සකුරා සුවඳ 1 (පිවිසුම )
අද මා සකුරා සුවඳින් ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ පොදු ස්ථානයන් භාවිතයේදී ජපන් ජාතිකයන් අනුගමනය කරන සිරිත් විරිත්ය.
මෝටර් රථ වාහන නිෂ්පාදනයේ පුරෝගාමින් මොවුන්ය. අනෙකුත් බොහොමයක් දියුණු රටවල මෙන්ම ජපානයේද මෝටර් රථයක මිල ඉතා අඩුය. ජපන් රජයෙන් ලැබෙන ශිෂ්‍යත්ව මුදලකින් ජීවත්වන මට වුවත් උවමනා නම් මෝටර් රථයක් මිලට ගන්නට පුළුවන. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්රේලියාව වැනි රටවල ඉගෙන ගන්නා මගේ මිතුරු මිතුරියන් කියන්නේ වාහනයක් නොමැතිව ඒ රටවල වැඩකටයුතු කරගැනීම අපහසු බවය. නමුත් ජපානයේ තත්වය ඊට ඉදුරාම වෙනස්ය.මගේ විශ්ව විද්යාලයේ ඉහලම නිලය දරණ සභාපතිවරයාගේ සිට පහලම නිළය දරණ පිරිසිදු කිරීමේ නිළධාරියා දක්වාම වු සියළු දෙනාම භාවිතා කරන්නේ පොදු ප්රවාහන සේවාය. නැතිනම් තමාගේ දෙපයේ පිහිටය. දිනපතා කිලෝමීටර් පහ හයක් වැනි කෙටි දුරක් ගමන් කරන්නන් භාවිතා කරන්නේ පාපැදිය. පයින් ගමන් කිර්රමද මෙහි නිරන්තරයෙන් දැකිය හැකි
ලක්ෂණයකි
.
අප මෙහි පැමිණි මුල් කාලයේ නිතර එහෙ මෙහෙ යාමට සිදුවන විට මා සමඟ ආ මිතුරියක් පැවසුයේ ත්රී රෝද සේවාවේ සැබෑ වටිනාකම ඇය අවබෝධ කරගත්තේ මෙහි ආ පසු බවය. ජපානයේ හොද කුලී රථ සේවාවක් තිබුනද ඒ සේවා ලබාගැනීම වියදම් අධිකය. මුල් කිලෝමීටර දෙක සදහා අය කරන මුදල යෙන් 730 කි. එය රුපියල් දහසකට ආසන්න මුදලක් වන අතර අඩි දහය දොළහක් ගමන් කලත් ගෙවන මුදලේ වෙනසක් නැත.
මා දිනපතා විශ්ව විද්‍යාලයට යන්නේ උමං දුම්රියකිනි. මගේ ගමනට වරකට විනාඩි 30-40 ත් අතර කාලයක් ගතවේ. එය මෙසේය.
දුම්රියේ මා ගමන් කළ යුතු කාලය හරියටම තත්පර 150 කි (එක් දුම්රිය ස්ථානයක දුර).
දොර ඇරීමට ගත වන කාලයද සලකා මෙය විනාඩි තුනක් ලෙස ගත හැක. මේ විනාඩි තුන තුලදී දුම්රිය
තෝක්යෝ බොක්ක යටින්ද සැලකිය යුතු දුරක් ඉතා වේගයෙන් ගමන් කරයි. උමං දුම්රියට නැගීම සදහා මා මගේ
කාමරයේ සිට කිලෝමීටර 1.1 ක දුරක් පැමිණිය යුතුය.සෑම විනාඩි හතරකටම වරක් දුම්රියක්
පැමිණෙන නිසා දුම්රිය ස්ථානයට ළඟා වු වෙලාවේ සිට විනාඩි 7-8ක් ඇතුළත මට ඊළග දුම්රිය
පොළට යා හැක.එතැන් සිට මගේ විද්‍යාගාරයට මා තවත් කිලෝමීටර් එක හමාරකට ආසන්න දුරක් පයින්
යා යුතුය. එවිට මා දිනපතා කිලෝමීටර් පහක් හෝ ඊට වැඩි දුරක් පයින් යා යුතුය.

 |
දුම්රිය ස්ථානයක ඇතුළත
උමං දුම්‍රිය වේදිකාවක්

දුම්රිය මෙහි පහසුම ගමනාගමන සේවාවයි. යාබද දුම්රිය නැවතුම් දෙකක් අතර දුර විනාඩි දෙකක් හෝ තුනකි. දුම්රිය මාර්ග (Train
lines) කීයක් තිබෙනවාදැයි මා දන්නේ නැත. Bullet train (320km/h), subway, mono rail & normal
train lines විශාල සංඛ්‍යාවක් ඇත. සෑම විනාඩියකදීම එක් දුම්රිය ස්ථානයකින් දුම්රිය තුන හතරකසිට දහය පහළොවක ප්රමාණයක් පිටවන අතර එය දුම්රිය ස්ථානය අනුව වෙනස්ය. ෂින්ජුකු (Shinjuku) නම් මෙහි ඇති කාර්යබහුලම දුම්රිය ස්ථානය හරහා සතියකදී ගමන් කරන මඟී ප්රමාණය අපේ රටේ සමස්ථ ජනගයණයටත් වඩා වැඩිය (දිනකට මිලියන 3.5 )මෙහි දුම්රිය වේදිකා 36ක් ඇත.දුම්රියක් බලාපොරොත්තුවෙන් පදික වේදිකාවේ රැදී සිටින්නට වන කාලය දුම්රිය මාර්ගය (Train line) අනුව වෙනස්ය. එය විනාඩි තුනක් (for local trains/සෑම දුම්රිය ස්ථානයකම නවත්වන ) හෝ ඊට තරමක් වැඩිය. උදෑසන දුම්රිය සේවය ආරම්භ වන මොහොතේ සිට මධයම රාත්රියෙන් අවසන් වනතුරුම දුම්රිය ස්ථානත් මැදිරිත් දුම්රිය ස්ථාන අවට මාර්ගත් කඩිසරව එහෙ මෙහෙ යන ජනයාගෙන් පිරී පවතී. බස් රථ යොදාගන්නේ දුම්රියෙන් ළගාවිය නොහැකි ස්ථාන වලට යාමට සහ එවන් ස්ථාන වල සිට දුම්රිය ස්ථානයට පැමිණීමටය. (මා මේ ලියන්නේ ලොව වැඩිම ජනගහණයක් සිටින තෝක්යෝ අවට තත්වය නිසා ඉතා අඩු ජනගහණ ගණත්වයක් ඇති ගම්බද ප්‍රදේශ වල තත්වය මීට වඩා වෙනස් බව සිහිතබා ගන්න )
මේ කුමන පොදු ප්රවාහන සේවාව භාවිතා කලත් ඒ තුල ජංගම දුරකතන භාවිතා නොකිරීම සුවිශේෂිය. සකුරා පිපෙන්නාක් මෙන් ඉතා කෙටි කාලයක් තුල අපේ රට තුල ජංගම දුරකතන ජනප්රිය වු කාලයේ ලංකාවේ නොසිටි දියුණු රටවල ජීවත් වන අයට මෙහි විශේෂත්වයක් නොතිබෙන්නට පුළුවන. නමුත් මංගල පෝරු මස්තකයේදී මනාලයාගේ සාක්කුවේ ඇති දුරකතනය නාදවන තරමට එය අත්යවශය භාණඩයක් වු අපේ රටට සාපේක්ෂව වෙනසකි.
මෙතෙක් මා දුම්රියක හෝ බසයක ජංගම දුරකථනයක් නාදවෙනු අසා නැත.
ජපනුන් සෑම විටම මෙන් ජංගම දුරකථනය තබාගන්නේ silent mode ය.අපද එලෙසම කළ යුතු බව සෑම නැවතුමකින්ම පිටවනවිට දුම්රියේ මෙන්ම බස් වලද ජපන් බසින් සහ සුද්දාගේ බසින් ඇසෙන්නට සලස්වයි. දුම්රිය හෝ බස් රථ තුල දුරකතන ඇමතුම් නැත. ඒ වෙනුවට විවිධ ක්‍රීඩා කිරීම්, චිත්‍රපට බැලීම්, ගීත ඇසීම වැනි දේ සදහා දුරකතනය භාවිතා කිරීම තරුණ පිරිස් අතර බහුලව දැකිය හැක. වැඩිහිටි කාන්තාවන් සහ පිරිමින් පොතක් කියවීම හෝ SUDOKU පිරවීම සිදුකිරීමද සාමාන්‍ය දෙයකි.
පොදු ප්‍රවාහන සේවා තුල මෙන්ම විශ්ව විද්‍යාලය තුලදීද ජංගම දුරකතනය කණ තබාගත් අයෙකු දැකීම සුලභ සිදුවීමක් නොවේ. අපේ විද්‍යාගාරය තුල ඉදහිටක හෝ වැඩ කරන වෙලාවට දුරකතන ඇමතුමක් ගන්නා අය ලෙස මා දැක ඇත්තේ චීනුන් සහ කොරියානුවන්ය.මේවා නීති නොව රීතිය.

බසයක් බලාපොරොත්තුවෙන්
උමං දුම්රිය වේදිකාවෙන් පිටවන පිරිසක්
පොදු ප්‍රවාහන සේවා තුල හෝ මග දිගට ආහාර පාන ගැනීමද ජපන්
ජාතිකයන් සිදු නොකරයි. මුදල් දමා කෑම බීම ලබාගැනීම සදහා දුම්රිය වේදීකා වල මෙන්ම මග
දෙපසද ස්වයක්‍රීය යන්ත්‍ර ඇති අතර කසල බදුන්ද එම යන්ත්‍රයේ පසෙකින් ඇත. ඔවුන් කැලි
කසල තැන තැන දමන්නේ නැත. කසල බැහැර කිරීමද සිදුකරන්නේ ඉතා ක්‍රමවත්වය. උදේ පාන්දරක දුම්රියට ගොඩවන විට ඇති පිරිසිදු බවම රාත්‍රි දහයට එකොලහට ඉන් බැස යනවිටත් එලෙසම පැවතීම විටක
අපට නම් පුදුමයකි.මේ බව ඉහත ජායාරූප වලින් ඔබට තහවුරු කරගත හැක.
කාසි දමා බීම ලබාගත හැකි යන්ත්‍රයක් (Vending machine) සහ එහි එක් කෙළවරක ඇති හිස් බෝතල් කෑන් ආදිය දමන කසල බඳුන මෙහි දැක්වේ (කසල බැහැර කිරීම වෙනම ලියන්නම් )
ඕනෑම ස්ථානයක් තමා ඇතුළු වන විට තිබු ආකාරයෙන්ම ඉන් පිටවන
විටත් තබා යාම ජපන් ජාතිකයන් කුඩා කල සිටම පුරුදු පුහුණු කරවන හොද ගුණාංගයකි. මේ නිසා මිනිසුන් දස දහස් ගනනක් එකතු වී සකුරා බලමින් කා බී විනෝද වන උද්‍යාන පිරිසිදු කිරීමට නඟර සභාවේ සේවය අවශ්‍ය නොවේ. පාසැල් දරුවන් රැගෙන යන අධ්‍යාපන චාරිකා වලදී දරුවන් නිවසින් රැගෙන ආ යුතු දෑ අතර තමාගේ කැලි කසල දමා ගැනීමට ප්ලාස්ටික් බෑගයක් රැගෙන යාමද අනිවාර්‍යය.ජපන්
පාසැල් දරුවන් දිවා ආහාරය ගන්නේ පාසල තුලදීය. (හරි පුදුම ඉස්කෝලෙ වැඩි විස්තර පසුවට
). ආහාර ගැනීමෙන් පසු දරුවන් පාසලින් ඉවත්ව
යන්නේ පංති කාමර පිරිසිදු කිරීමෙන් අනතුරුවය. මේ සිරිත ආරම්භ වන්නේ පෙර පාසලේ සිටය.
සෑම මහල් නිවාසයකම පොදු කටයුතු සදහා වෙන්
වු ශාලාවක් ඇත. උත්සව ආදිය පවත්වන්නේ මේ ශාලා තුලය. ශාලාවේ මේස පුටු ඇතුළු අනෙකුත් උපකරණ
ඇති ආකාරය දක්වන සටහනක් ශාලාව තුල ඇත. උත්සවය සදහා
රිසි පරිදි එය වෙනස් කරගත හැක. නමුත් අවසානයේ
ශාලාව යලිත් මුලින් තිබුන පරිදිම සකසා යාම අනිවාර්ය අංගයකි. ඊට අයත් වන්නෙ එකතු වූ කැලි කසල ඉවත් කිරීම,බිම පිරිසිදු කිරීම ආදිය පමණක් නොවේ.මේස දෙකක් අතර පරතරය, මේසයකට
ඇති පුටු ගනන ආදී සියළුම දේ ගැනත් ඔවුන් සැලකිලිමත් වේ.ඔවුන් මේ සදහා උත්සවයෙන් සැලකිය යුතු කාලයක් වෙන් කරන්නේද නැත. මිනිත්තු දහය පහලොවක් තුල සියළු දෙනාම එක්ව ඒ කටයුත්ත යුහුසුළුව සිදුකරයි. කුඩා දරුවන් පවා මේ පිරිසිදු කිරීමට දායක වේ.
Base ball ක්‍රීඩාව ජපානයේ ජනප්‍රියය. එහි විවිධ මාදිලිද
ඇත. ඒ සදහා භාවිතා කරන්නේ පිට්ටනියේ තණකොල රහිත කොටසකි. කණ්ඩායම් දෙකක් අතර තරඟයක්
අවසානයේ ඊලග පිරිස තරඟය ආරම්භ කිරීමට පෙර මුලින් ක්‍රීඩා කල කණ්ඩායම් දෙකේ සාමාජිකයන්
එක්ව පිට්ටනිය තරග ආරම්භයේ තිබූ තත්වයටම පත්
කිරීමද මගේ සිත තුල රැදුන මොවුන්ගේ අපූරු චාරිත්‍රයකි.පුහුණුවීම අවසානයේදීද සියළු ක්‍රීඩකයන් එක්ව පිටිය යලි පෙර තිබූ තත්වයට පත් කරවයි.

සෙල්ලමෙන් පසු පිට්ටනි පෝරු ගාන්නේ මෙහෙමය
කැලි කසල තැන තැන වීසි කිරීමත් අක්රමවත් කසල බැහැර කිරීමේ ක්රමවේදත් ලාංකිකයන් වු අපට මෙන්ම අප වැනිම වු තවත් රටවල් ගනනාවක මිනිස්සුන්ට සාමාන්ය දෙයකි. ගස් ගල් තාප්ප විදුලි කණු ආදියෙහි විවිධාකාර දැන්වීම ප්රදර්ශණය කිරීමද ඒ හා සමානවම අපේ රටේ සාමාන්යකරණය වු ඉතා අප්රසන්න ක්රියාවකි. සලාක ක්රමයට ජන්ද පවත්වන්නට යෙදුන පහුගිය කාල වකවානුවේදී ජනතා සේවයට කැපවූ සත් ගුණවත් සිංහ පුතුන්ගේ සේයාරූ මුළු දිවයින පුරාම ගස් ගල් තාප්ප අරක්ගෙන තිබුනි. අමතර පංති සහ අනේක විධ පාඨමාලාවන්ගේ වර්ණානාවන්ද මීට දෙවෙනි වන්නේ නැත. මෙමගින් පරිසරය කෙතරම් අවලස්සන වනවාදැයි අප කිසිවිටක සිතන්නේ නැත. එහි වෙනස වැටහෙන්නේ වෙනසක් ඇති තැනක සිටින විටය.
