Sunday, August 21, 2016

සෂිමි සහ සුෂි / අමු මාළු ආහාරයට ගැනීම (සකුරා සුවඳ 11)


ජපානය ගැන කතා කිරීමේදී මාළු ගැනත් කතා නොකරම බැරිය. සකුරා, ගිනි කඳු, භූමි කම්පා මෙන්ම මාළුද මේ රට සමග බැඳී පවතී. ලොකු කුඩා කාගේත් හද බැදගත් ඔෂීන් තුලිනුත් අපි මේ බව දුටුවෙමු. දූපත් හයදාස් අටසිය ගානකින් සමන්විත දික් අතට ඇති තීරුවක් වැනි දූපත් රාජ්‍යක් වන  ජපානය සහ එහි වැසියන් මේ රට වටා ඇති මුහුදු සම්පත උපරිමයෙන්ම භාවිතයට ගනියි.

රට වටා ඇති මුහුදටත්, මත්ස්‍ය සම්පතටත්, සාගර විද්‍යාව හා ඒ ආශ්‍රිත විෂය මාලාවටත් ජපන් රජයත් පෞද්ගලික ආයතනත් දක්වන සුවිශේෂි සැලකිල්ල මා හොඳින්ම දන්නා කාරණයකි. රට වටකර මහ මුහුද ඇති එවැනිම දූපතක "ධීවර සහ සාගර විද්‍යාව" සම්බන්ධව රාජ්‍ය විශ්වවිද්‍යාලයක් සතුව ඇති  එකම පීඨයේ සේවය කරමින් ජපානයේ "සාගර විද්‍යාව" වෙනුවෙන්ම ඇති එකම රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගැනීමට පැමිණීමෙන් මට එහි වෙනස සහ විශේෂත්වය හොඳින්ම වටහා ගත හැකි විය.

ජපනුන්ගේ කෑම අනෙකුත් ආසියාතික කෑම සමග සමානකම් මෙන්ම විශාල අසමානකම්ද පෙන්වයි. මොවුන්ගේද ප්රධාන ආහාරය බත්ය. මීට අමතරව "රාමෙන්" "උදොන්" සහ "සොබා" යන නූඩ්ලස් වර්ගද ප්රධාන ආහාර වේල් ලෙස ගනී. සමහර ජපන් ආහාර "Intangible world heritage"  යටතටත් අයත් වේ. මාළු යනු ඔවුන්ගේ ආහාර වේලේ ඇති විශේෂිතම කොටසකි. අතීතයේ පටන්ම ජපන් ජන ජීවිතය සමග මාළු සහ ධීවර කර්මාන්තය බැදී තිබේ. ජපන් කතා, කවි, කබුකි වැනි නාට්‍ය විශාල ප්‍රමාණයක් මේ ආශ්‍රිතව බිහි වී ඇත්තේද එබැවිනි. මාළු ගැන කතා නොකර ජපන් කෑම ගැන කතා කිරීම අපහසුය. අපට පරිප්පු මෙන් ජපනුන්ට මාළුද අත්‍යවශ්‍ය කෑමකි.

මාලු කෑමට ගන්නා විවිධ ක්‍රම තිබුණත් ඒ අතරින් සුවිශේෂි වන්නේ අමු මාළු ආහාරයට ගැනීමය. මෙය ජපානයේ සුලභව දැකිය හැකි අතර එසේ අමු මාළු ආහාරයට ගන්නා ප්රධාන ආකාර දෙක හදුන්වන්නේ සෂිමි සහ සුෂි යනුවෙනි. අපේ රටේ අයට  "ඊයා මාළු කොහොමද අමුවෙන් කන්නෙ" යන ප්රශ්ණය ඇති බව මා හොඳින්ම දන්නා කරුණකි. ඊට අමතරව ඇති ප්රශ්ණය මාළු අමුවෙන් කෑවාම බඩේ අමාරු වැනි තත්වයන් ඇති නොවනවාද යන්නය. ගැන මට සරල පැහැදිලි කිරීමක් කළ හැක.

ජීවත්ව සිටින මත්ස්යයෙකුගේ මාංශල ක්ෂුද් ජීවීන්ගෙන් තොර බව ඇතැම්විට ඔබ නොදන්නවා විය හැක. ජීවත්වන මාළුවෙකුගේ ශරීරයේ බැක්ටීරියාවන් වැනි ක්ෂ්ද් ජීවීන් සිටින්නේ, කරමල්, ශ්ලේෂ්මල සහ ආහාර මාර්ග පද්ධතිය තුලය. මේ ස්ථානවල සිටින එවන් ජීවීන් මාංශල තුලට ඇතුල් වීම වලක්වන ස්වභාවික ආරක්ෂණ ක්රම වෙනත් ජීවින් තුල මෙන්ම මත්ස්යයින් තුලත් තිබෙන නිසා මාංශල කොටස් තුලට ක්ෂුද් ජීවීන්ට ඇතුල් වීමට ඉඩකඩ ලැබෙන්නේ නැත. නමුත් මාළුවෙකු මිය යාමත් සමග මේ ආරක්ෂණ යාන්ත්රණ බිද වැටෙන නිසා බැක්ටීරියාවන්ට මාංශල තුලට ඇතුල් වීමට අවස්ථාව ලැබේ. ඉන්පසු ඔවුන්ට තුල වර්ධනය වීමත් ගුණනය වීමත් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් කළ හැකි වන්නේ සදහා අවශ් සියළු තත්වයන් ප්රශස්ථ මට්ටමින් මාංශල තුල පවතින නිසාය.

මෙසේ ක්ෂුද් ජීවීන් මාංශල තුලට ඇතුල් විම සහ ඇතුල් වූ පසු ගුණනය වීම නවතා දැමිය හැකිනම් මාලු අමුවෙන් ආහාරයට ගැනීමට බිය විය යුතු නැත. මියගිය වහා මාලුන් සෙල්සියස් අංශක -18 අඩු උෂ්ණත්වයකට ඉතා ඉක්මනින් පත් කළ හැකිනම් මේ සියළු ක්ෂ්ද් ජීවීන් විනාශ කල හැක. නමුත් එක් එක් මත්ස් විශේෂය, ඔවුන් ජීවත් වන ජලයේ ස්වභාවය, ජලයේ උෂ්ණත්වය ආදී කරුණු අනුව මෙසේ අධිශීත කිරීමට යොදාගන්නා උෂ්ණත්වය සහ ඒ සදහා ඒ උෂ්ණත්වයේ තබාගත යුතු අවම කාලය වෙනස් වේ. සාමාන්‍යයෙන් සෙල්සියස් -18 ට අඩු උෂ්ණත්වයක දිනක් තබා ගැනීම මේ සදහා ප්‍රමාණවත් වේ. සෙල්සියස් -35 වැනි උෂ්ණත්වයකට ඉක්මණින් පත්කල හැකිනම් මීටත් වඩා අඩු පැය ගනනක් වුවත් සියළු ක්ෂ්ද්‍ර ජීවීන් විනාශ කිරීමට ප්‍රමාණවත් වේ.

අමු මාළු ආහාරයට ගැනීම ජපානයේ වුවත් බොහෝ ඈත අතීතයක සිට පැවත එන ක්‍රමයක් නොවන්නේ මෙනිසාය. මෙසේ අමු මාළු ආහාරයට ගැනීම ආරම්භ වී ඇත්තේ අවුරුදු 150 ට පමණ පෙර අතීතයේදී වුවත් එය මේ තත්වයට දියුණු වී ප්‍රචලිත වී ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපනුන් තාක්ෂණය අතින් අත්පත් කරගත් දියුණුවත් සමගය. අධිශීතකරණ ආදිය භාවිතා නොවුන ඈත අතීතයේදී වෙරළාශ්‍රිතව ජීවත් වූ අය මෙසේ මාළු අමුවෙන් ආහාරයට ගෙන ඇත්තේ ලුණු වල හෝ  හෝ විනාකිරි වල දමා ක්ෂ්ද්‍ර ජීවින් මර්ධනය කරගැනීමෙනි. ඒ කාලයේ කුඩා ධීවර බෝට්ටු හා පන්න ක්‍රම මිස සති ගනන් මාස ගනන් මුහුදු යන යාත්‍රා නොතිබුණ නිසා වෙළද පොලට එන්නේ පරණ නොවූ පණ ගැහෙන මාළුය.

(වැල්වටාරං නවත්තලා දැන්වත් ඔය සෂිමි සුෂී ගැන කියනවද?)

සෂිමි යනු තුනීයට පෙති කපන ලද  මාළු වන අතර සුෂි ඊට තරමක් වෙනස්ය. විනාකිරි යොදා පිසගන්නා බත්, කුඩා දිගටි ගුලියක් ලෙස සකසා මතුපිට වසබි තවරා ඊට උඩින් අමු මාළු පෙත්තක් තැබූ විට එය සුෂි ලෙස හදුන්වයි. නමුත් සුෂි සදහා යොදාගන්නා මාළු හැමවිටම අමු මාළු නොවීමට පුළුවන. එමෙන්ම මෙලෙස දිගටි ගුලි ලෙස හදන සුෂි වලට අමතරව වෙනත් වෙනත් ආකාර වල සුෂීද, බත් මැදට වෙනත් දේවල් එකතු කර රෝලක් මෙන් සකසා (ස්පොන්ජ් රෝල් වගේ ) එය පෙති කපා පිළිගන්වන සුෂි වර්ගද ඇත. එමෙන්ම මාළු අඩංගු නොවන සුෂි වර්ගද තිබේ.මේ දෙකම ඉතා රසවත් සහ මෙහි ජනප්රියම ආහාර වේ.


Sashimi for four people
Sushi varieties


සෂිමි හැමවිටම අමු මාළු වුවත් සුෂි එසේ නොවන අවස්ථා ඇත
මේවා ආහාරයට ගන්නේ "වසබි" නමින් හදුන්වන (ඉතා සියුම්ව ගාන ලද රාබු කුලයේ ශාකයක අලයක්) ලා කොල පැහැති අඹරන ලද හීන් කොච්චි වැනි පෙනුමක් ඇති දෙයක් සෝයා සෝස් සමග මිශ් කර එහි ඔබාගෙනය.  මේ සදහා වෙනම සෝයා සෝස් ඇති අතර ඒවා සාමාන්ය සෝයා  සෝස් වල්ට වඩා තරමක් ලුණු රසයෙන් අඩුය. මීට අමතරව විනාකිරි හා සෝයා සෝස් මිශ්‍ර කර හදාගත් සෝස් වර්ගයක්ද භාවිතා කරයි. 
මෙහි අමු මාළු සමග වසබි බලාගත හැක.
 

