Wednesday, May 4, 2016

සකුරා සුවඳ 6 (සකුරා මල් පිපීම සහ හනාමි-iii)

සකුරා සුවඳ 4 (සකුරා මල් පිපීම හා හනාමි-i )
සකුරා සුවඳ 5 (සකුරා මල් පිපීම හා හනාමි-ii )

හනාමි සහ හනාබි යනු අපි වෙසක්, පොසොන්, ඇසල වැනි මාසවල වෙසක් කූඩු, තොරණ් සහ පෙරහැර බලනවා වැනි ජපාන වැසියන් ඉතා ආශාවෙන් බලා සිටින සහ ප්‍රීතීමත්ව සමරන ජපාන සංස්කෘතියේ විශේෂිත අංග දෙකකි. මා පෙර සටහනේ සදහන් කළ පරිදිම "හනා" යන්නෙහි අදහස මල්ය. එනිසා හනාමි යනු මල් බැලීමය. නමුත් මෙහි විශේෂත්වය මේ බලන මල සකුරා වීමය. හනාබි යනු "මල් වෙඩිය" . ඒවා ගිම්හාන කාලයේ උත්සව නිසා ඒ ගැන වෙනම සටහනක් ඒ කාලයට තැබිය හැක.

සාමාන්‍යයෙන් අපේ පාරවල් දෙපැත්තේ කොහොඹ, කොට්ටම්බා, මැයි මාර ආදී ගස් සිටුවා ඇති ආකාරයට ජපානයේ මඟ දෙපස දැකිය හැකි සුලභම ගස් වර්ගය සකුරාය. පාසල් ඇතුළු සියළු ආයතන වලත් ඉඩකඩ ඇති පරිදි සකුරා ගස් බොහොමයක් දක්නට ලැබේ.

මේ සියල්ල මෙසේ තිබියදී සකුරා ගස් වලින් පිරුණ උද්‍යාන බොහොමයක් ජපානයේ ඇත. ඒවායේ ලොකු, කුඩා, අළුත් පරණ ආදී ලෙස විවිධ පැහැයෙන් සහ ප්‍රමාණයෙන් යුතු සකුරා ගස් සිය දහස් ගනනක් තිබේ. සකුරා කාලයට මේ එක් එක් උද්‍යාන වල මල් පිපෙන පරවෙන කාලයන් අන්තර්ජාලයෙන් බලාගත හැක.ඇළවල්, ගංඟාවල් ආදී ජල මාර්ග දෙපසත් පොකුණු වටේටත් ඇති සකුරා ගස් මල් පිපෙන කාලයට නව වසරේ නව දිවියක් අරඹන්නට ජපානයේ වෙසෙන සියල්ලන්ටම ආශිර්වාද කරමින් අපූරු සුන්දරත්වයකින් මුළු රටම පුරවයි.



ඉතා පටු ගංඟා ඇළ දොල ආදියෙහි ඉවුරු දෙපස ඇති සකුරා ගස් රෝස යායක සිරිය විදින්නට අපට ඉඩ සලසයි. කොළ නැති මල් පමණක් ඇති මේ රෝස වියන් යට තතමියක් එලාගෙන තම පවුලේ නෑ හිත මිතුරන් සමග සතුටු සාමීචියේ යෙදෙමින් "සකේ" වැනි පානයක රස බැලීමේ කලාවට ජපනුන් දෙන නම "හනාමි" ය. ඒ නිසා මෙය "මල් බලනවා" ලෙස නොව, මල් ගස් යට සිට "මල් බලමින්" "මල්පැණි වඩියක" රස විදිමින් "මල් කඩනවා" කියා නිවරදිව සිංහලයට පරිවර්තනය කරගත යුතුය.

