සකුරා සුවඳ 1 (පිවිසුම )
ජපානයේදී නිරන්තරයෙන්ම විවිධාකාරයේ Differently abled (විවිධ හැකියාවන් සහිත ) පුද්ගලයන් දැකිය හැක. මෙසේ නිරන්තරයෙන් මෙවැනි පුද්ගලයින් ඇහැ ගැටීමට ඇති ප්‍රධානම සාධකය ඔවුනට ස්වාධීනව තමන්ගේ වැඩ කටයුතු කරගැනීමට ඇති හැකියාවයි. අපේ රට ඇතුළු අප වැනිම වූ බොහොමයක් අනෙක් රටවලද මෙවැනි පුද්ගලයෙකුට තනිව ගමනක් බිමනක් යා නොහැක. ඔවුන්ට නිවසින් එළියට යන්නට නම් වෙනත් කෙනෙකුගේ උදව් අත්‍යවශ්‍යය.මේ හේතුව නිසාම ඔවුන්ට සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවන්නට වන්නේ නිවස තුලමය. එනිසා අපට අපේ රට තුලදී මඟ තොටකදී එවන් පුද්ගලයින් මුණ ගැසෙන්නේ ඉතා අඩුවෙනි.

කාලයක් තිස්සේ එකම වෙලාවක එකම මාර්ගයක ගමන් කරන විට එකම පුද්ගලයින් මුණ ගැසීමේ ඉඩකඩ වැඩිය. එනිසා මට දිනපතාම හමුවන බොහෝ දෙනෙකු ඇත. ඒ අතර සුවිශේෂි පුද්ගලයින් පස් හය දෙනෙකු ඇත. ඉන් එක් අයෙකු දෙපා බිම තබා ඇවිද යා නොහැකි මැදිවියේ මිනිසෙකි. ඔහු බසින්නේ මා දුම්රියට නගින ස්ථානයෙනි. ඊළඟ දුම්රිය පොළෙන් බැස්ස පසු මට හමුවන පුද්ගලයින් අතර කාල වර්ණ බලු තඩියෙකු සමග එන තරුණ කාන්තාවක්, රෝද පුටුවකින් එන අවුරුදු විස්සක විසි එකක පෙනුමැති කුඩා තරුණියක් සහ සුදු සැරයටියකින් එන තරුණයෙක්ද ඇත. ඇතැම් දිනවල සුදු සැරයටියෙන් යන එන කිහිප දෙනෙකුම මුණ ගැහෙන අවස්ථාද ඇත. නමුත් විශේෂත්වය අර බල්ලෙකු සමග යන කාන්තාව හැර සියල්ලන්ම තනිව තම ගමන යාමත් ඔවුන්ද අන් සියල්ලන්ම මෙන් පොදු ප්‍රවාහන සේවා යොදා ගැනීමත්ය.
සෑම දුම්රිය මැදිරියකම "Priority seat" නමින් වෙන්කල ආසන හයක් ඇත. ඒවා Differently abled people, මහළු, ගැබිනි සහ කුඩා දරුවන් සමග එන මඟීන්ටය. බස් රථ වලද ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම පාහේ වෙන්ව තිබෙන්නෙ ඒ විශේෂිත පුද්ගලයින්ටය. කොහොමත් බස්වල මේ ඉදිරි කොටසේ වැඩි ආසන ගනනක් නොමැති අතර වැඩි ඉඩකඩක් සපයා ඇත්තේ ළදරු කරත්ත, රෝද පුටු ආදියටය.
මේ රටේ පාරේ ගමන් කිරීමේදීද වැඩිම වටිනාකමක් ලැබෙන්නේ පයින් යන මඟීන්ටය. ඊළඟට පාපැදිය. වාහන වල ගමන් කරන අයට හිමිවන්නේ අවසන් ස්ථානයයි. ප්‍රධාන පාරට සමාන්තරව පදිකයින් සදහා වෙනම මං තීරු ඇති අතර තෝක්යෝ අවට ප්‍රදේශ වල මේ සදහාද පුළුල් මංතීරු ඇත. බොහෝවිට ඒවාද පාපැදි හා පදිකයින් සදහා වෙනම කොටස් දෙකකට බෙදා තිබුනත් තෝක්යෝවෙන් බැහැර ප්‍රදේශ වල ඇත්තේ එතරම් විශාල නොවන එක් මං තීරුවකි. මේ නිසා රෝද පුටුවකින් යන එන අයට මෙන්ම සුදු සැරයටියේ ආධාරයෙන් යන එන අයට පාරේ යන රථ වාහන වලින් අනතුරක් සිදුවීමට ඉඩකඩක් නැත. Differently abled පුද්ගලයෙකු පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන විට, බසයක නම් රියදුරු මහතාගෙනුත්, දුම්රියකදී දුම්රිය ස්ථානයේ සේවය කරන අයෙකුගේ සහයත් මේ පුද්ගලයින්ට ලැබේ. රෝද පුටුවක් දුම්රියට හෝ බසයකට ඇතුළු කිරීම සදහ ඔවුන් අකුලා තබාගත හැකි කුඩා ආධාරකයක් භාවිතා කරයි. සෑම බසයකම රියදුරු අසුනට පිටුපසින් මෙය ඇති අතර දෙපයින් සිට ගැනීම අපහසු අයෙකු රියට නැඟීමට හෝ රියෙන් බැසීමට ඇත්නම් රියදුරු මුලින් ඒ පුද්ගලයා රියට නංවා ගැනීම හෝ බැස්සවීම කරයි.ඒ කාර්ය අවසන් වන තුරු අනෙක් මඟීන් නංවා ගැනීමද සිදු නොකරයි.
Priority seats-train |

