සකුරා සුවඳ 1 (පිවිසුම )
ජපානයේදී නිරන්තරයෙන්ම විවිධාකාරයේ Differently abled (විවිධ හැකියාවන් සහිත ) පුද්ගලයන් දැකිය හැක. මෙසේ නිරන්තරයෙන් මෙවැනි පුද්ගලයින් ඇහැ ගැටීමට ඇති ප්රධානම සාධකය ඔවුනට ස්වාධීනව තමන්ගේ වැඩ කටයුතු කරගැනීමට ඇති හැකියාවයි. අපේ රට ඇතුළු අප වැනිම වූ බොහොමයක් අනෙක් රටවලද මෙවැනි පුද්ගලයෙකුට තනිව ගමනක් බිමනක් යා නොහැක. ඔවුන්ට නිවසින් එළියට යන්නට නම් වෙනත් කෙනෙකුගේ උදව් අත්යවශ්යය.මේ හේතුව නිසාම ඔවුන්ට සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවන්නට වන්නේ නිවස තුලමය. එනිසා අපට අපේ රට තුලදී මඟ තොටකදී එවන් පුද්ගලයින් මුණ ගැසෙන්නේ ඉතා අඩුවෙනි.
ජපානයේදී නිරන්තරයෙන්ම විවිධාකාරයේ Differently abled (විවිධ හැකියාවන් සහිත ) පුද්ගලයන් දැකිය හැක. මෙසේ නිරන්තරයෙන් මෙවැනි පුද්ගලයින් ඇහැ ගැටීමට ඇති ප්රධානම සාධකය ඔවුනට ස්වාධීනව තමන්ගේ වැඩ කටයුතු කරගැනීමට ඇති හැකියාවයි. අපේ රට ඇතුළු අප වැනිම වූ බොහොමයක් අනෙක් රටවලද මෙවැනි පුද්ගලයෙකුට තනිව ගමනක් බිමනක් යා නොහැක. ඔවුන්ට නිවසින් එළියට යන්නට නම් වෙනත් කෙනෙකුගේ උදව් අත්යවශ්යය.මේ හේතුව නිසාම ඔවුන්ට සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවන්නට වන්නේ නිවස තුලමය. එනිසා අපට අපේ රට තුලදී මඟ තොටකදී එවන් පුද්ගලයින් මුණ ගැසෙන්නේ ඉතා අඩුවෙනි.
කාලයක් තිස්සේ එකම වෙලාවක එකම මාර්ගයක ගමන් කරන විට එකම පුද්ගලයින් මුණ ගැසීමේ ඉඩකඩ වැඩිය. එනිසා මට දිනපතාම හමුවන බොහෝ දෙනෙකු ඇත. ඒ අතර සුවිශේෂි පුද්ගලයින් පස් හය දෙනෙකු ඇත. ඉන් එක් අයෙකු දෙපා බිම තබා ඇවිද යා නොහැකි මැදිවියේ මිනිසෙකි. ඔහු බසින්නේ මා දුම්රියට නගින ස්ථානයෙනි. ඊළඟ දුම්රිය පොළෙන් බැස්ස පසු මට හමුවන පුද්ගලයින් අතර කාල වර්ණ බලු තඩියෙකු සමග එන තරුණ කාන්තාවක්, රෝද පුටුවකින් එන අවුරුදු විස්සක විසි එකක පෙනුමැති කුඩා තරුණියක් සහ සුදු සැරයටියකින් එන තරුණයෙක්ද ඇත. ඇතැම් දිනවල සුදු සැරයටියෙන් යන එන කිහිප දෙනෙකුම මුණ ගැහෙන අවස්ථාද ඇත. නමුත් විශේෂත්වය අර බල්ලෙකු සමග යන කාන්තාව හැර සියල්ලන්ම තනිව තම ගමන යාමත් ඔවුන්ද අන් සියල්ලන්ම මෙන් පොදු ප්රවාහන සේවා යොදා ගැනීමත්ය.
සෑම දුම්රිය මැදිරියකම "Priority seat" නමින් වෙන්කල ආසන හයක් ඇත. ඒවා Differently abled people, මහළු, ගැබිනි සහ කුඩා දරුවන් සමග එන මඟීන්ටය. බස් රථ වලද ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම පාහේ වෙන්ව තිබෙන්නෙ ඒ විශේෂිත පුද්ගලයින්ටය. කොහොමත් බස්වල මේ ඉදිරි කොටසේ වැඩි ආසන ගනනක් නොමැති අතර වැඩි ඉඩකඩක් සපයා ඇත්තේ ළදරු කරත්ත, රෝද පුටු ආදියටය.
මේ රටේ පාරේ ගමන් කිරීමේදීද වැඩිම වටිනාකමක් ලැබෙන්නේ පයින් යන මඟීන්ටය. ඊළඟට පාපැදිය. වාහන වල ගමන් කරන අයට හිමිවන්නේ අවසන් ස්ථානයයි. ප්රධාන පාරට සමාන්තරව පදිකයින් සදහා වෙනම මං තීරු ඇති අතර තෝක්යෝ අවට ප්රදේශ වල මේ සදහාද පුළුල් මංතීරු ඇත. බොහෝවිට ඒවාද පාපැදි හා පදිකයින් සදහා වෙනම කොටස් දෙකකට බෙදා තිබුනත් තෝක්යෝවෙන් බැහැර ප්රදේශ වල ඇත්තේ එතරම් විශාල නොවන එක් මං තීරුවකි. මේ නිසා රෝද පුටුවකින් යන එන අයට මෙන්ම සුදු සැරයටියේ ආධාරයෙන් යන එන අයට පාරේ යන රථ වාහන වලින් අනතුරක් සිදුවීමට ඉඩකඩක් නැත. Differently abled පුද්ගලයෙකු පොදු ප්රවාහන සේවා භාවිතා කරන විට, බසයක නම් රියදුරු මහතාගෙනුත්, දුම්රියකදී දුම්රිය ස්ථානයේ සේවය කරන අයෙකුගේ සහයත් මේ පුද්ගලයින්ට ලැබේ. රෝද පුටුවක් දුම්රියට හෝ බසයකට ඇතුළු කිරීම සදහ ඔවුන් අකුලා තබාගත හැකි කුඩා ආධාරකයක් භාවිතා කරයි. සෑම බසයකම රියදුරු අසුනට පිටුපසින් මෙය ඇති අතර දෙපයින් සිට ගැනීම අපහසු අයෙකු රියට නැඟීමට හෝ රියෙන් බැසීමට ඇත්නම් රියදුරු මුලින් ඒ පුද්ගලයා රියට නංවා ගැනීම හෝ බැස්සවීම කරයි.ඒ කාර්ය අවසන් වන තුරු අනෙක් මඟීන් නංවා ගැනීමද සිදු නොකරයි.