කොහොමත් සීත කාලය නිමා වූ පසු ගස් ගල් යට සිට කෑම කෑමත්, කනවාට වඩා අමෘතය පානය කිරීමටත් ජපනුන් කැමතිය. සාමාන්‍යයෙන් ජපනුන් බොහෝ කඩිසරය. තත්පරයක්වත් අපතේ නොදමමින් වැඩක නිරත වීම ඔවුන්ට ජාන වලින්ම ලැබෙනවා විය යුතුය. නමුත් ඔවුන් කෑමට වැඩි වෙලාවක් ගත කිරීමටද රුසියන්ය. ඉන් කිසිසේත්ම් වරකට ඉතා කුඩා ප්‍රමාණය බැගින් කටට දමා ගන්නා බවක් අදහස් වන්නේ  නැත.අපි හත් අට වතාවකින් කටට දමා ගන්නා කිරිබත් කැබැල්ලක් දෙපාරින් ගිල දැමීම ඔවුන්ට සුළු කටයුත්තකි (ජපනුන් කිරිබත් කන බව මා අදහස් ඉන් අදහස් කළේ නැත ).වැඩ කරන වෙලාවට වැඩ කරන පරිදිම වැඩක් ලෙස කෑම ගන්නටද ඔවුන් කැමතිය. වැඩ කරන දිනවල දිවා ආහාරය සදහා මෙලෙස කාලය ගත කළ නොහැකි නිසාම මෙය රාත්‍රී ආහාරයට හෝ නිවාඩු දිනවලට සීමාවේ. මේ හේතුව නිසාම ඉවසීම අතින් ඉහළම ස්ථරයක සිටින ජාතියක් නියෝජනය කරන අප වැනි අය කෑම ගැනීමට ජපානයේ අවන්හලකට යායුත්තේ බඩගිනි වීමට පෙරය. මන්ද  බඩ පණුවන් සමග සටන් කරමින් මේසයක් ලැබෙන තුරු පොරොත්තු ලේඛනයක සිටීම ඇතැම්විට අපට අපහසුය. හනාමි යනු ඔවුන්ට මෙසේ පවුලේ උදවිය සහ හිත මිතුරන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කෑම කෑමට ලැබෙන අපුරු අවස්ථාවකි.කෑමට වඩා ඔවුන් මෙහිදී වැඩිපුර කරන්නේ බීමය. ඒක පුද්ගල ආදායම අනුව ජපානය සිටින තැනට වඩා  ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ඔවුන් එක් ස්ථානයක් හෝ ඉහළින් සිටිනවා විය යුතුය.



හනාමි බලන ඉබ්බන්

ජපන් භාෂාවෙන් උත්සව හදුන්වන්නේ "මත්සුරි" ලෙසය. ගෙවල්වල සිටින බාල, මහළු අතදරු, ආබාධිත අය සහ එක්තැන් වූ රෝගීන් පමණක් නොව, සුරතලයට ඇති කරන සතුන් පවා  සහභාගී වන "සකුරා මත්සුරි" / හනාමි රස විදින්නට අර රාත්‍රී නවයට දහයට ඇරඹෙන පෙරහැර බැලීමට උදේ දහය එකොලහේ සිට තැනක් අල්ලා ගන්නවාක් මෙන් ජපනුන්ද උදේ පාන්දරම පැමිණ මේ පැදුරු එලාගන්නා බව මා අසා තිබුනද දැක නැත. මන්ද මට ජපනුන්ට මෙන් පැදුරක වාඩිවී දවසක් හමාරක් තබා පැය බාගයක්වත් ඉන්නට බැරි නිසා ඇවිද ඇවිද සකුරා බලන්නට අපට ඇහැරෙන වෙලාවක යාම ප්‍රමාණවත්ය.



සකුරා අවුරුදු හතර පහකට සැරයක් පිපෙන මලක් නොවුනේ හොද වෙලාවටය.එසේම සකුරා වලට නහයට දැනෙන තරමේ සුවඳක් නොතිබුනේද වාසනාවටය. එසේ නොවන්නට ඒ කාලයේ ජපානයේ වාසය කරනවා බොරුය. මට පහුගිය වසර දෙක තුලම සකුරා වලට ආවේණික සුවඳ නොදැනුන මුත් මෙවර රාත්‍රී එකොලහට ආසන්න වෙලාවක ඔළුවේ ගෑවෙන තරමට පහත් වූ සකුරා අතු තිබූ තැනකින් එද්දී මෘදු සුවඳක් දැනුනි. මා දිනපතා උදේ හවස එතනින් ගොස් තිබුනද ඊට පෙර මට එවන් සුවඳක් දැනී නොතිබුන නිසාම පසුදා උදෑසන යලිත් එතැනින් යද්දී සුවඳ ගැන සැලකිලිමත් වුවත් එය මට නොදැනුනි.(හේතුව මම නොදනිමි ).
අතු අග පමණක් නොවේ විශාල සකුරා ගස්වල කඳන් වලද බිලිං ගස් නමිනං ගස්වල ඵල හටගන්නාක් මෙන් මල් පිපී තිබෙනු බලාගන්නට පුළුවන.


ගංඟා වන් දෙපස ඇති සකුරා බලන්නත බෝට්ටු සවාරි යාමද සිරිතක්ය.සකුරා පිපෙන කාලයට ජපානයට එන සංචාරකයින්ට ඔවුන් ජීවත්වෙන රටේ සිටම මේ බෝට්ටු සවාරි සදහා අන්තර්ජාලය හරහා ලියාපදිංචි විය හැක. මිළ ගනන් මල් පිපෙන දින අනුව වෙනස් වුවත් එක්දින සවාරියක් සදහා රුපියල් දහ දාහකට  ආසන්න මුදලක් ගෙවිය යුතු වේ.
                                                                         Tokyo Sky-Tree බලාගත හැක
හනාමි අස්සෙන් අහස බලන්නට ගත් උත්සහයක්