Tuna, Salomonsea bream, mackerel, yellow tail,   Flat fish/ flounder (ඇස් දෙකම එකම පැත්තේ  ඇති පැතැලි මසුන්), amberjack අමුවෙන්, ආහාරයට ගන්නා ප්රධාන මාළු වන අතර ඉස්සන්, දැල්ලන් ආදියත් මාළු බිත්තරත් මේ සදහා යොදා ගනී. මීට අමතරව අප "ගල් මාළු" ලෙස හඳුන්වන කොරල් පර ආශ්‍රිතව හෝ නැතුව මුහුදු පතුලේ ජීවත් වන මත්ස්‍ය විශේෂත් අමුවෙන් ආහාරයට ගත්තත් ඒවායේ මිල ගනන් ඉතා ඉහළය. මේ අවුරුදු තුනටම මට ඒ මාළුන්ගේ රස බැලීමේ වාසනාව උදා වී ඇත්තේ එක් වරක් පමණි.
මෙය අයිස් මත තැබූ මාළු සහිත කුඩා ට්‍රොලියකි. ඇණවුම ලබාගැනීමට පෙර මේ මාළු ට්‍රොලිය පාරිභෝගිකයා අසලට ගෙනවිත් අවශ්‍ය මාළු වර්ග තෝරාගැන්මට ඉඩ සලසයි. එක් එක් මාළුන්ගේ මිල මෙහි සදහන්ය


සාමාන්යෙන් සෂිමි මාළු නූඩ්ලස් මෙන් රැලි සිටින ලෙස ගාන ලද රාබු වර්ගයක් මත ඉතාමත් අලංකාරව අසුරා පිළිගන්වයි. සෂිමි පිළිගැන්වීමේදී ජපානයේ ක්රමය සෑම මාළු වර්ගයකින්ම එක කැබැල්ලක් එක් අයෙකුට ලැබෙන පරිදි මේසයේ සිටින පිරිසට අනුව ලබාදීමය. මා පෙර සටහනකත් සදහන් කල පරිදි ජපනුන් බත් ඇටයක්වත් නාස්ති කරන්නේ නැත. අපි සාමාන්යයෙන් යන අවන්හල් වල බහුල වශයෙන්ම පිළිගන්වන මාළු විශේෂ කීපය වන්නේ Tuna, trout, Salmon, Sea bream, Flounder, yellow tail වැනි මාළු වර්ග සමග ඉස්සන් සහ හීන් තීරු කැපූ දැල්ලන්ය. සෂිමි නොතිබෙණ සාද නැති තරම්ය. සාමාන්‍යයෙන් සෂිමි මුලින්ම කෑමට ලැබෙන ඩිෂ් එකකි. ඒ වෙනත් තද රසයන් දිවට දැනුන පසු මාළු වල ඇති නැවුම් සෞම්‍ය රසයට බාධා ඇතිවීම වැලැක්වීමටය.
උඩ ට්‍රේ එකේ සිටි මිළ අධික මසුන්ගේ සෂිමි. මේවා රසයෙන් සහ  Texture එකෙන් අනෙක් බොහෝ මාළු වලට වඩා වෙනස්ය

හරියටම මාළුවල රස බැලීමට නම් මාළු අමුවෙන් ආහාරයට ගත යුතුය. එය කිසිසේත්ම අපහසු කාර්යක් නොවේ. නමුත් ඒ කෑමට ගන්නා මාළු ඉතා හොඳ තත්වයේ ඒවා විය යුතුය. ගෙවුන වසර තුන තුල මා නිරන්තරයෙන්ම මේ අමු මාළු වල රස බලා ඇතත් කිසිදාක බඩේ අමාරුවක් හෝ අජීර්ණයක් ඇති නොවුනි. මා බොහෝවිට සෂිමි මිළදී ගන්නේ රාත්‍රී 8-9 අතර මිළ ගනන් අඩු කර තිබෙන අවස්ථා වලදී වුවත් මා එවැනි සෞඛ්‍ය ගැටළුවකට මෙතෙක් මුහුණ දී නැත.

මෙහිදී වසබි ගැනත් යමක් නොකියාම බැරිය. අබ කුලයේ ශාකයක අලයකින් ගන්නා මෙහි අබ වල ඇති අමුතු සැර සියගුණයකටත් වඩා වැඩියෙන් තිබෙනෙවා විය හැක. සෝයා වලට වසබි මුසු කරගත යුත්තේ අඩුවෙනි. ඒවා ටිකක් වැඩිපුර කැවුන විට දැවිල්ල හැදෙන්නේ නහයටත් හිසටත්ය. හැබැයි විනාඩි දෙක තුනකට පමණි.




 ජපානයේ මෙන්ම දකුණු කොරියාවේද මේ සෂිමි සහ සුෂි ඉතා ජනප්රියය. මේ රටවල් දෙකේ සෂිමි පිළිගැන්වීමේ හා ආහාරයට ගැනීමේ තරමක වෙනස්කම්ද පවතී. කොරියානු වසබි සැරෙන් අඩුය. පැහැය දීප්තිමත්ය. එමෙන්ම කොරියාවේ අමු මාළු අපි උම්බලකඩ තක්කාලි ආදිය අබරා දියාරුවට හදන ලුණුමිරිසක් වැනි දෙයක් සමගද ආහාරයට ගනී. මෙහිදි සලාද කොලයක් මත මිරිස් තැවරූ මාළු කැබැල්ල තබා එයට අමු සුදුළුණු කැබැල්ලක්ද එකතු  කොට සියල්ල සලාද කොලයෙන් ඔතා කෑමට ගනී. සලාද කොලයේ මස් මාළු ඔතාගෙන කෑම කොරියානුවන් අතර ජනප්රියය. කොරියානුවන් අපටත් වඩා සැරට මිරිස් කන නමුත් ජපානයේ මිරිස් කෑමක් නැත. ජපානයේ සෂිමි පිළිගැන්වීමේදී එක් අයෙකුට එක් කැබැල්ලක් පමණක් ලැබෙන ලෙස පිළිගැන්නුවත්, කොරියාවේදී තුන් හතර දෙනෙකුට කන්නට තවත් කෑම බීම බොහොමයක් සමග අමු මාළු කිලෝ එකක විතර සැපයීම සෑම අවන්හලකම සිරිතය. ජපානයේ කටු සහිත කුඩා මාළු වර්ග මෙසේ අමුවෙන් ආහාරයට නොගත්තත් කොරියාවේ මා සංචාරයට කළ ජේජු දූපතේදී එවෙලෙහි අල්ලන ලද නොගැඹුරු මුහුදේ ගල්පර අතර ජීවත්වෙන කුඩා මාළු විශේෂයක්ද අමුවෙන් රස බැලීමට හැකි විය.



                                                  පස් දෙනෙක් සදහා කොරියාවේදී ලැබුණ සෂිමි







සුෂි වලදී බත් වලට විනාකිරි මිශ්‍ර කර ඇති නිසා එය සාමාන්‍ය බත් ගුලියක් මෙන් ඉක්මණින් නරක් වන්නේ නැත. සාමාන්‍යයෙන් නම් ජපානයේ සුෂී සෑදීම කරන්නේ පුරුෂ පාර්ශවය පමණි. ඒ  කාන්තාවන්ගේ සිරුරේ උෂ්ණත්වය පිරිමින්ට වඩා වැඩි නිසා කාන්තාවන් සාදන සුෂී ඉක්මණින් නරක් වීමට ඉඩ ඇතැයි ජපනුන් විශ්වාස කරන නිසා බව දැනගන්නට ලැබුණි.



තමාට කැමති ආකාරයේ සුෂි පහසුවෙන් තෝරා බේරා ඉතා පහසු මිලකට කෑමට ගත හැකි ආකාර්ශණීය ස්ථානයන් බොහොමයක් ජපානයේ ඇත. ඒවායේ මිළ ගනන් මෙන්ම සුෂී රසයද එකිනෙකින් තරමක් වෙනස් වේ. මේවායින් මගේ දිවට සහ පසුම්බියට යන දෙකටම හොඳින්ම ගැලපෙන ආපාන ශාලා ජාලය හඳුන්වන්නේ "කුරා සුෂි" නමිනි. මා දැන් සූදානම් වන්නේ සුෂී රස බලන අතරේම ජපනුන් එදිනෙදා ජීවිතයට මේ දියුණුවන තාක්ෂණය යොදාගන්නා ආකරයත් පෙන්වීමටටය. කුරා සුෂි ආපනශාලා ජාලය ජපානයේ ඉතා ප්රසිද්ධය. විවිධ වර්ගයේ සුෂි මෙහිදී රස බැලිය හැක. බොහෝවිට සුෂි දෙකක් අඩංගු වන (ඉදහිටක එකක් හෝ තුනක්) කුඩා දීසි බෙල්ට් එකක් දිගේ නිරන්තරයෙන් ගමන් ගන්නා අතර පාරිභෝගිකයන්ට තමා කැමති එකක් ගෙන ආහරයට ගත හැක. එක දීසියක් සදහා අය කරන මිල යෙන් සියයකි. එය ජපානයේ හැටියට නොගිනිය හැකි තරම් කුඩා මුදලකි.

බත් ගුලියේ හැටි බලාගන්නට
                                                                       vegi sushi- 3 per dish
මෙහි ආසන පනවා ඇත්තේ තීරු ලෙසටය. මීට අමතරව සිව් දෙනෙකුට හෝ ඇතැම්විට ඊට වැඩි ගනනකට එක්ව ආහාගත හැකි පරිදි ඇති මේස කිහිපයක්ද තිබේ. තනි තනි පුද්ගලයන් කෑම ගන්නා තීරු වලනම් එක් එක් පුටුවටත්, මේස වලදී නම් මේසයටත් අංකයක් ඇති අතර සෑම අංකයකටම අදාල කුඩා පරිගණකයක්  ඇත. මෙය භාවිතා කර තමන්ට උවමනා සුෂි වර්ගයක් ඉක්මනින් තමා ළගටම ගෙන්වා ගැනීමේ පහසුවත් අවශ් විටක කාර්ය මණ්ඩලයේ සේවය ලබාගැනීමටත් හැකිය.

මෙහි සුෂි වලට අමතරව ජපානයේ තවත් ජනප්රිය කෑම වර්ග වන "රාමෙන්" "උදොන්" වැනි නූඩ්ලස් වර්ගත්, බදින ලද කුකුල් මස්, අල තීරු ආදී කෑම වර්ගත් ජපනුන්ට නැතුවම බැරි "මිසො සුප්" වැනි සුප් වර්ගත්, බියර් කොකා කෝලා ඇතුළු බීම වර්ග බොහොමයකුත්, කේක්, පුඩිං ආදී අතුරු පසත් ඇත. මේ නිසා ජපනුන් මේ කුරා සුෂි Fake sushi  ලෙසත් හඳුන්වන බව අසන්නට ලැබුණි. ඉන් ඔවුන් අදහස් කරන්නේ සුෂි කිව්වාට එහි සුෂි පමණක් නොව, වෙනත් කෑම එහි ඇති බවය. මේ අමතර කෑම අවශ් අයට අර පරිගණකය හරහා ඇණවුම් කල හැක. එවිට ඇණවුම අර සාමාන් සුෂි දීසි ගමන් කරන බෙල්ට් එකට ඉහලින් ඇති තවත් බෙල්ට් එකක් දිගේ ඉතා වේගයෙන් පැමිණ අදාලා මේසය අසල නතර වේ. මේ ඇණවුම මේසයට ලැබීමට පෙර "ඔබගේ ඇණවුම ඉතා සුළු මොහොතකින් ඔබ වෙත ළගාවනු ඇත" කියලා කුඩා පණිවිඩයක්ද අදාල ඇණවුම සිදුකල පරිගණක තිරය මත සටහන් වේ.
උඩ බෙල්ට් එකෙන් කෑම දීසි එන ආකාරය සහ පරිගණක තිරයේ සටහන් පණිවිඩය මෙහි බලාගත හැක
මේ ආහාර වල මිල වෙනස්වන අතර මිල ගනන්ද පරිගණකයෙන්ම බලාගත හැක. සාමන් බෙල්ට් එක දිගේ එන හෝ ඇණවුම් කර ලබාගන්නා සුෂි අනුභව කල පසු හිස් දීසිය දැමීම සදහා කුඩා කවුළුවක් ඇත. එයට ඇතුළු කරන දීසි ගනන පරිගණක තිරයේ සටහන් වන අතර අවසානයේ මෙලෙස සටහන් වු දීසි ගනනට එකකට යෙන් සියය බැගින් මුදල් අය කරයි (අමතර ඇණවුම් මගින් ගත් කෑම බීම වල බිලද මීට එකතු වේ ).