තාප්ප හෝ මග දෙපස රූස්ස ගස් සහ විදුලි කණු කොහොමත් ජපානයේ දකින්නට නැත. මග දෙපස ඇත්තේ සකුරා හෝ වෙනත් මල් පිපෙන එතරම් විශාල නොවන ගස් සහ මල් පැල වන අතර ගසක ගසට ආවේණික නොවන දෙයකට දැකිය හැක්කේ උද්භිත විද්යාත්මක නාමය සහිත පුවරුව සහ නඩත්තු කටයුතු පහසු වීමට ගසට ලබාදුන් අංකය පමණි. අපේ රටේ මෙන් විශාල වෙළද ප්රචාරක දැන්වීම් මග දෙපස ප්රදර්ශණය වන්නේ නැත. ඇතැම් අවන්හල් රූපලාවන්යාගාර ආදියෙහි විස්තර පත්රිකා නිවාස වල ආදාල ලියුම් පෙට්ටිවලට (private mail boxes) දැමීම සාමාන්යයෙන් සිදුවේ. ඊට අමතරව තම ව්යාපාරික දැන්වීම් ඇතුලත් පත්රිකාවක් හෝ එවන් පත්‍රිකාවක් අන්තර්ගත කුඩා පාරිභෝගික ද්රව්යක් (Tissue packets, files etc.) දුම්රිය ස්ථානයක් වැනි විශාල පිරිසක් නිතර යන එන තැනක සිට බෙදා දීමද මා දැක ඇති තවත් වෙළද ප්රචාරණ ක්රමවේදයකි. ඊට අමතරව දුම්රියේ මගී ආසන වලට ඉහළින් සවිකල වෙළද දැන්වීම් බලාගත හැක. ඒවා ඉතා ක්‍රමවත්ව ප්‍රදර්ශණය කරන අතර ඉක්මනින් අළුත් වේ. ඒ වෙළද දැන්වීමම දුම්රියේ ඇති රූපවාහිනී තිරයේද (Train Chanel) ප්‍රදර්ශණය කෙරේ.දිනකට මිලියන ගනනක් මිනිසුන් ගමන් කරන දුම්රිය හොද වෙළද ප්‍රචාරක ස්ථානයකි.


දුම්රිය මැදිරි තුල ඇති පිරිසිදු බවත් වෙළඳ දැන්වීමුත් මේ ජායාරූප දෙකෙන් බලාගත හැක
අපේ රටේ පහුගිය ජනාධිපතිවරණයට ලක ලෑස්ති වන කාල වකවානුවට ආසන්න කාලයකදී ජපානයේද මැතිවරණයක් පැවැත්වූ බව අප දැනගත්තේ මැතිවරණය අවසන් වුවාටත් පසුය. මැතිවරණයකට පෙර ප්රචාරණ කටයුතු කිරීමට මෙහිද බාධාවක් නැත. නමුත් ඒ සදහා අනුමත ක්රම්වේදයක් ඇත. ජපානයේ මැතිවරණය ප්රචාරණ කටයුතු ප්රදර්ශණය සදහා යම් යම් ස්ථාන වල සවිකරන ලද තරමක් විශාල දැන්වීම පුවරුවක් ඇත. පුවරුවේ ප්රමාණය අනුව එය කුඩා කොටුවලට බෙදා වෙන්කර ඇති අතර ප්රචාරණ කටයුතු සදහා අපේක්ෂකයන්ට මුදල් ගෙවා මේ කොටු ලබාගත හැක. ප්රචාරණ සමය අවසන් වු පසු පුවරුව ගලවා ඉවත් කෙරේ. මෙමගින් අනවශ්‍ය මුදල් නාස්තිය මෙන්ම පරිසරය අපවිත්‍ර වීමද වැලකේ. අනෙකුත් දියුණු රටවල්ද අනුගමනය කරනවා ඇත්තේ මෙවැනි ක්රමවේදයන් විය යුතුය.
මේ සමග එකතු කර ඇති ජායාරූප දෙකෙන් ඔබට මා කියන දේ වඩාත් හොදින් තේරුම් ගතහැකි වනු ඇත.
|
Some great and valuable posts about Japan.. Keep it up.. You should send these articles to Sri lanlan newspapers.. Then a bunch will read, if a little get some knowledge it is better than nothing.. Keep it up
ReplyDeleteThank u Deshakaya!. I appreciate ur words & a suggestion. But I know all my writing needs improvements in quality and language both
Deleteහරිම අපූරුයි. ඇත්තටම ඔයාගෙ පෝස්ටුවත් ජපන් ක්‍රමය වගේම සුපැහැඳිලි, පිළිවෙලයි.. බොරු නෙවෙයි..
ReplyDeleteඅක්කේ මේ මේ 5 s ක්‍රමයට අනුව ක්‍රියාත්මක වීමක්ද??
ජපනුන් 5 s ක්‍රමය හදුනාගෙන ්කෙන් නිසි ප්‍රයෝජන ලබාගෙන තියනවා.. අපේ රටෙත් 5 s ගැන කතා කරනවා. ඒ උනාට ඒක කතාවක් විතරයි.. හැබැයි ඒක හරියට ක්‍රියාත්මක වෙන තැන් නම් මේ වගේ තමයි..
අක්කෙ ඔයාගෙ ලිපි මාලාවේ තියනවාද කියලා මං දන්නෙ නෑ. පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමති... පුලුවන් නම් ජපානයේ විශේෂ අවශ්‍යතා ඇති පිරිස (ආබාධිත) පිරිස වෙනුවෙන් පවතින පහසුකම්, රැකියා, අධ්‍යාපනය, සුභසාධනය වගේ දේවල් කියවෙන පෝස්ටුවක් දාන්න පුලුවන්ද??
තව එකක් කලින් මතක් උනා. දැන් අමතකයි. මතක් උනොත් කියන්නම්..
බොහොම ස්තූතියි! නිර්මාණි. මම තාර බර ඇරලා ගතයුත්ත ගන්නම්කො.
Deleteඔයා කියන එක මම ලියලා තියෙන්නෙ. ඒත් මට තව පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරන්නයි තව තැන් කීපයක ෆොටෝසුයි ඕනි වෙලා තියෙනවා. ඒ ටික හරි ගියාම පෝස්ට් කරන්නම්
ආ හොඳයි හොඳයි.. එහෙනම් ඒ අඩුපාඩු සම්පූර්ණ කරලා දාන්නකෝ.. කියවන්න බලන් ඉන්නේ..
Deleteඔයා බලන් ඉන්න නිසාම මම ඒක තව සති තුන හතරක් ඇතුළත ඔයාට බලන්න සලස්වන්නම්
Deleteජපානය ගැන ලියැවුණු නියම පෝස්ට් එකක්..
ReplyDeleteබොහොමයක් හැසිරිම් නීති නොව රීතිය. අපේ රටට නීති දැමීමෙන් මිස රීති මගින් ගොඩ දා ගත නොහැක. මට ආපු ලොකුම ගැටළුව තමයි ෆෝන් එක සයිලන්ට් තියා ගත්තම කෝමද හදිසියේ එන ඇමතුම් වලට උත්තර දෙන්නෙ කියන එක?
ස්තූතියි! සෑම්.
Deleteගොඩක් වෙලාවට නීති වලට වඩා රීති බලගතුයි.
ජපන්නු අපි වගේ කෑවද බිව්වද දැන් කොයි හරියෙද අරකද මේකද අහන්න කෝල් දෙන්නෙ නෑ ( වැඩ කරන වෙලාවට.... අනෙක් වෙලාවල් මම දන්නෑ ). බස් එකේදි ට්‍රේන් එකේදි ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නැති නිසා ඇහුනෙ නැති වුනත් ප්‍රශ්ණෙකුත් නෑ. පොඩි දරුවො ළගත් ෆෝන් තියෙනවා. ඒත් ඒවට උනත් දෙමව්පියො කතා කරන්නෙ අත්‍යවශ්‍ය දේකට විතරයි.
ලෝකයේ පරිපූර්ණත්වයට ආසන්න රටක් ඇති නම් ඒ ජපානයයි කියල මම හිතන්නේ. ලෝකේ දියුණු රටවල් කොච්චර තිබ්බත් යමනොදේ සෙන් එකක් ක්‍රියාත්මක කරන්න ලෝකේ වෙන රටවලට බැරි එවැනි සැබෑ දියුණු මිනිසුන් ඔවුන්ට නැති නිසයි.
ReplyDeleteTUMSAT ෂිනගාවා නේද ? පොදු ස්ථාන භාවිතය ගැන කියද්දී, බටහිර සිට එන අපට ටෝක්යෝ හිදී මුහුණදෙන්න වෙන ලොකුම අමතකවීම තමයි එස්කැලේටර් භාවිතයේදී අයින්වී සිටිය යුතු පැත්ත මාරු වීම. ටෝක්යෝ වලදී වම්පැත්තට අයින් වුනත් ඕසකා වල අයින් වෙන්නේ දකුණු පැත්තට.
සම්පූර්ණයෙන්ම එකඟයි කෙන්කියූෂා. ලෝකෙ දියුණු රටවල් කොව්චර තිබුනත් සමහර ආකල්ප අතින් ජපනුන් එක්ක තරඟ කරන්න අමාරුයි කියලා මටත් හිතෙනවා. මම දැන් නැවතිලා ඉන්නෙ TIEC එකේ. ඒකෙ ලෝකෙ හැම අස්සක් මුල්ලක්ම අහුවෙන රටවල් අසූ ගානක අය ඉන්නවා. මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙන හැම දවසකම මම ඒ වෙනස දකිනවා.
DeleteTUMSAT කැම්පස් දෙකක් තියෙනවා ඉයුචිජිමයි, ෂිනගාවායි. මම ඉන්නෙ ෂිනගාවා තමා.
මට ඒ එස්කැලේටර් කතන්දරෙයි ට්‍රේන් එකට පෝලිමේ ඉදලා නැවැත්තුවාම රොබෝලා වගේ දොර දෙපැත්තට පෝලිම තල්ලු වෙන එකයි ලියන්න අමතක උනා. ලියනවනම් තව කොච්චර තියෙනවද නේද?. උදේට සබ්වේ වල නම් එස්කැලේටර් වල හිටන් ඉන්න පැත්තක් නැති තරම්, දෙපැත්තෙම එක වගේ කඟවේනා එක්ස්ප්‍රස් අය ඉන්නෙ.
මෙහෙ කොහොමත් ප්‍රාදේශීය වෙනස්කමුත් සෑහෙන්න තියෙනවා නේද? සමහර වචන පවා.
බොහොම ස්තූතියි! කෙන්කියූෂා ඔයාගෙ අදහස් එකතු කළාට. ඒවා මට වගේම මේක කියවන අනික් අයට වුණත් ප්‍රයෝජනවත්
ඔව් උපභාෂාවල ටිකක් වෙනස් කම් තිබෙනවා.
Delete....................................................................................
//(මා මේ ලියන්නේ ලොව වැඩිම ජනගහණයක් සිටින තෝක්යෝ අවට තත්වය නිසා ඉතා අඩු ජනගහණ ගණත්වයක් ඇති ගම්බද ප්‍රදේශ වල තත්වය මීට වඩා වෙනස් බව සිහිතබා ගන්න ) //
ඔබ ලියවිල්ලේ බොහොම වැදගත් කරුණක් මතුකරලා තිබෙන්නේ. ජපානය ගැන ලියවන බොහෝදෙනා ලියන්න ජපානය කියන්නේ ටෝක්යෝ පමණයි කියන සිත්විල්ලේ ඉදගෙන. නමුත් යාන්ත්‍රික නොවෙන අපේ ගම්වල වගේ මිනිස්සු සහ පවුල් ඉන්නවා ඈතපලාත් වලට යනකොට. ටෝක්යෝ පමණක් බලලා ජපානය ගැන අදහසක් ගන්නවා කියන්නේ පිටකොටුවට හරි කුරුඳුවත්තට හරි ගිහින් ලංකාව ගැන අදහසක් ගන්නවා වගේ වැඩක්.
....................................................................................
ජපන්නු ගොඩක් හිතන්නේ ලංකාව වටේ මුහුද තිබෙන නිසා අපේ අහාර වලින් බාගයක්වත් මුහුදෙන් ගන්නවා ඇති කියල. ඇත්තටම ජපන්නු එක්ක බලද්දී අපි මුහුදෙන් අහාර ගන්නවා බොහොම අඩුයි. ඔබේ ක්ෂේස්ත්‍රය එය නිසා මේ වෙනස ගැනත්, මුහුදෙන් වඩා වැඩි අහාර ප්‍රමාණයක් ගන්න තිබෙන හැකියාව ගැනත් ලිව්වොත් එය අපේ රටේ වැඩ්පුර කතාබහට ලක්වෙලා නැති දෙයක් ගැන අලුත් දැනුමක් වේවි.
උසස් අධ්‍යාපනයට යන සමහර දෙනා කරන්නේ ලංකාවට ආවත් ජපන්නුන්ට හිනාවෙවී ඔවුන්ගේ අඩුපාඩු කියමින් ඉන්න එක. මම නම් හිතන්නේ අපි කරන්න ඕනේ ජපනුන්ගේ ගන්න පුළුවන් හොද දේවල් පුළුවන්තරම් අරගෙන ඒවා කතාවටම සීමා කරන්නේ නැතුව අපි විසින් ඒවාගේ වැදගත් කම ක්‍රියාවෙන්ම අනිත් අයට පෙන්වන එක.
හරිම සතුටුයි කෙන්කියුෂා සමාන අදහස් දරණ කෙනෙකු බ්ලොග් එකෙන් හෝ හදුනාගන්න ලැබුනට. මගෙත් අදහස අපි මේ එදිනෙදා ජීවිතයෙදි අත්දකින මොවුන්ගෙන් ගන්න පුළුවන් අපේ ජීවිත වලට ප්‍රායෝගික වෙන දේවල් ටික හෝ අපි ගන්න ඕනි වගේම ඒවා ක්‍රමයෙන් සමාජයට දෙන්න ඕනි.
Deleteමෙහෙ ඉගෙන ගන්න ආවගෙන් අපි ඇත්තටම විෂය කරුණු වලට වඩා ජීවිතේට වටින සෑහෙන්න දේවල් ටිකක් ඉගෙන ගත්තා.
මාළු කතන්දරේ ඇත්තටම මා විසින් ලිවිය යුත්තක්. ඒත් ඒකට දැනට ප්‍රමාණවත් කාලයක් වෙන් කරන්න අමාරු නිසයි මම මේ වගේ එදිනෙදා දකින පුන්චි පුන්චි දේවලින් ලියන්න පටන් ගන්න හිතුවෙ
මගේ පුහුණු කාලය මං වැඩිපුරම උන්නෙ කගාවාවල අයගාවා කියන ගම්මානයේ.. කුඹුරු ගොවිතැන මූලික වුණු කෘෂිකාර්මික ගමක්... ගඟ මැදින් ගලා ගිය ලස්සන ගංඟාවක් තිබුණා. ගම්මානයට ඉහළින් පුංචි කැලෑවක්... ගමනාගමනයට බස් තිබුණෙ නැහැ. දුම්රිය නැවතුමක් තිබුණා පයින් යා හැකි දුරකින්. අපි ගොඩක් වෙලාවට එහෙ මෙහෙ ගියෙ බයිසිකලයෙන්. පුහුණු මධ්‍යස්ථානයේ බයිසිකල් 30 ක් විතර තිබුණා. මුල්ම දවස්වල අපේ බයිසිකල් පැදීමේ හැකියාව බලල කැමති බයිසිකලයක් තෝරගන්න අවස්ථාව දුන්නා. ආපහු එනතුරුම ඒ බයිසිකලය පාවිච්චි කරන්න අවසර තිබුණා...