මෙසේ සකුරා ගස් යට සිට කා බී විනෝද වීම අවුරුදු දෙතුන් සියයකට එපිටදී රජ පවුලේ චාරිත්‍රයක්ව තිබී පසුව එය ක්‍රමයෙන් සමුරායි ලටද ඉන්පසුව සාමන්‍ය හුදී ජනී ජනයා වෙතද පැතිරී ඇත. සකුරා ජපානයේ ජාතික පුෂ්පය නොවේ. නමුත් එය ජපානයට ආභරණයකි. ඒ ආභරණේ වටිනාකම මාර්තු තුන්වන සතියත් අප්‍රේල් දෙවෙනි සතියත් අතර කාළයේ ජපානයට පැමිණීමට ගුවන් ටිකට් පතක් මිළදී ගැනීමට යාමෙන් හෝ නවාතැනක් සොයාගැනීමට උත්සහ කිරීමෙන්  ඔබටම තහවුරු කරගත හැක.
ජපානයේ මුදල් නෝට්ටු තුනක් (1000, 5000, 10 000) සහ කාසි 6 ක් (1, 5, 10, 50, 100, 500 )  ඇත. ඉන් යෙන් සියයේ කාසියේ පිට පැත්තේ ඇත්තේ සකුරා මල්ය.


මා පෙර සටහනේ සදහන් කළ පරිදි ජපන් දරුවන් මුලින්ම පාසැල් යාම ආරම්භ කරන්නේ අප්‍රේල් මාසයේ මුල් සතියේ දිනකය. ඒ සකුරා කාලය නිසා සෑම දරුවෙකුම පාසල් බෑගය එල්ලාගෙන මල් පිපුණ සකුරා ගසක් යට සිට ජායාරූපයක් ගැනීමත් එය සුවිශේෂි සිහවටනයක් ලෙස තබා ගැනීමත් කරන බවත් අසන්නට ලැබුනි.

මෙසේ බලන බලන අත කෝටි ගනනක් මල් ඉති පිපී හිනහෙමින් තිබුනද කුඩා දරුවෙකුවත් මේ මල් ඉත්තක් තබා බිම වැටුන මලක්වත් රැගෙන යනවා දක්නට නොලැබීමද අපූරු සිදුවීමක්ය.මෙසේ සකුරා පිපෙන කාලයට සකුරාට අමතරව සීත කාලයේ නිදාසිටි ටියුලිප් ඇතුලු තවත් බොහෝ ශාකවලද එක යායට මල් පිපීම ඇරඹෙන නිසා වසන්තය සැබවින්ම සුන්දරය.





එක එක ප්‍රමාණයට ඇති අකුරු එක ප්‍රමාණයට ගන්නට අපහසු වූ බව සලකන්න.

පොදු ස්ථානයන් භාවිතයේදී ජපනුන්ගේ ක්‍රියා කරන ආකාරය ඊළඟ සකුරා සුවඳින්

49 comments:

  1. ටියුලිප් මැද සකුරාපිපිල තියෙන හැටි නං අපූරුයි...
    එතකොට සකුරා කියන්නෙ සංස්කෘතියක් මැද තියෙන සංස්කෘතියක්

    ReplyDelete
    Replies
    1. ඒක නිකන් ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් කියනවා වගේනෙ.

      මේ මං ඉන්න හරියෙනම් කහ ටියුලිප් තමයි කලින් පිපුණෙ. පස්සෙ රතු දම් රෝස වගේ වෙන වෙන ඒවා පිපුණට ඒ වෙනකොට සකුරා සයෝනරා කියලා ඉවරයි. මිනිස්සුන්ට ටියුලිප් බලන්න මතක් වෙන්නෙ අන්න එතකොට

      Delete
  2. Replies
    1. බොට අහවලා කියන්නේත් සකුරා වල රා හලල නේද?

      Delete
    2. එයා විතරක් නෙවෙයි ගොඩක් දෙනා මට කතා කරන්නෙ "සකුරා" ගෙ රා හලලා තමයි. කොටින්ම මගේ මහැඳුරුතුමා පවා. ඒක Internationally recognized pet name එක.

      Delete
    3. අම්මට සිරි. හයියෝ නිකඩෝ නිකම්ම නිකං පපඩමක් වුනාද?

      Delete
    4. දුක තමයි බන්. මේ ලෝකේ ගැණු බොහෝ කෲරයි හයියෝ.

      Delete
    5. මේ...ඊයෙ පෙරේදා ඔළුව කොහෙහරි වැදුනද?. හෙට උදේට වයිෆ් වැඩට යනකොට ඒ එක්ක ගිහින් බෙහෙත් ටිකක් ගන්ඩ.

      Delete
  3. ඒ කියන්නේ සකුරාවල ලොකු සුවඳක් නැද්ද?? සකුරා මේ තරම් පිපෙනකොට සමනල්ලු මීමැස්සො වගේ සත්තුත් නිතර දකින්න ලැබෙනවාද??