මෙය ඉතාමත් වේගවත් ක්රියාවලියකි. නමුත් ජපන් ජාතිකයන් තුල කලබලය නැතහොත් කුලප්පුව යන්න නැත්තටම නැති දෙයක් නිසා ඔවුන් කෑම සදහා පැයක් හෝ ඊටත් වැඩි වේලාවක් මෙවැනි ස්ථාන වල ගත කරයි. සියල්ලන්ගේම ඉවසීම එක හා සමාන නිසා "හා හා කාලා බීලා ඉවර නම් නැගිටලා යන්න" කියන්නට කෙනෙක් නැත.  මෙහි ඇතුල් වීම සදහා අංකයක් ලබාගැනීමට යන්ත්රයක් ඇත. එහිදී පුද්ගලයන් කී දෙනෙක්ද, මේසයක් අවශ්යද ආදී කරුණු සටහන් කල පසු අංකයක් ලැබෙන අතර අංකයට කෑමට ඇතුළු වීමට තව කොපමන කාලයක් බලා සිටීමට සිදු වේද යන්නත් සටහන් වේ. සාමන්යෙන් තනි පුද්ගලයෙකුට නම් අඩ හෝරාවක් වැනි කාලයක්න් පුටුවක් ලබාගත හැකි අතර දෙදෙනෙකුට වැඩි ගනනක් සදහා පැයක් හෝ ඊට වැඩි වේලාවක් බලා සිටීමට සිදු වේ. ඇතැම්විට මෙය මෙය පැය තුනක් හෝ ඊට වැඩි වන අවස්ථාද ඇත.


සෂිමි සහ සුෂි සදහා ඇල්ලූ වහා මාළුන් ඉතා අඩු උෂ්ණත්වයකට අධිශීතකිරීම තරමටම මාළු කැපීමේදී හා සැකසීමේදී පිරිසිදු බව ගැන සැලකීමද ඉතාම වැදගත්ය. මාළුන් ක්ෂ්ද්‍ර ජීවින්ගෙන් තොර වුවත් ඒවා සකසන්නාගේ අත් වල හෝ මාළු කැපීමට ගන්නා පිහි ආදිය පිරිසිදු නොවුනහොත් තත්වය භයානකය. නමුත් ජපානයේදී තරම් කෑම පිළියල කරන පුද්ගලයින්ගේ සහ පිළිගන්වන පුද්ගලයින්ගේ පිරිසිදු කම ගැන සැලකිලිමත් වන වෙන රටක් නොතිබෙන්නට පුළුවන. ඒ නිසා ජපානයේදී මාළු අමුවෙන් ආහාරයට ගැනීමට බිය විය යුතු නැත.

 අපි තායිලන්තයේ ජීවත් වූ කාලයේ අපේ මිත්‍රයන් දෙදෙනෙකුට කෙටි පුහුණුවක් සදහා එහි ඒමට අවස්ථාවක් ලැබුණි. ඔවුන් අප වෙනුවෙන් ලංකාවෙන් රැගෙන ආ යුතු දෑ ගැන අසද්දී මම පරිප්පු කිලෝ දෙක තුනක් හැකිනම් රැගෙන එන ලෙස දැන්නුවෙමි. තායිලන්තයේදී මොර, කෝන් වැනි පළතුරු පවා සොයාගත හැකි වුවත් හොදට තැම්බෙන පරිප්පු සොයාගැනීම අපහසුය. මෙය අසා අපේ මිතුරන් අපට හොඳ හැටි හිනාවී ඒ ගැන අපේ අනිත් මිත්‍රයන්ට දැනුම් දීමට පවා කාරුණික වී තිබුණි. ඔවුන් එහි ගත කළ මුල් සතියේ ආපන ශාලාවෙන් ආහාර ගත්තේ "මේවා මාර රහයිනෙ බං " කිය කියාය. හරියටම සතියකට පසු දිනක රෑ බෝ වී මේ දෙන්නා අපේ ගෙදරට ආවේ "අනේ බං පරිප්පුයි බතුයි උයලා දීපන්" කියාගෙනය.
පහුගිය වසරේ අගෝස්තුවේදී මට මගේ මහාචාර්යවරුන් දෙදෙනා සමග ප්‍රංශ සංචාරයටකට සහභාගි විය හැකි විය. අප නතරව සිටියේ මධ්‍ය ධරණී මුහුදේ සිට කිලෝමීටර් 10 ක් පමණ ඇතුලතින් තිබෙන මොන්ට්පේලියර් නගරයේය. අප නතරව සිටි හෝටලයේ බුෆේ ක්‍රමයට තිබූ උදේ ආහරයට හෝ කොන්ෆරන්ස් එකෙන් ලැබුණ දිවා ආහාරයට වැරදීමකින්වත් මාළු අඩංගු වූයේ නැත. රාත්‍රී ආහාර සඳහා අපි එක් එක් දවසට එක් එක් තැන් වලට ගියත් ඉස්සන් හැරෙන්නට වෙනත් මුහුදු ආහාරයක් ලබාගත නොහැකි විය. දින හයක්ම එලෙස ගතකර අවසාන දිනයේදී මහාචාර්යවරු දෙදෙනාට සී ෆුඩ් රෙස්ටුරන්ට් එකක් සොයාගැනීමට අවශ්‍ය වූ නිසා මට බඩගින්නේ කිලෝමීටර කිහිපයක්ම ඇවිදින්නට සිදු විය. සංචාරක තොරතුරු මධ්‍යස්ථානයකින් එවන් අවන්හල් ඇති තැන් ලකුණු කරගෙන ඇවිද ගියද අපි මුලින් ගිය තැන වසා තිබුණි. දෙවන තැන ඉඩ නොතිබුණි. ඒ වනවිට අතුරු පාරවල් සිය ගානක් ඇති ඒ නගරයේ එහෙ මෙහෙ ගිහින් හෙම්බත්ව සිටි නිසා මා සිතුවේ පසුදාට ජපානයට පැමිණ මාළු රස බලන තුරු එදාටත් සාමාන්‍ය ප්‍රංශ ආහාර වේලක රස බැලීමට ඔවුන් තීරණය කරනු ඇති බවය. එහෙත් මාළු නොකා නින්ද නොයන තත්වයක් ඇතිවාක් මෙන් සිතියම පෙරලාගෙන පිස්සෙක් මෙන් එහෙට මෙහෙට හැරෙමින් අතුරු පාරවල් වල ඇවිද ගිය අපේ සහය මහාචාර්ය වරයා  අවසානයේ තැනක් සොයාගන්නට සමත් විය.
 මාළුන්ට වතුර මෙන් ජපනුන්ට මාළු නොමැතිවද දිගු කාලයක් සිටිය නොහැකි බව මම තේරුම් ගත්තේ ඔය සිද්ධියෙන් පසුය.
(මේ සටහනේ මුල් පිංතූර දෙක ගූගලයාගෙනි )

පසු සටහන:
සඳ වියමනේ පනස්වෙනි පෝස්ටුව මා කැමතිම සහ මගේ ජීවිතය හා බැදුන යමක් ගැනම ලියන්නට ලැබීම සතුටකි


සඳ වියමනේ පනස් වෙනි බ්ලොග් පෝස්ටුව කියවපු හැමෝටම මෙන්න මගේ ගානෙ  සුෂි රස බලන්න අවස්ථාවක්. අමතක නොකර කැමති එකක් කාලා යන්න


83 comments:

  1. මට නං කවදාවත් කන්ඩ වෙයි

    ReplyDelete
    Replies
    1. "බැරි" කෑල්ල හැලිලද මේ

      Delete
    2. මචං මේව අමු උනාට පිලීගඳ නෑ බං ....

      Delete
    3. අටමා මේවා කෑවොත් හැමදාම කන්න හිතෙනවා බං. මාර රසයි.

      Delete
  2. Replies
    1. සෂිමි කාලා ගෙදර ගිහින් වෙන මොනාහරි රත් කරගෙන කනවා වගේ මේක බැලුව ගමන් වෙන පෝස්ට් එකක් හොයාගෙන බැලුවද?

      අර ජපානෙ සුළු ජාතීන් ඉන්නවද කියලා ඇහුව ප්‍රශ්ණෙට මගේ ජපන් මිත්‍රයෝ දෙන්නා උත්තර දීලා තිබ්බා බැලුවද?

      Delete
  3. මමත් ආසම කෑමක්.... එක දවසක් කෑව ලංකාවෙදි ... කෝටු වලිං කන්නත් පුලුවං... ඒත් බඩ පිරෙන්නෙ නැති එක තමා අවුල ....

    ReplyDelete
    Replies
    1. ඇනෝපිලිස්, බඩ නෙවෙයි මං හිතන්නෙ හිත තමයි පිරෙන්නැත්තෙ. මට එහෙම අය සෑහෙන්න මුණ ගැහිලා තියෙනවා. ලාංකිකයො විතරක් නෙවෙයි චීන්නු, පිල්ලො වගේ අය පවා

      Delete
  4. ඊයෙ දැම්ම කයිතෙන් ෂුෂි පාරක්.

    ReplyDelete
    Replies
    1. මං මේ ගෙදර අය එනකල් බලන් ඉන්නවා හොද සුෂී පාරක් දාන්න

      දැන් අර සෝබෙත්සුකයි එකේ මොනාද දන්නෑ නෙ තියෙන්නෙ. හිරොෂිමායකි දයිසුකි හොඳේ (බය වුණානෙ මං ඇත්තටම එයි කියලා)

      Delete
    2. හිරොෂිමා ඔකොනොමියකි තමයි යූමේ.
      ඇනෝල බොරු කියන්නෙ නෑනෙ.

      Delete
    3. ඔය කයිතෙන් ෂුෂි වලට ගාන කියන්නෙ පිඟන් කන්ද ගැනලනෙ.
      බොහොම ඉස්සර එක සැරයක් (ගකුසේ කාලෙ) අපි ෆොරින් ස්ට්‍යුඩෙන්ට්ස්ල 4දෙනෙක් ගිහින් කෑව හොඳටම.
      පිඟන් වලින් බාගයක් විතර මේසෙ යටින් තියල ඉතිරි ඒවට ගෙවල ආව. ආයෙ ඒ කඩේට ගියෙ නෑ.
      දැන්නම් ඒවගේ නෝටි වැඩ කරන්නෙ නෑ.

      Delete
    4. ඒක යකියම තමා මාත් කිව්වෙ. අපේ ස්ටේෂන් එක ළග කාලෙකට තියෙනවා ඔකොනොමියකි කඩයක්. ආව කාලෙ මට පොඩ්ඩක් ටැපලිලා මං කිව්වනෙ මට " හොකයිඩොයකි" ඕනි කියලා. ඕකට කට්ටිය තාම හිනාවෙනවා.

      කවුද දැන් ඇනෝලා බොරු කියනවා කිව්වෙ

      Delete
    5. ඇයි මේ ඔයාගෙ සමහර කමෙන්ට් ස්පෑම් වෙන්නෙ. මං දැන් නිකමට චෙක් කරේ. බෝතලේ නිසාද?

      අපෝ මහ ජරා ස්ටුඩන්ට්ලා සෙට් එකක්. ඔයා ඔය කියන්නෙ අවුරුදු 20 ට විතර උඩදි එකක්නෙ නේද?. තාම කයිතෙන් වල එහෙම පිඟන් කන්ද ගැනලද ගාන කියන්නෙ?.