![]() |
බසයකට නැඟිමට තබන ආධාරකය -අන්තර්ජාලයෙන් |
දුම්රියකට නැඟීමේදී අදාල දුම්රිය ස්ථානයේ සේවකයෙක් මේ පහසුකම සපයා ඒ පුද්ගලයා පැමිණෙන දුම්රිය අංකය හා මැදිරි අංකය ඒ පුද්ගලයා බැසීමට බලාපොරොත්තු වන දුම්රිය ස්ථානයට ලබාදේ. එවිට ඒ දුම්රිය නවත්වන වේදිකාවේ අදාල මැදිරිය අසලට ඒ සේවකයා පැමිණ ඒ පුද්ගලයාට අවශ්‍ය සේවාව සලසයි.
සෑම උදෑසනකම මට මුණගැසෙන මැදිවියේ පුද්ගලයා පැමිණෙන දුම්රිය මැදිරිය වෙත මා සදහන් කළ ආධාරකය රැගෙන යන නිළධාරියා |
ජපානයේදී ආබාධිත පුද්ගලයින් හෝ දරුවන් නිවසට කොටු වී සිටිය යුතු පිරිසක් නොවේ. එවන් දරුවන්ටද අනෙකුත් දරුවන්ට මෙන්ම ඔවුන්ට ගැලපෙන ආකාරයේ ක්‍රමවේදයකට ඉගෙන ගැනීමේ පහසුකම ඇත. අපේ පුතා මෙහි සිටි කාලයේ පාසලින් පසු සවස් කාලය ගතකලේ පාසල අසලම ඇති පාසැල් වයසේ දරුවන් සදහා වන දිවා සුරකුමක් වැනි ස්ථානයකය. පාසැල් මෙන්ම රජයෙන් නඩත්තු කරන මේ ආයතන හදුන්වන්නේ "ගකුදෝ" නමිනි (ඒ ගැන වැඩි විස්තර හරි පුදුම ඉස්කෝලෙ සමග ). ආබාධිත දරුවන් සදහා වන විශේෂ අධ්‍යාපනය ලබාදෙන පාසලක්ද ඒ කිට්ටුවක තිබුනි. මේ නිසා එහි ඉගෙන ගන්නා සමහර දරුවන්ද නිවසේ කිසිවෙකුත් නැති සවස් කාලය ගත කළේ මා පෙර සදහන් කළ ගකුදෝ එකේය. එහිදී ඒ දරුවන්ට අමුතු කොට්ඪාශයකට මෙන් සැලකීමක් කරන බවක් දක්නට නොලැබුනි. ඔවුන්ද ඒ සමාජයේ කොටසක් නිසා ඔවුන්ද අනෙකුත් ළමුන් සමග එකට සෙල්ලම් කරමින් සිටිනු මට බොහෝවිට දක්නට ලැබුනි. අපේ පුතා වුවත් නිවසට ආ පසු ඒ දරුවන් ගැන විශේෂ සදහනක් නොකළ බව මට මතකය.
මට දිනපතා උදෑසන එකම වේලාවට මුණගැසෙන සියළු දෙනාම යන්නේ ඔවුන්ගේ රැකියාවටය. උපතින්ම හෝ පසුකලක සිදු වූ අනතුරු නිසා ආබාධිත වු කිසිවෙකුට ඒ හේතුව නිසා සමාජයෙන් වෙන්ව ජීවත් වීමට අවශ්‍ය නැත. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන් මෙහි ඇති ප්‍රාදේශීය පරිපාලන කාර්යාල හදුන්වන්නේ "සිටි ඔෆිස්/ වෝඩ් ඔෆිස්" යනුවෙනි. මා ආ ගිය වෝඩ් ඔෆිස් තුනක් ඇත. ඒ තුනෙහිම ආබාධිත පුද්ගලයින් සේවය කළ බව මට මතකය. එක් ඔෆිස් එකක හොදින් ඉංග්‍රීසි බස හැසිරවිය හැකි එකම පුද්ගලයා වුයේද එවන් නිළධාරියෙක් නිසා මට ඔහුව හොදටම මතකය. ආබාධිත පුද්ගලයින් විසින්ම පවත්වාගෙන යන මා දන්නා වෙළදසැලක්ද ඇත. ජපානයේ මෙලෙස ආබාධිත පුද්ගලයින් සදහා රැකියා තහවුරු කරන්නේ කෝටා ක්‍රමයක් මඟිනි.

මඟ තොට තනිව ඇවිද යා හැකිනම්,යන එන සෑම තැනකම තමාට භාවිතා කළ හැකි ආකාරයේ වැසිකිලි-කැසිකිලි ඇත්නම්, ඉගෙන ගන්නට, මුදල් ඉපයීමේ නිරත වන්නට, කඩේකට ගොස් උවමනා දෙයක් මිළට ගන්නට හැකිනම්, ඔවුන්ටම අනෙක් අය මෙන්ම,තමන්ද මේ සමාජයේ, කොටස් කාරයින් බව දැනෙනවා ඇත.
කැමති අයෙකුට මේ ලිපිය කියවා ජපානයේ ආබාධිත පුද්ගලයින්ගෙ රැකියා නියුක්තිය ගැන අවබෝධයක් ලබාගත හැක.
වැසි දිනක- දුම්රිය ස්ථානයක
|