් ඕක ජපන් භාෂාවෙ සමුගැනීමෙදි යෙදෙන වචනයක් කියලා කවුරුත් දන්න එකක්නෙ.

      Delete
    3. ඇනො සන්, ඉතින් ඔයා බොරු කියනවා කියලා අපි කිව්වා තියා හිතුවෙවත් නෑනෙ.

      එකපාරක් අපි පාටියකට ගිහින් කම්පායි කරද්දි කාටහරි ඕනි වුණා කම්පායි වලට අපි එක එක්කෙනාගෙ රටවල කියන්නෙ මොකද්ද කියලා. මල ජන්ජාලයක් කියන්නෙ බ්‍රසීලෙ කම්පායි වලට කියන වචනෙට සමාන ජපන් වචනයක් තියෙනවා. ඒක ඉතින් ලියන්න බෑ හොයාගන්න.

      Delete
    4. හෙහෙ, චින් චින්

      Delete
    5. හි හි.... ඕක දැනන් හිටිය එකක්ද නැත්නම් විගහට හොයාගත්තද?.

      මෙහෙ අය අපි වගේ එහෙම දේකට හිනා නොවෙන නිසයි, බ්‍රසීල් ගර්ල්ට ඒක ඒ හැටි දෙයක් නොවෙන නිසයි හොදට ගියා

      Delete
  8. අපූරු ඉස්කෝලෙ ඇත්තටම අපූරුයි තමයි බලං ගියහම...
    අපේ අයගෙ නිළධාරි වාදෙයි
    අම්මලගෙ තියෙන පටු ආකල්පයි (ඇත්තටම ඒක එහෙම වෙන්නෙ ලංකාවෙ තියෙන්නෙ සහතික පදනම් අධ්‍යාපනයක් හිංද වෙන්න ඕන) තියෙනකං ඔය තත්වෙකට ඉස්කෝල ගන්න එක හීනයක්

    ReplyDelete
    Replies
    1. මහේෂ්,...,,දැන් ඔය පටු ආකල්ප තියෙන්නෙ අම්මලාට විතරද?

      අපූරු ඉස්කෝලෙ අපූරු කතා සීරිස් එක මම ලියන්නම්කො. අපි කියවපු හරි පුදුම ඉස්කෝලෙන් මේවා වෙනස් වෙන්නෙ කාලයෙන් විතරයි

      Delete
  9. අපූරු ඉස්කෝලෙ ඇත්තටම අපූරුයි තමයි බලං ගියහම...
    අපේ අයගෙ නිළධාරි වාදෙයි
    අම්මලගෙ තියෙන පටු ආකල්පයි (ඇත්තටම ඒක එහෙම වෙන්නෙ ලංකාවෙ තියෙන්නෙ සහතික පදනම් අධ්‍යාපනයක් හිංද වෙන්න ඕනඅපූරු ඉස්කෝලෙ ඇත්තටම අපූරුයි තමයි බලං ගියහම...
    අපේ අයගෙ නිළධාරි වාදෙයි
    අම්මලගෙ තියෙන පටු ආකල්පයි (ඇත්තටම ඒක එහෙම වෙන්නෙ ලංකාවෙ තියෙන්නෙ සහතික පදනම් අධ්‍යාපනයක් හිංද වෙන්න ඕන) තියෙනකං ඔය තත්වෙකට ඉස්කෝල ගන්න එක හීනයක්) තියෙනකං ඔය තත්වෙකට ඉස්කෝල ගන්න එක හීනයක්

    ReplyDelete
  10. අපුරුයි.. කෙටි කලකට හෝ මෙහෙම ඉස්කෝල වල ඉගෙනගන්න ලැබුනා නම් ඒක ලොකු ආයෝජනයක් ළමයාගේ අනාගතයට..

    ReplyDelete
    Replies
    1. අපිත් හිතන්නෙ පුතා මෙහෙදි ලබපු අත්දැකීම් එයාට ඉදිරියටත් වැදගත් වෙයි කියලා.

      ඕස්ට්‍රේලියාවෙත් ඇත්තෙ මිට සමාන ක්‍රමයක් වෙන්නැතිනෙ

      Delete
    2. ඔව් .. ඔව් මෙහෙත් හරි පිළිවෙලයි... ලංකාවේදී මම හිතන් හිටපු , දැනටත් අපේ සමහර අය හිතාගෙන ඉන්න .. ඔස්ට්‍රේලියාව නෙවෙයි මෙහෙ තියෙන්නේ.. ටික කලක් මේ රටවල ජිවත් වූ අයට ඒක හොඳට දැනෙනවා...

      Delete
    3. හි හි..... ඔයිට සමානම ප්‍රතිචාරයක් තුසිත අයියගෙනුත් ලැබුණා. ඕස්ට්‍රේලියාවෙ විතරක් නෙවෙයි, ලිහිල් සංක්‍රමණික ප්‍රතිපත්ති තියෙන අනෙක් රටවලත් ඔය ප්‍රශ්ණය ඔහොමම ඇති.

