Thursday, June 2, 2016

බැසගිය හිරු


සිනහ පිරුණු වටකුරු මුව
සිහි කරවයි පෝදා සඳ
නාදල්ලක ළපළු පැහැය
මැවුනා මුදු දෙතොල් අතර….

මිණි මුතුවන් දිලෙන දෑස
තරු කැට පරයයි සඳවට
දෙතොල ලිහී මතුවන හඬ
කිංකිණි තවරයි ලවණත…

කඩා හැලෙන තඹ කෙහෙරැලි
දෑස වසන දිගු ඇහිපිය
මැව්වා මා දෙනෙත් අතර
සුර අඟනක පියකරු වත…

මීවිත අඳුරින් නැහැවුණ
බැසයන හිරු වන් දෙකොපුල
බොද කරවිය සොඳුරු දසුන
කලකට පසු නෙතඟ මැවුන…

26 comments:

  1. ලස්සන සද වියමනක්

    ReplyDelete
  2. අයියෝ.. පරිනාමයද විනාසයද?

    ReplyDelete
    Replies
    1. දෙකම වැරදියි දේශො....මං කිව්වෙ ඒ වචන දෙක ලියලා තියෙන අකුරු

      මං හිතන්නෙ තාම ඔය දෙක අතරමැද. හැබැයි ඉක්මනින්ම විනාශ වෙන ලකුණු තමයි පේන්නෙ

      Delete
  3. මොකක්ද බන් මේ.
    මීවිත අඳුරින් නැහැවුණ
    බැසයන හිරු වන් දෙකොපුල
    බොද කරවිය සොඳුරු දසුන
    කලකට පසු නෙතඟ මැවුන…
    ජපන් කෙල්ලෙක් ගල් බාගයක් වත් ගහනවා දැක්කද?

    ReplyDelete
    Replies
    1. ගල් බාගෙට "බැසයන හිරු වන් දෙකොපුල" කියන්න පුළුවන් සුදුපාට කොලයක් ඇස් ඉස්සරහින් තියාගෙන ඉර දිහා බැලුවොත්.
      බාගෙ ඒවා පහ හයක් ඕනි ඒ පාට ගන්න

      Delete
  4. හොඳ නිසඳැසක්. මෙහි
    තරු කැට පරදයි සඳවට කියන එකේ
    තරු කැට පරයයි සඳවට කියල දැම්මනම් වඩා මුදු වෙනවා කියල හිතෙනවා.
    //මීවිත අඳුරින් නැහැවුණ
    බැසයන හිරු වන් දෙකොපුල//
    මේකත් ලස්සන උපමාවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! අජිත්. ඔන්න මං හැදුවා ඒක.

      Delete
  5. සොඳුරු දසුන අඳුරු කරන
    දුකම පොවන විස මඩු විත
    අවන්හලේ අතැර සැණින..
    පුරුදු විලස යලිදු එන්න.. :)

    ReplyDelete
    Replies
    1. දුකම පොවන විෂ මධුවිත
      අඳුරු කළද සොඳුරු දසුන
      අතැර එන්න බැහැ සුමිතුර
      යෙහෙළියක්ය ඇය පණ-සම

      Delete
  6. සෞදර්යෙන් පිරුණු සුන්දරත්වයක් දැනුනා.. අපූරුයි අක්කේ...

    ඔයාට මේ සංකල්පනාව පහළ උනේ මොකක් නිසා ද කියන්න පුලුවන්ද??

    අක්කට අදත් ප්‍රශ්න පත්තරයක් ඉදිරිපත් කරන පුතා මතක් වෙයිද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි....සොරි නඟො...ඔයාගෙ ප්‍රශ්ණ දෙකටම උත්තර ලියන්න වෙලා මදි. හෙට හෝ අනිද්දා

      Delete
    2. අනේ කමක්නැ අක්කේ... හදිසියක් නැ..

      Delete
    3. ඔයාට හදිස්සියක් නෑ තමයි. ඒත් මගේ හිතට හරි නෑනෙ. ඔයාගෙ සටන් ක්‍රම ප්‍රශ්ණෙට කෙන්කියුෂා උත්තර දීලා තියෙනවා දැක්කා නේද?

      පුතාව ඉතින් තුන් තිස් පැයේම මතක් වෙනවා.එයාගෙ ප්‍රශ්ණ වලින් මම ඉගෙනගත්තු දේවලුත් ගොඩක් තියෙනවා. ඔයාගෙ ප්‍රශ්ණත් එහෙමයි.