Priority seats-train |
මේ රටේ පාරේ ගමන් කිරීමේදීද වැඩිම වටිනාකමක් ලැබෙන්නේ පයින් යන මඟීන්ටය. ඊළඟට පාපැදිය. වාහන වල ගමන් කරන අයට හිමිවන්නේ අවසන් ස්ථානයයි. ප්රධාන පාරට සමාන්තරව පදිකයින් සදහා වෙනම මං තීරු ඇති අතර තෝක්යෝ අවට ප්රදේශ වල මේ සදහාද පුළුල් මංතීරු ඇත. බොහෝවිට ඒවාද පාපැදි හා පදිකයින් සදහා වෙනම කොටස් දෙකකට බෙදා තිබුනත් තෝක්යෝවෙන් බැහැර ප්රදේශ වල ඇත්තේ එතරම් විශාල නොවන එක් මං තීරුවකි. මේ නිසා රෝද පුටුවකින් යන එන අයට මෙන්ම සුදු සැරයටියේ ආධාරයෙන් යන එන අයට පාරේ යන රථ වාහන වලින් අනතුරක් සිදුවීමට ඉඩකඩක් නැත. Differently abled පුද්ගලයෙකු පොදු ප්රවාහන සේවා භාවිතා කරන විට, බසයක නම් රියදුරු මහතාගෙනුත්, දුම්රියකදී දුම්රිය ස්ථානයේ සේවය කරන අයෙකුගේ සහයත් මේ පුද්ගලයින්ට ලැබේ. රෝද පුටුවක් දුම්රියට හෝ බසයකට ඇතුළු කිරීම සදහ ඔවුන් අකුලා තබාගත හැකි කුඩා ආධාරකයක් භාවිතා කරයි. සෑම බසයකම රියදුරු අසුනට පිටුපසින් මෙය ඇති අතර දෙපයින් සිට ගැනීම අපහසු අයෙකු රියට නැඟීමට හෝ රියෙන් බැසීමට ඇත්නම් රියදුරු මුලින් ඒ පුද්ගලයා රියට නංවා ගැනීම හෝ බැස්සවීම කරයි.ඒ කාර්ය අවසන් වන තුරු අනෙක් මඟීන් නංවා ගැනීමද සිදු නොකරයි.
බසයකට නැඟිමට තබන ආධාරකය -අන්තර්ජාලයෙන් |
දුම්රියකට නැඟීමේදී අදාල දුම්රිය ස්ථානයේ සේවකයෙක් මේ පහසුකම සපයා ඒ පුද්ගලයා පැමිණෙන දුම්රිය අංකය හා මැදිරි අංකය ඒ පුද්ගලයා බැසීමට බලාපොරොත්තු වන දුම්රිය ස්ථානයට ලබාදේ. එවිට ඒ දුම්රිය නවත්වන වේදිකාවේ අදාල මැදිරිය අසලට ඒ සේවකයා පැමිණ ඒ පුද්ගලයාට අවශ්‍ය සේවාව සලසයි.
සෑම උදෑසනකම මට මුණගැසෙන මැදිවියේ පුද්ගලයා පැමිණෙන දුම්රිය මැදිරිය වෙත මා සදහන් කළ ආධාරකය රැගෙන යන නිළධාරියා |
ජපානයේදී ආබාධිත පුද්ගලයින් හෝ දරුවන් නිවසට කොටු වී සිටිය යුතු පිරිසක් නොවේ. එවන් දරුවන්ටද අනෙකුත් දරුවන්ට මෙන්ම ඔවුන්ට ගැලපෙන ආකාරයේ ක්‍රමවේදයකට ඉගෙන ගැනීමේ පහසුකම ඇත. අපේ පුතා මෙහි සිටි කාලයේ පාසලින් පසු සවස් කාලය ගතකලේ පාසල අසලම ඇති පාසැල් වයසේ දරුවන් සදහා වන දිවා සුරකුමක් වැනි ස්ථානයකය. පාසැල් මෙන්ම රජයෙන් නඩත්තු කරන මේ ආයතන හදුන්වන්නේ "ගකුදෝ" නමිනි (ඒ ගැන වැඩි විස්තර හරි පුදුම ඉස්කෝලෙ සමග ). ආබාධිත දරුවන් සදහා වන විශේෂ අධ්‍යාපනය ලබාදෙන පාසලක්ද ඒ කිට්ටුවක තිබුනි. මේ නිසා එහි ඉගෙන ගන්නා සමහර දරුවන්ද නිවසේ කිසිවෙකුත් නැති සවස් කාලය ගත කළේ මා පෙර සදහන් කළ ගකුදෝ එකේය. එහිදී ඒ දරුවන්ට අමුතු කොට්ඪාශයකට මෙන් සැලකීමක් කරන බවක් දක්නට නොලැබුනි. ඔවුන්ද ඒ සමාජයේ කොටසක් නිසා ඔවුන්ද අනෙකුත් ළමුන් සමග එකට සෙල්ලම් කරමින් සිටිනු මට බොහෝවිට දක්නට ලැබුනි. අපේ පුතා වුවත් නිවසට ආ පසු ඒ දරුවන් ගැන විශේෂ සදහනක් නොකළ බව මට මතකය.