      මෙහෙදි අපේ අය වෙලාවට වැඩ නොකරට දීර්ග කාලයක් මෙහෙ හිටිය හැමෝම මෙහෙ ක්‍රමයට අනුගත වෙලා ඉන්න බවක් තමයි මටනම් දැනෙන්නෙ. ඉන්දියානුවන්ට බෙංගාලියන් අපි තරම්වත් හොද නෑනෙ. ඒත් මෙහෙ දීර්ග කාලයක් ජීවත් වෙච්ච ඔය ජාතීන් තුල පවා සාපේක්ෂව ඉහළ මට්ටමකින් මෙහෙ පුරුදු හොදින් දකින්න පුළුවන්.

      Delete
  11. ලස්සනයි සදා................... කියවද්දි රූප මැවිලා පේනවා..... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු!

      මට මේ දවස්වල ලියන්න වෙලා නැති නිසා බ්ලොග් එකේ නැති පරණ ලියපුවා පෝස්ට් කරන්නෙ. ඉඩ ලැබුණ හැටියෙ මේ ඉස්කෝලෙට ළමයි ඇතුල් කරගන්න දවසෙ ඉදලා විස්තර ටික ලියන්නම්කො

      Delete
  12. අපේ මහ අමුතු තරගයක් ඇති වෙලා..තුන වසරෙන් ඉඳන්ම ටියුශන් යන්න සිද්ධවෙලා ආකල්ප බල්ලට යනවා..
    අනේ මේ ක්‍රමේ වෙනස් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙනස් වේවා! කියලා ප්‍රාර්ථනා කරාට වෙනස් වෙන්නැති නිසා අපිම මේ ක්‍රමේ ටිකෙන් ටික වෙනස් කරගන්න බලමූ.

      ඒත් අපිට තීරණ ගන්න පුළුවන්නෙ තම තමන්ගෙ දරුවො ගැන විතරනෙ. ඒ නිසා පේන හැටියට නම් ක්‍රමේ එන්න එන්නම දරුණු වෙනවා.

      මගේ අයියා ඉන්නෙ බදුල්ලෙ. අයියගෙ වයිෆ් ටීච කෙනෙක්. වැඩ කරන්නෙ බදුල්ලෙම ඉස්කෝලෙක. ඒත් දෙක වසරෙ ඉන්න දුව යන්නෙ කොළඹ විශාකා. නතර වෙලා ඉන්නෙ හෝමාගමිනුත් ටිකක් ඇතුළෙ ඒ අක්කගෙ අක්කලාගෙ ගෙදර. අක්කගෙ අම්මා එහෙ නැවතිලා ඉන්නවා දූගෙ වැඩ වලටයි ඉස්කෝලෙ ඇරිලා ආවම බලාගන්න. ඉතින් කාට කියන්නද මේවා. එයාලම ඒක කොච්චර මෝඩ වැඩක්ද කියලා තේරුම් ගත්තොත් මිස අපිට බලපෑම් කරන්න බෑනෙ. අපෙ අක්කයි මමයි මුල ඉදලම එපා කිව්වා. ඒත් සහෝදරයෙකුට වුණත් එයාලගෙ දරුවෙකුගෙ දේකට ලොකු බලපෑමක් කරන්න බෑනෙ.

      ඔය මම දන්න හොදම උදාහරණයක්. තව ඔය වගේ වැඩ කරන කී දෙනෙක් ඉන්නවද?

      Delete
  13. අපූරු ඉස්කෝලේ ගැන අපූරුවට ලියල තියනවා සඳා...කොහොමත් මේ රටවල් වල තරඟකාරීත්වයට වඩා ළමයාගේ මානසික නිදහසටනේ වැඩි තැනක් දෙන්නේ...

    ReplyDelete
  14. ඔව් පොකුරු වැහි. අපි මේ රටවල අත්දකින වෙනස්කම් වලටත් හේතුව ඒකම නේද?. ඉස්කෝලෙන් පටන්ගන්න තරගෙ තමා අපේ රටේ දැන් හැමතැනටම ගිහින් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ගුණාත්මකභාවයට වඩා තරඟය තමයි වැඩි...හැබැයි ඉතින් රැකියා කරන තත්වයට එද්දී අපේ ආසියාතික රටවල සහ යුරෝපා රටවල ඉගෙන ගත් අයගෙයි මෙහේ අයගෙයි මම දකින ලොකු වෙනසක් තියනවා...අපේ රටවල අයගේ වෙහෙස වී වැඩ කිරීම සහ කැපවීම ඉතාමත් ඉහලයි...ඒ වගේම දැනුම සහ බුද්ධි මට්ටමත් සමහර වෙලාවට ඉහලින් තියෙන්නේ...ඒ නිසා ඉහල මට්ටමේ රැකියා වල ජාත්‍යන්තර නියෝජනය බොහෝ විට වැඩියි...

      Delete
    2. ඔයා කියන වෙනස මමත් දකිනවා පොකුරු වැහි. වැඩේ තියෙන්නෙ අපේ අයගෙ ඔය කැපවීම් වෙහෙස වෙලා වැඩ කිරීම් ඔක්කොම තියෙන්නෙ පිට රට වලදි වීමයි.