Deleteආසන්න ප්‍රධාන නගරය වුණේ ටකමට්සු. ටකමට්සුවල හෝටලයක මාසයක් නැවතී උන්නා. එතනදිත් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වුණේ බයිසිකලයම තමයි. දුම්රියත් පාවිච්චි කළා.. ආරක්ෂාව ගැන නම් පුංචිම බයක්වත් දැනුණෙ නැහැ. හරිම නිදහස් හැඟීමක් දැනුණෙ.
ජපානය ගැන මගේ ආදරය, පැහැදීම වැඩි දියුණු වෙන්න ඒ කෙටි කාලය උදව්වක් වුණා. ඒත් අන්තිම වෙද්දි නම් ගෙදර ඇවිත් පොල් සම්බෝලයකුයි, බතුයි කන්න පුදුමාකාර ආශාවක් දැල්වෙවී තිබුණා...
ඔයා ඔයාගෙ අත්දැකීමත් මෙතනට එකතු කරාට ගොඩක් ස්තූතියි තරුරසී. මේ කියන දේවල් වල නිවරදිතාව ඒවගෙන් තවත් තහවුරු වෙනවා වගේම ඒවට වටිනාකමකුත් එකතු වෙනවා.
Deleteඅපේ පාරවල් වල වාහන යන විදිහ සහ වෙන අනතුරු එක්ක බයිසිකලය අනාරක්ෂිත නිසා අපිට ඒ මත යැපෙන්න අමාරු උනාට ජපානය ඇතුළු ගොඩක් ආසියාතික රටවල මිනිස්සු බයිසිකලය තමයි ගොඩක් කෙටි දුර වලට යොදාගන්නෙ. ඒක අපේ ඇඟට වගේම පරිසරයටත් හොදයි.
ඔයාගෙ වගේ කෑමබීම ලෙඩේ මට දරුණුවට නැති නිසා හොදයි. කොහොමත් එහෙම කෑම මතක් වෙනවා පිටින්ම කෑම කකා දිග කාලයක් ඉන්න උනාම. මටත් බත් නොදැක සතියක් ඉන්න වෙච්ච ගමනකදි ගෙදර බත් මතක් උනා.
අපේ පුතා ලංකාවට යන්න කිට්ටු වෙනකොට ඉවසිල්ලක් නැති ගතියකින් හිටියා. ඇයි ඇහුවම කිව්වෙ "ඉක්මනට අඹයි දිවුලුයි, කන්න කියලා" මෙහෙ තියෙන අඹ නමට අඹ නෙ.
අගෙයි සදා............
ReplyDeleteමේවා තමා අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. ඕනෙම දේක අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක නිකන් ම ප්‍රතික්ෂේප කිරීම කියන්නේ සුදුසු දෙයක් නෙමෙයි. කෙනෙකුට කියන්න පුළුවන් අපිට ජපානයේ දේවල් මොකට ද කියලා.... ඒක උත්තරය ඔබ මේකෙන් ලස්සනට දීලා තියෙනවා. ජපානයේ රහස් ඔබ හරි අගේට එකිනෙක පෙළගස්වනවා........ සතුටුයි......
ස්තූතියි! කුරුටු
Deleteඔව් කුරුටු...මේ හැමදේකින්ම හොදට බැලුවොත් අපිට ගන්න පුංචිම හරි යමක් තියෙනවා.
සමහරවිට අපි මේ මිලියන ගනන් වියදම් කරවලා ඉගෙන ගන්න විෂය කරුණු වලින් යමක් අපේ සමාජෙට ඉක්මනින් දැනෙන විදිහට දෙන්න අමාරු වෙයි. ඒත් ඒ ඉගෙනීම අතරේ ලබන මේ වගේ අත්දැකීම්, නිරීක්ෂණ තුලින් එකම එක්කෙනෙකුගෙ හරි සිතුවිල්ලක් වෙනස් කරන්න පුළුවන්නම් ඒක ලොකු ජයග්‍රහණයක් වගේම මට සතුටක්
බොහෝ රටවල මේ ආකාරයට නීතිගරුක බව සකසාගෙන ඇත්තේ හුදෙක් අධ්‍යාපනය තුලින් පමණක් නොවේ. වැරදි වලට තරාතිරම නොබලා කාටත් දඬුවම් ලැබෙන ආකාරයේ සාධාරණ නීති ක්‍රමයක් ඇතිකර තිබෙන බැවිනි.
ReplyDeleteඔව් විචාරක ඒක ඇත්ත. නීතිය හැමෝටම සමාන උනාම ඉබේටම රටේ පුරවැසියො නීතිගරුක වෙනවා.
Deleteඒත් මම මේ පෝස්ට් එකේ ලියපු හැමදෙයක්ම වගේ (අර දැන්වීම කතාව බොහෝවිට නීතියක් වෙන්නැති...දන්නෑ) නීති නෙවෙයි, මේ සමාජය විසින් ගොඩනගාගත්තු රීති. නීතියක් කඩලා ලැබෙන දඬුවමකට වඩා රීතියක් කැඩීමෙන් ඇතිවන අවමානය වෙනස්.
ඇත්තටම නීති තිබුනට ඒවා තදින් ක්රියාත්ම නොවෙන අවස්ථා ජපානයේ දී සමහර ප්‍රදේශ වල දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස කුඩය ඉහලාගෙන බයිසිකල් පදින්න තහනම්, ඊට දඩය යෙන් පනස්දහසක් පමණ වෙනවා. නමුත් පොලිසියෙන් ගොඩක් වෙලාවට කුඩය වහගෙන යන්න කියනව මිසක් දඩ ගහන්නේ නෑ.
Deleteඅනිත් විශේෂිත එකක් තමයි අවුරුදු 45 සහ 74 අතර, පිරිමින්ගේ ඉණ අගල් 33.5 ට වැඩි වීම, කාන්තාවන්ගේ ඉණ අගල් 35.4 ට වැඩි වීමත් ජපානයේදී නීති විරෝදීයි. නමුත් ජපන්නු කෙට්ටුවට ලස්සනට ඉන්නේ නීතියට බයේ නොවෙයි.
කුඩා කලසිටම හරි පුහුණුවක් ලැබෙනවා නම්, ජීවිත කාලය පුරාම වැඩිහිටියන් විසින් මීළඟ පරම්පරාවට ඒවා ආදර්ශයෙන් පෙන්වනවා නම් නීති වලට වඩා රීති හා සම්ප්‍රදායන් සාධනීය වෙන්න පුළුවන් අවස්ථා තිබෙනවා.
නීතියට වඩා බලවත් විදියට ගොඩනැගුණු සංයමයක්, විනයගරුක බවක් මම ජපානයෙදි දැක්කා.
DeleteGreat post akki, I was in Tokyo for thee months before coming to Canada. I was expecting the same level of public transportation here as well. I must say Japan's public transportation is way better than Canada. :)
ReplyDeleteThanks! Nango. Its glad to hear from you. Of course I do remember some pictures of you in a station somewhere around Tokyo.
DeleteThere may not be a comparable public transportations system available in any other developed country in the world. I wish to be in USA for a short visit in June and hope to see the difference
සඳ වියමන් චන්,කොන්නිචිවා.
ReplyDeleteක්යෝ මෝ තොතෙමො ඊ කිජි දෙස්.
ඇත්තටම මමත් අවු. 20ක් විතර ජපානෙ හිටියට ඔයාට වගේ ලියන කලාව මට පිහිටල නෑති නිසා මේ වගෙ ඒව කියවනවා පමණයි. නාගරික සහ පිටිසර අත්දැකීම් දෙකම තියෙනවා.
ඔබට මේ කමෙන්ටුව දාන්න පුළුවන් නම් ඔබට ලියන්නත් පුළුවනි.. ඒක ගැන සැකයක් නැහැ. මිත්‍රයා..
Deleteඇනෝ සං අරිගතො!
Deleteලියන කලාව කියලා එකක් මටත් නෑ. ඒත් මේ දවස්වල තියෙන ස්ට්‍රෙස් එක පිටකරගන්න නම් මොනාහරි ලියන්නම ඕනි.
මට ගම්බද අත්දැකීමුත් නෑ...ඔය කොහෙ හරි ට්‍රිප් එකක් ගියාම දකින ටික විතරයි. අනෙක අවුරුදු විස්සක් කියන්නෙ කොච්චර අත්දැකීම් ගොඩක්ද?. බෑ බෑ කිය කියා ඉන්නැතුව ලියන්න. ඒවා මම මේ ලියන දේවල් වලට වඩා වටියි. මොකද මට තියෙන්නෙ ඔයාගෙ අත්දැකීම් වලින් හතෙන් පංගුවයි.
kangaete miru ne
DeleteAno San omedetou!.
DeleteKaku koto ga dekiru ne?........Ima kara gambarimashou!
දේශකයගෙ වචන ටික ඔන්න නාස්ති උනේ නෑ. ඇනෝ මිත්‍රයා උත්සහ කරන්නම්ලු
Deleteනියමයි..
Deleteයුද්ධ නිසා නැත්තටම නැති වෙච්චි රටක් මේ විදියට පිළිවෙලක් ඇතුව වැඩ කරන ජාතියක් වීම අදහාගන්න පවා අමරුයි මට නම්.
ReplyDeleteඒ කියන්නෙ ඔයාට හිතෙන්නෙ මම මේ කියන්නෙ බොරු කියලමයි. එහෙනම් ඉතින් ඇවිත්ම බලාගන්ඩකො
Deleteඅපිට නිදහස ලැබෙනකොට අපිට තිබුන දේවල් සහ අද අපි ඉන්න තැනයි ජපනා යුද්ධයේ අළු දූලි මතින් නැඟිටලා අද ඉන්න තැනයි බලනකොට එහෙම අදහන්න බෑ කියලා හිතෙන එක සාධාරණයි මල්ලි. මේ හැම සාර්ථකත්වයක් පස්සෙම එයාලගෙ ඉවසීම, අනෙකාට දක්වන සැලකිල්ල, අවංක කම වගේම ආචාරශීලි බව ඇතුළු තව ගොඩක් දේවල් බලපාලා තියෙනවා.
අක්කා බොරු නොකියන බව මම දන්නවානේ.හැබැයි මම ජපන් ආවොත් සංචාරයකට අක්කාට තමයි වියදම් කරන්න වෙන්නේ ඔන්න...:)
Deleteමම කියන්න උත්සහා කෙරුවෙත් අක්කා කියන එකම තමයි.මොකද අපේ රටවල් ගැන අපිට තියෙන අත්දැකීම් එක්ක මේ විදියේ රටවල් කතන්දර පොත් වල කතන්දර වගේනේ.අනෙක යුධකාමී ජාතියක් සංහාරයකට පස්සේ සාමකාමී ජාතියක් වෙච්චි විදිය එහෙම.විශේෂයෙන්ම අපි අහලා තියෙන විදියට කොරියානු යුද්ධයෙදී කොරියානුවන්ට අනන්ත පිඩා කරපු ජාතියක් මේ විදියට කටයුතු කිරීම අරුමයක් මට නම්.
මනෝජ් මල්ලි, මං හෙට අනිද්දාට මෙහෙන් තොලොංචි වෙන්න ඉන්න හන්දා බය නෑ. ඔයා එන්න වයිෆ් එක්කම.
Deleteසජ්ජත් ඔය කාරණේම වෙන විදිහකට මතු කරලා තියෙන්නෙ. එයාට කියපු දේම තමයි ඔයාට කියන්න තියෙන්නෙත්. මේ හොදට පාවිච්චි කරන හැමෝම එකා වගේ එක විදිහට වැඩ කිරීම තමයි යුද්ධයේදී ඒ තරම් කුරිරු විදිහට හැසිරීමටත් උදව් වෙන්න ඇත්තෙ.
මේ වර්තමානෙ ජිවත්වෙන බහුතරයක් ඊට පස්සෙ ඉපදුන, නැත්නම් ඒ කාලෙ පුංචි දරුවන් විදිහට හිටිය අයනෙ. ඒ කාලෙ යමක් කමක් තේරෙන වැඩිහිටි වියේ හිටිය අයත් ඇති. මම අදුරන්නෙ නෑ.
මේ මිනිස්සු මොකක් හරි ව්‍යසනයකට මූණ දුන්නට පස්සෙ ඔවුන්ගෙ සහයෝගිතාවය,කැපවීම වගේ දේවල් තවත් වැඩි වෙනවා.අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතයට යාම කළ යුතු බව අපි කවුරුත් දන්න දෙයක් වුණත් ඒක හැමෝටම එක විදිහට කරන්න බෑ.
පහුගිය දවසක මට අර 2011 ලොකු සුනාමිය ආව පැත්තෙ "මිනාමිසෝමා" කියන ප්‍රදේශෙ නගරාධිපතිගෙ කතාවක් අහන්නයි ඒ ප්‍රදේශෙ සංචාරය කරන්නයි අවස්ථාවක් ලැබුනා. ඒ කතාවෙන් මං හොදට තේරුම් ගත්තා ඔවුන් විපතකින් පස්සෙ ශක්තිමත් වෙන විදිහ.
ඒ නගරාධිපතිගෙ පළවෙනි ධූර කාලෙදි තමා සුනාමි ඇවිත් තියෙන්නෙ. දැන් දෙවෙනි ධූර කාලෙ. ඒ මනුස්සයාට තාමත් ඇඬෙනවා ඒ මිනිස්සු ඒ දවස්වල විදපු දුක් ගැන කතා කරද්දි
අපේ පුහුණුවෙ මුල්ම දේශනය තිබුණෙ ජපානයෙ දේශපාලනය, භූගෝලීය පසුබිම, සංස්කෘතිය, අධ්‍යාපනය වගේ කාරණා ගැන. ඒ දේශනය කළේ ඔසාකා විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක්.. ඔහුු කිවූ දෙයක් තමයි ලෝක යුද්දය වෙලාවෙ ජපනුන් අතින් අනිත් ජාතීන්ට, රටවල්වලට සිදුවුණු අපරාධ, විනාශය ගැන එයාල තවමත් පසුතැවෙන බව. එයාල හැකි උපරිමයෙන් අනිත් රටවල්වලට උදව් කරන්නෙත් ඒ පශ්චාත්තාපී හදවතින් කියන එක.. ඒක සමස්ත හැඟීමක්ද කියල නම් මම දන්නෙ නැහැ.
Deleteබොහෝවිට සමස්ථ අදහසත් ඒ වගේ වෙන්නැති තරු රසී. මට ඒ ගැන කිසිම දැනීමක් නෑ.
Deleteමම මේ තාක් කිසිම ජපනෙක් එක්ක යුද්දෙ ගැන කතා කරලත් නෑ, එයාලා ඒ ගැන වචනයක්වත් කියනවා අහලත් නෑ.
මනෝජ් මල්ලි කොරියාවෙයි ජපානෙයි හැමතැනම යුද්ද ගැන උනන්දු නිසා මතක් වෙච්ච වෙලාවෙ. මේක කියන්නෙ.
ඔයා දන්නවද හැම කොරියානු තරුණයෙක්ම ඉස්කෝලෙ ගිහින් ඉවර උනාම අවුරුදු දෙකක් අනිවාර්‍ය යෙන් හමුදාවෙ සේවය කළ යුතුයි කියලා. ඒ කාලෙට පඩියක් දෙන්නෙත් නැතිලු, රුපියල් දහදාහකට වගේ සමාන මුදලක් ලැබෙනවලු දීමනාවක් විදිහට. මොකද ඒක රස්සාවල් නෙවෙයි . එයාලා කියන්නෙ ඒක ඩියුටියක් කියලා.
//මනෝජ් මල්ලි කොරියාවෙයි ජපානෙයි හැමතැනම යුද්ද ගැන උනන්දු නිසා//
Deleteඅනේ අක්කේ මම නම් යුද්ද ගැන උනන්දු යුද්ධ කරන්න නම් නෙමේ.යුද්ධ කියන්නේ කවුරු කුමන හේතුවකින් කෙරුවත් හානියක්,විනාශයක්.මගේ යුධ විරෝධී ස්ථාවරය වෙනස් වෙලා නැහැ.හැබැයි ඔය පළමු වැනි,දෙවැනි ලෝක යුද්ධ ගැන නම් මම පොඩ්ඩක් උනන්දුයි.ඒ ලෝක ඉතිහාසය තුල ලොකු වෙනස්කම් වෙන්න ඒ යුද්ධ හේතු වෙච්චි නිසා.