මට දිනපතා උදෑසන එකම වේලාවට මුණගැසෙන සියළු දෙනාම යන්නේ ඔවුන්ගේ රැකියාවටය. උපතින්ම හෝ පසුකලක සිදු වූ අනතුරු නිසා ආබාධිත වු කිසිවෙකුට ඒ හේතුව නිසා සමාජයෙන් වෙන්ව ජීවත් වීමට අවශ්‍ය නැත. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මෙන් මෙහි ඇති ප්‍රාදේශීය පරිපාලන කාර්‍යාල හදුන්වන්නේ "සිටි ඔෆිස්/ වෝඩ් ඔෆිස්" යනුවෙනි. මා ආ ගිය වෝඩ් ඔෆිස් තුනක් ඇත. ඒ තුනෙහිම ආබාධිත පුද්ගලයින් සේවය කළ බව මට මතකය. එක් ඔෆිස් එකක හොදින් ඉංග්‍රීසි බස හැසිරවිය හැකි එකම පුද්ගලයා වුයේද එවන් නිළධාරියෙක් නිසා මට ඔහුව හොදටම මතකය. ආබාධිත පුද්ගලයින් විසින්ම පවත්වාගෙන යන මා දන්නා වෙළදසැලක්ද ඇත. ජපානයේ මෙලෙස ආබාධිත පුද්ගලයින් සදහා රැකියා තහවුරු කරන්නේ කෝටා ක්‍රමයක් මඟිනි.
මට දිනපතා උදෑසන එකම වේලාවට මුණගැසෙන සියළු දෙනාම යන්නේ ඔවුන්ගේ රැකියාවටය. උපතින්ම හෝ පසුකලක සිදු වූ අනතුරු නිසා ආබාධිත වු කිසිවෙකුට ඒ හේතුව නිසා සමාජයෙන් වෙන්ව ජීවත් වීමට අවශ්‍ය නැත. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මෙන් මෙහි ඇති ප්‍රාදේශීය පරිපාලන කාර්‍යාල හදුන්වන්නේ "සිටි ඔෆිස්/ වෝඩ් ඔෆිස්" යනුවෙනි. මා ආ ගිය වෝඩ් ඔෆිස් තුනක් ඇත. ඒ තුනෙහිම ආබාධිත පුද්ගලයින් සේවය කළ බව මට මතකය. එක් ඔෆිස් එකක හොදින් ඉංග්‍රීසි බස හැසිරවිය හැකි එකම පුද්ගලයා වුයේද එවන් නිළධාරියෙක් නිසා මට ඔහුව හොදටම මතකය. ආබාධිත පුද්ගලයින් විසින්ම පවත්වාගෙන යන මා දන්නා වෙළදසැලක්ද ඇත. ජපානයේ මෙලෙස ආබාධිත පුද්ගලයින් සදහා රැකියා තහවුරු කරන්නේ කෝටා ක්‍රමයක් මඟිනි.
මඟ තොට තනිව ඇවිද යා හැකිනම්,යන එන සෑම තැනකම තමාට භාවිතා කළ හැකි ආකාරයේ වැසිකිලි-කැසිකිලි ඇත්නම්, ඉගෙන ගන්නට, මුදල් ඉපයීමේ නිරත වන්නට, කඩේකට ගොස් උවමනා දෙයක් මිළට ගන්නට හැකිනම්, ඔවුන්ටම අනෙක් අය මෙන්ම,තමන්ද මේ සමාජයේ, කොටස් කාරයින් බව දැනෙනවා ඇත.
කැමති අයෙකුට මේ ලිපිය කියවා ජපානයේ ආබාධිත පුද්ගලයින්ගෙ රැකියා නියුක්තිය ගැන අවබෝධයක් ලබාගත හැක.
වැසි දිනක- දුම්රිය ස්ථානයක
|
ඔය සිස්ටම්(TGIS) එක මිනිස්සු ගැන කොයි තරං දේ හිතනද කියල පැහැදිලියි... අලංකාර ලිපි පෙළක් කියල කියන්න හැකියි..
ReplyDeleteමං හිතන්නෙ මේ වෙනකොට TGIS ලෝකෙ ගොඩක් රටවලට ව්‍යාප්ත වෙලා තියෙන්නෙ.ඒක ඔවුන්ට බොහෝ පහසුවක් කියලා මාත් හිතනවා. ඒත් ඉතිං හරියටම ඒ ගැන දැනගන්න පුළුවන්නෙ ඒ සිස්ටම් එකෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක්ගෙන්
Deleteඅපේ පදික වේදිකාත් මේ ආකාරයට සැකසීමේ උත්සාහයක් තිබුනා.නමුත් එය මුදල් නාස්තියක් ලෙසට හංවඩු ගැහුනා..
ReplyDeleteඔබ දන්නවාද ලංකාවේ විකලාංග රෝගීන්ගේ වාට්ටුවල වැසිකිලි පහසුකම් වත් රෝගියෙකුට භාවිතාකල හැකි මට්ටමක නැති බව? අනෙත් තැන් ගැන කවර කතා ද?
දියුණුවක් අපේක්ශාකල නොහැක්කේ බුකියේ 'රැඩිකල්' මත දරන්නන් යයි හංවඩු ධාරීන් පවා බසයේ ආබාධිත ආසන ඉවත් කලයුතු යයි හන්ඩ නඟන නිසායි.
ජයවේවා..!!