    ඇත්තටම අක්කේ ජපානයේ ජාතික පුෂ්පයයි, වෘක්ෂයයි මට දැනගන්න පුලුවන්ද??

    ReplyDelete
    Replies
    1. නිර්මාණිත් හරියට අපේ පුතා වගේනෙ. ප්‍රශ්ණ පත්තරයක්.

      සකුරත් අර රෑ කුමාරි මල් වගේ රෑට විතරද කොහෙද සුවඳ දෙන්නෙ. අහම්බෙන් හරි මේ පාර ඒ සුවඳ නොදැනුනානම් මං හිතා ඉන්නෙ සකුරා වලට නහයට දැනෙන සුවඳක් නෑ කියලා. එක්කෝ ඒක මගේ නහයෙ වැරැද්දක්ද දන්නෙත් නෑ.සුවඳ නැති නිසාම වෙන්න ඇති සමනළයොවත් මී මැස්සොවත් නෑ. එහෙම තිබ්බනම් පාරෙ බැහැලා හමාරයි. හැබැයි පුංචි කුරුල්ලො නම් පොඩි සකුරා ගස් උඩ ඉන්නවා මං දැකලා තියෙනවා.

      ජපනුන්ට නිළ ජාතික පුෂ්පයක් නෑ. සමහරු Chrysanthemum (කපුරු ඩේලියා වගේ මලක් ) ජාතික පුෂ්පය හැටියට සලකනවලු.වෘක්ෂය නම් සකුරා

      Delete
    2. අනේ ස්තුතී අක්කේ...
      ඇත්තටම තවත් ප්‍රශ්න වගයක් නම් අහන්න තියනවා... කමක් නැද්ද??

      ලඟදි මට එස්සෑම් එකක් තියනවා... ඒකට මේ ඕනි ටිකක් තමයි කලිනුත් ඇහුවේ...

      Delete
    3. අපොයි අහන්න. දන්න දෙයක්නම් දැන් කියන්නම්. නැත්නම් කාගෙන් හරි අහලා සිකුරාදාට කියන්නම් (මේ දවස්වල නිවාඩු ජපනගෙ රත්තරන් සතිය/ golden week )

      Delete
    4. Chrysanthemum රජ පවුලෙ සංකේතයක් නිසයි සමහරු ඒක ජාතික පුෂ්පය හැටියට සලකන්නෙ. තව සමහරු සකුරා ජාතික පුෂ්පය කියලත් කියවලු (ඔයා ඇහුවෙ විභාගෙට නම් කෝකත් දැනන් ඉන්න එක හොදයිනෙ. )

      අහන්න ගොඩක් දේ තියෙනවනම් මට මේල් එකක් දාන්න නංගි. දන්නැතිනම් හොයලා හරි මම උත්තර එවන්නම්

      Delete
    5. අනේ ගොඩක් තෑන්ස් අක්කේ..

      ජපානේ පාර්ලිමේන්තුවට කියන්නේ “ඩයට්“ කියලද?

      පුලුවන්නම් ජපානේ අගමැති කවුද කියනවාද අක්කේ...
      ජපානේ රජ පරම්පරාවකුත් තියනවා නේද??

      ඒ ටික විතරක් ඇති අක්කේ...
      ජාතික පුශ්පය ගැනත් එක එක තැන් වල තිබුනේ එක එක විස්තර.. ඒකයි ඔයාගෙන් හරියටම අහගත්තේ... ගොඩක් තෑන්ස්..

      Delete
    6. ඒක බොහොම සුළු දෙයක් වගේම එහෙම පුංචි හරි උදව්වක් මේ වගේ දේකින් දෙන්න පුළුවන්නම් ඒක ලොකුම ලොකු සතුටක් නංගි.

      ඔව් ඉංග්‍රීසියෙන් ජපන් පාර්ලිමේන්තුව හදුන්වන්නෙ National Diet කියලා.

      ජපානෙ වත්මන් අගමැති Shinzo Abe (ජපාන්නු මුලින් ලියන්නෙ වාසගම, දෙවෙනියට තමයි නම. ඒ නිසා මෙයා අබේ සන්). 2012 දෙසැම්බර් ඉදන් එයා තමයි ඉන්නෙ. හැබැයි එයා ඊට කලිනුත් 2006-2007 වෙනකල් අගමැති වෙලා ඉදලා තියෙනවා. Liberal Democratic Party එක තමයි නියෝජනය කරන්නෙ. ඒ වගේම ඒකෙ නායකයත් එයා.(මම මේ අගමැතිගෙ නම මගෙ දෙවෙනි පෝස්ට් එකේ ලිව්වා )