      අනේ සාදු සුමිමාසෙන් කියාගෙන පස්සෙන් පන්නලා අර පිඟන් ටික පෙන්නන්න එක්ක ගියානං. දැක්කනං ෂුවර් ඒක වෙනවා. මට මැවිලා පේනවා

      Delete
    6. කයිතෙන් ෂුෂි ??? ෂුෂි කෙසේවෙතත් අපිනං හොඳ මස් කයිතන්ල හිටං.

      Delete
    7. මං මස් වලට පෙරේත නිසා අම්ම කියන්නෙ මස් කයිතං කියල.

      Delete
  5. ආසාවෙන් කියෙව්වා. රහ බේරෙන පින්තූරත් බැලුවා. ඒත් මාලු අමුවෙන් කාලා නෑනේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයා දිගටම මේ ලිපි පෙළ ආසාවෙන් කියෙව්ව බව දන්නවා. ස්තූතියි! දුමින්ද

      අමු මාළු රහ බලන්න පුළුවන්නං හොඳයි. ඒත් අපි සාමාන්‍යයෙන් කෑමට ගන්න මාළු එහෙම කාලා මැරෙන්න බෑනෙ. කොළඹදී අමු මාළු කාපු බව මීට කලින් වතාවකත් බ්ලොග් ලියන්නෙක්ම කිව්වා. ඇනෝපිලිසුත් කාලනෙ. ඔයත් එතනින් කාලා බලන්න.

      මිරිස්ස්සෙ "Number one" කියන හොටෙල් එකේ "ජපන් රසටම" අමු මාළු කන්න තිබ්බ බව මගේ සෙන්සෙ කිව්වා

      Delete
  6. අදාළ නොවේ.. ලිපිය නොකියවීමි.මා වෙජිටේරියන් යැ..))

    ආවේ.. තව කතන්දරයක් ලියන්න කියන්න.අර හරි පුදුම ඉස්කෝලෙ කියා ලියන ලිපි ටික මුලක හිටන් සීරුවට කියවන්න පටන් ගන්න ඕන..

    තවමත් ටොට්ටො චාං ජීවතුන් අතර ඉන්නවා නේද..?

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය,

      මේ ලිපිය ලිව්වෙ මාළු කන අයගේ දැනගැනීම සඳහාම විතරක් නෙවෙයි. ඒක ජපානෙත් එක්ක ලොකු සබඳකමක් තියෙන නිසා ඒ ගැන නොදන්නා කෙනෙකුගේ දැනගැනීමට. ඒත් ඔයාගෙ කැමැත්තට මං ගරු කරනවා

      හරි පුදුම ඉස්කෝලෙ කියවනකොට හිටන් කියවන්නැතුව කොහෙ හරි හොඳට වාඩි වෙලා කියවන්න. කකුල් කෙඩෙත්තුව හැදෙයි නැත්තන්. ටොට්ටො චං ඉන්නවා.... අපේ ගෙදරත්

      ඔයාගෙ ඉල්ලීම දැක්ක්කමනං අවංකවම සතුටක් දැනුනා. ඒත් ආයෙ වතාවක් මේකෙ කතාවක් ලියන අදහසක් නං තුන් හිතකවත් නෑ මේ වෙනකොට

      Delete
  7. මාත් ඉතින් වෙජි නිසා, සුෂී දැකල තියනවා වුනාට කාල නම් නෑ...

    මං කැමතිම කොටස තමයි පරිගණකය හරහා ඇණවුම් කිරීම...ඒක හරිම කාර්යක්ෂම ක්‍රමයක්...මං වොෂින්ටන් වලවත් ඒ ක්‍රමය නම් දැකල නැහැ...(හැබැයි මං කෑම තෝරන නිසා යන්නේ බොහොම සීමිත අවන්හල ප්‍රමාණයකට විතරයි)...ජපනා හපනා වුනෙත් ඒ නිසාම වෙන්න ඇති...

    එපා වෙන්නැති නේද ප්රොෆ්ල දෙන්න එක්ක බඩගින්නේ ඇවිදිනකොට මාළුවෙක් හොයාගන්න...නියම අත්දැකීම ඒක..

    සඳාගේ පොස්ට් පණහට සුබ පැතුම්...මං අසාවෙන් කියවපු ලිපි පෙළක් තමයි මේ මුල ඉඳන්ම...

    දැන් ඉතින් ආපහු අලුත් මාතෘකාවක් ගැන හිතල බලන්න හොඳේ...

    ReplyDelete
    Replies
    1. පොකුරු,
      වෙජි සුෂී තියෙනවා ඔයාට කන්න පුළුවන්. සෝයා ටෝෆු වගේ ඒවා රහයි.

      අපේ පුතාගෙත් කැමතිම කොටස පරිගණකයෙන් ඇණවුම් කිරීම. එයා යන්නෙම ඒකට.
      වොෂින්ටන් වල තියෙනවද නං දන්නෑ. ඒත් ජපනුන් තරමටම ඇමරිකානුවන් තාක්ෂණය එදිනෙදා සරල දේවල් වලට පාවිච්චි කරනවද කියන එක මට ෂුවර් නෑ. මං එහෙ සතියක් ඉදලා ඒක කියන්න බෑ. ඒත් මං ඇමරිකාවෙ ගුවන් තොටුපලවල් තුනක් හරහා ආවා ගිය නිසා මට ඒවා මෙහෙ දෙකත් එක්ක සසදනකොට එහෙම හිතුනා. සියැටැල් තරම් අකාර්‍යක්ෂම ගුවන් තොටුපලක් තවත් නැතුව ඇති හිතුනා.

      අපි කාර් එකක් රෙන්ට් කරන් ගමනක් ගිහින් ඇවිත් ඒක ෆුල් ටෑන්ක් කරන්න ඉන්ධන පිරවුම් හලකට ගියා. අපි කාගෙවත් ක්‍රෙඩිට් කාඩ් ඒ මැෂින් වලින් රීඩ් කරේ නෑ. ඊට පස්සෙ "පේ ඉන්සයිඩ්" ඔෆ්සන් එකට ගියාට සල්ලි ගෙවන හැටියක් තේරුන්නෑ. ඇතුලට ගිහින් ඇහුවම කිව්වා ඩොලර් 20 ක් ගෙවලා ගිහින් තෙල් ගහගන්න මදි වුණොත් ආයෙ එන්න, වැඩි වුණොත් ඇවිත් ඉතුරු සල්ලි ගන්න කියලා. හැම තැනම එහෙමද මන්දා අපි හිටියෙ ජනාකීර්ණ නොවුන නිස්කලංක පැත්තක නිසා ඒක හිතාගන්න බෑ. සමහරවිට ඒ පැත්තෙ වාහන සහ මිනිස්සු අඩු නිසාද දන්නෑ

      සුබ පැතුමටත් දිගටම කියෙව්වටත් ස්තූතියි!. පනහ හොඳයිද හැටක් හැත්තෑපහක් වගේ ගානක් හොඳයිද කියලා තාම මේ කල්පනා කරනවා.

      Delete
    2. මෙහේ ජනාකීර්ණ ප්‍රදේශ වලයි, ඔය සියැටල් වල තියන ගම්මාන වගේ ප්‍රදේශ වලයි ලොකු වෙනසක් තියනවා...

      ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් තමන්ගේ පුද්ගලික පරිගණක වලින්, ඒක සාමාන්යෙන් හැම තැනම තියන ක්‍රමයනේ...නමුත් අවන් හල තුල පරිගණක නම් ඇත්තේ නැහැ...

      එයට ප්‍රධාන හේතුවක් විදියට මම අනුමාන කරන්නේ මේ රටේ බොහොමයක් ඉන්නවා බොහෝ අවම වැටුපකට වැඩ කරන නිත්‍යානුකුල නොවන මාර්ගයෙන් සංක්‍රමණය වුනු අය සහ ග්‍රීන් කාර්ඩ් වගේ ක්‍රම වලින් ඇවිත් සුදුසු කම් සපුරා නැති කොටසක්..ඊට අමතරව අර්ධ කාලීන රැකියා කරන ශිෂ්‍යයින්...ඒ හැමෝම පැයට ඩොලර් 8-10 අතරේ අවම වැටුපකට රැකියාව කරන්නේ...ඒ නිසා මේ වගේ ක්‍රම ගැන හිතන්න පෙළඹීමක් නැතිව ඇති...

      සමහර නිස්කලංක නගර වල එහෙම කලබලයක් ඇත්තෙම නැහැ...ඒවත් ලංකාවේ ඇති කුඩා නගර වගේ...මුළු නගරයේම ඉන්න මිනිසුන් එකිනෙකා හඳුනනවා...ඒ හන්ද ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතය අඩු ඇති අනිත් එක, එකම රටේ ස්ටේට් එකෙන් ස්ටේට් එකට ඇති ප්‍රධාන බැංකු වර්ග වෙනස්...සමහර බැංකු ඇත්තෙත් නැහැ...ඒ වගේම මම මෙහේ භාවිතා කරන එක සියැටල් වගේ ඈත නගරයක භාවිතා කරන ඒකත් අවදානම් සමහර වේලාවට...මොකද වංචාවන් වෙන්න පුළුවන් නිසා..

      ඔහොම ගමන් යද්දී මුදල් භාවිතා කිරීම තමයි වඩාම සුදුසු...

      ඇයි පනහෙන් නවත්වන්නද කල්පනාව..ඉඩ තියන වෙලාවට දිගටම ලියන්න...නවත්වන්න එපා...

      Delete
    3. පොකුරු, සියැටැල් වල ගම්මානෙක නෙවෙයි, සියැටැල් ඉදන් තවත් ගුවන් යානා දෙකකින්ම ගිහිල්ලයි මේ කියන නිහඩ නිසංසල සුරපුරයට බැස්සෙ. ඒක ඇත්තටම හරිම නිස්කලංක ඔයා කියනවා වගේම ඒ නගරෙ හැමෝම හැමෝවම දන්නවා ඇති කියලා හිතෙන පැත්තක් (Sun Valley, Idaho).

      ඔයා කියන කතාව ඇත්ත. මේ රටේ තියෙන්නෙ ශ්‍රම හිගයක් වුණාට ඔය රටේ ඒක අනිත් පැත්තනෙ. ඒ නිසා ඇත්තටම එහෙමයි වෙන්න ඕනි. මෙහෙ වුණත් ගම්බද ට වෙන්න හරිම වෙනස්. මෙහෙ අපිට විනාඩි 3 ට සැරයක් ට්‍රේන් තිබ්බට සමහර පැති වල පැයට එකයි දෙකයි යන්නෙ. අපේ ඈත ගම් වගේ ඒවා ඕනි තරම් තියෙනවා. මිනිස්සුත් ටික දෙනයි ඒ පැතිවල ඉන්නෙ.

      ඇත්තටම මට ඒ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න බැරි වෙච්ච එක නෙවෙයි ප්‍රශ්ණයක් වුණේ. ඒක බොහොම සාමාන්‍යයි, අර සල්ලි ගෙවන්න කිව්ව ක්‍රමේ. මට හිතුනෙ අපේ රටේ ක්‍රමේ ඊට කාර්‍යක්ෂමයිනෙ කියලයි. නමුත් ඒකටත් හේතුවක් ඇති.