ලංකාවේ නිතියක් තියෙනවා දැං ඔවුන්ට ප්‍රෙව්ශ විය හැකි ආකරයට සැකසීම සදහා. බොහෝ තැන් ඒ අනුව කටයුතු කරනවා. ඒත් හඑියටම හරි යන්න තව කාලාන්තරයක් යාවි
Deleteඔව් උසාවී නියොගයක් තුලින් අබාධිත අයට ගොඩනැගිලිවලට ප්‍ර්‍රවේශ විම පහසු වෙන්න ඒ පිවිසුම් සකස් කරන්න නිතියක් තියෙනවා.ඒත් සමහර තැන් වලට රොද පුටුවකින් ප්‍ර්‍රවේශ වුනාත් ඒතන යමක් කරන්න අපහසු බවක් තියෙනවා.උදාහරණයක් විදියට කිව්වොත් ATM මැෂින් ඒකකට අබාධ සහිත අයෙක්ට පිවිසිමේ පහසුව තිබ්බත් ඒහි රොද පුටුවක් තබන්න තරම් ඉඩක් නැහැ.එත් කාලයක් ගිහින් හරි දේශා කියනවා වගේ මෙව්වා හරි යාවි අපේ රටේත්.
Deleteවිකලාංග පුද්ගලයන් සඳහා සුදුසු වැසිකිලි මා දැක තිබෙන්නේ යුද හමුදා රෝහලේ පමණයි.
Deleteවිශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් පහසුකම් සැපයීමට ප්‍රමාණවත් තරම් උනන්දුවක් අපේ රටේ තවමත් නැහැ.
අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප, ආර්ථික ප්‍රතිඵත්ති වගේම ආර්ථිකයත් මේ වගේ රට වලට වඩා ගොඩක් වෙනස් නිසා මේ තත්වෙට එන්න තව කාලයක් යාවි. ඒත් එවන් දේ තිබිය යුතුයි කියන කතිවාතක් ඇතිවී තිබීමම මඟින්ම ඒවා ක්‍රමයෙන් ඇතිවෙයි කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්නෙ.
Deleteමනෝජ් මල්ලි කියනවා වගේම කවුරුත් කැමති නෑ එහෙම අනුකම්පාවෙන් තව කෙනෙක් තමන් දිහා බලනවට. ඒකට කරන්න ඕනි ඒ පුද්ගලයින්ට හැකිතාක් ස්වාධීනව තම තමන්ගෙ කටයුතු කරගැනීමට ඉඩ සැලසීම.
තනියම ගමනක් බිමනක් යන්න, රස්සාවක් කරන්න වගේ දේවල් වලට ඉඩ සලසන්න කලින් රෝහල් වගේ තැන්වල මූලික ශරීර අවශ්‍යතා සදහා වත් පහසුකම් වැඩි දියුණු කරන්න ඕනි.
මෙහෙ ඒ වගේ අයව සායන වගේ ඒවට අරගෙන යන්නත්, සාත්තු සේවක/සේවිකාවක් එක්ක වාහනයක් ගෙවල් වලට එනවා.
Enna NAQDA HEAD office Dhaka Baal Hanna.danata nnam bavitha keranne mano abaditha genu thamai😆
Deleteඅබාධිත අයට වෙන්කොට සලකනවාට හෝ ඔවුන් දිහා අනුකම්පාවෙන් බලනවාට ඔවුන් බොහෝදෙනා කැමති නැහැ.ඒ බව මම හොඳට දැක තිබේනවා මොකද මගේ තාත්තාටත් සුලු අබාධයක් තියෙන නිසා.
ReplyDeleteඅබාධිත අයට අපේ අනුකම්පාව අවශ්‍ය වෙන්නේ නැහැ තනිව ඔවුන්ගේ කටයුතු කර ගැනිමේ පහසුව ඔවුන් වේත ලබා දිය හැකිනම්
ඕං බලන්නකො මගෙ මතකෙ හැටි. ඔයා මේ ලියලා තියෙන එකට උත්තර දීලා තියෙන්නෙ උඩ කමෙන්ට් එකටනෙ.
Deleteමම හිතන්නෙත්, විය යුත්තෙත් ඔයා කියන දේම තමයි මල්ලි. ඇත්තටම පුතා එක්ක එන්න ගකුදෝ එකට ආව ගිය වෙලාවල් වල මං හොදින්ම නිරීක්ෂණය කරපු දෙයක් තමයි ඒ දරුවන්ට අමුතු පිරිසකට වගේ සලකන්න උත්සහ නොකිරීම.
මොමො චන් කියලා Down's syndrome තිබුණ පොඩි පැන්චියෙක් හිටියා ඒ ගකුදො එකේ. ගොඩක් වෙලාවට මම යනකොට එයා අනෙක් අයත් එක්ක සෙල්ලම් කර කර තමයි හිටියෙ.
ඇස් නොපෙනෙන කෙනෙක් එස්කැලේටර් එකකින් පහළට යන්ඩ හරියට පඩියට නගින්නේ කොහොමද?
ReplyDeletesinhalabloggala.
මේකට නම් හරි උත්තරයක් දෙන්න මං දන්නෑ. මොකද මෙහෙම දේවල් තියෙන බවයි, ඇස් නොපෙනෙන අය මේ තැන් වලින් යන එන බවයි මං දැනන් හිටියට එහෙම කෙනෙක් එස්කැලේර් එකකට ගොඩවෙන හැටි තියා ට්‍රේන් එකට නගින හැටිවත් මං දැකලා නෑ.
Deleteමං අනුමාන කරනවා, සම්පූර්ණයෙන්ම දෑස් නොපෙනෙන අය පාවිච්චි කරන්නෙ එලිවේටර් එක කියලා. ඒකෙ ඔක්කොම බ්‍රේල් ක්‍රමයට තියෙනවා. බොහෝවිට යන්තමින් පෙනෙන අය එස්කැලේටර් පාවිච්චි කරනවා වෙන්න ඕනි.