      Delete
  15. මමත් දැම්මා කෙල්ල ඉස්කොලේ. හැබැයි එක බොරුවක් කියන්නේ නැතිව. ඒකිට කියන්න පුළුවන් දවසක තාත්තා මාව ඉස්කේලේ දැම්මේ බොරු සහතික නොපෙන්වා කියලා. ඇත්තම හේතුව ඒකිට ළමා කාලය ළමයෙක් විදිහට විඳින්න දිම.ඒකිගේ අම්මට ඕනේ ඒකිව රටේ නැති පන්ති වලට යවන්න. දැනටනම් යවන්නේ ඉංගිරිසි වලට විතරයි.හැබැයි පොත් ,පත්තර නම් දෙනවා ගෙනක් ඒවා කරපන් කියලා. ඉස්කොලේ ලකුණුත් දැනට නම් ‍අති අනර්ඝයි. පොලියානායි, ලෝරාගේ ළමා කාලය තියෙන පොතුයි දැනටම කියවලා ඉවරයි.. මම උඹ ගැනත් කිව්වා.උඹ කයනවානේ පව් කියලා.

    ReplyDelete
    Replies
    1. මම පව් කිව්වෙ පොත අතේ තියාගෙන නින්ද ගියාට මිස පොත් කියවනවට නෙවෙයි.

      අයියෝ අපි ගිය ගමන් අපිට එක එක්කෙනා දුන්නු උපදේශ ඇහුවනම් පිස්සු හැදෙනවා.එක්කෙනෙක් කිව්වා
      අකුරු හදන්න වෙනම ටීච කෙනෙක් ළගට දාන්න කියලා. ඒ කියන හැටියෙ පන්ති දැම්මනම් ඉස්කෝලෙ යන්න වෙලා නැති වෙනවා.

      Delete
  16. අපේ ස්කොල එක්ක බලනකොට එව්වා නම් "හරි පුදුම ඉස්කෝල" තමයි නේන්නම්.

    ReplyDelete
    Replies
    1. හරි පුදුමෙ කියන්නෙ අර වෙනදට අන්තිමට ලියන වචනෙත් අමතක වෙච්ච එකනෙ. මනෝජ් මල්ලිට එක සතියට දෙකට වෙච්ච දෙයක්

      Delete
    2. අක්කා ඔය කියන්නේ "හිටන්" කියන වචනය ගැන වෙන්න ඇති.
      ඔය වචනය මමත් බහුලව භාවිතා කරන්න ගත්තේ ජනවාරි අටට පස්සේ.උපහාසයට ඒ වචනය භාවිතා කෙරුවත් එක නුසුදුසු බව මට හිතුනේ ඒදා අක්කා ඒගැන ඇහුවාට පස්සේ.ඉතින් ඒදා මම අක්කාට කිව් ලෙසටම ඒ වචනය භවිතය අතහැරියා.

      Delete
    3. ඒකත මගෙ අකවුන්ට් එකටම වැටිච්ච හැටි. මම ඇත්තටම හිතුවෙ අමතක වෙලා කියලා

      බලන් ගියාම ඔයා හරි පුදුම හොද ළමයෙක්නෙ

      Delete
  17. ඔන්න් ඔහොම තමයි ඉස්කෝල තියෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. තියෙන්න ඕනි එහෙම වුණාට අපිට නැත්තෙමත් එහෙම ඉස්කෝලනෙ.
      මේ තරම්ම නැති වුණත් අපේ රටේ අනෙක් ඉස්කෝල එක්ක බලනකොට අපේ පුතා දැන් යන ඉස්කෝලෙත් එක්තරා විදිහක " හරි පුදුම" ඉස්කෝලයක්

      Delete
  18. පුතා හරිම වාසනාවන්තයි ටික කාලයක් හරි ඒ වගේ ඉස්කෝලෙකට යන්න ලැබුනු එකට
    මමත් හරි පුදුම ඉස්කෝලෙ පොත කියවලා හරිම ආසවෙන් හිටියෙ ඒ වගේ ඉස්කෝලෙකට යන්න

    ReplyDelete
    Replies
    1. "හරි පුදුම ඉස්කෝලෙ" මගෙත් හිතේ රැදුන පොතක්. මට හැමදාම වගේ ස්ටේෂන් එකේ ටිකට් මැෂින් ළඟින් යනකොට ටොට්ටො චං ඉබේටම මතක් වෙනවා.මට ඒවා හැබැහින් දකින්න ලැබීමත්, පුතාට ඒවා විදින්න ලැබීමත් ඇත්තටම ලොකු සතුටක්.

      මේක ප්‍රාථමික පාසලක ක්‍රීඩා උත්සවයක් නිසා මං විස්තර ලියලා නැතුවට, ඔය දිවා සුරකුම් වල ක්‍රීඩා උත්සව වලදි, වයස අවුරුද්දට වඩා අඩු පොඩි අයට ඔය මොකක් හරි යටින් බඩගාගෙන, දණගාගෙන යන ඉවෙන්ට් තියෙනවා. ඒවා දකිනකොට පොත ඉබේටම මතක් වෙනවා.

      Delete