      අපිට වෙන්නෙ අපි ඔය වගේ රටකට එනකොට ඒ රට ගැන හිතා ඉන්නෙ වෙනස් විදිහකටනෙ. එහෙත් අපේ වගේ, නැත්තන් අපිටත් හපන් වගේ දැක්කම පොඩ්ඩ්ඩක් අවුල්. කොහොමත් ඇමරිකාවෙ හැමදේකම විෂමතාවය ඉහළයි නේද?. ඒක එදා ඔයාගෙ ලිපියෙනුත් තේරුණානෙ

      ලියන එක නවත්තන්න අදහසක් නෑ. ඒත් තාවකාලික නැවතුමකට 50 හොඳයි හිතුනා. ලස්සනයිනෙ. ඔයාගෙ මේ කොමෙන්ටුව එනකල් 50 වෙනි පෝස්ටුවට කොමෙන්ට් තිබ්බෙත් 50 යි.

      මම ලියන්නම හිතා හිටි දේවල් වලින් විශේෂ දේකට ඉතිරි වුණේ ඔන්සෙන් (Public hot water bath)විතරයි. ඒක කෙන්කියුෂා ලියයි කියලා විශ්වාසයක් තියෙන නිසා මෙතනින් නවත්තනවා ටික කාලයකට. මං දැන් යන්න ලෑස්ති වෙන්නත් එපැයි සිහි කල්පනාවෙන්. තායිලන්තෙදි සල්ලි වීසි කරා වගේද මෙහෙදි

      Delete
  8. මේ මාතෘකාවෙන් ගංගනාත් සර්ගේ පැණි වළලු පොතෙත් ලිපියක් තියනවා... ඒ වගේම මං මේක ඔයාගෙන් බලාපොරොත්තු වුණු ලිපියක්...
    බලන්න ජපනුන්ට මාලු කොච්චර අවශ්‍ය ද කියලා... අපිට හුරු පුරුදු රටාව වෙනස් උනාම හරි අමාරුයිනේද... ජපනුන්ටත්, පරිප්පුම කන ලාංකිකයන්ටත් වෙන්න ඇත්තේ ඒකයි:D.....

    අර ආහාර ඇනයුම් කරන විදිහ නම් හරිම අපූරුයි.. තාක්ෂණය ඒ ඒ තැන් වලට භාවිත කරල තියන විදිහ නියමයි...

    ඔයාගේ 50 පොස්ටුවට මගෙන් සුභ පැතුම්... දිගටම ලියන්න අක්කේ....

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,
      මම මේක මේ ලිපි පෙළ පටන් ගන්නකොටත් ලියලා තිබ්බෙ. මුලටයි අගටයි පොඩ්ඩක් එකතු කරන එකයි ෆොටෝ ටික ගැලපෙන තැන් වලට අමුණන්නයි විතරයි තිබ්බෙ. බලන්න ඒ පොඩි වැඩේට ගත්ත කාලෙ.

      ජපන්නු මේ තාක්ෂණය කියන එක හැමදේටම යොදාගන්නවා. අපේ අපාට්මන්ට් එකේ utility bill ගෙවන්න තියෙන්නෙ pre paid system එකක්. කාමරේ display වෙනවා අකවුන්ට් එකේ තියෙන ගාන. දවස ගානෙ ඒකෙන් අඩු වෙනවා. වින්ටර් එකේදි මනෝ පාරක් එහෙම ගහගෙන නෑවොත් එළියට එනකොට හාට් ඇටෑක් හැදෙනවා.

      සුබ පැතුමට ස්තූතියි!

      Delete
  9. Steam boat restaurant
    නාරාහේන්පිට පැත්තේ තියෙන්නේ. මම ඉස්සර මෙතනින් ජපන් කෑම ගත්තා. හැබැයි ලඟදි නම් ගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම තැනක් ගැන දැනගන්න ලැබුණ එක හොඳයි. ස්තූතියි! මල් මල්ලිට. අපේ ගෙදර ඉන්නවා හිටපු ගමන් එක එක ජපන් කෑම මතක් වෙන පොඩි මහත්තයෙක්

      Delete
  10. අමු මාලු කන්න ට්‍රයිකරල බලන්න ඹ්න,

    ReplyDelete
    Replies

    1. අන්න එහෙම උත්සහ කරලා බලන එකනෙ වටින්නෙ

      Delete
  11. සැමදා මෙන්.... (මේ ජපං කතං සෙට් එක හොදා පොතකට.. ජපාන සංස්කීතිය ඉගෙන ගන්න අයට අත් පොතක් වෙයි. සමාර විට පෙළපොත් වලට නිර්දේශ කරන්නත් ඉඩ තියෙනනවා. නැත්නං නිර්දේශිත පොතක් වෙන්නත් හැකියි. නැද්ද මං අහන්නේ..)


    අර අපේ ධීවර ඇමතියා කිව්වලු අපේ ප්‍රධාන අපනයන ඔය පාර

    රබල් පොල් සිලෝන් ටූනා කියලා.. මටත් හිතෙනවා ඒක එහෙම වෙයි කියලා

    ReplyDelete
    Replies
    1. දේශකයාට වෙන්න පුළුවන් ඔක්කෝම මතක් වෙලා හැබැයි වැදගත්ම එක අමතක වෙලා.
      පොතක් කරොත් ඒක පොත් කඩවල පුස් බැඳි බැඳි තියෙන්නත් පුළුවන් නෙ?....හා නැද්ද?

      මේවා ලියද්දි පොතක් ගැන මගේ හිතේ අහලකවත් තිබ්බෙ නෑ. තාමත් නෑ හොඳේ. ඒත් මේ ඊයෙ පෙරේදා දවසක වෙනත් බ්ලොගර් කෙනෙකුත් ඇහුවා "අර ජපන් කතා ටික පොතක් කරොත් කොහොමද?" කියලා.

      සිලෝන් ටූනා නුදුරේදීම වෙන්න පුළුවන්. ටූනා සැමන් වගේ ඒවා තමයි කොමන්. ටූනා තමයි නරක් නොවී පහසුවෙන් හැන්ඩ්ල් කරන්නත් පුළුවන්. පැසිපික් බ්ලූ ෆින් ටූනා, ලෝකෙ සම්පූර්ණ නිෂ්පාදනයෙන් 80% ක් ම කන්නෙ ජපන්නු. ජපන් මාකට් එක ටාගට් කරලා එයාලට අවශ්‍ය මාළු අපණයනය කරන්න පුළුවන්නං මැණික් ඉල්ලමක් පෑදුනා වගේ තමයි. ධීවර ඇමතිට එහෙම දැක්මක් තියෙනවනං ඒක ඉහළින්ම සතුටු වෙන්න පුළුවන් කාරණයක්

      Delete
  12. මම කාපු මාළු වලින් නම් රසම වර්ගය කත්සුඕ තතකි. සකමොටෝ රෝයෝම නගසකි වල හිටපු යුරෝපීයයන් මස් ග්‍රිල් කරනවා බලල තතකි හදන හැටි හිතුව කියලයි කියන්නේ. තවමත් "ටොස" පැත්තේ තතකි බොහොම ජනප්‍රිය කෑමක්.

    එක පාරක් කුජිර සශිමි කෑවා. ගණන් හැබැයි හරිම රහයි. කුජිර ටං ෆ්‍රයි කරලා මයෝනෙස් දාල හදපු ඩිෂ් එකක් තිබුන ඒකත් මාර රහයි.

    ReplyDelete
    Replies
    1. කත්සුඔ තතකි මගෙත් කැමති කෑමක්. රෑ අටෙන් පස්සෙ මරුඑට්සු වල ගනන් අඩු කරනවනෙ. එතකොට තතකි හොඳයි. ඒවා කෑලි නොකපා කුට්ටි වගෙත් තියෙනවනෙ, මං සමහර වෙලාවට එහෙම ඒවා ගෙනාවම ඔක්කොම කන්න බැරි වුණාම ඉතිරි ටිකෙන් ඇඹුල් තියල් හදනවා.

      මට රසම සෂිමි වුණේ "කින්මෙදායි" කියලා ඔය උඩ පිංතූරෙක තැඹිලි පාට මාළුවෙක් ඉන්නෙ රත්තරන් පාට ඇස් දෙකක් තියෙන, අන්න ඒක

      කුජිරා රහයි තමයි. මං කාලා තියෙන්නෙ වේලපු මස් වගේ තීරු තියෙන්නෙ අන්න ඒවා. කුජිරා සෂිමි කාලාත් නෑ, ටං කාලත් නෑ. ඒකත් කිලෝ ගානක් බරට ඇතිනෙ

      Delete
    2. කුජිරා රහයි

      ඔව් අපි කියන්නෙත් කුජීත රහයි කියල තමා.. හැක්

      Delete
    3. කුජීත රහයි කිව්වම අර නැති වී තිබේ වගේනෙ. රහයි නං රහයි. කුජීතයි නං කුජීතයි. කුජීතයි රහයි දෙකම බෑ දේශා

      Delete
  13. කොරියාවේදී කාපු අමු මාළු බිත්තර අමතක වෙන්නේ නෑ... ඒ වගේම පන පිටින් කපල දගල දගල තියෙන බුවල්ලෝ කෑලිත් මාරයි

    ReplyDelete
    Replies
    1. බංගාරා, කොරියානු කෑම නං මටත් අමතක වෙන්නෑ. එහෙ බෙල්ලො කකුළුවො වගේ ඉක්මණින් නරක් වෙන ඒවා පණ පිටින් මේසෙට එව්වට ජපානෙ පණ පිටින් සත්තු මේසෙට ගේන්නෑ.

      මෙහෙ තියෙන කොරියානු රෙස්ටොරන්ට් එකක කෑම එකක් තියෙනවා, ඒක කනකොට දැනෙන්නෙ කොල්ලුයි බතුයි කනකොට දැනෙන රහමයි. නම දන්නෑ

      මාළු බිත්තරත් ඉතාම රස කෑමක් කියලා මං අඳුරාගත්තෙත් මෙහෙදි

      Delete
    2. Bibimbap කියන ස්ටෝන් පොට් එකක දෙන බත් එකක් කෑවා මම ෆුකුඔක වල කොරියන් රෙස්ටොරන්ට් එකක. මම ගත්තේ බීෆ්. ඒක නම් අමතක නොවෙන තරම් රසයි. ඒක ජැපනීස් චාහං හරි චයිනීස් චෞෆා හරි වගේ නෙවෙයි; සැරත් එක්ක පුදුම රැසක් තියෙන්නේ.

      Delete
    3. කෙන්කියුෂා, ඒ ස්ටෝන් පොට් වල දෙන කෑම එකේ එක එක රහ තියෙන ඒවා තියෙනවා. සමහර ඒවා නං අජූතයි. ඒත් කොරියන් කෑම අපේ රහට කිට්ටුවෙන් යනවා. ඉහින් කනින් දාඩිය පෙරාගෙන කන්න පුළුවන් ඒවා ඕනි තරම් තියෙනවා

      Delete
    4. අපොයි ඔවු. මාත් එක්ක ගියපු මගේ "අතීසාර-මිත්‍ර-තුමියක්" ගත්තේ එකේ smoked salmon bibimbap. එයා ඒකෙ බාගයක් කාල මාත් එක්ක බෙදාගත්තා. මොනව කරන්නද ඉතින් මමත් මගේ beef bibimbap එකෙන් ටිකක් දුන්න එයාට. smoked salmon bibimbap එක නම් අජූතයි තමයි.