අර බල්ලෙක් එක්ක යන කාන්තාව මං කීප සැරයක්ම දැකලා තියෙනවා එස්කැලේටර් එකේ. හැබැයි එයාවත් බල්ලවත් ඒකට නගින හැටි මං දැකලා නෑ. මෙහෙ සාමාන්‍යයෙන් සුරතල් සතුන් ඒ වගේ පොදු ප්රවාහන සේවා තුල අරන් යනවනම් යන්නෙ එයාලගෙ කාට් එකේ දාලා. මේ කියන කාන්තාවගෙ ඇස් පෙනීම අඩු නිසා ඇයට මේ බල්ලා සමග යන්න අවසර ඇති කියලා මං උපකල්පනය කරන් ඉන්නවා.
//මෙහෙ සාමාන්‍යයෙන් සුරතල් සතුන් ඒ වගේ පොදු ප්රවාහන සේවා තුල අරන් යනවනම්// නෑ නෑ ඔය සුරතල් සතෙක් නෙවෙයි. ඌට කියන්නේ ගයිඩ් ඩෝග් කියලා. අර සුදුසැරයැටියෙන් යනවා හා සමාන, සමහරවිට ඊටවඩා වැඩි සහයෝගයක් මේ බල්ලා හරහා ලැබෙනවා. සාමාන්‍ය බල්ලෙකුටවඩා සංවේදී ලෙස පුහුනු කරන ලද බල්ලෙක්.
Deleteඒ ගයිඩ් ඩෝග් කෙනෙක් කියලා මං දන්නවා කසුන්.
Deleteමං ඒ බල්ලා එක්ක මේ කාන්තාව යනවා දැකලා තියෙනවා මිස එයා කොහොමද ඒ සන්නිවේදනය දෙන්නෙ හෝ ගන්නෙ කියන එක ගැන අදහසක් නෑ. මං කියන්නෙ කොහොමද ඒ කාන්තාව එස්කැලේටර් එකට ගොඩවෙන්නෙ, එතකොට ට්‍රේන් එකට නගින්නෙ කොහොමද වගේ. ඒ වගේම ට්‍රේන් එක ඇතුළෙ බල්ලා කොහොමද යන්නෙ කියන එක වගේ දෙයක් මං දන්නෑ. අනෙක ඇයි ඒ දෙන්නා එලිවේටර්යක් පාවිච්චි නොකරන්නෙ කියන එක. මොකද මං මේ කියන ස්ටේෂන් එක සාමාන්‍ය බිම් මට්ටමේ ඉදන් සෑහෙන පහළක තියෙන සබ්වේ එකක්. එස්කැලේටර් තුනකින් බහින්න තියෙනවා ටිකට් මැෂින් ළඟට.
ඒ කාන්තාව උදේට මට මුණ ගැහෙන්නෙ මං බැහැලා යන ස්ටේෂන් එකේදි. එයා යන්නෙ මට විරුද්ධ දිශාවට. මට ඉතින් ඕක බලාගන්න කරන්න තියෙන එකම දේ ඒ පස්සෙන් යන එක. මට පරක්කු වෙන නිසා තාම ඕක කරන්න වෙලාවක් ආවෙ නෑ
මම කාලයක් තිස්සේ හිතා සිි පෝස්ට් එකක ලොකු උත්තේජනයක් මේ පෝස්ට් එක නිසා ඇති වුනා. මගේ ඊලඟ පෝස්ට් එක විදිහට ඒක ලියන්න හිතුවා. ජපානය හා ලංකාව අතර සැසඳීම එහිදී කෙරෙනුයේ මේ ලිපියට සමගාමීවයි. ස්තූති සඳ වියමන්.
ReplyDeleteනිර්මාණි මගෙන් මේ ගැන ලියන්න කියලා කලින් වතාවක ඉල්ලීමක් කරලා තිබ්බා. එතකොටත් මං මේක ලියන්න පටන් අරන් තිබ්බෙ. මං හිතා හිටියෙ Airport එකේ මේ වගේ අයට තියෙන විශේෂ පහසුකම් එක්ක ෆොටෝ ටිකකක් සහ විස්තර ටිකක් එක්ක ලබන සතියෙ මේක පෝස්ට් කරන්න. ඒත් ඉදිරි සති දෙක ටිකක් වැඩ වැඩි වෙන නිසා මේක දැම්මා. මේ මං පෙන්නලා තියෙන තැන්වලට වඩා විශේෂ යමක් දැක්කොත් මං ඒ ටික මේ පෝස්ට් එකට ලබන සතියෙ අමුණනවා.
Deleteජපානයේ ජනගහනයෙන් 2.9% ක් physically disabled.
සංඛ්‍යාත්මකව ගත්තොත් මිලියන 127 ක ජපන් ජනගහණයෙන් මිලියන 3.5 physically disabled, මිලියන 2.5 Mentally ill. තව ලක්ෂ 5 ක් Mentally disabled.එතකොට මිලියන 127 න් මිලියන 6.5ක් මේ කොටසට අදාල වෙනවා.
කසුන් මේ ලිපියට සමගාමීව සැසඳීම් කරාට නම් මට කමක් නෑ. හැබැයි මං මේ ලියන්නෙ මට උදේ හවා පේන දේවල් විතරයි. ඒ මං දකින බාහිර දේට එහා තියෙන කිසිම දෙයක් මං දන්නෑ, ඒවා ගැන හොයාබලන්න තරම් ඉස්පාසුවකුත් ලැබුනෙ නෑ
දැන් දැන් සෑම පබ්ලික් ටොයිලෙට් එකකම වාගේ brail ක්‍රමයට Wash, flush වැනි buttons තියෙනවා.
ReplyDeleteමම හිතන්නෙ මේ ලිපි මාලාවෙ ජපානෙ පබ්ලික් ටොයිලෙට් ගැන ලිපියකුත් එන්න තියෙනවා.
- ජපන් ඇනෝ
ඔව් ඔව්....මේ ලිපි මාලාවට ඒක එන්නම ඕනි. හැබැයි වැඩේ තියෙන්නෙ ඒක ලියන්න වෙන්නෙ මට නෙවෙයි....ඔය කියපු එක්කෙනාටම.