      ඔව් අපි කියන්නෙත් ජපන් අධිරාජ්‍ය කියලනෙ. තාම මේ අධිරාජයෙක් ඉන්නවා. දැන් ඉන්න කෙනාගෙ නම Akihito. 1989 ජනවාරි එයාගෙ තාත්තා Hirohito මියගියාට පස්සෙ තමයි Akihito අධිරාජයා බවට පත්වෙලා තියෙන්නෙ.
      මේ අධිරාජයා කියන එක හරියට අර අපේ කැම්පස් වල කුලපතිතුමා වගේ එකක්. කුලපති Ceremonial Head විතරනෙ. උපකුලපතිතුමා තමයි සියළු පරිපාලන කටයුතු වල ප්‍රධානියා. ඒ වගේ මේ රටත් පාලනය වෙන්නෙ අගමැතිතුමාගෙන්. නමුත් Ceremonial leader අධිරාජයා.

      ඒ වගේමයි ජපානෙ අවුරුද්ද ග්‍රෙගෝරියන් අවුරුද්දෙන් වෙනස්. එයාලගෙ තාම තියෙනවා අපේ අර අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය වගේ යුග. එක අධිරාජයෙක් මියගියාම එතන ඉදන් අළුත් යුගයක් ආරම්භ වෙනවා. එතකොට අවුරුද්ද කියන්නෙ ඒ අවසානයට මියගිය අධිරාජයා මියගිය අවුරුද්දෙන් එක පටන්ගෙන.

      දැන් තියෙන්නෙ Heisei period/era. ඒක පටන්ගෙන තියෙන්නෙ 1989.01.08 ඉදන්. ඒ කියන්නෙ Emperor Hirohito මියගියදාට පහුවදා ඉදන්. එතකොට අපි මේ ගෙවන්නෙ 28 වෙනි අවුරුද්ද (ඒකෙ අදහස මේ ගෙවෙන්නෙ Emperor Hirohito මියගිහින් ගතවෙන 28 වෙනි අවුරුද්ද කියන එක).Emperor Akihito මියගිය දවසක ආපහු මේක එකේ ඉදන් පටන් ගැනෙනවා.

      මම කලිනුත් කිව්වා වගේ නිළ ජාතික පුෂ්පයක් නැති නිසා තමයි එක එක තැන්වල එක එක ඒවා තියෙන්නෙ. එක එක්කෙනා මේක වෙන්නැති අරක වෙන්නැති කියනවා. Chrysanthemum නිළ ජාතික පුෂ්පය නෙවෙයි. නමුත් ඒක අධිරාජයාගේ පරපුරේ සංකේතයක් නිසා ඒක ජාතික පුෂ්පය හැටියට ගොඩක් දෙනා සලකනවා.

      ඔයාගෙ ප්‍රශ්ණ වලට ලැබුන උත්තර පැහැදිලි මදිනම් හරි වෙන ප්‍රශ්ණ තියෙනවනම් හරි කරදරයක් කියලා නොහිතා අහන්න.ඒක මට සතුටක්.
      විභාගෙට සුබ පැතුම්!

      Delete
    7. කලින් උත්තරේට ලියන්න අමතක උනා. අද දවස ජපානෙ කැලැන්ඩරේට අනුව ලියන්නෙ 28.05.05 විදිහට

      Delete
    8. බොහොම ස්තුතී අක්කේ... මේ විස්තර ටික හොඳටම පැහැඳිලි.. දැනට ඇති.. තව දැනගන්න දෙයක් තිබුනොත් මං අහන්නම්..
      ආයෙත් ස්තුතී..

      Delete
    9. //ඒ නිසා මෙයා අබේ සන්).//

      හරියටම කියනවා නම් අබේ ශුෂෝ (Abe Shushou). එහෙම පහසුවෙන් ප්‍රසිද්දියේ අබේ සන් කියන්න පුළුවන් කමක් තියෙන්නේ ඔහුගේ අමාත්‍ය සගයෙක් වගේ කෙනෙකුට තමයි. අපි වගේ සාමාන්‍ය මිනිස්සු එහෙම කියන එක වරදක් නොවෙයි වුනත් චාරිත්‍රනුකුල නැහැ.

      Delete
    10. ස්තූතියි! කෙන්කියුෂා ඒ වැරැද්ද හැදුවට. මං එහෙම එකක් දැනන් හිටියෙ නෑ (එහෙනම් දන්නැති ඒවා නොකියා ඉන්න ඕනි නෙ )

      Delete
  4. සුන්දර ය.. සැබවින්ම...

    ReplyDelete
    Replies
    1. ඒ සුන්දරත්වය හැබහින් විදින්න ආයෙත් සකුරා දේශෙට එන්න තරුරසී

      Delete
    2. එන්න ඕන.. ඒක ඇත්තටම මගේ සැරිසර සිහින අතර ප්‍රමුඛ හීනයක්...