//හැම කොරියානු තරුණයෙක්ම ඉස්කෝලෙ ගිහින් ඉවර උනාම අවුරුදු දෙකක් අනිවාර්‍ය යෙන් හමුදාවෙ සේවය කළ යුතුයි//
දකුණු කොරියාවෙත් තත්වය එහෙමද? උතුරු කොරියාවේ නම් එහෙම බව කියවපු පොතක් නිසා දැනගෙන උන්නා.http://manogeloka.blogspot.com/2016/01/blog-post_18.html.
මම අහලා තියෙන තව දෙයක් ජපානයට නිල හමුදාවක් නැති බව.ඒ කියන්නේ එහෙම හමුදාවක් තියා ගන්න ජපානයට නිත්‍යානුකුල අවසරයක් "එක්සත් ජාතීන්ගෙන්" නැති බව.හැබැයි ඒ කතාවේ ඇත්ත,නැත්තත් සඳමාලි අක්කාගෙන් තමයි දැනගන්න වෙන්නේ හිටං.
//මම අහලා තියෙන තව දෙයක් ජපානයට නිල හමුදාවක් නැති බව// අනේ මං ඔව්වා ගැන වැඩි උනන්දුවක් නැති නිසා දන්නෑ ඒකෙ ඇත්ත නැත්ත.
Deleteඅර දකුණු කොරියානු හමුදා කතාවත් ඊයෙ අහම්බෙන් ඇදුන කතාවක්. මගේ එක යාළුවෙක් නිතර කියනවා "මම හමුදාවෙ ඉන්න කාලෙ" කියලා. මට ඒක ගැන ඒ හැටි ගානක් තිබ්බෙ නෑ. ඊයෙ වෙන යාළුවෙකුගෙ වයස ගැන කියවිලයි ඔය ප්රශ්ණෙ මතුවුණේ.
ජපන් ළමයි අවුරුදු 23-24 වෙනකොට MSc. ඉවරයි. කොරියානුවොත් ඒ වගේ කියලා මං හිතා හිටියට අර ළමයගෙ වයස 27ක් කිව්වම මං ඇහුවා මෙහෙ එන්න කලින් ජොබ් එකක් කළාද කියලා. එතකොට කිව්වෙ නෑ හමුදාවෙ හිටියනෙ කියලනෙ. ඔයා ඕවා ගැන උනන්දු නිසාමයි එතනින් එහාට විස්තර ඇහුවෙ.
එයා කැම්පස් පළවෙනි අවුරුද්ද ඉවර කරලලු හමුදාවෙ වැඩ කළේ. එහෙම වැඩ නොකළොත් අවුරුදු දෙකක් හිරේට දානවලු (ඔහොම කොන්දේසියක් අපේ තිබුනනම් අළුතින් හිර ගෙවල් හදන්න වෙනවා ).
එයා කියනවා එයා එහෙම කැම්පස් ඉන්න කාලෙම වැඩ නොකළනම් මෙහෙම වෙන රටකට එන්න අවසර ලැබෙන්නෙ නැතිලු. එයාලා එහෙමයි හමුදාවකුත් පවත්වාගෙන යන ගමන් රට සීග්ර දියුණුවකට ඇදන් යන්නෙ.අපි ඉතින් අපෙන් මොනවත් රටට දෙන්න නෙවෙයිනෙ බලන්නෙ, පුළුවන් තරම් නිකන් ගන්න.
ළමයි කාලෙ දෙමව්පියන්ගෙන් සහ රජයෙන්. වැඩිහිටියො උනාම ආයතනෙන්, රජයෙන්.පඩි වැඩි කරන්නයි, ඩියුටි ෆ්‍රී වාහනයි අරවා මේවා කීයක් ජාති අපි රජයෙන් බලාපොරොත්තු වෙනවද?. ඒත් කමක් නෑ තම තමන්ගෙ රාජකාරිය හරියට කරලනම්. ඩියුටි ෆ්‍රී වාහන කතාව අහලා අපේ සෙන්සෙයිගෙ ඇස් උඩගියා දවසක්.
//ඔයා ඕවා ගැන උනන්දු නිසාමයි එතනින් එහාට විස්තර ඇහුවෙ.//
Deleteබොහෝම ස්තූතියි සඳමාලි අක්කේ.මේක ඇතුලේම හිර වෙලා ඉන්න අපි ඔය රට රජ්‍ය ගැන විස්තර හරියකට දැනගන්නේ ඔය අක්කලාගේ අත්දැකීම් වලින්නේ.
//බොහෝම ස්තූතියි සඳමාලි අක්කේ.මේක ඇතුලේම හිර වෙලා ඉන්න අපි ඔය රට රජ්‍ය ගැන විස්තර හරියකට දැනගන්නේ ඔය අක්කලාගේ අත්දැකීම් වලින්නේ//
Deleteමම අදහස් කළේ නම් එහෙම දෙයක් නෙවෙයි මල්ලි. ශරීර කූඩුව ඔය ඉදහිටක රටින් රටට ගියාට, ඔයාලා කියවීම තුලින් ලෝකෙ ගැන ලබාගෙන තියෙන අත්දැකීම් වලින් අරුක්කාලක්වත් මට නෑ කියලා මං දන්නවා.
මාත් වෙන රටවල එක එක දේවල් දැනගන්න්න ආසයි. ඒ නිසා සාමාන්‍යයෙන් ඕනි කෙනෙකුගෙන් විස්තර අහනවා. හැබැයි යුද්දෙ ගැන මට එහෙම කාගෙන්වත් අහන්න හිතිලා නෑ. එදා මං ඒ යාළුවගෙන් ඒ ගැන දිගින් දිගට අහන්නෙ නෑ, ඔයා ඒ ගැන එක එක දේ සදහන් කරලා තිබ්බෙ නැත්නම්. මම ඒකයි කිව්වෙ.
ඊට කලිනුත් අපි එක්ක ඉන්න අනෙක් කොරියානුවා එයා ආමි එකේ ඉන්නකොට.....කියලා විස්තර කියලා තිබ්බට ඇයි ආමි එකේ හිටියෙ කියල මට අහන්න හිතිලා තිබ්බෙ නෑ. මේ යුද්ද කතාව මේ පෝස්ට් එකේ ඇදිලා තිබ්බෙ නැත්නම් මං ඔය විස්තරේ තාමත් දන්නෑ. ඒත් ඔයා දන්නවා උතුරු කොරියාවෙ එහෙමයි කියලා නේද?. මං ඒකත් නෑ. පේනවනෙ වෙනස. රට රටවල ගියාට වැඩක් නෑ ගොළුබෙලි කට්ටකට බැහැලා.
මම හිතන්නේ අක්කේ මම අදහස් කරපු දේත් මෙතනදී හරියට මගේ අතින් සංනිවේදනය වෙලා නැහැ වගේ.
Deleteපොත්,පත්තර කියවීමෙන් අපි රටේ,ලෝකේ යම් දෙයක් ගැන දැනගත්තා වුනත් ඒ දේවල් ගැන අපිට හරියටම සහතික වෙන්න බැහැනේ.නමුත් ඒ අත්දැකීම් තියෙන කෙනෙක්ගේ කතාව ගැන ඊට වඩා අපිට සහතික වෙන්න පුළුවන්.ඉතින් සඳමාලි අක්කලා මේ විදියට රට රාජ්‍යවලදී ලබන අත්දැකීම් අකුරු කරන නිසා අපිත් ඒ දේවල් ගැන යම් පමණකින් හෝ දැනුවත් බවක් ලබනවා.බොහෝම ස්තූතියි අක්කේ එකට.
මම මෙතැනදී විශේෂයෙන්ම කියන්න උත්සහා කෙරුවේ අක්කා උන්නදු නොවෙන් දෙයක් ගැන ඒ විදියට තවත් කෙනෙක්ගෙන් විමසලා අපිට කියන්නේ අපි ඒ ගැන දක්වන උනන්දුව නිසානේ.නැතිනම් අක්කාට තිබ්බානේ තමන් උනන්දු නොවෙන දේ ගැන නිකම් ඉන්න.එත් එහෙම නොවී අපි ගැනත් හිතන නිසා ඔන්න ආයෙමත් සඳමාලි අක්කාට බොහෝම ස්තූතියි...
ජපනාට හැමදෙයම තියෙනවා . අපිට අපේ රටට ඕනම එක නැහැ.උඹ ද්නනවාද මොකචද්ද කියලා.
ReplyDeleteආයෙ වෙන මොකක්ද?. මං වෙන්නැති
Deleteඋඹවත් ඕන තමයි. අපිට නැත්තේ උවමනාව. පුළුවන් නම් වැඩ කරන්න අවමනාව කියන එක අරන් වරෙන්. ගෙනත් අවුන්සේ ගානේ වත් බෙදපන්. පාර පනිනන එක ගැනත් ලියපන්.
Deleteඇත්තටම කිව්වොත් ජපන හැදුනෙ ඇමරිකන් බෝම්බ දෙකෙන්. රටේ දියුණුව ආර්ථික සහ තාක්ෂණික දියුණුවෙන් නෙවෙයි (ඒ දියුණුව කලිනුත් තිබුණ, ලෝකෙ වටේට බෝම්බ දැම්මෙ mistubishi zero ප්ලේන් එකෙන්) ආකල්පමය අතින්. ජපන්නු කියන්නෙ අතිශය ම්ලේච්ඡ ජාතියක්. අන්න ඒ ම්ලේච්ඡ කම නැති වෙලා ආචාරශීලී ජාතියක් බිහිවුනේ බෝම්බ දෙකෙන් පස්සේ.
ReplyDeleteඔව් ඔබ කියන්නේ ඝාතන ගැන වෙන්ටැති. නමුත් ඒ තුලත් යම් ආචාරහීලිත්වත් ඒ කාලේ ඉදලම තිබුනා. බෝබ්බෙකින් බැහැ මිනිහගේ ආචාරශිලිත්වය, අන් අයට සැලකීම, නිතරම අනුන්ට කරදරයක් නොවී සිටිම වැනි වැදගත් දේ උගන්නන්න.. සජ්ජාගේ මතයට විරුද්ධයි..
Deleteදේශා.. මම දන්නවා යුද්දෙකදී මානව හිමිකම් කතන්දර අයිතිවාසිකම් නෑ.. හැබැයි එදා හිටපු ජප්පෝ අතිශය කෲරයි.. හිට්ලර්ලා සුද්දෝ වෙන රටවලදී කරපු නොපනත්කම් කළා. හැබැයි ජප්පෝ කරපු දේවල් වලට අලගු තියන්න වත් බෑ.. අපි දෙන්නගේ මතක මොක උනත් මේක බලපන්. මේව අපි දැනගෙන ඉන්න ඕන... https://www.youtube.com/watch?v=ILS6wGvOWO8&feature=youtu.be
Deleteසජ්ජා මතු කරන කාරණේට උත්තර දෙන්න මං Ask the audience option එක කොහොමත් ගන්න හිටියෙ මට වඩා යමක් කමක් තේරෙන කෙන්කියුෂාට හරි ඇනෝ මිත්රයාට හරි මේකට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් ඇතියි කියලා හිතලා.
Deleteමම මෙහෙ ඉදලා තියෙන්නෙ අවුරුදු තුනකටත් අඩු කාලයක්. මේ කියන කෙටි කාලය තුලදි මට මුණ ගැහුනෙ, ආශ්රය කරන්න ලැබුනෙ ඔය යුද්ධෙන් පස්සෙ ඉපදුන වර්තමාන කාලය තුල ජීවත්වන මිනිසුන්. ඒ නිසා මම කතා කරන්නෙ ඒ මිනිස්සු තුල මං දකින යහපත් සිරිත් විරිත් මිස දෙවෙනි ලෝක යුද්ධ කාලෙ ඔවුන් හැසිරුනේ කොහොමද කියන එක නෙවෙයි.
තනි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් තමන් සතුව තියෙන හැකියාවන්, ආකල්ප, සිතුම් පැතුම් මේ ඔක්කොම දේවල් යහපත් දේකට යෙදෙව්වොත් ඒකෙන් යහපතක් වෙනවා වගේම අයහපත් දේකට යෙදෙව්වොත් වෙන්නෙ අයහපතක්. බුදුහාමුදුරුවො තමන්ගෙ ශක්තිය යහපත් දේකට යෙදෙව්වා.ජනතා විමුක්ති පෙරමුණ දැන් රැයක් එළිවෙනකොට මුළු රටේම එක වගේම එකම පෝස්ටරේ අලවන්න යොදාගත්තු හැකියාවම භීෂණය කාලෙ අනුන්ගෙ ජීවිත උදුරා ගන්නත් පාවිච්චි කළා.
මට හිතෙන හැටියට ජපනත් ඔවුන් සතු මේ අටෝරාශියක් ගුණාංග යුද්ධය වැනි හානිකර දේකට යොදවලා ඒකෙ අයහපත් ප්රතිඵල භුක්ති වින්දා. ඔවුන් ඒ එදා නරකට පාවිච්චි කරපු ඔවුන් සතු කුසලතාම යලි නැඟිටීමත් පාවිච්චි කළා.
පශ්චාත් යුධ සමයක් කියන්නෙ රටක ජාතියක අනාගතයට ලොකු බලපෑමක් කරන කාල වකවානුවක් කියලා මං අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. අපි බලන්න ඕනි ඒ තරම් කුරිරු විදිහට හැසිරුන මිනිස්සු කොටසක් කොහොමද යුද්ධයක් කියන එක මතකවත් නැති ගානට අද මේ වගේ තත්වෙක ඉන්නෙ කියන එක.
මං අහලා තියෙන විදිහට යුද මානසිකත්වයෙන් රට මුදවා ගන්න ඔවුන් ලොකු පරිශ්රමයක් අරන් තියෙනවා. බෝම්බ වෙනුවට පොතට පෑනට දරුවන්ගෙ මනස යොමු කරවල සහ තවත් නොයෙකුත් ක්රම වලින්. ඒකෙ ඵලයක් විදිහට යුද්ධෙන් අවුරුදු පහලොවක් යනකොට ඔවුන් ලෝකෙ දෙවෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්න පවා සමත් වෙනවා.
යුද්ධෙ ඉවර වෙලා අවුරුදු හතක් පිරෙන මේ ලබන සතිය වෙනකොට රටක් විදිහට අපි මොනවද ලබාගෙන තියෙන්නෙ. අඩුම ගානෙ උතුරු නැගෙනහිර ජීවත්වෙන මිනිස්සුන්ගෙ මනස යුධ මානසිකත්වයෙන් මුදවා ගන්නවත් පුළුවන් වෙලා තියෙනවද?
බෝම්බෙකින් ආචාරශීලි මිනිස්සු බිහිවෙනවනම් අපි අද ඉන්න ඕනි කොතනද? ඉන්නෙ කොතනද?
විඩියෝව බැලීම හෙටයි.. හැක්..
Deleteහොඳයි සජ්ජා මේක මතු කරපු එක, මමත් ජපනුන් කොරියානු ජාතිකයින්ට යුද්දේදී සලකා තියෙන මිලේච්ච ආකාරය ගැන අසා තිබෙන කරනා නිසා ඔවුන් ගැන පැහැදීමක් ඇතුව නොවේ සිටියේ.ජපනුන් යුද්දේ පැරදුනාට පස්සේ නැවත නැගිටිමේදී තමන් අතින් සිදුවූ වරද තේරුම් ගෙන සිටින්න ඇති.
Deleteකොහොමත් තමන්ගේ වරද තේරුම් අරන් ඒ වරද පිළිගෙන එක හදාගන්න පුළුවන් නම් ඕනෑම පුද්ගලයකුට,ජාතියකට නැගී සිටින්න පුළුවන්.දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ ජර්මනුවන් පිළි අරන් තියෙනවා තමන් යුදෙව්වන්ට සලකපු ආකාරය වැරදි බව.කළු සුදු භේදය දරුණුවට තිබ්බ රටවල් බොහොමයක් තමන් කලු ජාතිකයින්ට සලකපු විදිය වැරදි බව තේරුම් අරන් තියෙනවා.අන්තවාදීන් සුළු පිරිසක් ඉන්න පුළුවන්.නමුත් ඒ රටවල් වල බහුතරය තමන්ගේ වරද තේරුම් ගෙන ඇති කියලා මම හිතනවා.
බෝම්බ දාලා සමුල ඝාතන කරලා රටවල් හදන්න පුලුවන් නම් මැදපෙරදිග,අප්‍රිකානු රටවල් ඇයි තවමත් ග්‍රෝත්තික විදියට කටයුතු කරන්නේ.කොටින්ම ලංකාවේ අපි වුනත්.
මම මෙහෙම කියන එක බොහොම ම්ලේච්ච්ඡයි කියල හිතෙන්න පුළුවන්.. හැබැයි ඇත්ත ඒකයි... අද අපි මේ ලබල තිය තාක්ෂණික සහ කාර්මික දියුණුවට ප්‍රධානම හේතුව තමයි යුද්ධය. වෛද්‍ය තාක්ෂනය දියුණු වෙන්න , කාර්මික ඉලෙච්ට්‍රොනික තාක්ෂණ , ගුවන්යානා, රොකට් තාක්ෂණය, න්‍යෂ්ටික ශක්තිය මෙකී නොකී හැම අංශයක්ම දියුණු වෙන්න බලපෑවේ පළමු සහ දෙවන ලෝක යුද්ධ. අපි මේ අත්දකිමින් ඉන්න තාක්ෂනය දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ආපු දේවල්. තාක්ෂණික පෙරලියක් ඇති වුනේ එයින් පස්සෙ. මහා සංහාරයකට පස්සෙ ජනතාව බොහොම මහන්සියෙන් උත්සාහයෙන් කොන්දේසි විරහිතව වැඩ කරනව. රටේ සහ තමන්ගේ යහපත වෙනුවෙන් කොන්දේසි විරහිතව කැප වෙනව. යුද්ධය වෙනුවෙනුත් මිනිස්සු කොන්දේසි විරහිතව වැඩ කරනව. අන්න ඒ කාරණා නිසා තමයි අපි මේ වර්තමාන දියුණුව අත්දකින්නේ. ඒ කාලයෙන් මෙපිට මාහ පෙරලියක් සිදුවෙලා නැත්තෙත් ඒ නිසා තමයි. තත්වය සාමකාමී වෙනකොට මිනිස්සු පහසුවට ජීවත් වෙනව. ජපානයේත් තත්වය එයමයි. එක ඔය කාරණා වලට ආදේශ කලාම උත්තර ලැබේවි. පිටින් දකින පෙනෙන ආකාරයේ මාහා ලොකු දෙයක් ඔය මොන රටක වත් නැහැ. කෝච්චියක් වෙලාවට යන එක, මහා දැවැන්ත නගර මාර්ග පද්ධතියක් තියන එක විතරක් නෙවෙයි දියුණුව කියන්නෙ. ඔය කියන දියුණුයි කියන හැම රටකම අපට නොපෙනෙන අපි නොදකින කළු පති බොහොමයක්ම තියනවා. ඔය කොයි රටෙත් හිඟන්නෝ ඉන්නව, විශේෂයෙන් ජපානයේ මහලු ශ්රමිකයන් බොහොමයක් ඉන්නව. කරන්න දෙයක් නැතිකමට විකල්පයක් නැති කමට ඔවුන් වැඩ කරනව. හැබැයි අපි දකින්නෙ සුදු පැත්ත විතරයි. සංස්කෘතිය තරුණ ජීවන රටාව ගන්නම දෙයක් නෑ. අපි ඒවා ගැන කතා කරන්නෙ නෑ.
Deleteඅනිත් දේ තමයි බෝම්බ වලින් කොහොමද රටවල් හදන්නෙ කියන කාරණාව. ඔව් පුළුවන්. එහෙම තමයි ඔය රටවල් හැදිල තියෙන්නෙ, අමානුෂික කම් අත්දැකපු නිසා තමයි මානව හිමිකම් ප්‍රතිපත්ති හැදෙන්නෙ, න්‍යෂ්ටික අවි හරණ වදපිලිවල් හැදෙන්නෙ ඒ දේවල් වල වැරදි සහ භීෂයන ඇස් පනාපිටම දැකපු නිසා. අමානුෂික කම් වලින් පාඩම් උගත් නිසයි මිනිස්සු මානුෂික වෙන්නෙ. හරි තර්කය අරන් බැලුවොත් ඔව්, බෝම්බ වලින් මිනිස්සු හැදිල තියනව මැරුණ වගේම.
මනෝගේ තර්කය. බෝම්බ වලින් සමූල ඝාතනය කරලා රටවල් හදන්න පුළුවන් නම්... ඔව් ඊශ්‍රායලය හැදුනෙ එහෙම... මැදපෙරදිග තත්වය වෙනස්. අප්‍රිකාවේ වෙන්නෙ අනුන්ගෙ අතපෙවීම් නිසා ගහ මරාගන්න එක. මේක බොහොම ම්ලේච්ඡ කතාවක් තමයි. හැබැයි ජනගහන පාලනය සිද්ධ උනේ ඔය ලෝක යුද්ධ වලින්. හැම ක්ෂේත්‍රයක්ම දියුණු උනේ ඊට පස්සෙ. හැබැයි පශ්චාත් යුධ සාමය හරියට ප්‍රයෝජනයට නොගන්න ඒකයි සමහර රටවල් වල තියන කරුමේ. ජපනා ඒක හරියට කළමනාකරණය කළා. ජර්මනිය ඒක හරියට කළා. අපේ රටටත් ඒක කරන්න තිබුණා. නමුත් කලේ නෑ.. නැත්නම් අපේ රටේ යුද්ධෙන් පස්සේ තමයි අපේ රට ගොඩ ගන්න පුළුවන් හොඳම වටාපිටාව හැදුනෙ. තාමත් එකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. අපේ රටේ යුද්ධයක් තිබ්බට ඒක දැනුනෙ, බලපෑම තිබුනෙ ඒ ප්‍රදේශවල හිටපු දෙමල මිනිස්සුන්ටයි හමුදාවේ හිටපු පවුල් වලටයි විතරයි. ඒකයි ඇත්ත. අපි වැඩකරන පැය අට හරියට වැඩ කරනවද? තව පැය බාගයක් දික් කලොත් කොච්චර මිනිස්සු කෑගහයිද? අන්න ඒකයි. අපි ලේසියෙන් ජීවත් වෙන්න කැමති මිනිස්සු. මිනිස්සුන්ට නැති වෙන්න දෙයක් නැති උනාම මිනිස්සු කොන්දේසි විරහිතව වැඩ කරනව. අපේ රටේ එහෙම දෙයක් නෑ.. ජපානයේ ඉන්න අය දන්නව ඇති ඒ මිනිස්සු සහ මෙහෙන් යන මිනිස්සු කොයිතරම් වැඩ කරනවද කියල. සතියකට පැය 50ට වැඩියි. අපේ උන් වගේ නෙවෙයි පැය 50 වැඩ නම් පැය 50 වැඩ.අපේ උන් පොතේ අස්සන් කලාට වැඩ කරනවද? ඕන්න ඔතනයි තියන ගැටලුව.
නෑ සජ්ජා ඔයාගෙ අදහස කොහෙත්ම මිලේජ්ජ නෑ. ඔයා මතු කරන බොහෝ කාරණා වලට මමත් එකගයි. නමුත් එකග නොවෙනෙ කියනවට වඩා ඔයා දකින විදිහට වඩා වෙනස් විදිහට මම දකින කරුණුත් තියෙනවා. ඒත් මේ වෙලාවෙ මම ගෙදර ඇවිත් ඉන්න නිසා මගෙ ලග කොම්පියුටරයක් නෑ. ෆෝන් එකෙන් ටයිප් කරන්න අමාරු නිසා හෙට මම ඒ ගැන මගේ අදහස් දක්වන්නම්.
Deleteඔයාට බොහොම ස්තූතියි හොද සන්වාදයක් ඇති කරාටයි ඔයා දකින දේ දකින විදිහටම කිව්වටයි.
මේ නිදහස් අවකාශෙ අපිට පුළුවන් අපේ අදහස් හුවමාරු කරගන්න. ඒකනෙ වෙන්න ඕනිත්
ඕනෙම කෙනෙකුට එහෙම අදහස් දරන්න පුළුවන්. ඒ අදහස් වලට ගරුකරන ගමන් මගේ අදහසයි මේ පහලින් ලියන්නේ. ඒවා ලිවීමේ පහසුව කරුණු (facts) ලෙස ලිව්වුවත්, ඇත්තටම මේ මගේ අදහස් (opinion) මිස තහවුරු කරන ලද කරුණු නොවේයි.
Deleteජපන්නු ම්ලේච්චයෝ වෙලා හිටිය කියන එක නම් මම විශ්වාස කරන්නේ නැහැ. නමුත්, ඒ වනවිට ඔවුන් බටහිර කරණය වෙලා සිටියේ නැහැ. ඔවුන්ට ප්‍රජත්න්රවාදය තිබුනේ නැහැ. දෙපසක සිටි පියා සහ පුතා සටන් බිමේ හමුවුනොත් ගවුරවය වෙනුවෙන් මැරෙනකම් සටන් කල සමුරායි සටන් තිබුණ බව කියවෙනවා. දෙවන ලෝක යුද්දෙට කලින් තමයි නුතන ජපානයේ පියා ලෙස සලකන සකමොටෝ ර්යෝමා සමුරායි ක්‍රමය බිදින්න පටන් ගත්තේ. 1851 වගේ කාලේ තමයි ජෝන් මන්ජිරෝ ඇමෙරිකාවේ සිට ඇවිත් ජපානය පරිවර්තනය කරන්න ලෝකෙට විවුර්ත කරන්න උත්සහ කළේ. දෙවන ලෝක යුද්දෙට පස්සේ ආපු ඔකියුපයින්ග් ආර්මි එකේ අණදෙන්නා වුන ෆීල්ඩ් මාර්ෂල් ඩග්ලස් මැක්ආතර් හොඳ ක්‍රිස්තියානි ලබ්දිකයෙක් ලෙස හැදින්වෙන්නේ. ඔහුටයි වුවමනා වුනේ ජපානයට පාර්ලිමේන්තු ප්‍රජතන්තරවාදය ගෙන්න. ජපානය වෙනස් වුනේ මේ ඇතුළු බොහෝ ක්‍රියාවලි වල එකතුවක් ලෙස මිසක් බෝම්බ නිසා නොවෙයි. මම හිරෝෂිමා බලල තිබෙනවා. තව සති දෙකකින් පමණ එන ජනාධිපති ඔබාමා මහතාගේ සංචාරය එක්ක සුදුසුම වෙලාවේ එය ඔබට ලියන්න බලාපොරොත්තු වෙනවා.
ජපන්නු අදටත් අමු මාළු කනවා. සත්තු මැරීම තල්මස්සු මැරීම ගැන සලකන්නේ නෑ. නිරුවතින් උණුදිය උල්පත්වල නානවා. කොන්යෝකු කියන උණු දිය උල්පත්වල ගැහැණු පිරිමි දෙගොල්ලම එකට නිරුවතින් නානවා. කශ්කිලි උණු දිය උල්පත්වල පවුලේ අය එකට නිරුවති නානවා. හරක් මරනවට විරුද්ධව ගිනිතියාගන්න්න අපේ රට එක්ක බැලුවම ඔවුන් අදත් අතිශය ම්ලේච්ඡ ජාතියක් කියල කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් මනුෂ්‍යයාට ලෝකේ කිසිම රටක නොලැබෙන ගවුරවයක් ජපන්නු දෙනවා කියලයි මම හිතන්නේ.
මම ජපානෙට ඇවිල්ලත් වැඩි කාලයක් නැහැ. නමුත් කලාතුරකින් කෙනෙකුට ආශ්‍රය කරන්න ලැබෙන ඉහල එකිනෙකට වෙනස් ක්ෂේස්ත්‍ර වල ඉහල පෙලේ ජපන් මහාචාර්යවරු ටිකක් ආශ්‍රය කිරීමේ වාසනාව ලැබුන නිසා බොහෝ දේ දැනගැනීමට සහ දැක ගැනීමට ලැබුනේ.
සංවාදය නියමයි.. ජපනුන් අතීතයේ සිටම ආචාරශිලි ජාතියක්. නමුත් යුද්ධයේදි ම්ලේච්ඡත්වය කියන දේ සාමාන්‍ය දෙයක්. ඔවුන් ඒ දේත් උපරිම විදියට කලාවක් ලෙසයි කරන්නේ. ද ලාස්ට් සමුරායි පිලුමේ ජපනාගේ සියුම් දේට උනත් තියෙන උපරිම කැපවීම පේනවා. මතකද රනිල් ජපන් ගිහිල්ලා එහේ තේ පානෝත්සවය කරන හැටි ඉගෙන ගත්තා. ඔවුන් පාරේ ගියත් නිතරම හිතන්නේ තමන්ට කරදරයක් උනත් අනිත් අයට කරදරයක් නොවී ඉන්න. හොදම උදාහරණයක් තමා නොරිකෝ සං. ඉතං සජ්ජා ඔවුන් ම්ලේච්ඡ ඇති නමුත් අපත් ම්ලේච්ඡයි. එකම දේ ඔවුන් දෙයක් කෙරෙහි ඇති කැපවීම ඉහලයි. අපි දන්නා හරාකිරිය බිහි වන්නෙත් ඒ වගේ ආත්මාභිමානය සදහායි.. තව ඉතිං මං නොදන්න දේ කොච්චරද?? කෙන්කියුෂා, සඳා සජ්ා මනෝ මේ සංවාදය නියමයි..
Deleteඋන් ඉලක්ක ලුහු බැඳ යනවා. අපි ලඟට එනකන් බලන් ඉන්නවා. හරිම පුදුම ඉස්කොලේ කියන පොත කියෙව්වා නම් දැකලා ඇති ටොට්සුකො චන්ගේ ඤාති සොහොයුරේක රෑට නිදාගනනේ දිනේවා අධිරජුනි කියලා ජපන් සොල්දාදුවෙක් මැරෙන විදහට කියලා.ඔවුන්ගේ ජාතිය බැඳ දමන සංකේතය තමයි අධිරාජයා. රට වෙනුවේන කියන එකට ඔවුන් යොදන්නේ අධිරාජයා යන්නයි.ත්‍රි කුණාමලයට ජපන්නු බෝම්බ දාපු වෙලාවේ තෙල් ටැංකි වලට ඉලක්කය ගත්තත් සම්පුර්ණයෙන්ම විනාශ කළ නොහැකි වුවිට ජපන් නියමුවෙක් තම ගුවන් යානය ටැංකි වෙත පහක් තරලා හැප්පුවා කියලා.ජපන්නුු හපන්නු කයන්නේ නිකන් නෙමේ. ඔවුන් තම රට වෙන්වෙන් කැප වෙන්නේ පුද්ගලික්ත්වය අමතක කරලයි. අදටත් ලොකේ යුධ,ගුවන්.නාවුක හම්දා කියන හමුදා ක්ෂේත්‍ර තුනේම මුල් රටවල් 10 අතරේ ඔවුන් ඉන්නවා.යන්නේ Jaica හරහා නම් තානාපති කාර්යාලයේන දෙන පොතේ තියෙනවා ජපන්නු තමන්වම හදුන්වා දෙනවා one of the most hard working nation of the world කියලා. කොරියාවත් එසේමයි.උන් නුලට රූලට වැඩ කරනවා විතැක් නෙමේ. වෙන බවටත් වග බලා ගන්නවා. අපේ මහාචාර්ය තුමිය මට කියවන්න දිපු තුඹස හා මෙරු පොතේ තියෙනවා තැනක චෙක් එක ගෙනියන්න එන ලියන මහත්තයා කථා නායකයාට කියනවා අපේ මහත්තුරු රත්තරන් මහත්තුරු. මාර ලියට තාර ගාලා කළුවර කයලා දුන්නොත් ගන්නවා. ඒත් මහත්තයො මේ ජපන් කාරයොෝ එක්කනේ මේක කොරන්න බැරි කියලා. අපි කෝච්ච්යේ යන කොට ජනේලයයෙන් එළියට කුණු විසි කරනවා. වළක්නවන්න හැදුවොත් අනිත අයගේ උපහාසයට ලක් වෙන්වා. නමුත් මේ පින්නතූර දැක්කම හිතන්නේ මොනවාද. ජපන්නු අතිශය මිලේච්ඡ ජාතියක් වෙන්න පුළුවන්. නමුත් උන්ට නෙමේ. වෙන රටවලට. අපි කෙළවන්නේ අපිටම නේද? ජපානේ නරක පැතිති තියෙනවා. POrn industry රටේ සැළකිය යුතු වයාපාරයක්. ගණිකා වෘත්තියක් කියෙනවා. හැබැයි අපේ රටේ වගේ කාන්තා පාර්ශවයන්ගේ පසුපස හා කළවා කොතරම් මෘදුද කියලා බස්වල දුම්රිය හිදී බලන්න යන පාර්ශ්වයන් නම් ඉතා අඩුයි. අපි හැම්දාමත් කියනවා කෙරුවාව තමයි නැත්තේ.ධම්මික ගංගනාත් මහත්තයා පැණි වලළු වල එක පාරක් ලියලා තිබිබා ඔය සකුවා උඩ කිව්ව සුනාමිය වෙලාවේ කළුතර බෝධිය ගාවදි බෝධි පුජාවක් තියෙනවා දැක්කා කියලා ජපානේට සෙත් පතලා.සර් සුසන්තාද ෆොන්සේකාගෙන් ආරම්භ කරපු ලිපිය අවසානයේ ලියලා තිබ්බේ ජපානය නම් සුනාමියෙන් ගොඩ එයි අපි බෝධි පුජා තිබ්බත් නැතත්,අපි අපිටම බෝධි පුජාවක් තියා ගත්තොත් නරකද කයලි රට වැටිලා තියෙන නාරා වලේන ගොඩ එන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් සේන තෝරදෙණියගේ පේරා දෙණිය ඉස්ටේසම ටිකට් දෙන කියන පොත හොයන් කිවන්න හොඳ උපහාසයක් එක්ක දැනගන්න පුළුවන්. තේරේන සිංහලේන කිව්වොත් අපි ඉන්දියාවේ උන් පාරේ රෙන එක ගැන තලු මරමර කිව්වාට උන් රොකට් යවනවා, උන් ලොකෛ් හතරවන් විශාලම යුධ හම්දාව තියෙන රට , න්‍යෂ්ටික බලවතෙක් කියන එක අප එහෙමට සලකන්නේ නැහැනේ.
Deleteජපනගාගේ තියා ඉන්දියන් කාරයාගේ උනත් හොඳ දේ ගන්න. ඒත් අපි කරන්නේ ඒකේ අනිත් පැත්නේ.
සජ්ජා....මම ඔයාට වඩා වෙනස් අදහස් දරණ ලොකු කොටස මෙතන තියෙනවා.
Delete//පිටින් දකින පෙනෙන ආකාරයේ මාහා ලොකු දෙයක් ඔය මොන රටක වත් නැහැ. කෝච්චියක් වෙලාවට යන එක, මහා දැවැන්ත නගර මාර්ග පද්ධතියක් තියන එක විතරක් නෙවෙයි දියුණුව කියන්නෙ. ඔය කියන දියුණුයි කියන හැම රටකම අපට නොපෙනෙන අපි නොදකින කළු පති බොහොමයක්ම තියනවා. ඔය කොයි රටෙත් හිඟන්නෝ ඉන්නව, විශේෂයෙන් ජපානයේ මහලු ශ්රමිකයන් බොහොමයක් ඉන්නව. කරන්න දෙයක් නැතිකමට විකල්පයක් නැති කමට ඔවුන් වැඩ කරනව. හැබැයි අපි දකින්නෙ සුදු පැත්ත විතරයි. සංස්කෘතිය තරුණ ජීවන රටාව ගන්නම දෙයක් නෑ. අපි ඒවා ගැන කතා කරන්නෙ නෑ//
ජපනුන්ගෙ වගේම මේ රටෙත් අපි අකමැති අපිට නොගැලපෙන දේ තියෙන්න පුළුවන්. මම ඒ ගැන කතා නොකරන්නෙ අපිට ඒවයෙන් ගන්න යමක් නැති නිසා.
අනික අපි හොදනෑ හරි කැමති නෑ හරි කියන්නෙ අපිට සාපෙක්ෂවනෙ. නමුත් ඔවුන් හැදෙන ජිවන වටපිටාවත් එක්ක ඔවුන්ට සාපෙක්ෂව ඒවා වැරදි හෝ අඩුපාඩු නෙවෙයි.
මං ඒකට පුංචි උදාහරණයකුත් කියන්නම්. අපේ පුතාට අවුරුදු තුනේදි අපි බැංකොක් ඉදලා ශ්රී ලංකන් ගුවන් සමාගමට අයත් යානෙකින් ලංකාවට ආවා. ගුවන් සේවිකාවක් පුතාට පාට කරන්න චිත්ර තියෙන පොතකුයි පැස්ටලුයි තව මොනාදයි තියෙන තෑගි පාර්සලයක් ගෙනත් දීලා අපි ළඟ නැවිලා තව මොනා හරි ඇහුවා. පොඩි එකා එකපාරටම හයියෙන් "ඇයි අම්මා මේ ආන්ටි මේ බන්ඩි බබා එළියෙ දාගෙන ඉන්නෙ" කියලා ඇහුවා.
බැංකොක් වල ඉන්නෙ ඉහේ ඉදන් දෙපතුලට වහගත්තු අය නෙවෙයිනෙ. පොඩි එකා එදා එහෙම ඇහුවෙ එයා අඟලක් දෙකක් දිග ඇඳුම්, අත් නැති ඇඳුම් ඇඳලා ඉන්න අය ඕනි තරම් දැකලා තිබුනට බඳ හරිය නිරාවරණය වෙච්චි කෙනෙක් ඒ දැක්කෙ පළවෙනි වතාවට නිසා හෝ එහෙම නැත්නම් ඒක නුසුදුසුයි වගේ හැඟීමක් එයාට දැනුන නිසා.
ඔසරි ඇඳපු කාන්තාවො ඕනි තරම් දැකපු ලංකාවෙම හැදුන පොඩි එකෙක් බැංකොක් වලට අරන් ගියාම ඇතිවෙන්නෙ "ඇයි අර කකුල් එලියෙ දාගෙන ඉන්නෙ" කියන ප්රශ්ණෙනෙ. ඒ වගේ මේ බොහොමයක් දේ සාපේක්ෂයි. අපේ ඔළුව ඇතුලෙ තියෙන දත්ත වලින් තමයි අපි හොද-නරක , හරි- වැරදි මේ සේරම තීරණය කරන්නෙ.
ඒ නිසා ඔවුන්ගෙ සංස්කෘතිය හෝ තරුණ ජීවන රටාව ගන්නම දෙයක් නෑ වගේ අපිට පේන්නෙ අපි ඉන්න රාමුව තුල ඒවා නරකයි කියලා හිතෙන නිසා. ඔවුන්ගෙ ජීවන රාමු තුල ඔවුන් නිවරදි නම් අපි ඒ ගැන කතා කරන එකේ ඵලක් නෑ.
කොයි රටෙත් හිඟන්නො ඉන්නවද කියන්න මං දන්නෑ මං හැම රටකටම ගිහින් නැති නිසා. හැබැයි මම ජපානෙදි තාම නම් හිඟන්නෙක් දැකලා නෑ. ඒත් ප්රංශෙදි දැකලා තියෙනවා.
ජපානයේ මහළු ශ්රමිකයො ගැනත් මං අංශු මාත්රයක දෙයක් දන්නෑ. ඒත් මම දන්න දෙයක් තමයි ජපානය කියන රටේ වයෝවෘද්ධ වැඩිහිටියන්, ආබාධිතයින් සහ දරුවන් රට තුල ඉහළම සැලකුම් ලබන කොටස කියලා. දරුවො කියන්නෙ රටේ අනාගත දිශානතිය තීරණය කරන්නන් නිසා හොදම දේ දෙන්නෙ දරුවන්ට. වයෝවෘද්ධ වැඩිහිටියො කියන්නෙ රට මෙතනට ගේන්න කැප වෙච්ච අය නිසා ඔවුන්ම මියෙන තුරු බලාකියා ගැනීම රටේ වගකීමක්.දරුවන්ට වගේම ඔවුන්ටත් නොමිලේ ලැබෙන දේවල් මහ ගොඩක් තියෙනවා (මං ඒ දේවල් ඉදිරියේදි ලියනවා ). නිරෝගී ආහාර පුරුදු සහ අනෙකුත් ඇවතුම් පැවතුම් එක්ක ජපනුන්ගෙ ආයු කාලය වැඩි නිසා දැන් රටේ වයස්ගත ජනගහණය වැඩියි කියලයි, ඔවුන්ව නඩත්තුවට රජයෙන් දැරිය යුතු පිරිවැය ඉහළ යනවයි කියලා හැම අවුරුදෙම බදුත් වැඩි කරනවා.
කෝච්චියක් වෙලාවට යන එක, මහා දැවැන්ත මාර්ග පද්ධතියක් තියන එක දියුණුවට උර දෙන සාධකයන් සහ ඒ දියුණුව පිටින් මැන බැලිය හැකි එක සාධකයක් මිස රටක දියුණුව කියන්නෙ ඒක විතරක් නෙවෙයි කියලා මාත් පිළිගන්නවා. නමුත් ඒ දෙක ඇරෙන්න මේ දියුණුව පෙන්නන තව ගොඩක් දේවල් මෙහෙ තියෙනවා. ඒවා හිමින් හිමින් ලියන්න මං හිතන් ඉන්නවා. කෝච්චිය වෙලාවට යන්නෙ නැත්නම් මිනිස්සු ඒ මත යැපෙන එක අඩු වෙනවා. එහෙම උනොත් අර ගෙවල් වල නවත්තලා තියෙන කාර් එකේ නැගලා යන්න එන්න පටන් ගත්තම දවසෙ වැඩි කාලයක් ඉන්න වෙන්නෙ ට්රැෆික් එකේ. එතකොට වැඩ කරන්න කාලෙ නෑ. ඒකයි ට්රේන් වෙලාවට යන එකෙයි, හැම විනාඩියකම ට්රේන් සිය ගානක් යන එකෙයි වැදගත්කම.
හොද මාර්ග පද්ධතියක් තිබුන පලියට රටක් දියුණු වෙනවනම් දැන් අපිත් සෑහෙන්න දියුණුයි.
පෙර වැරදි කොයි තරම් තිබුනත් දැන් අපිට ඔවුන්ගෙන් ඉගෙන ගන්න යමක් තියෙනවනම් අපි ඒ දේ ගන්න බලමු සජ්ජා. මම මේ සටහන් තුලින් කියන්න උත්සහ කරන්නෙ අපිට මේ රටවල් වලින් ගන්න පුළුවන් හොද දේ. ඒකෙන් නරක දේවල් නෑ කියන එක අදහස් වෙන්නෑ.
මගේ උත්තරේ දිග වැඩියි. ඔයාට ආයෙ වතාවක් ස්තූතියි! මේ සංවාදය ගොඩනැගුවට. බ්ලොග් අවකාශෙ තිබිය යුතුම දේ ඒක උනාට අපි නිතර දකින්නෙ අත්තම් ක්රමේට "එල එල.....පට්ට....මරු " වගේ කමෙන්ට් දාන එක විතරනෙ.
ඔයාටත් බොහොම ස්තූතියි! කෙන්කියුෂා ඔයාගෙ අදහස් ඉදිරිපත් කලාට. ඔයාගෙ ලිපිය කියවන්න ආසාවෙන් බලා ඉන්නවා.
Deleteමේ සංවාදෙ මරු... දෙන්නම් ජම්බු කිව්ව වගේ තව ටිකකින් තවත් ලොරි ටෝක් එකක් දෙන්නං :D ඇත්තටම මෙහෙමයි වෙන්න ඕන. බ්ලොග් වල සංවාද ඇතිවෙන තරමට හැමෝගෙම දැනුම ඉහල යනව...
Deleteබොහොම ස්තූතියි! දේශො Ask the audience option එකට යන්න කලින්ම උත්තර දෙන්න ආවටත් සංවාදයට දායක උනාටත්
Deleteස්තූතියි! ජයසිංහ ඔයාගෙ වටිනා අදහස් ටිකටත්. මාත් කියන්නෙ කාගෙන් උනත් ඉගෙනගන්න තරම් වටින දෙයක් තියෙනවනම් ඉගෙන ගන්න එක වටිනවා කියලයි. ඒත් ඒක එක එක්කෙනාගෙ කැමැත්ත අනුවයි තීරණය වෙන්නෙ.
Deleteඅනේ මගේ "තුඹස සහ මෙරු " මිසින්. මං ඒක එරමානිස් එකේ විකුණන්න බෑ කියද්දි වැඳලා වගේ අරන් ආව එකක්. ඔයාට අහු උනොත් ඒකයි "කන්දේගම කුලරත්නගෙ" "ඇය වනස්පති" පොතයි මං වෙනුවෙන් අරන් තියන්න.මේ අහිකුණ්ඪික ජීවිතේදී අහිමි වෙන මිල කරන්න බැරි දේවල් තමයි පොත් ටික. ගිහින් දැම්මෙ කොයි ගෙදරටද කියලා මට මතකත් නෑ, ගෙදර තියෙනකොට පොත් ඉල්ලන් යන්නෙ කවුද ආයෙ ගෙනත් දෙන්නෙ නැත්තෙ කවුද කියලා අම්මලාට මතකත් නෑ.
ඔව් සජ්ජා.නැත්නම් බ්ලොග් ලිවිල්ලත් පත්තර වගේ වෙනවනෙ.පත්තරේ බලලා අපි අපේ අදහස ඉදිරිපත් කරන්න බැරි උනාට බ්ලොග් වල ඒ බාධකය නෑනෙ.
Deleteඅදනම් ඔයා ලොරි ටෝක් දුන්නට මං බය නෑ. මං අද රෑට ගෙදර යනකොට ලැප්ටොප් එක අරන් යනවා.
සඳා .. මේක බොහොම ඇතුලෙන් හිතන්න ඕන මාතෘකාවක්. මුලින්ම කියන්න ඔය මෙතන ඉන්න සහෝදර සහෝදරියෝ කීපදෙනෙක්ම කියපු කාරණා වලට මම එකඟයි. මේ විදිහේ පොල්ලෙන් ගහන කතාවක් කියන්න මූලිකම වෙන හේතුව තමයි "අපේ එව්ව ගන්නම දෙයක් නෑ.. අරෙහෙ එව්ව තමයි මාර" කියන විදිහේ මතයක් හැමවෙලාවකම වගේ ඉදිරිපත් වීම. අරෙහෙ ඒවා මාරයි. ඒ ගැන කිසිම තර්කයක් නෑ. හැබැයි අරෙහෙත් අජූව දේවල් තියනවා. මෙහෙ අජූව ඒවා තියනවා ඕන තරම් හැබැයි මෙහෙත් තියනවා මාර දේවල්.බොහෝ දුරට පිටරකට ගිය සහ එවැනි රටක ස්ථාපිත වෙන ලාංකිකයන් තුල වර්ධනය වෙන මම දැකිය ආකල්පයක් තමයි "ලංකාවේ එහෙම උනාට මෙහෙ එහෙම නෑ, මෙහෙ තමයි මාරම මාර" කියන ආකල්පය. සඳා එහෙම කොතනකවත් කියනවා කියල මම කියන්නෙ නෑ. මම මෙතන පොට පටලවාගෙන තමයි. හැබැයි හැම වෙලාවකම අපේ පරම්පරාවේ මම දකින්නෙ "ගඟෙන් වතුර බීලා මුහුදටආවඩන" ආකල්පය. මගේ පවුලේත් ඉන්නව දියුණු රටවල ඉන්න මිනිස්සු.යාලුවෝ මිත්‍රයෝ ගොඩක් ඉන්නව. ඇත්ත. ඒ රටවල තත්වය බැලුවම අපි ඉන්නේ ගොඩක් පිටිපස්සෙන්. හැබැයි ලංකාවේ තත්වය හෙලාදකිමින් අර දේවල් වර්ණනා කරන්න එනකොට මම ඒකට උපරිමයෙන් ගහනව.මස්සිනා, යාළුවා, මාමණ්ඩි කියල බලන්නෙ නෑ. මෙතන එහෙම දෙයක් නෑ. මමයි පොට පටලවන් ඉන්නේ. ඔබ කිව්ව වගේ හොඳ දේ අරගෙන නරක දේ බැහැර කරන එකයි අපි කරන්න ඕන. මම මේ කිව්වෙ ඇත්තම කතාව අවන්කවම මේ වාදයට පැටලෙන්න හේතුව.
Deleteජපනුන් ම්ලේච්චයි කියන කාරණාවට හේතුව තමයි දෙවන ලෝක යුධ කාලයේ ඔවුන් කළ යුධ අපරාධ. මම මුලින් කියපු වාර්තා වැඩසටහන නිකමට බලන්න. සොල්දාදුවන්ට උනත් යම්කිසි විනයක් සහ ශික්ෂණයක් තියෙන්න අවශ්‍යයි. සමුරායි සටන් සහ අවමානයෙන් ගැලවීම වෙනුවෙන් තාත්තා සහ පුතා මැරෙනතුරු සටන්කිරීම ම්ලේච්ඡ නැද්ද? කතිරයක ආකාරයට බඩ කපාගෙන මැරෙන "හරාකිරි" ක්‍රමය ම්ලේච්ඡ නැද්ද? මැන්චුරියාවේ ඔවුන් පවත්වාගෙන ගිය වද කඳවුරු ම්ලේච්ඡ නැද්ද? වෛද්‍ය පර්යේෂණ වෙනුවෙන් චීනයේ දරුවන්ට ඇන්ත්‍රක්ස් වයිරසය යෙදවූ රසකැවිලි බෙදාදුන් ඔවුන් ම්ලේච්ඡ නැද්ද? වෛද්‍ය පරීක්ෂණ වෙනුවෙන් චීනු සාමාන්‍ය ජනතාව පණපිටින් කායවිච්චේදනය කිරීම් ම්ලේච්ඡ නැද්ද? ගම්මාන පිටින් රෝග බෝ කරමින් පරීක්ෂණ පැවැත්වීම සහ ජාල මූලාශ්‍ර වලට වස යෙදීම්.(මම ඔය සම්බන්ධයෙන් වාර්තා වැඩසටහන් බොහෝ නරඹා තිබෙනවා. අවශ්‍යනම් ලින්කු සපයන්නම්. මට සමහර දේවල් බලල ඇඬුම් ආ අවස්ථා බොහොමයි) ශීරෝ ඉෂි (shiro ishi) ගැන සෙවුමක් කර බලන්න. දෙවන ලෝක යුද්ධයෙන් පමණක් ඔවුන් ගැන මනිනවා යයි සිතන්නට එපා. ජපනුන් සටන් ක්‍රම "මාෂල් ආට්ස්" වලට ආදී කාලයේ සිට යොමු වන්නේ ඇයි? ආත්ම ආරක්ෂාව, එකිනෙකාගෙන් ආරක්ෂා වීම බොහොම වැදගත් නිසා. සාමකාමී ජාතියකට එය අත්‍යාවශ්‍ය කාරණාවක්ද? සමුරායි වරුන් දිවිහිමියෙන් ඉඩම් හිමි වංශාධිපති වරුන් වෙනුවෙන් සේවය කලේ ඇයි? නිරන්තර ගහමරාගැනීම් කලකෝලාහල සිදුවූ නිසා. සම විටකම යුද්ධය. අන්න ඒ සම විටකම යුද්ධය ඇතිවන කාරනාව නිසා කොහොමද ඔවුන් බොහොම සාමකාමී වෙන්නෙ? ඒ වගේම මගේ අනෙක් තර්කයත් මෙයින් සනාත වෙනව. ජාතියක දියුණුවට ප්‍රධාන කාරනාවක් තමයි ඒ රටේ මිනිසුන් රණකාමී වීම. රණකාමීන් ආක්‍රමණිකයන් වීම නිසා තමයි දියුණු රටවල් හැම එකක්ම ඒ තත්වයට පත් වෙලා තියෙන්නෙ. ආක්‍රමණශීලී එකා දියුණු වෙනවා අනෙකා කොල්ල කෑමෙන් හෝ. හැම දියුණු රටකම යතාර්ථය එයයි. සාමකාමී ජාතීන් මර්ධනය වී තිබෙන්නේ එම නිසා. එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය, ස්පාඥ්ඥය , ජපානය වගේ හැම දියුණු රටකම ප්‍රධාන රහස ඒකයි. යුධකාමීන් දියුණු වෙනවා, අනිත් උන් අරුන්ට යට වෙනවා. මෑත කාලීන හොඳම උදාහරණය ඊශ්‍රායලය.
අනිත් කාරනාව වයස්ගත මිනිසුන් රැකබලාගැනීම උපරිමයට වෙනවා කියන කාරණාව. ජාපානය එන්න එන්නම වයසට යනවා.ඔබ කිවූ ආකාරයට ඒ වෙනුවෙන් බඩු වැඩි වෙනවා. ඇත්ත. ඒ බදු වැඩි වෙන්නෙ අයි. ඒ වයස්ගත උදවිය තමාගේ දුවල පුතාලගෙන් නඩත්තු වන නිසාද? නෑ. ඒවා කරන්නෙ රජයෙන්. දරුවන් වැඩිහිටියන් රැකීම පැහැර හරිනවා.වැඩිහිටි නිවාස සහ වැඩිහිටි සුභසාධනය වෙනුවෙන් රජයට මුදල් වෙන්කිරීමට සිදුව තිබෙන නිසයි ඒ සම්බන්ධව බදු වැඩිවන්නේ මම දකින ආකාරයට.මම මේ ලඟකදී ලිපියක හමුවූ දෙයක් මේ... http://www.cnbc.com/2016/03/27/japans-elderly-turn-to-life-of-crime-to-ease-cost-of-living.html ජපානයී වැඩිහිටි අසහනය ඉක්මවා ගිය අවස්තාවක. ඔවුන් සුපිරි වෙළඳසල් වලින් හොරකම් සිදු කරනවා හිරේට යන අරමුණින්. මේ ලියවිල්ලේ තිබෙන අආකාරයට වෙළඳසල් සොරුන්ගෙන් සියයට 35ක් වයස 60ත වැඩි පුද්ගලයන්. එම පුද්ගලයන්ගෙන් සියයට 40ක් නිතර නිතර හිරගෙට යාමේ උවමනාවෙන් සොරකම් කරන්නේ. හිරේදී නොමිලේ කෑම සහ හිසට වහලක් ලැබෙන නිසාවට. තත්වය මෙසේයි. ජපානයේ පාසල් ශිෂ්‍යාවන් වැඩි වශයෙන් තමන්ට වඩා වයසක පිරිමින් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන බව ඔබ අසා ඇති. අපි පෙර දුටු කිමෝනෝ අඳින අහිංසක බුහුටි කෙල්ලන් දැනුත් ජපානයේ සිටිනවාද? දැනට මේ ඇති.
Deleteමම මේ කරුණු ඇත්තටම කතා කලේ ජපානය එපාකරපු රටක් කියන්නට නොවෙයි. කළු පැත්තක් ඕනෑම රටක තිබෙන බව පැවසීමටයි. ආදර්ශයට ගතයුත්තන් තිබුනත් එසේ නොකළයුතු දේවල්ද බොහෝ තිබෙන බව දැක්වීමට. බෝම්බ දෙකෙන් මැඩ පැවැත්වුනේ අප දකින අහිංසකම ජාතියක් නොවන බව පෙන්නන්නට. ජපනා හපනා , සකුරා මල්, කිමෝනෝ, ඔෂීන්, බුලට් ට්‍රේන් වලට අමතරව තවත් කතා නොකරන ගොඩක් දේවල් ජපානයේ තිබෙන බව පෙන්නන්නට.
සජ්ජා ඔයාගෙ අදහස් ඉදිරිපත් කලාට ස්තුතියි!. හැබැයි මේ දෙවෙනි කමෙන්ටුවට උත්තර දෙන්න කලින් මට මං ෂුවර් එකටම ඉන්නෙ ජපානෙද කියලා තහවුරු කරගන්න ඕනි. ඒ නිසා උත්තරේ ප්‍රමාද වෙයි. එතකල් ආස්ක් ද ඕඩියන්ස්.
Deletehttp://www.dailymail.co.uk/femail/article-3168563/Documentary-lifts-lid-dark-Japan-s-schoolgirl-culture-reveals-teen-students-forced-prostitution-obsessive-older-men.html
Deleteසජ්ජා.... මේ උත්තරේ මේ කමෙන්ට් එකට //සඳා .. මේක බොහොම ඇතුලෙන් හිතන්න ඕන මාතෘකාවක් blablaaaaaaa//
Deleteඔයා කියන ජාතියෙ ලාංකිකයෝ ඕනි තරම් මටත් මුණ ගැහිලා තියෙනවා. ඒ වගේම ඊට හාත්පසින්ම වෙනස් අදහස් දරණ රට ගැන ආදරේ අයත් ඉන්නවා.කවුරුහරි කෙනෙක් ලංකාවට වඩා වෙන රටක ජීවත්වෙන එක පහසුයි හරි හොදයි හරි වෙන මොන හේතුවක් නිසා හරි එහෙම ජීවත් වෙනවට මගේ විරුද්ධත්වයක් නෑ. ඒ එක එක්කෙනාගෙ කැමැත්ත.
නමුත් පුද්ගලිකව මං වෙන රටක පදිංචි වෙන්න කැමති නෑ.වාසනාවට වගේ මගේ මහත්තයා කැමතිත් නෑ. අපි දෙන්නා විතරක් නෙවෙයි අපි විදිහටම හිතන අපි එක්ක වැඩ කරන හැමෝම නිතර කියන දෙයක් තමයි "පිටරටක ගිහින් දුක සේ සැප විදිනවට වඩා අපේ රටේ ඉදන් සැපසේ දුක් විදීම" හොදයි කියන එක.
මමත් මගේ මහත්තයත් ජපානෙට ආවෙ ඉගෙනගන්න. ඒ ඉගෙනගන්නෙ පුද්ගලික ලාභ පරමාර්ථ විතරක්ම තියාගෙන නෙවෙයි. මං අදටත් ලංකාවෙ රජයෙන් වැටුප් ලබන අර්ධ රාජ්ය සේවිකාවක්.
මං වෙනුවෙන් ජපන් රජය අවුරුද්දකට මිලියන හතර පහකට වඩා වියදම් කරනවා. ඒ ඔවුන් මගෙන් ආපිටට ඔවුන්ගෙ රටට කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මං මගේ රටට ඒවයින් යමක් කරයි රටේ දියුණුවට දායක වෙයි කියන චේතනාවෙන්. ඒ නිසා සහ ඔවුන් තුල තියෙන අපූරු සුන්දර මිනිස්කම් වලට මං ගොඩක් ගරු කරනවා වගේම ආදරේ කරනවා.
නමුත් මං හොදාකාරව දන්න දෙයක් තමයි අපේ දුප්පත් ආණ්ඩුවෙනුයි ජපානෙ පෝසත් ආණ්ඩුවෙනුයි දෙකෙන්ම කකා බිබී නිදි මරාගෙන මේ ඉගෙනගන්න දේවල් වලින් අපේ රටේ සාමාන්ය කෙනෙකුට සෘජු ප්රයෝජනයක් ගන්න බැරි බව. මට ඒවා පහසුවෙන් දෙන්න පුළුවන් මගෙන් ඉගෙන ගන්න දරුවන්ට සහ ඒ ක්ෂේත්රයේ ඉන්න අයට විතරයි.
ඒත් මං මේ ඉගෙනීම අතරෙ ලබන අත්දැකීම් ඕනි කෙනෙක් එක්ක බෙදාගන්න පහසුයි. ඒ නිසා ඒ තුලින් සමාජෙට පුංචිම හරි පණිවිඩයක් මට දීගන්න පුළුවන්නම් ඒක මට සතුටක්. මං මේ ලිවීම තුලින් කරන්න උත්සහ කරන්නෙ ඒක. ඒත් ඒක කොයි තරම් දුරට සාර්ථක වෙයිද කියන්න මං දන්නෑ. මගේ මේ පෝස්ට් එකේ තැනක මං ලිව්වා "ඕනෑම තැනක් තමන් ඇතුල් වෙන විට තිබුන ආකාරයටම තබා යාම ජපනුන් කුඩාකල සිටම පුරුදු වන හොද ගුණාංගයක්" කියලා. මේක කියවන එකම එක්කෙනෙක් හරි තමන්ගෙ ගෙදරින් ඒ වගේ හොද පුරුද්දක් පටන් ගන්නවනම්!
පහුගිය අවුරුදු දෙකේ තෝක්යොවෙ හොද පහසුකම් ඇති ඉස්කෝලෙක ඉගෙනගත්තු මගේ පුතා අද ඉගෙනගන්නෙ මාතර තල්පාවිල කියලා පුංචි ගමක ඉස්කෝලෙක. ඒ පංති කාමරේ අඩුම ගානෙ ෆෑන් එකක්වත් තිබ්බෙ නෑ. අපි පුතාව ඒකට ඇතුළු කරන දවසෙ ප්රින්සිපල් කිව්වා "මේකෙ වැඩිපුර ඉන්නෙ ධීවරයින්ගෙ දරුවො.... සමහරවිට මේ දරුවට මුලින් ඔරොත්තු දෙන එකක් නෑ කියලා". ඒත් අපේ දරුවා ජීවත්වෙන්න පුරුදු වෙන්න ඕනි අපේ රටේ මිනිස්සුන්ගෙ සුවඳ එක්ක මිස තෝක්යොවෙ හෝ වෙනත් රටක නෙවෙයි කියලා අපි විශ්වාස කරන නිසා අපි අපේ තීරණය වෙනස් කලේ නෑ.
මං මේ ටික කිව්වෙ සජ්ජට මගේ ලිවීම ගැන වැරදි චිත්රයක් තියෙනවනම් ඒක ඉවත් කරගන්න පහසු වෙන්න සහ හැමෝම ගඟෙන් දිය බීලා මුහුදට ආවඩන්නෙ නැති බව තේරුම් කරවන්නයි.