Deleteඅන්න අර දේශකයගෙ වචන ටික ගැන හිතලවත් ඔන්න ඔහෙ ලියන්න පටන් ගන්න. මං දැන් විශ්‍රාම ගන්න හදන්නෙ.
ඇයි වයසද විශ්‍රාම යන්න.හැක්.
Deleteමම topics දෙන්නම් ඔයා ලියන්න. ඒ මදිද?
ඔය දේශකය අහු වෙද්දෙන්කො.
ඇයි වයසට ගියාම විතරද විශ්‍රාම ගන්න පුළුවන්නෙ ?.
Deleteමේ "හැක්" ගාලා තියෙන හැටියටයි, දේශකයට පාට් දාලා තියෙන හැටියටයි මට හිතෙන්නෙ මේක ලියලා තියෙන්නෙ දේශකයා කියලමයි.
Topics දෙන වැඩේ මං කරන්නම්. මොකද මට කවුරුත් දෙන Topics වලට ලියලා පුරුදු නෑ. මේක නිර්මාණි කියනකොට පටන්ගෙන තිබ්බ එකක්. තව ලියපුවා තියෙන්නෙ සෂිමි-සුෂි ගැන එකකුයි, ඔන්සෙනුයි,හරි පුදුම ඉස්කෝලෙ කියලා ප්‍රාථමික පාසලේ විස්තර ටිකකුයි විතරයි. ඒවත් බ්ලොග් පෝස්ට් එකක් කරන්න නම් තව විස්තර එකතු කරන්න වෙනවා.රයිගෙත්සු කරා ඉසොගෂියො.....
Ok a deshakaya meme ban deshakaya.Hal gala hamathanama wanasanawa
Delete-
මේ ලියා ඇති දේ තේරුම් ගැනීමට අපහසු බව කරුණාවෙන් සලකන්න
Deleteමොකද මේ මාවත් පටලවාගෙන. සදේ.. හැක්..
Deleteඒ ගැන මගේ කණගාටුව දේශා
Deleteසදා.......
ReplyDeleteලිපි කිහිපයක් ම මගහැරිලා.... පහුගිය සති අන්තයේ විභාගයක් තිබුණ නිසා ටිකක් කාර්යබහුල වුණා. සතියක් බ්ලොග් ලෝකයෙන් සමුගත්තා. ලිපිය කියෙව්වා..... අගෙයි...... අනික් ටිකත් කියවන්න යන්න ඕනේ...... ජයවේවා
කුරුටුලාව දැක්කෙ නෑ තමයි ගොඩක් දවසකින්.
Deleteමටත් එලොව පොල් පේන එක්තරා ආකාරයක විභාගයක් අත ළඟ. ළඟ ළඟ ලිපි කිහිපයක් ලියවෙන්න හේතුවත් ඒකමයි. ඒ උනාට ඉදිරි සති කීපයනම් මටත් ඒ සෙල්ලම් බැරි වෙයි.
Man wage unata tiyana facilities monawada.kochchara puluwanunath wedaberi dasalakila paththakata denawada messages?
ReplyDeleteමේකෙත් අන්තිම ටික තේරුම් ගන්න බැරියෝ.
Deleteමං කිව්වනෙ මං මේ ලියන්නෙ නිතර දෙවෙලේ දකින දේවල් කියලා. ඔයා වගේ අයගෙ අතපය, ඇස් ඔක්කොම හොදට වැඩ කරන නිසා ඒ වගේ කෙනෙකුට තියෙන පහසුකම් මට පේනවා අඩුයි. නෙවෙයි නැත්තටම නෑ. එයාලටත් ඇති බොහෝ පහසුකම්. මට උදේ හවා මුණ ගැහෙන අයගෙන් 50% ක් වත් කණේ ඇබ ගහගෙන යන එන අය නිසා කොහෙත්ම එහෙම දෙයක් ගැන අවබෝධයක් ගන්න බෑ
වැදගත් ලිපියක්...ඇත්තටම ඔබ කියන්නා වාගෙම ජපානය ඇතුළු අනෙකුත් දියුණු රටවල සෑම මිනිසෙකුටම තමන්ගේ වැඩ කටයුතු තනිව කරගෙන යාමට ඉඩ පහසුකම් ඒ ඒ රජයන් වලින් සලසා දී තිබෙනවා. ඔබ සඳහන් කරන Tactile Paving මේ රටෙත් (ඇමෙරිකාවේ) මා දකිනවා. කිසිවෙක් අනෙකා දෙස අනුකම්පාවෙන් බලා කටයුතු කරන්නේ නැහැ. මා ජිවත් වන නිවාස සංකීර්ණයේ සිටිනවා, දෙපා දණහිසේ පටන් අහිමි මහත්මයෙක්. ඔහු තනිවම තමන්ගේ රථය පදවාගෙන යනවා. අර උඩින් සඳහන් කළා වගේ ඔවුන්ට රෝද පුටුව රැගෙන යා හැකි පරිදි ඇති විශේෂ පිවිසුම් බොහොමයක් ගොඩනැගිලි වල තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ රථ වාහන ගාල් කිරීම සඳහා විශේෂිත වූ ඉඩකඩ වෙන් කර තිබෙනවා, ඒ වාහන වලට ඔවුන්ට Tag ලබා දෙනවා. මේ රථ ගාල් වල ඉඩකඩ වෙන් කෙරෙන්නේ ගොඩනැගිලි දොරටු වලට ආසන්නම ඉඩ කඩෙහි. ඒ සෑම මිනිසෙකුටම රටෙහි සංවර්ධනයට දායක වීමට ඉඩකඩ සහ ඔවුන්ගේ පුද්ගලික ජීවිතය කිසිම බාධාවකින් තොරව ගත කිරීමට ඉඩ කඩ එයින් ලැබෙනවා.