      Delete
    3. ඔයාගෙ හීනෙ ඉක්මනට හැබෑවෙයි තරූ.

      මටත් තියෙනවා ඒ වගේ හීනයක් "භූතානෙ" ට ගිහින් සතියක් දෙකක් විවේකෙන් ඉන්න සහ හුස්ම ගන්ඩ.

      Delete
  5. මේ නම් වසන්තයක්මැයි....:)

    ReplyDelete
    Replies
    1. සකුරා මල් වලට ජපනුන් කොයි තරම් සැලකිල්ලක් දක්වනවාද ඒ වගේම සැලකිල්ලක් දක්වා "කොරනේලියස් විට්" නම් නෙදර්ලන්ත ජාතික මල් වවන්නෙක් විසින් වවන කළු දල මලක් (ටියුලිප් මල්) ගැන කතාවක් ඇතුලත් පොතක් තියෙනවා ඇලෙක්සෙන්ඩර් ඩුමාස්ගේ Black Tulip කියලා.මම නම් කියෙව්වේ එකේ සිංහල පරිවර්තනය.

      ජපානයේ සකුරා මල් එක්ක පිපීලා තියෙන ටියුලිප් මල්වල පින්තුර දැක්කාම මට ඒ කතාවත් මතක් වුනා.

      Delete
    2. මං හිතන්නේ ඔයා කිව්වෙ හෙට අනිද්දට උදා වෙන්න නියමිත ඔයාගෙ ජීවිතේ වසන්තය ගැන වෙන්න ඕනි

      Delete
    3. ඒ කතාව කියවල නම් නෑ.
      මීට වඩා මීටර් දෙතුන් සීය එක යායට ටියුලිප් පිපෙන තැන් තියෙනවා. මට ඒවයෙ ෆොටෝ හොයාගන්න බැරි නිසා මේ ඊයෙ පෙරේදා ගත්තු ටිකක් දැම්මෙ. මේවා මේ මම යන එන පාර දෙපැත්තෙ තියෙන ඒවා මිසක් ගාඩ්න් එකක තියෙන ඒවා නෙවෙයි.

      Delete
    4. ඒ උදාවෙන්නෙත් වසන්තයක් තමයි.හැබැයි මේ කිව්වේ මේ පින්තුර වලින් දැක්ක වසන්තය ගැනයි.

      Delete
    5. ඔව් මට තේරුණා ඔයා කිව්වෙ හෙට අනිද්දට උදාවෙන්න නියමිත ජීවිතේ නිමා නොවෙන වසන්තය ගැන නෙවෙයි තව මාසෙකින් හමාරකින් සයෝනරා කියන ජපානෙ වසන්තෙට කියලා.
      ඒත් මේ ටිකේ ඔයාගෙ සිහියෙ තියෙන්නෙම වසන්තෙ ගැන කියලා අත්දැකීමෙන්ම දන්න නිසයි මම එහෙම කිව්වෙ.

      Delete
  6. සදා සටහන් දෙකක් විතර මගහැරිලා තිබුණා..... දැන් ආයෙත් ඒවා කියවන්න යන්න ඕනේ....... මොනවා වුණත් ඔබ දිගට ම මේ සටහන් ටික බ්ලොගයට එකතු කිරීම ගැනනං ගොඩක් සතුටුයි....... මල් ටිකනං පංකාදුයි......... මේ මල් දැක දැක ඉද්දි හයිකු එහෙම ලියැවෙන්න ඇති කියන එකත් අමුතුවෙන් හිතන්න ඕනේ දෙයක් නෙමෙයි වගේ නේද??????

    ReplyDelete
    Replies
    1. මෙහෙ ගිය සිකුරාදා ඉදන් අද වෙනකල් නිවාඩු තිබුනා. ඒ හේතුවයි එකම විස්තරේක කොටස් අතරෙ ලොකු කාලයක් තිබ්බොත් ඒක කියවන අයට අපහසුවක් වෙන්න පුළුවන් නිසයි මේ සතිය ඇතුළතම සකුරා විස්තරේ ඉවර කරා.

      මම ඇත්තටම මේ විස්තරේ මුලින්ම දැම්මෙත් ඔයාලගෙ හයිකු කතාබහෙදි මතු වෙච්ච සමහර කාරණා නිසා මට ඕනි උනේ කාලෙත් එක්ක පරිසරයේ වෙන වෙනස්කම් පෙන්නන. ඒකට සෑහෙන විදිහට තිබුන පින්තූර සකුරා ගස්වල ඒවා නිසයි මම සකුරා පිපීම මුලට ගත්තෙ.

      ඔයාලා ඒ මුල් සටහන් දෙක බැලුවනම් තේරෙන්න ඇතිනෙ ඇයි ජපන් හයිකුවක ස්‍රුතුව ගැන සදහන් වෙන්නෙ කියලා. ඒ වගේම අපි ඒ රීතිය එහෙමම තියාගෙන හයිකුවක් ලියන්න හදන එක මොන විදිහෙ වැඩක්ද කියලා මේවා බලන කෙනෙකුට හිතාගන්න පුළුවන්.