      Delete
    5. ඔය වගේ අවාසනාවන්ත අවස්ථාවන්ට මූණ දෙන අපේ මිත්‍රයොත් ඔහොමම කියනවා ඇති නේද කෙන්කියුෂා

      අපේ කට්ටියට මගේ මූණ දිහා බලලා කෑම එකේ රස කියන්න පුළුවන් තරමට කෑම අකරතැබ්බ මට සිද්ධ වෙලා තියෙනවා

      Delete
  14. ඔයා ඔන්සෙන් ගැන ලියන්න ඉන්නේ කියල කලින් පොස්ට් එකේ කොමෙන්ට් එකක දැක්ක. මමත් ඔය ගැන ටිකක් ලියන්න කියල හිතාගෙන හිටියේ. ඒ වුනාට ඔයාට මේ ටිකේ නිදහසත් තරමක් තියෙන එකේ පුළුවන් නම් ඔයාම ලියන්න. කගොශිම පැත්තේ හොකයිඩෝ පැත්තේ තියෙන ඖෂධීය ගුණයක් ඇති ඔන්සෙන් ගැන ඒවගේ වතුරවල විවිධ සංයුතීන් ගැනත්, විවිධ ක්‍රමයේ සඋනා ගැනත් ඇතුල් කරන්න පුළුවන් නම් වටිනවා. අපි එන්නම් උදව්වට කොමෙන්ට් දාන්න.

    ඔයාට අත්දැකීම් නැති වුනත් කොන්යොකු (混浴) ගැනත් ගැනත් ටිකක් සොයලා ලියන්න. කොන්යොකු වලට යන්න නම් පුදුමාකාර විදියේ සිතුවිලි පාලනය කරගැනීමේ හැකියාවක් තියෙන්නේ ඕනේ බවයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ කෙන්කියුෂා ඔයාට ලියන්න පුළුවන්නං ඔයා ලියන්න. ඔයා ළඟ කරුණු ගොඩක් ඇති. මං ඒකෙ ලියපු එකක් තියෙනවා ඒ අර ෆේස් බුක් ගෲප් එකට. ඒක පොඩ්ඩයි. ලියනවනං තව කරුණු ගොඩක් එකතු කරගන්න ඕනි. ඇත්තම කිව්වොත් මට දැන් වැඩ නැති නිසාද කොහෙද ලියන්න කම්මැලියි. බ්ලොග් එක නවත්තනවදෝ ලියනවදෝ කියලා හිත හිත ඉන්නෙ මේ (අද අපිට නිවාඩු ගෙනාවනෙ මින්දුලේ තයිපූන් එක )

      මං මෙහෙ ඔන්සෙන් ගොඩකට ගිහින් තියෙනවා. සෂිමි සුෂි වගේම ඒකත් ඉන්ටරෙස්ටින් වැඩක්. මං ගිය කුසත්සු වලයි, නික්කො වලයි තැන් දෙකක ෆොටෝ තියෙනවා (මං උදේම කවුරුත් නැති වෙලාවක ගිහින් ෆොටෝ ගත්තා ). ෆුකුෂිමා වල (ස්පා රිසෝට් හවායියන්ස් ) ලොකූඌඌ ඔන්සෙන් එකක් තිබ්බා. ඒකෙ ෆොටෝ ගන්න ගියානං දැන් හිරේ. ඒවා මතක් වුණාම හිතෙනවා ලියන්න ඕනි කියලා. ඒත් කම්මැලියි

      Delete
    2. මගේ ළඟ එහෙම එකතුකර ගතිපු කරුණු කියල නෑ. ලියන්න ගියාම දන්න දේවල් ගැන සොයල නොදන්නා දේවල් එකතුකරගන්න ගමන් ලියන්නේ. සමහරවෙලාවට ලියන ගමන් ජපන් ළමයි හරි අර සෙන්සේ එක්ක හරි කතා කරනවා ෂුවර් නැති තැනක් ආවොතින්. ඒ නිසා මම ගොඩක් වෙලාවට එක පොස්ට් එකක් ලියන්න ගියාම එක දිගට පැය කිහිපයක් ලියල ඉවරකරනවා.

      ඔන්සෙන් කල්චර් එක ගැන සම්පූර්ණ විස්තරයක් සිංහලෙන් ලියවිලා නෑ. ඔයාට දැන් පුළුවන් හොඳ එකක් ලියන්න. විශේෂයෙන්ම කොන්යොකු වගේ ඒවගේ ගැහැණු පිරිමි දෙගොල්ලොම නිරුවතින් එකට නානකොට තිබිය යුතු සංයමය වගේ දේවල් ජපනුන්ට පමණක් කල හැකි වෙන්නේ ඇයිද කියන එක වගේ දේවල්. අපිට ඒවා ඒ විදියට කරන්න ඕන නැති වුනත් එවැනි සංයමයක් ඇතිවෙන්නේ කොහොමද කියන එක ගැන කතාකරන එක වටිනවා.

      අනෙක ඔන්සෙන් වල රසායනික ගුණ ගැන එහෙමත් වැඩිය කතා වෙලා නෑ. ඔයා ලියන්න. ඔයාගේ බ්ලොග් එක කියවන ප්‍රමාණයත් වැඩි නිසා ඔයාම ලියන එක තමයි හොද. මම ලියන්න හිටිය කිව්වට එහෙම සුදානමක් තිබුනේ නෑ. හිතුන සොයලා වෙලාවට ලියනවා මිසක්.

      Delete
    3. මම මේ මිනිස්සුන්ට, මෙයාලගෙ ගති සිරිත් වලට වගේම මේ රටටත් බොහොම ආදරෙයි. එහෙම වෙන්න තරම් අපූරු සිද්ධි ගොඩක් මගේ මේ වසර තුන තුල තියෙනවා. මගේ සෙන්සෙලා දෙන්නම එක වගේ කෙනෙකුට කලාතුරකින් ලැබෙන විදිහෙ දෙන්නෙක්. මගේ යාළුවෝ "ඉරිසියා" හිතෙනවා කියලා මාත් එක්කම කියන තරමට හොඳයි. ලැබ් එකේ ඉන්න පොඩි එවුනුත් අති බහුතරය එහෙමයි.

      ඉතින් මගේ හිතේ ඒ තියෙන හැඟීම ඊට සමාන අත්දැකීම් ලැබුව ඒ හැඟීමම තියෙන කෙනෙකුට මිස තේරුම් ගන්නත් බැරි වෙයි.

      ඒත් මට හිතෙනවා මේ ලියන සමහර දේවල් වලින් කියවන කෙනා ගන්නෙ දෙන පණිවිඩයම නෙවෙයි කියලා. මගේ ලිවීම නිසා එහෙම වැරදි අවබෝධයක් ලැබුණා කියලා හිතුනම ඒක මට කණගාටුවක්. ඒක මගේ ලිවීමේ දෝෂයක් වගේම ඕනෑම ලියවිල්ලකට වෙන්නත් පුළුවන් දෙයක්. ඒ නිසා ඔන්සෙන් ගැන ලිවීම බොහොම ප්‍රවේශමෙන් කළ යුතුයි කියලා මං හිතනවා. මට වඩා හොඳට ඔයාට ඒක කරන්න පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරන නිසයි ඔයාට ලියන්න කිව්වෙ.

      කොන්යොකු නෙවෙයි අපි යන සාමාන්‍ය ඔන්සෙන් එකකදි පවා පොඩි සංයමයක් උවමනයි නේද?.

      මගේ බ්ලොග් එක කියලා මේ වගේ ලිපි කියවන ප්‍රමාණය මහ ගොඩක් නෑ. 1000 ට වඩා කියවපු ජපන් විස්තර එකම එකයි තියෙන්නෙ. කතාවක් නං හත් අටසීයකටත් වඩා කියවනවා. බලන්නකො වැඩියෙන්ම කියවලා තියෙන පිළිවෙල. ඒ නිසා ඔයා ලියන්න.

      එහෙම නැත්තන් අපි දෙන්න මේ කඹ ඇදිල්ල නවත්තලා මුලින් ලියන්න පුළුවන් කෙනා ලියමු. නැත්තං අර ඇනෝ මහත්තයට ලියන්න කියමු

      Delete
  15. ජප්පෙකුට ඇඹුල් තියල් කරපු බල මාළු කෑල්ලක් දීල බලන්න හිතුනා මේක කියවනකොට... ඔක්කොමත් හරි ලෝකෙ වටේ තල්මස්සු මර මර යන්න තරම් ජපනුන්ගෙ මාළු කෑදරකම වැඩි නොවී තිබුන නම්..
    සාම්ප්‍රදායික සුශී වර්ග හදන්න හැම චෙෆ් ටම දෙන්නෙත් නෑ නේද? ඒක නිකන් ඇදහිල්ලක් වගේ කරන වීඩියෝ එකක් දැක්කා.
    මේ ලිපි පෙල කියවනකොට සුශී කාල,සකේ බීල,කබුකි බලල එන්න ජපානෙ යන්න හිතෙන එක වලක්වගන්න නම් බෑ.. හෙහ් හෙහෙ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බ, ඊට පස්සෙ දිගටම ඇඹුල් තියල් කන්න ගනියිද දන්නෑ. එහෙම වුණොත් ගොරකා, ගම්මිරිස් වලටත් එතනින්ම මාකට් එකක් හදා ගන්න පුළුවන්

      ඔව් සුෂි හැදීම හැමෝටම දෙන්නෑ. ඕවයෙ ඉතින් පිහිය මුවහත් තියාගන්න එක පවා කලාවක්නෙ. හැමෝටම කරන්නත් බැරුව ඇති. ආඳා වගේ සමහර මාළු වර්ග සැකසීම පවා යම් පිරිසකට විතරයි කරන්න අවසර තියෙන්නෙ.

      ඔයා එන්නෙ සුෂී කාලා, සකේ බීලා කබුකි බලන්න විතරද?. එපා එපා. එන එකේ ඔන්සෙන් බැහැලා ඒ අත්දැකීමත් අරන්ම යන්න. ඇයි තව සකුරා. එහෙනං එන්න මාර්තු අන්තිමේක වගේ හනාමියකටත් එක්කම

      Delete
  16. මමත් කීප වතාවක්ම ජපං රෙස්ටුවර්න්ට් වලින් සුශී කෑවා,,, අමු සැමන්,ටූනා,ඉස්සො බෙල්ලො වර්ග ඇපටයිසර් වලට කැවෙනවා ඉතාලියෙ ගොඩක් පලාත්වල,කාලයක් කියෙව්වට අදයි කමෙන්ට් කරන්නෙ

    ReplyDelete
    Replies
    1. කාලයක් බ්ලොග් එක කියවපු කෙනෙක් අවසානයේදි හරි හඳුනා ගන්න ලැබීම සතුටක්. ස්තූතියි දිලාන්. කමෙන්ට් නොකළට කමක් නෑ කියවීමයි වටින්නෙ

      Delete
  17. අපි දෙතුන් පාරක් සුෂී කෑවා.. මට ගොඩක් රසයි කියල හිතුනේ නෑ.. අර කොච්චර කෑවත් හිතට මදි අවුල මටත් තියෙනවා..
    මාස දෙක තුනකට සැරයක් ජපන් කඩේකට ගිහින් තියෙන අමුතු කෑම වර්ග කාල බලනවා.. මට හැබැයි ආසාවෙන් කන්න හිතිච්ච ජාතියක් තාම සෙට් වෙලා නෑ..

    හෙට අනිද්දා ගිහින් ආයේ සුෂී පාරක් දාල බලන්න ඕනේ.. මේ පෝස්ට් එකේ හොඳ විස්තරයක් තියෙනවා.. නියමයි..