ReplyDeleteනමුත් ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්. කලිනුත් සඳහන් කළා වගේ එතන ආකල්පමය, ආර්ථික සහ දේශපාලනික ගැටළු ගොන්නක්. අතක් පයක් ඇසක් අහිමි නම් ඒ මිනිසා අබ්බගාතයෙක්. බොහොම සුළුතරයක් පමණයි සාමාන්‍ය ජිවිතයක් කරා එළඹෙන්නේ. ඒ සඳහා ඔවුන්ගේ පවුලේ පටන් රජය තෙක්ම ඔවුන්ට ලැබෙන මානසික සහ කායික දිරිගැන්වීම් ඉතාමත් අල්පයි. මුලිකවම මේ සඳහා ඇතිවිය යුතු ආකල්පමය වෙනස අපේ රටවල් වලට ඇති වෙන්න තව බොහෝ කාලයක් යාවි කියලයි මට නම් හිතෙන්නෙ. පුංචිම උදාහරණයක් විදියට කිව්වොත්, ලංකාවේ මා ජිවත් වුනු පළාතේ ඉන්නා යුවතියකට, මිට වසර ගණනකට පෙරාතුව (ඇය වයස දහසයේදී පමණ වෙන්න ඕනේ) එක්තරා ෂැම්පු වර්ගයක් භාවිතා කිරීම නිසාවෙන්, හිසකෙස් අහිමි උනා. එදා ඉඳන් අද වෙනකල් ඇය නිවසෙන් ඉවත යන වාර ඉතා සිමා සහිතයි. ඇයගේ පාසල් ගමන එතනින්ම නතර උනා. ඇය නිවසේ හුදකලා උනා. මෑතකදී ඇගේ පියා මිය ගියා. එක් තරුණ ජිවිතයක් හේතුවක් නැතුවම අඳුරු උනා. මේ තමයි ලංකාවේ ජන සමාජය විසින් ඇති කරලා තියන ප්‍රතිරූපය. තමන්ගේ යම් කිසි අඩුවක් ඇතොත් සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න නම් ඔහුට හෝ ඇයට හොඳ ආත්ම ශක්තියක් තිබිය යුතුයි. එහෙම නොවුනොත් සාමජයෙන් ඒ සඳහා ලැබෙන සහාය ඉතා අල්පයි.
ඔයා එකතු කරලා තියෙන අදහස් ටික වගේම ඔයාගෙ අත්දැකීමෙන් ලියලා තියෙන දේවල් මේ ලිපියට වටිනාකමක් එකතු කරා පොකුරු වැහි. ස්තූතියි! ඔයාගෙ ඒ අත්දැකීම් මෙතනට එකතු කරාට.
DeleteTactile paving ඇමරිකාව, එංගලන්තය වගේ රටවල විතරක් නෙවෙයි ඉන්දියාවට පවා ව්‍යාප්ත වෙලා තියෙනවා. අපිට ඒ වගේ තත්වෙකට එන්න නම් ටික කාලයක් යයි. ඒත් අඩු තරමෙ රෝහල් වාට්ටු වගේ තැන්වලවත් මේ වගේ උදවියට ඇති පහසුකම් මුලින් දියුණු කළ යුතුයි. ඒ වගේ තත්වෙකට එන්න පොදු ජනතාව වගේම දේශපලකයිනුත් යම් කැපකිරීමක් කරන්න ඕනි අපි වගේ රටවල. ඒත් ඒක වෙන්නෙ නෑනෙ.
මගේ කලින් ලිපියක ප්‍රතිචාරයකට මං ලියලා ඇති, දකුණු කොරියාවෙ හැම පිරිමි ළමයෙක්ම පාසැල් අධ්‍යාපනයෙන් පස්සෙ අනිවාර්යෙන් අවුරුදු දෙකක් හමුදාවෙ සේවය කළ යුතුයි කියලා නීතියක් තියෙනවාලු. ඒ කාලෙදි පඩියක් නෑ, දීමනාවක් විතරයි. ඔවුන් කියන්නෙ ඒක ජොබ් එකක් නෙවෙයි ඩියුටියක් කියලා. ඒ රටවල් දියුණු වෙන්නෙ ඒ වගේ කැපකිරීම් එක්ක. ජපානෙ මිනිස්සුත් ඉස්සර සෑහෙන දුක් විදලා තමයි මේ තැනට ඇවිත් තියෙන්නෙ.
අපේ ඉතිං ආකල්ප ගැන කතා කරලා වැඩක් නෑනෙ. ඔයා ඔය කියලා තියෙන ළමයා වගේ තව කී දෙනෙක් ඉන්නවද?. ඒ වගේ අය වෙනුවෙන් හොද මාර්ගෝපදේශණයක් තියෙනවනම් එහෙම වෙන්නෙ නෑ. සමහර අය ඉන්නවා ඔය මොන ප්‍රශ්ණ තිබ්බත් ඒවා නොසලකා තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගන්න. ලංකාවෙ මං ඉගෙනගත්තු කැම්පස් එකේ කකුල් දෙකම පණ නැති පිරිමි ළමයෙක් හිටියා, එයා හැමදාම කැම්පස් එකට එන්නෙ වෙන ළමයෙකුගෙ කරෙන්. එයා තරම්ම නැති උනත් තවත් ඒ වගේ අය කීප දෙනෙක්ම මං දැකලා තියෙනවා.
ඇත්තටම කිසියම් ආබාධයක් තියෙන පුද්ගලයෙකු වෙනුවෙන් කළ යුතු හොදම දේ ඔවුන්ට ඔවුනුත් සමාජයේ සම කොටස් කරුවන් බව ඒත්තු ගැන්වෙන පරිසරයක් නිර්මාණය කිරීම. ඒක ඔවුන්ගෙ මනස තුල ඇතිවන ආකාරයට කටයුතු කරන්න පුළුවන්නම් ඒක තමයි හොදම.අපේ රටේ වෙන්නෙ බාහිර සමාජයට යන්න කලින්ම ගෙදරින්ම ඒ වගේ අය පැත්තකට වෙන එකනෙ. හැබැයි දැන් දැන් මේ තත්වය වෙනස් වෙනවා කියලා මට හිතෙනවා.
මම තව දවස් තුන හතරකින් ඔබ ඉන්න රටට එන්න බලාපොරොත්තු වෙනවා (සතියකට විතරයි )
ඔව් මම ඔයාගේ අදහස් වලට් සම්පුර්ණයෙන්ම එකඟයි. මේ වෙනස් කිරීමේ ක්‍රියාවලියේ මූලික පදනම දැමිය යුත්තේ ආකල්පමය වෙනස් කම් කිරීමෙන්. ඒ වගේ දේවල් සිදු වන්නේ ඉතාමත් හෙමින්...
Deleteඔබට සුබ ගමන් පතනවා...තෙරුවන් සරණයි...
ඔයාගෙ ආශිර්වාදයට බොහොම ස්තූතියි! පොකුරු වැහි
Deleteආර්ථික පැත්තටත් වඩා අපි ආකල්ප අතින් හරිම දුප්පත් කියලා තමයි මට බොහෝ වෙලාවට හිතෙන්නෙ සහ දැනෙන්නෙ. දියුණු රටවල් විතරක් නෙවෙයි, අපේ කලාපෙම ඉන්න අපි වගේම දුප්පත් සමහර රටවල් පවා ඒ පැත්තෙන් අපිට වඩා ඉස්සරහින් ඉන්න තැන් තියෙනවා. ආකල්ප, සිතුම් පැතුම් පැත්තෙන් අපි දියුණු වෙනවනම් දියවන්නාවට හරි මිනිස්සු ටික තෝරලා යවන්න අපිට පුළුවන් වෙනවා.
භූතානෙ වපසරියෙන් 2/3ක් වනාන්තර තිබිය යුතුයි කියලා එයාලගෙ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙම තියෙනවලු. ජපානෙ එහෙම එකක් ව්‍යස්ථාවෙ තියෙනවද දන්නෑ ඒත් මෙහෙත් ඒ වගේ වපසරියක් වැහිලා තියෙන්නෙ වනාන්තර වලින්.මේකට අදාල නැති උදාහරණයක් ගත්තෙ ආසියාවෙම ආර්ථිකය අතින් අන්ත දෙකක ඉන්න, නමුත් වෙනත් ආකාරයකින් මේ රටවල් දෙක පෙන්වන සමානකමක් ඉස්මතු කරන්න.
නෑ නෑ...බෑ බෑ කිය කියා ඉදලා හරියන්නෙ නැති නිසා අපි අපිට පුළුවන් තැන්වලින් හෝ මේ වෙනස්වීම් කරන්න ඕනි.
////පේන්නැතුව හරි ඉපදෙන්න ඕනෙ පිට රටක///
ReplyDeleteමේක මගෙ දෘෂ්‍යාබාධිත යාලුවෙක් මොකක් හරි අපහසුතාවෙකට පත් උන වෙලාවක නිකන්ම එයාට කියවුණු දෙයක්.. ඒත් ඒක කොයිතරම් හරිද නැද්ද කියලා තේරුම් ගන්න පුලුවන්...
අක්කා අර ලිපිය දාලා.. ටිකක් බිසී උනා.. අදයි කියවන්න ලැබුනේ.. අපූරුයි අක්කේ..
මේ පහසුකම් ලංකාව වගේම මේ පහසුකම් නැති හැම රටකම ඇති කරනවානම් ආබාධිත හැමෝම මුහුණ පාන පොදු ගැටලු හැම එක්කම නැති වේවි..
tgsi ලංකාවේ කොලඹ අවට දකින්න පුලුවන්.. පහුගිය කාලේ කරපු මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලින් ඒවා එකතු කරලා තියනවා.. මේ ක්‍රමය ගැන බොහෝ දෙනෙක්ගේ අවබෝධයක් නෑ..
ලිපියට ස්තුති අක්කේ..
ඔයාගෙ යාළුවා එයාට ඒ වෙලාවෙ ඇත්තටම දැනුන දේ නෙ කියන්න ඇත්තෙ. අපිට ඒක වැරදියි කියන්න බෑ. ඒ අපහසුව දැනෙන්නෙ එයාටනෙ.
Deleteමගේ මෙහෙ ඉන්න ගොඩක් යාළුවොත් කියන්නෙ එයාලගෙ රටවලත් මෙහෙම පහසුකම් තිබ්බා නම් හොදයි කියලා.
TGIS කොළඹ තියෙන බව දැනගන්න ලැබුණ එක සතුටක්. මුළු රටේම ව්‍යාප්ත වෙන්න කාලයක් ගියත් ඒ දේවල් දැන් වෙනකොට පටන්ගෙන තිබීමත් ලොකු දෙයක්.
ඔයා ඔය අපේ රටේ සීමිත පෙදෙසක තියෙන දෙයක් ගැන කට්ටිය දැනුවත් නෑ කියනවා, මෙහෙ මේ යන යන තැන කහපාටට කැපී පේන ඉරි තිබිලත්, මෙහෙ කාලයක්ම හිටිය කෙනෙක් මේ පෝස්ට් එක බලලා කියනවා එයා ඒ ගැන දැනන් හිටියෙ නැතිලු.
ඒක ඇත්තටම පුදුම වෙන්න කාරණේකුත් නෙවෙයි, මොකද අපි හැමෝම වැඩිපුර උනන්දු අපිට ප්‍රයෝජනවත් වෙන දේවල් ගැනනෙ.
ඔයා බලාපොරොත්තු වෙච්ච තරම් කරුණු මේකෙ නෑ. මට මොනවත් ගැන හොයලා ලියන්න තරම් වෙලාවක් නෑ මේ ටිකේ