      Delete
  7. පින්තූර , විස්තර හැමදේටම ගොඩක් ස්තුතියි !!!!

    ReplyDelete
    Replies
    1. ඒ පින්තූර විස්තර හැමදේම ඔයා බැලුව බව මට දැනගන්න සැලැස්සුවටත් ස්තූතියි මෙතූ!

      Delete
  8. ගෝරුඩොන් වීකු ඉෂ්ෂූකන් යසුන්දෙ කිතෙ මිරු තොකි අතරශීයි පෝස්ටු ඉප්පයි හයිත්තේරු.
    බෙන්ක්යෝ ෂිනගරා සොන්න ජිකන් අරිමස්කා.
    ඔරෙ වා හිරොෂිමා නී සුන්දෙ ඉරු. නිහොන්නි කිතෙ කෙක්කෝ නගයියො.
    සන්දවියමන් චන් උසෝ කයිතරා බරෙරුයො. (හිහි)

    ReplyDelete
  9. //ගෝරුඩොන් වීකු ඉෂ්ෂූකන් යසුන්දෙ කිතෙ මිරු තොකි අතරශීයි පෝස්ටු ඉප්පයි හයිත්තේරු.
    බෙන්ක්යෝ ෂිනගරා සොන්න ජිකන් අරිමස්කා. ඔරෙ වා හිරොෂිමා නී සුන්දෙ ඉරු. නිහොන්නි කිතෙ කෙක්කෝ නගයියො.//
    කොකො මදේ සෙම්බු වකත්තා . ගෝරුඩොන් වීකු කරා ජිකන් දයිජොබු
    දෙමෝ //උසෝ කයිතරා බරෙරුයො// වා වකරනයි දයෝ.

    ReplyDelete
    Replies
    1. උසෝ - බොරු
      කයිතරා- ලිව්වොත්
      බරෙරුයො - එලි වෙනවා (මම බලන නිසා)
      වකත්තා ගිජිජින් චන් - හැක්

      Delete
    2. සෝ දෙස්නෙ.
      බලන්ඩකො ඒකෙත් හැටි දැන් ඉතින් බොරුවක් කියලත් හමාරයි.

      හිතාමතා බොරු ලියන්ඩ නම් අදහසක් නෑ. ඒත් ඉතින් මං ලියන්නෙ මට පේන මම හරියි හිතන දේ නිසා වැරදි වෙන්න ඕනි තරම් ඉඩ තියෙනවනෙ. නොසැලකිල්ලෙනුත් වෙනවා එදා අර ඔස්කරේ (ඔත්සුකරෙ ) වගේ. ඒ වගේ ඒවනම් මං දැන් සැලකිල්ලෙන් ලියනවා. ඒත් මං වැරදියට තේරුම්ගත්තු දේවල් එහෙම තියෙන්න පුළුවන්.

      කොහොම උනත් ඒ ගැන දැන් බය නෑ වැරැද්දක් වුනොත් හදන්න පුළුවන් විදිහෙ කෙනෙක් මේක බලනවනෙ.

      තව ඔය කියවන කට්ටියට එක එක ප්‍රශ්ණ ආවමත් මට දැන් "Ask the audience" option එක ගන්න පුළුවන්නෙ.

      Delete
  10. මම නම් ආසම සකුරා පෙති වැටෙනවා බලන්න. පහුගිය වර්ෂ එක්ක බලනකොට මේ අවුරුද්දේ ගොඩක් තැන්වල සකුරා ගස් වල මල් පිපුනේ චුට්ටක් වෙනස් දවස් වල. විශේෂයෙන්ම තනි ගස්වල ගොඩක් කලින් මල් පිපුනා. නමුත් සකුරා යායවල් ගොඩක් වෙලාවට පිපුනේ තනිගස් වලට වඩා පහුවෙලා වුනත් එකම දවසක. ගස් අතරත් යම් සන්නිවෙනදයක් තියෙනවා කියලයි මට හිතුනේ.

    ReplyDelete
    Replies
    1. තනි ගස්වල කලින් මල් පිපුණා කියලා මාත් නිරීක්ෂණය කරා. මෙහෙ මේ තෝක්යො බොක්ක අයිනෙ වගේ තිබුන ගොඩක් ගස්වල පෙබරවාරි මැද වෙනකොටම මල් පිපුණා. අනෙක්වා මාර්තු අන්තිමේ.

      මල් පිපෙන්න කලින් ගහේ සිද්ධ වෙන රසායනික වෙනස්කම් නිසා යාබද ගස් වලට ඒව දැනෙනවා ඇති. ඒක උත්තේජනයක් වෙනවා ඇති එක යායට තියෙන ගස්වල එකටම මල් පිපෙන්න.

      මටනම් දුකයි පෙති වැටෙනවා බලන්නයි ඒවා පාගා පාගා ඇවිදින්නයි.

      Delete
  11. බොහොම විසිතුරු සටහන් පෙළක් . තෝකියෝවේ සංචාරයට සුදුසුම මාසය මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. මේ රටේ සංචාරය කරන්න මෙච්චර ලස්සන තැන් තියෙද්දි ඇයි අප්පා තෝක්යොවෙ සංචාර කරන්න හිතන්නෙ.සීත කාලෙට.....තියෙනවා.

      කොහොම උනත් ඒක සංචාරකයගෙ රුචි අරුචිකම් අනුව වෙනස් වෙනවා.වසන්තයෙ මල් තියෙනවා, ගිම්හානෙ මල් වෙඩි ඇතුළු තවත් බොහෝ දේ තියෙනවා, සරත් සමයේ මල් වලට වඩා ලස්සන පාට පාට කොළ අතු තියෙනවා. සීත කාලෙට illumination තියෙනවා.

      ඒත් මේ සමහර දේ සෘතු භේදය තියෙන කොයි රටට ගියත් බලාගන්න පුළුවන් නිසා මගේ නිර්දේශය නම් එනවනම් හනාමි බලන්න එන එක වඩා හොදයි. ඒ කියන්නෙ මාර්තු තුන්වෙනි සතියෙ වගේ. එතකොට පස් පවිනුත් වැළකිලා නැති එකේ සකේ ටිකක් බිබී පුච්චපු මස් කෑල්ලක් එහෙම කකා සකුරා බලන්න පුළුවන්

      Delete
    2. අපිට වැඩි වාර ගානක් එන්න නොලැබෙන නිසා තෝකියෝවෙන් පටන් ගන්නයි කැමති. ඔවිනි ඉතා කැමැත්තෙන් ඉන්නවා ජපන් සංචාරෙකට. එකම බාධකය වෙලා තියෙන්නේ ලොකු දූගේ විබාගේ සහ පන්ති . බලමු

      අනේ අපි පස් පවින් වැළකිලා නැති නිසා සුෂී ටිකක් කන්නත් සකේ ටිකත් බොන්නත් අවසර තියෙනවා

      Delete
    3. ඔව් ඉතින් කොහොමත් ගොඩ බහින්න වෙන්නෙ තෝක්යෝවට නිසා පටන් ගන්න වෙන්නෙ එතනින් තමයි.
      ඔවිනි වගේ පුංචි පැංචියෙකුට බලන්න, විනෝද වෙන්න, ඉගෙන ගන්න විතරක් නෙවෙයි තාත්තා කටාර් වල හදලා තියෙන සල්ලි ගහ පවා ටිකක් දැනෙන තරමට හොලවන්න පුළුවන් දේවල් තියෙනවා තෝක්යෝ අවට.

      ලොකු දූ විභාගෙ ලියන්නෙ මේ අගෝස්තු නෙවෙයිනෙ.ඔවිනිට තව අවුරුද්දක් ඉවසීම ප්‍රගුණ කරන්න වෙනවා. අගෝස්තු අන්තිමේ එන්න පුළුවන්නම් හනාමි වෙනුවට හනාබි බලන්නත්, ෆුජි යන්නත් පුළුවන්.
      උපදෙස් දෙන්න, උදව් කරන්න මෙහෙ ඕනි තරම් යාළු මිත්‍රාදීන් ඇති කියලා මං හිතනවා. හොද ප්ලෑන් එකක් ඇතුව, ටුවරිස්ට්ලට ලාභදායි විදිහට පාවිච්චි කරන්න පුළුවන් දුම් රිය ටිකට්පත් වගේ දේවල් ගැන කල් ඇතුව හොයා බලාගෙන ආවොත් සති දෙක තුනකදි සෑහෙන්න ටිකක් කවර් කරගන්න පුළුවන්.

      මගෙන් උදව්වක් ඕනි උනොත් කියන්න මම බොහොම සතුටින් ඒ උදව්ව කරන්නම්

      Delete
    4. පස් පවම කරනවානම් තෝකියෝ වල ගොඩක් වැඩ කරන්නක පුළුවන්. හැබැයි අපේ එකා නරක්කෙරොත් ?

      Delete
  12. බොහොම ස්තුතියි. අපිට ඔබෙන් තව තොරතුරු හා මග පෙන්වීම් අවශ්‍ය වේවි. ඒ ගැන දන්වන්නම්

    ReplyDelete
    Replies
    1. ඔව් ගමන ලෑස්ති කරගන්නකොට කියන්නකො. මම බොහොම සතුටින් ඔබට උවමනා තොරතුරු ලබාදෙන්නම්

      Delete