    ReplyDelete
    Replies
    1. පැතුම්'

      රස කියන දේ එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්නෙ. සුෂී වර්ග අනුවත් හදන කෙනා අනුවත් රහ පොඩ්ඩ පොඩ්ඩ වෙනස්නෙ. මට පෑතුම් ඉන්න රට ගැන අදහසක් නෑ. ඒ වගේම වෙන රටවල තියෙන ජපන් රෙස්ටොරන්ට් වල කෑම සහ හැබෑවටම ජපානෙදි කන කෑම එක වගේද කියලත් කියන්න මං දන්නෑ. මෙහෙ තියෙන ලංකාවෙ රෙස්ටොරන්ට් වල හෝ තායි රෙස්ටොරන්ට් වල තියෙන කෑම වල නම් ඔරිජිනල් රහ නෑ.

      ඒ කොහොම වුණත් ජපන් කෑම වල ලොකූ රසයක් ලුණු මිරිස් රහට හුරු වෙච්ච කෙනෙකුට නොදැනීම සාමාන්‍යයි. මෙහෙ එක එක පැත්තෙ කෑමත් එකිනෙකට වෙනස්. අපේ දිව දැන් ලුණු-පැණි-මිරිස් තුනපහ රහෙන් ඈත් වෙලා නිසා අපිට මේ කෑම රහ විදින්න පහසුයි කියලා මට දැනෙනවා.

      Delete
    2. මම අන්තිමට කෑවෙ බෙන්ටෝ ද මොකක් ද කියල එක එක ජාති ගොඩක් තියෙන හතරැස් වගේ පෙට්ටියක තියෙන කෑමක් සුෂී නම් නෙවෙයි.. ඊයෙත් ජපන් කඩේට යන්න ගිහින් ආයේ වෙන කඩේකින් කාලා ආව.. හෙහ් හෙහ්

      මම ඉන්නේ මැලේසියාවේ මෙහෙත් සුෂී හරියට තියෙනවා.. ඕනෙම රටක කෑම ජාති තියෙනවා.. රස නම් ජපානෙට වඩා වෙනස් ඇති තමයි.. ජපානේ ගැන තව දේවල් ලියන්න..

      අපි කොරියාවේ පොඩි ටුවර් එකක් යන්න ප්ලෑන් කරලා හැබැයි විසා ගන්න අමාරු නිසා අත ඇරලා දැම්මා.. ජපානෙත් ඒවාගේ අපිට විසා ගන්න අමාරුයි නේද..? ජපන් සංචාරෙකුත් හිතේ තියෙනවා.. හෙහ් හෙහ්..

      Delete
    3. පැතුම්,
      බෙන්තො කියන්නෙ අපේ ලන්ච් බොක්ස් වගේ කෑම පෙට්ටියක්. ඒකෙ බත් මස්/ මාළු අච්චාරු වගේ පාට පාට සියළු පෝෂ්‍ය පදාර්ථ අඩංගුයි. මං ඕකට කියන්නෙ පූජා වට්ටිය කියලා.

      නිවාඩු මාසෙට ඉස්කෝලෙ කාලෙ වගේ කෑම නොලැබෙන නිසා පොඩ්ඩට ඔය පූජා වට්ටියක් හදලා යවන්න ඕනි. පිස්සු හැදෙන වැඩේ.

      මැලේසියාවෙ කොහොමත් ජාතීන් ගොඩක් ඉන්න නිසා ගොඩක් කෑම ජාති ඇතිනෙ.

      කොරියන් වීසා ගන්න අමාරු නෑ නේද පැතුම්. මට දවසින් ලැබුණා හැබැයි ටුවරිස්ට් නෙවෙයි.

      ජපන් වීසා ගන්න එකත් අමාරු නෑ කියලයි මං හිතන්නෙ. මගේ යාළුවො කීප දෙනෙකුගෙම අම්මලා ආවා ටුවරිස්ට් වීසා වලින්. කවුරුත් අමාරු වුණ කතාවක් කිව්වෙ නෑ.

      කොරියාවෙ ජේජු දූපත සංචාරයකට /රිලැක්ස් වෙන්න කියාපු තැනක්. ඒක හරියට අපේ බදුල්ල බණ්ඩාරවෙල නුවර එළිය වට කරගෙන මුහුද තිබ්බා වගේ අපූරු දූපතක්. මුහුද, කදු, දිය ඇළි ඔක්කොම පුංචි දූපතක

      Delete
    4. මං ළග ජේජු දූපත ගැන ලිව්ව සංචාරක සටහනක් සහ පිංතූර ගොඩක් තියෙනවා. ඕනි වුණොත් කියන්න මං ඒ සටහන පෝස්ට් කරන්නම්

      Delete
  18. මස් කනවාට වඩා මාලු කන්න මමත් ආසයි.
    අමුවෙන් කොහොම වෙතත් "මාතර ඇඹුල් තියල් මාලු" කැල්ලක් කන්න අපිත් බොහොම මනාපයි.

    මට අවා ප්‍රශ්නය මාලු ගැන නෙමේ අක්කේ.දැන් මේ විදියට හැමදේටම තාක්ෂනය භාවිතා කරන එකෙන් වැඩ කාර්යක්‍ෂම වෙනවා වගේම ඒ හේතුවන් තවත් පිරිසකගේ රැකියා අවදානමකට ලක් වෙනවා නොවේද ?

    ReplyDelete
    Replies
    1. ආ....මෙන්න මේ ළමයා ඉන්නවා. මං හිතා හිටියෙ ලංකාවට ගියාම මාතර මාළු ඇඹුල් තියල් එක්ක පන්සලකට දානෙ ටිකක් ගිහින් දීලා පිං අනුමෝදන් කරන්න වෙයි කියලා.

      අපේ ගෙදරත් දැන් මස් පරිභෝජනය ශුන්‍ය ට ළඟා වෙමින් තියෙන්නෙ. මාළු කෑම ශරීරයට හිතකරයි. වැඩි විස්තර ඕනි නං අපේ පොඩි එකාගෙන් අහන්න.

      මනෝජ් මල්ලි, මෙහෙ ජනගහණ වර්ධන වේගය මේ වෙනකොට සෘණ. ආයු කාලය අවුරුදු 80 ට එහා (ලෝකෙ ඉහළම ආයු කාලය ). ඒ නිසා ශ්‍රම බලකාය අඩු ප්‍රශ්ණයකුත් මේ රටේ තියෙනවා. තාක්ෂණය යොදා ගැනීම තුලිනුත් එයාලා ඒකට පිළිතුරු හොයනවා. ඒ වගේම මෑතක සංක්‍රමණික ප්‍රතිපත්ති ත් ලිහිල් කරලා තියෙනවා.

      කොයි හැටි වෙතත තාක්ෂණයත් එක්ක සමහර අංශ වල රැකියා අඩු වෙනවත් එක්ක වෙනත් අංශයක රැකියා වැඩි වෙන්න පුළුවන්. මං ඉන්න හරියෙ නියමුවෙකු නැතුව ගමන් කරන fully automated දුම්රිය සේවාවකුත් තියෙනවා. බලන්න Yurikamome කියලා සර්ච් කරලා

      Delete
  19. 50 ට සුබ පැතුම්...!

    ReplyDelete
  20. කඩඉමට සුබපැතුම්! ඉස්සෙල්ලම අමු මාලු කනකොට දැනෙන රස කොහොමද? අප්‍රිය නැද්ද?

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි! රාජ්. ඒක කඩඉමක්ද තාවකාලික නැවතුමක්ද කියන එක තාම අවිනිශ්චිතයි

      මම මුලින්ම අමු මාළු කෑවෙ මං වෙනුවෙන් ලෑස්ති කරපු පිළිගැනීමේ සාදෙදි. මං නොකන දේවල් ගැන ඊට කලින් ඇහුවා. මං මාළු කනවනෙ. ඉතින් සෂිමි පිඟානක් ආවා. දැක්කම ප්‍රසන්නයි. අපේ මාළු වලින් වගේ ගඳක් මොකුත් නෑ ලස්සනට තිබ්බා. කන්න කිව්වම තමයි තරු පෙනුනෙ. මාත් හිතුවා අප්පිරියා වෙයිද දන්නෑ කියලා. ඒත් මට කන්න බෑ කියන්න හිතුන්නෑ මං කෑවා. මුලින්ම කෑවෙ ටූනා කෑල්ලක්. අප්පිරියා වෙයිදො කියලා සැකෙන් කෑවත් ඒක බොහොම රසවත්ව දැනුනා. සුෂී ලැබුණෙ ඊට ටික වෙලාවකට පස්සෙයි

      Delete
  21. මුලින්ම 50 ට සුබ පැතුම් ...

    මාළු අමුවෙන් නම් කාලා නෑ.. මට හිතෙනෙ කන්නත් ටිකක් අපහසු වෙයි මොකද ඒ තරම් ඒක ප්‍රිය නෑ..

    එ කොහොම වුනත් ඔබෙ විස්තරය නම් බොහොම ආසාවෙන් කියෙව්වා.. ස්තූතියි මේ වගේ අපි නොදන්න දේවල් හරිම ලස්සනට, කියවන්න ආස හිතෙන විදිහට ඉදිරපත් කරනවට..

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි! තුශානි. ඒ වගේම ඔයාගෙ ඇගයීමටත්. ඒක ඇත්තටම සතුටක්

      මාළු අමුවෙන් කෑම අපහසු නෑ හොඳ තත්වයේ තියෙනවනං. අපි මාළු කියලා කන්න ගේන මාළුයි මේවයි බොහොම වෙනස්. අවස්ථාවක් ලැබුණොත් උත්සහ කරලා බලන්නකො

      Delete
  22. හප්පේ මේ පෝස්ට් එක කලින් දැක්කේ නැත්තේ මොකදෝ ? මගේ ප්‍රියතම කෑම ජාතියක් තමා කියල වැඩක් නැහැ. ඔය දාල තියන පින්තුර වල ඔක්කොම වගේ අනුභව කරලා තියනවා නම් දන්නේ නැති වුනාට. සෂිමි ඇරෙන්න. එහම එකක් බැදලා නම් කාල තියනවා අර ග්ලෝබල් බුෆේ එකේ. රුසියාවේදී ලුණු දාපු අමු මාළු කාල තියනවා. දුම ගහල හෝ ලුණු දාපු. දැනුත් අපි හෙරින් ගෙනත් කනව. ළුණු , අමුමිරිස් හා මයෝනස් එක්ක. කාල බලන්න. මේ පාර මොස්කව් ගිය වෙලාවේ ජපන් එකකට ගියා. පිපිඥඥ (ලියා ගන්න බැහැ ) පෙති කපල සැර ජපන් සෝස් එකක් (දුඹුරු පාට ) ස්ටේක් එකක් කෑව . ඒ ජපන් ආපනශාලාවක මස් කාපු මුල් වතාව. ටෙරියකි සෝස් වෙන්න ඕනේ බැදපු මස් කෑල්ල. ඔයිට කලින් ගිය එකක් අපි ගත්තේ තමන්ම උයන්න. මෙසේ මැදට ළිප ගෙනත් තියල අපට මාළු ගෙනත් දෙනවා. (ඕනේ නම් මස්) ඒවා දාල රත් කරකර කන් තියෙන්නේ. හොඳ අත් දැකීමක්.