      මේක මම 2014 ඔක්තෝබර් ලියපු එකක්.
      ලස්සන සාපේක්ෂයිනෙ. මෙහෙ හැමෝම එක වගෙයි මට පේන්නෙ. ඒත් ඔය කියන කාලෙ අපේ ලැබ් එකට ආවා ඔය මම කියලා තියන විදිහටම ලස්සන පොඩි චීන ළමයෙක්. මම කොණ්ඩෙ පාට විතරක් තඹ කියලා වෙනස් කරා පද ගලපන්න.

      එයා හිටියෙ මට ඉස්සරහා. චීන්නු, ජපන්නු කොරියානුවන්ගෙ තියෙන සාමාන්‍ය පෙනුමට වෙනස් හරි අමුතු ලස්සනක් තියෙන්නෙ.

      ඉතින් මම එයා ගැන නිසදැසක් කුරුටු ගාන්න ගත්තා. ඒකෙ තිබ්බෙ මෙහෙම

      සිනහ පිරුණු නුඹේ උවන
      සිහිකරන්නෙ පුර හද මට
      නා දල්ලක ළපළු පැහැය
      දුටිමි නුඹේ දෙතොල් අතර

      ඕක බාගෙට ලියලා තියෙද්දි පාටියකට ගියා. මාත් එක්ක ඉන්න ජපන් ගෑණු ළමයි ගොඩක් බොන්නෙ නෑ. වීදුරුවයි දෙකයි. අන්න ඒකට මෙයා. බිව්වා නෙවෙයි නෑවා.
      ඉතින් ඊට පස්සෙ ලියපු එක වෙනස් කරපු එක තමයි ඔය තියෙන්නෙ. මට එයා බොද්දි කණ් දෙකේ ඉදන් රතු වේගෙන එනකොටම මතක් උනේ ඉර බහිනවා
      ඒත් එයා දැන් එහෙම බොන්නෙ නෑ.

      Delete
  7. අක්කෙ පුලුවන් නම් ජපානෙ තියන සටන් ක්‍රම ටිකක් කියනවාද...අක්කෙ පුලුවන් නම් ජපානේ තියන සටන් ක්‍ර්‍රම ටිකක නම් කියනවාද??

    ReplyDelete
    Replies
    1. //කෙන්කියුෂා පුළුවන්නම් අර උඩ නිර්මාණි සටන් ක්‍රම ගැන අහලා තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්නකො.එයා විභාගෙකට ලෑස්ති වෙන්න ඔය අහන්නෙ//

      කරාතේ, කෙන්දෝ, ජුදෝ, අයිකිදෝ, ජූජුත්සු වගේ ඒවා තමයි ප්‍රසිද්ධ. විභාගෙකට නම් ඉතින් මේවා සිංහලෙන් ලියන සම්මත අක්ෂර වින්‍යාසය සොයා ගන්න. මේ ලියල තිබෙන්නේ ජපන් භාෂාවෙන් කියවෙන ශබ්දය පමණයි.

      http://www.blackbeltwiki.com/japanese-martial-arts-styles මේ වෙබ් පිටුවේ තිබෙනවා තවත් අප්‍රසිද්ධ ඒවා ගැන ගොඩක් විස්තර. ඒවා බොහෝදුරට නිවැරදි බව තමයි පෙන්නේ.

      Delete
  8. ලස්සන පද ගැලපීමක්.පොඩියට හරි මේකට කවියක් ගලපන්න බැලුවා හරි ගියේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මනෝජ් මල්ලි. ඔය ඉඩ තියෙන වෙලාවක පදයක් ගලපන්නකො. මේ දවස්වල අදහස් හිඟ ඇති කියලා හිතෙනවා.

      Delete
  9. Replies
    1. හි..හි..
      Ima isogashiyo.......Gakkai no ato de itte mimashou

      Delete
    2. කෙන්කියුෂා පුළුවන්නම් අර උඩ නිර්මාණි සටන් ක්‍රම ගැන අහලා තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්නකො.එයා විභාගෙකට ලෑස්ති වෙන්න ඔය අහන්නෙ

      Delete
    3. 飲みにいくなら俺も行くよ。呼んでね。
      -ජපන් ඇනෝ

      Delete
    4. Ano San,
      ok. Isso ni ikimashou!...

      Doko?...Osaka?...Hiroshima?.....Shinagawa?...,watashiwa Ima America ni iru.

      Delete
  10. නොරිකොගෙ අවන්හල මතක් උනා.මේ පොත් දෙක කොරල තියන හරියක් හැබෑට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් ගස් ලබ්බ, ඒ පොත් දෙකේ අපි ඔයතරම් ජීවත් වෙයි කියලා ඕක ලියද්දි මහැදුරුතුමාට හිතෙන්නත් නැතුව ඇතිනෙ.

      හැබැයි මේක කියවලා ඔයාට නොරිකො මතක් වෙන්න ඇත්තෙ මම මීට කලින් ජපානෙ ගැන ලිව්ව නිසා වෙන්නැති

      Delete