අපි අපි තුල තියෙන වැරදි හදුනා නොගත්තොත් ඒවා නිවරදි කරගන්න බෑ. ඒ නිසා අපේ රටේ තියෙන අඩුපාඩු අපි දකින්න ඕනි, වෙන රටවල් එක්ක සසදන්න ඕනි, ඊට පස්සෙ අපි අපේ අඩුපාඩු හදාගන්න ඕනි කියන අදහස තමයි මටනම් තියෙන්නෙ.
ඒ නිසා මමනම් අපේ රටේ තියෙන අඩුපාඩු දකින්නෙ අපේ රට හෙලාදකින්න තියෙන ආසාවට නෙවෙයි ඒවා නිවරදි කරගෙන අපිත් ලෝකෙත් එක්ක ඉස්සරහට යනවා දකින්න ආසාවට.
//සජ්ජා ඔයාගෙ අදහස් ඉදිරිපත් කලාට ස්තුතියි!. හැබැයි මේ දෙවෙනි කමෙන්ටුවට උත්තර දෙන්න කලින් මට මං ෂුවර් එකටම ඉන්නෙ ජපානෙද කියලා තහවුරු කරගන්න ඕනි. ඒ නිසා උත්තරේ ප්‍රමාද වෙයි. එතකල් ආස්ක් ද ඕඩියන්ස්.//
Deleteමේ ගැන ඔහු කියන කාරණා බොහොමයක් ඇත්ත. ඔය කියන ඔක්කොම නරක දේවල් තිබෙන රටක් ජපානය. ඊට අමතරව පාකින්චෝ, සයිබර් හොරු, එස් එම් බාර්, සොප් ලෑන්ඩ්, යකුසා, චීන සහ කොරියානු පාතාල කල්ලි, සෝකෝ අසහරාලගේ ඖම් (දැන් නම් බෙදිලා ඒ ගොල්ල), විතරක් නොවෙයි ඊටත් වැඩිය අතිශය භයානක සෙල්ලම් තිබෙන රටක්. නමුත් අපි වගේ සොකඩ හැල්මස්සෝ විහින්ම ගිහින් තෝරු මෝරු පැටලෙන ඒ භයානක දැලේ පැටලෙන්නේ නැතිනම් අපි එහෙම ඒවා තියෙන බවවත් නොදන්නා එකයි වෙනස.
වයසක මිනිස්සු ගැන ඔහු කියන කතාවත් ඇත්ත. නමුත් ඒක යට තිබෙන්නේ වෙන වෙන ආකල්ප. අපි ඒවා පස්සේ කතා කරමු.
//අපි අපි තුල තියෙන වැරදි හදුනා නොගත්තොත් ඒවා නිවරදි කරගන්න බෑ. ඒ නිසා අපේ රටේ තියෙන අඩුපාඩු අපි දකින්න ඕනි, වෙන රටවල් එක්ක සසදන්න ඕනි, ඊට පස්සෙ අපි අපේ අඩුපාඩු හදාගන්න ඕනි කියන අදහස තමයි මටනම් තියෙන්නෙ. ඒ නිසා මමනම් අපේ රටේ තියෙන අඩුපාඩු දකින්නෙ අපේ රට හෙලාදකින්න තියෙන ආසාවට නෙවෙයි ඒවා නිවරදි කරගෙන අපිත් ලෝකෙත් එක්ක ඉස්සරහට යනවා දකින්න ආසාවට.//
මම හිතන්නෙත් එහෙමයි. අපිට අපේ හොඳ සහ අනිත් අයගේ අඩුපාඩු කියල හිත හදාගන්න සතුටු වෙන්න පමණක් පුළුවන්. ජපානේ අඩුපාඩු කියල ඒ රට හදන්න වෙහෙසෙන්න ඒ අපේ රට නෙවෙයි නේ. ඒක ජපනුන්ගේ කාරියක්.
සඳා... මට අර ආකල්පමය කාරනාව සම්බන්ධයෙන් බොහොම පැහැදිලි උත්තරයක් ලැබිල තියනවා. බොහොම අගයකලයුතුයි. ඇත්තටම බොහොම ආඩම්බරයි. එච්චරයි මට කියන්න තියෙන්නෙ.
Delete//අපි අපි තුල තියෙන වැරදි හදුනා නොගත්තොත් ඒවා නිවරදි කරගන්න බෑ. ඒ නිසා අපේ රටේ තියෙන අඩුපාඩු අපි දකින්න ඕනි, වෙන රටවල් එක්ක සසදන්න ඕනි, ඊට පස්සෙ අපි අපේ අඩුපාඩු හදාගන්න ඕනි කියන අදහස තමයි මටනම් තියෙන්නෙ. ඒ නිසා මමනම් අපේ රටේ තියෙන අඩුපාඩු දකින්නෙ අපේ රට හෙලාදකින්න තියෙන ආසාවට නෙවෙයි ඒවා නිවරදි කරගෙන අපිත් ලෝකෙත් එක්ක ඉස්සරහට යනවා දකින්න ආසාවට.// ++++++++++++++++++++++++++++++
ඕන්න ඔය කාරනාව වෙනුවෙන් තමයි අපි හැම වෙලාවකම පෙනී ඉන්න ඕන. අර මම කලින් දරාගෙන ඉඳපු වැරදි ආකල්පය නිසාවට "හරිම ෂෝයි" නොකියා මර්වින් සිල්වා ටයිප් කොමෙන්ටුවක් පැන්න ගමන් දැම්මේ නැත්තං මේ සංවාදය ඇති වෙන්නෙ නෑ. සඳා කෙන්කියුෂා දේශා සහ මනෝ .. බොහොම උනන්දුවෙන් කරපු සංවාදයක් මේක. හැමෝටම තුති. ජයවේවා....
ඔව් සජ්ජා ඔයා මට මං නොදැන හිටිය ගොඩක් දේවලුත් කියලා දුන්නා. උඩ කෙන්කියුෂා කියලා තියෙන ජාති වලිනුත් මං දන්නෙ පාකින්චො විතරයි. ඒවා හැමතැනම තියෙනවා. පොඩි එව්වො ෆෝන් ඔබ ඔබා මෙලෝ සිහියක් නැතුව ගේම් ගහනවා වගේ ලොකු එව්වො එව්වා අස්සට රිංගගෙන ගේම් ගහනවා වගේ දෙයක් පිටින් දකිනවා මිස මං ඒක ඇතුලෙ වෙන්නෙ මොකක්ද කියලා දන්නෙත් නෑ.
Deleteඅර සමහර වයස්ගත අමුතු අසහනකාරි මිනිස්සු ඉන්න බව මං අහලා තිබුනා, මොකද ළමයින්ගෙ ඉස්කෝල බෑග් වලට ඒ වගේ තමන්ට අනතුරක් හැඟුන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් (අනෙක් අයට දැන්වීමට )ගැජට්ටුවක් තියෙනවා. ඒක ගැන පොලීසියෙන් වරින්වර දරුවො දැනුවත් කරනවා ඒ වයසට ඔරොත්තු දෙන විදිහෙ ඩොකියුමන්ටරි පෙන්නලා.
හොරකම් කතාව ඇත්තටම ඔය ඇහුවමයි. මට අත්දැකීම් තියෙන්නෙ උදේ දහයට බයිසිකල් කූඩෙ ඇතුලෙ අමතක කරලා ගිය වොලට් එක රෑ දහයට එනකොටත් එහෙමම තියෙන එක, මම රෑ දහයට එකොලහට තනියම කිලෝමීටර් දෙක හමාරක් කාගෙන්වත් බැල්මකින්වත් කරදරයක් නැතුව පයින් ඇවිදන් එන එක වගේ ඒවා.
මං මේ "සකුරා සුවඳ" පටන් ගන්නකොටම ලිව්වා මං ලියන්නෙ මං එදිනෙදා අත්දකින දේ විතරයි කියලා.ඒත් මගේ අත්දැකීම් බොහොම පටු කණ්ඩායමකට සීමා වෙලා තියෙන්නෙ. මං ඉස්කෝලෙ ගියා, එතනින් කැම්පස් ගියා. තාම කැම්පස්.ඔය දෙකෙන් එලියෙ වෙනස් ලෝකයක් තියෙන බව දැනන් හිටියට ඒ ගැන තියෙන අවබෝධය දුර්වලයි.
ඒ නිසා සජ්ජගේ මර්වින් චරිතය මටත් ගොඩක් දේ කියාදුන්නා. (ඒ උනාට සජ්ජා "ජයවේවා!" කියලා සංවාදෙ ක්ලෝස් කලාම මට දැනුනෙ සෙන්සෙ "ඔත්සුකරෙ සමා" කියාගෙන ලැබ් එකෙන් එලියට ගියා වගේ සැහැල්ලුවක්)
මේ කතිකාවෙන් බොහෝදේ දැනගත්තා.මම හිතන්නේ සදමාලි අක්කාටත් ලොකු සතුටක් වෙන්න ඇති මේ සන්වාදය.
Deleteඅපිට ඉස්සරහාට තව තව දේවල් ගැන මේ විදියට කතා කරන්න පුලුවන් වේවි.
බොහොම ස්තුතියි මිත්‍රවරිය සහ මිත්‍ර වරුනි, අපි සංවාද කරන්න ඕනේ අපිට හරිය කියල හිතෙන දේ අනික් අය මත පටවන අදහසෙන් නොවෙයි කියලයි මම හිතන්නේ. මම වැරදි කියල පේනවා නම් මගේ අදහස වෙනස් කරගන්න අදහසෙන් මම හැම විටම ඉන්නේ. අපේ සමුද්‍ර විද්‍යාඥ මිතුරිය, සජ්ජා, මනෝ, අරුණ, දේශකයා, වෛද්‍ය රුවන්, සහ මහාචාර්ය ගෝමස් (නමින් කිව නොහැකි සහ මම නොදන්නා බොහෝ) බ්ලොග් ලියන්නන් එක්ක සුහද සංවාද කරන්න සහ ඒ සංවාද වලින් අපට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ අපේ මතවාද වෙනස් වුනත් අපි හැමෝම අපේ මතවාද වලට ගරු කරගනිමින් සංවාද කරපු/කරන නිසා. කෙනෙකුගේ මතයට ගරහල සංවාද කරනවා කියන්නේ බතික් කරන්න ලේස්ති කරපු රෙද්දක් තාර බාල්දියක ඔබලා බතික් කරන්න හදනවා වගේ වැඩක්. සමහර සංවාද පටන් ගන්න තැනින්ම අතහැරලා දාන්න වෙන්නේ ඒ නිසා. ඒ වගේම සංවාද කරුවන් ඒ සීමාව බිදින විට පිටත සිට ඒවා කියවන අයටත් ප්‍රයෝජනය අඩු වෙන්න පුළුවන් කියා මම සිතනවා. සුවිශාල දැනුමක් ඇති මහාචාර්ය නලින් සහ ආචාර්ය ග්‍රැන්විල් අතර සංවාදයෙදීත්, මහාචාර්ය නලින් සහ මහාචාර්ය අශෝක අතර සංවාද වලදීත් ඒවා කියවපු අයට විශාල දැනුමක් ගන්න තිබුන/තිබෙන අවස්ථා මේ කරුණ නිසා ඇහිරී ගියා යයි මම සිතනවා.
Deleteඔව් කෙන්කියුෂා ඔයාගෙ ඒ අදහස් ටිකට මමත් එකඟයි.ගොඩක් දෙනා සංවාද කරන්නෙ තමන්ගෙ මතය නිවරදි බව ඒත්තු ගන්නවන්න නිසා සමහර තැන්වල සංවාද කියන්නෙ අප්‍රසන්න දෙයක්. මෙතන එහෙම දෙයක් නොවීම ගැන මට අවංකවම සතුටුයි.
Deleteඒ වගේම ඔයාට ගොඩක් ස්තූතියි මට උත්තර දෙන්න අපහසු තැන්වලදි දක්වපු සහයෝගයට. මම නොදන්න දේවල් ගොඩකුත් ඒ තුලින් දැනගත්තා.
සමුද්‍ර විද්‍යාඥයින්ට මා නිසා සිදුවූ අවමානය ගැන මට කණගාටුයි. මම Fish Nutrigenomics කියන ඇබිත්තං කෑල්ලක් එක්ක විතරයි ඔට්ටු වෙන්නෙ.
වටිනා ලිපියක්...
ReplyDeleteබොහොම ස්තූතියි! ලලිත්
Deleteපෝස්ටුව වෙද වගේම ආසාවෙන් කියෙව්ව
ReplyDeleteනමුතු කියන්න ඕන ඒ හරහ ගොඩ ැගිල තියෙන සංවාදය මට ඒ තරංම සමහර විට ඊට වඩා දෙයක් දුන්න;
ස්තූතියි ඔබට
බලන්න මහේෂ් මේ සජ්ජා නිසා මට තව පොඩ්ඩෙන් ඔයාගෙ කමෙන්ට් එක මඟ ඇරෙනවනෙ.
Deleteබ්ලොග් පෝස්ට් එකක් ලියන්නෙ එක්කෙනෙක්නෙ. එයාගෙ කෝණෙට වඩා වෙනස්ව ඒක දිහා බලන්න අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් අය ඉන්න තරමට තමයි ඒ පෝස්ට් එකේ වගේම බ්ලොග් ලිවිල්ලෙත් වටිනාකමක් තියෙන්නෙ. මම සමහර වෙලාවට ඉකොනොමැට්ටගෙ බ්ලොග් එකට පස් හය වතාව යනවා ඒකෙ තියෙන කමෙන්ට් කියවන්න. මොකද ඒ ඉකොනොමැට්ටගෙ පෝස්ට් වගේම කමෙන්ට් ඇතුලෙත් ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා (කමෙන්ට් ෆලෝ කරන ඔෆ්සන් එකට මං වැඩිය කැමති නෑ...ඊට වඩා ප්‍රශ්ණෙයි උත්තරෙයි එකට බලන එක හොදයි ).
මේ දීර්ඝ කමෙන්ට් කියවන්නත් මගේ අදහස් ලියන්නත් විවේක වෙලාවක එන්නම්.
ReplyDeleteඔව් තරූ, මේ කමෙන්ට් ටික කියවන්න පෝස්ට් එක කියවන්න ගිය වෙලාව වගේ දෙතුන් ගුණයක් යනවා. ඔයා ඉඩ තියෙන වෙලාවක කියවලා බලන්නකො, අලුතින් එක දෙයක් හරි දැනගන්න ලැබෙයි. මමත් ගොඩක් දේවල් ඉගෙනගත්තා ඒවයෙන්
Deleteගොඩක් ආසවෙන් කියෙව්ව. ආයෙමත් ජපානෙට ගියා වගේ. පොදු ස්ථාන ගැන කියනකොට පොදු ස්ථාන වල අනවශ්‍ය ශබ්ද නොකරන ජපන් ගුනය ගැනත් මතක් වෙනව. මම ජපානෙට ගිය මුල් කාලෙ බයිසිකලෙන් යනකොට සමහර වෙලාවට මෙහෙ පුරුද්දට බෙල් ගහනව . අපිට කලින් ගිය සහෝදරයෙක් තමයි මට මතක් කලෙ ජපන්නු එහෙම කරන්නෙ නෑ නේද කියල.
ReplyDeleteලෝකෙ වැඩිම ජනගහනයක් ජීවත්වෙන , වැඩිම වාහන ප්‍රමානයක් නිප්දවන Tokyoව සාපේක්ෂව කොච්ච්ර නිශ්ෂබ්දද කියල එහෙ නොගිය කෙනෙකුට තේරුම් කරන්නත් අමාරු තරම්..
බොහොම ස්තූතියි! උත්පලා ඔයාගෙ අත්දැකීම් මේකට එකතු කරාටත් මට අමතක වුණ දෙයක් මතක් කළාටත්.
Deleteඅපේ රටේ වාහන එලවන්නෙ හෝන් එකෙන්නෙ