    ReplyDelete
    Replies
    1. අර ඉයන්ගෙ ගීත රැල්ල අස්සෙ වෙන පෝස්ට් පේන්නෑනෙ අජිත්

      ඔය ඉන්නෙ රස හඳුනන්නො. එහෙම අය ගොඩක් මේ පෝස්ට් එකෙන්ම හම්බුණා. සෂිමි නං ඉතින් බැදලා ඉවර වුණාම සෂිමි කියන්න බෑ. මෙහෙත් අතීතයෙ සෝයා සෝස් ජනප්‍රිය වෙන්න කලින් වෙරළාශ්‍රිත මිනිස්සු ලුණු/ විනාකිරි දාලා තමයි අමු මාළු කාලා තියෙන්නෙ. ඒක තමයි දැන් මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ.

      ඔය මේසෙ මැද තියෙන ලිපේ වළදක් තියාගෙන ඒකට මස් වර්ග, එළවළු දාලා කන එකට කියන්නෙ "නඹේ" කියලා. ඒක මෙහෙ ජනප්‍රිය වගේම නැතුවම බැරි අංගයක් වගේ. මාත් බොහොම කැමතියි මොකද හැමෝම වට වෙලා එකතු වෙලා උයාගෙන කනකොට පොඩි ගතියක් ෆිට් එකක් තියෙනවා. අනෙක මං තාම එකම විදිහෙ නඹේ එකක දෙතැනකින් කාලා නෑ. ගොඩක් රෙස්ටුරන්ට් වල මේසෙ මැද ලිපක් තියෙනවා. සමහර ඒවගේ පොඩි ගෑස් ලිපක් ගෙනත් තියෙනවා. සමහර ඒවයෙ තනි තනි පුද්ගලයාග පොඩි ලිපක් තියෙන විදිහෙ මේසත් තියෙනවා. ඔය නඹේ එකයි ලිපයි ඔක්කොම පැත්තෙන් පැත්තට වෙනස්. ඒක මාර ෆන්.

      චීන්නුන්ගෙ තියෙනවා නඹේ පේස්ට්, මාර සැරයි. ඒවා මීටත් වඩා අපිට හොඳයි. අපි සමහර සිකුරාදා වල කට්ටියත් එක්ක එකතු වෙලා රෑ වෙනකල් චීන නඹේ එකක් වටේ ඉදන් කකා බිබී තමයි සතියෙ ස්ට්‍රෙස් එක පිට කරගන්නෙ. ඒක ඇත්තටම කවුරුහරි උයලා මේසෙට ගෙනත් තියෙන දෙයක් කනවට වඩා ලොකු වෙනසක්

      Delete
    2. අපි ළඟ තියනවා TEPPANYAKI ග්‍රිල් එක වගේ එකක්. ඔය "නඹේ " වැඩේ කරන්නමයි ගත්තේ. ඔය ජපන් ආපන ශාලාවට ගිහින් ඇවිත් තමා ගත්තේ. දැන් නම් ලොෆ්ට් එක උඩ අවුරුදු ගානකින් ගත්තේ නැහැ . වෙලා නැහැ ඒ විධිහට කෑම හදල කන්න. උයන එක වඩා ලෙහෙසියි.. ජපන් කෑම තමයි හදන්න දන්නෙම නැත්තේ. එකවරක් ට්‍රයි කරලා අත හැරිය. නමුත් සංචාරයකට ගියොත් අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා කන්න.

      Delete
    3. අයියෝ ජපන් කෑම හදන එක අමාරු නෑ අජිත්. ඒ රහම ගන්න අමාරු වුණත් යූ ටියුබ් එකෙන් බලාගෙන ඔය ගොඩක් ඒවා හදාගන්න පුළුවන්. මට නං කොහොමත් ඔය එක එක රටවල කෑම හදලා බලන එක විනෝදාංශයක්

      හැමදාම ගිම්හාන නිවාඩුවට යුරෝපෙ වටේ ඇවිද ඇවිද ඉන්නැතුව ඊළඟ වතාවක ජපානෙට එන්න. දීර්ග කාලයක් යුරෝපෙ ඉන්න නිසා ඒක දූලා දෙන්නට වුණත් අපූරු අත්දැකීමක් සහ වෙනසක් වේවි

      Delete
    4. ඒ අදහස මටත් ඇවිත් තියෙන්නේ. ලෝකේ අනිත් කෙලවරේ නිසා තවම කල් ගන්නේ. ලබන අවුරුද්දේ අපි යාලුවෝ කට්ටියක් එක්ක බයිකාල් අමූර් (ට්‍රාන්ස් සයිබිරියන්) දුම්රිය මාර්ගයේ ටිබෙට් හෝ චීනය දක්වා යන්න හිතන් ඉන්නේ. ඒකෙන් පස්සේ තමා බලන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම ලිස්ට් එකේ තියෙන රටක්. සල්ලිත් එපැයි ඕවට. ලන්ඩන් ඉඳන් ජපානෙට ටිකට් එකක් £600-£800. වෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ £6000 වත් වෙන් කරන්න ඕනේ ගමනට.

      Delete
    5. ගාන නම් සැරයි තමයි. සමහරවිට අජිත් ට ඕක එච්චර ගානක් නොවෙනවත් ඇති. ප්‍රමෝෂන් ටිකට් තියෙන කාලයක් ඇල්ලුවනං ලේසියි. ඒත් නිවාඩුත් තියෙන්න එපැයි නේද?

      Sri Lankan airline එකේ සැප් 1-30 අතර ප්‍රමෝෂන් තිබ්බා flysmile miles 12 500 ක් තියෙනවනං යෙන් 25 000 යි round trip කටුනායක-තෝක්යො

      Delete
  23. ආශාවෙන් කියෙව්වා .කමෙන්ට්ස් නිසා ගොඩක් දේ දැන ගත්තා .අර පින්තූර සුෂී හරී රසයි. ස්තුතියි දිගටම ලියන්න. ජය!

    ReplyDelete
    Replies
    1. පිංතූර කාලා රහ බලන්න පුළුවන් කෙනෙක් මේ දැක්කමයි. ස්තූතියි! පිංතූර වලින් වත් ඊයා නොකියා රහ බැලුවට

      Delete
    2. එහෙම ලේසියෙන් ඒ හැකියාවල් ලැබෙන්නේ නෑ සඳු දුවේ .ඒකට මට තරම් වයස යන්න ඕන .

      Delete
    3. අයියෝ ටීච ඔය වයසට නං දැන් කිට්ටු කරලා ඇත්තෙ. ඒත් වැඩේ තියෙන්නෙ කොච්චර වයසට ගියත් අපේ අම්මලා, ආච්චිලා ළඟ තියෙන සමහර හැකියාවන් අපිට එන්නැති එකනෙ

      Delete
  24. 50 වෙනි පෝස්ටුවට සුබ පැතුම් සඳවියමන්..

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි! හීන දකින්නී

      Delete
  25. ඔයා බ්ලොග් ඒක නවත්වන්න කලින් මුහුදෙන් ගන්න පුළුවන් මාළු, කකුළුවෝ, ඉස්සෝ, බෙල්ලෝ ජාති සහ මුහුදු පැලෑටි ගැන ලියුවේ නැති එක හරි අපරාදේ කියල මම නම් හිතන්නේ. ඒක ඔයා වගේ ඒ ගැන දැනුවත් අය අපේ රටට හදුන්වා දිය යුතුම දෙයක් කියලයි මම හිතන්නේ. අපේ ලංකාවේ ජන ඝනත්වය ඉහල යන නිසා මුහුදෙන් ගන්න පුළුවන් දේ ගැන මීට වැඩිය මිනිස්සු දැනගන්න එක හොදයි කියල මම හිතන්නේ.

    අඩුම ගන්නේ මේ ගැන විදුසර වගේ පත්තරේකටවත් ලියන්න පස්සේ හරි.

    ReplyDelete
    Replies
    1. කෙන්කියුෂා, මං බ්ලොග් එක ලිවීම නතර කරන්න අදහසක් නෑ. තාවකාලිකව ටික කාලයක් නොලියා ඉන්නයි කල්පනාව.

      පත්තරේකට ලියන්න කියලා මට සෙන්සෙත් කීප සැරයක්ම කිව්වා. ඒ ගැන පසුව සලකා බලන්න ඕනි.

      මට කලින් ලිපිය ලියලා ඉවර වුණාම "කත්සුඔබුෂි" ත් මතක් වුණා. ඒක හදන්නෙත් උම්බලකඩ ක්‍රමේට ආසන්නව සමාන ක්‍රමේකින්. ඔය වගෙ මාළු නිෂ්පාදන කීපයක්මත් මතක් වුණා. ඒත් මේ ටිකේ ආයෙ ලිවීමට හිර වෙන්න බැරි නිසා තාවකාලික නැවතීමේ තිතක් මෙතනින් තියන්න ඕනි.

      නොරි ගැන ඉදිරියේදී ලංකාවේ යමක් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා

      Delete
  26. දැනට අවුරුදු 10කට කලින් පැලවත්තේ ජැපනීස් කඩේකින් තමයි ඉස්සෙල්ලාම සුශී කෑවේ. ඩුබායි අබුඩාබි වලදී නම් පාර්ටි වලට ගියාම අසාවෙන් කනවා. පවුලේ අය එක්ක ගිහින් කන්න බෑ වයිෆ්ට කොහොම කරලවත් කවන්න බෑ නිසා .

    ReplyDelete
    Replies
    1. පැලවත්තෙ රෙස්ටොරන්ට් එක තාම ඇති නේද?.

      දුකා ට පවුලෙ අයත් එක්ක සෂිමි කන්න බැරි එකනම් දුකක් තමයි. මෙහෙ ඉන්න සමහර කපල්ස් වලටත් ඔය ප්‍රශ්ණෙ තියෙනවා. මොනවා කරන්නද රුචි අරුචි කම් අපි කාටත් තියෙනවනෙ

      Delete
  27. ලංකාවේ දී නම් සුෂී කාලා නෑ නමුත් මම මැදපෙරදිග දී ආසාවෙන් කාපු කෑම වලින් මුලට එන්නේ සුෂී සහ සෂිමි. එහෙදි නම් රෙස්ටුරන්ට් එකකින් සාමාන්‍ය කොරියන් ක්‍රමේට ( ටිකක් වැඩිපුර වෙන්න ) සුෂී සහ සෂිමි යන දෙකම දෙනවා.

    මාළු ලංකාවේ ක්‍රමයට නැතත් මම සෂිමි වර්ග නම් ආසාවෙන් කනවා. කොහොම වුනත් ඒ කන්නෙත් මට හොඳටම විශ්වාස ස්ථානයකින් විතරයි. මොකද මැදපෙරදිග දී පිලිපින් ජාතිකයන් ලවා සුෂී / සෂිමි සාදවා විකිණීමත් ඔවුන්ගේ ඇතැමුන්ගේ සෞඛ්‍ය පුරුදු අන්තිම නරක ඒවා වීමත් නිසා කිසිම විටක ඔවුන් සේවය කරන ස්ථාන වලින් මේ ආහාරය නොගැනීමේ පුරුද්ද මගේ තියනවා.

    ReplyDelete
    Replies
    1. සෂිමි සුෂි මං හිතුවටත් වඩා ජනප්‍රියයි වගේ ලාංකිකයන් අතර

      අපේ රහට වෙනස් වුණත් මමත් බොහොම ආසාවෙන් කන දෙයක් තමයි සෂිමි. ඇත්තටම පිරිසිදු බව ඒකෙදි බොහොම වැදගත්. මොකද මාළු හොඳ තත්වයේ තිබ්බත් වැඩක් නෑ සකසන පුද්ගලයන් සහ තැන අපිරිසිදු නම්

      Delete
  28. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete