Saturday, May 14, 2016

සකුරා සුවඳ 8 (වෙනස )


වෙනස 1
හැම තැනම මම දැක්කෙ
මහා දිග පෝලිමක්
ගොඩවෙන්න බැහැගන්න
නෑ කිසිම තදියමක්
හැම දෙනම කියවනවා
මොකක් හරි පොත් පිඩක්
නෑ සෙව්වේ කිසිවෙක්ම
තව කෙකුගේ වැරැද්දක්..... 

මට කෙලින් ඉඳ ගත්තා
පැහැබරම ඉටි රුවක්
ගහගත්තා දෙකනේ
රතු පාට ඇඹ දෙකක්
ගෑවා ඇය ඇහැ දිගට
කලුපාට ගොම ගොඩක්
මම දැක්කෙ බැස යනවා
පාට ගෑ යකින්නක්...... 

තනි තනිව යයි ගමන
නෑ කිසිම කතාවක්
ඉඳ හිටලා නිදියනවා
මම වාගේ සමහරක්
නැගිටිනවා පට ගාලා
පහු කරලා හැතම්මක්
බැහැගන්නෙ පොරක් වගේ
නෑ කරල වැරැද්දක්....... 

දිනක් මා රෑ යද්දි
ගොඩ උනා ගැබිනියක්
ඈට නැත හිඳ ගන්න
කිසි තැනක පොඩි ඉඩක්
පරතරය වැඩි කමට
කල නොහැක ඇරයුමක්
දැනුනි මට මෙහි වෙනස
ඒක නම් අරුමයක්.......


වෙනස 2

 උඳුවප්  මහේ හිරිගඩු මල් පිපෙන කොට 
හකුරු  සමඟ ගෑවෙමු තොල තේ කහට 
 තිත්ත  කෝපි බොනවිට ටින් පළුදු කොට 
දැනෙන වෙනස උහුලනු බැරි වෙයි හිතට

  සීත දියෙන් නාගෙන ගෙට එබෙන කොට

ගිනි දැල් තිබුනි ලිප ලඟ හිත පිරෙන්නට
උණු  දිය ඇතත්  අද ගේ තුල  උනන්නට
ලිඳ  ලඟ රැඳුනු  මතකය බැහැ මකන්නට

     උණුසුම ටිකෙන් ටික අඩුවෙන් දැනෙනවිට
යකඩ  බටය  ගෙන  සිදුවුණි    පිඹින්නට
උණුසුම  සිසිල අඩු  වැඩි  කර   විඳින්නට
එක බොත්තමක් ලඟ ඇත අද  ඔබන්නට

ඉඳහිට  එබෙන හිරු  සරදම්   කරන විට
   රෙදිවැල් තිබුනි  ගේ  ඇතුලත් පිරෙන්නට
අද නැත  බියක්   හිරු නාවත්  දකින්නට
බොත්තම්  එමට   එම  කාරිය  කරන්නට

හිරිපොද වැස්සේ උඩු කුඹුරේ හානකොට
අම්බරු-වනුත්  කොරවුණි  ගණ   හීතලට
උණුසුම්  කබා  තිබුනත් ගත   වැසෙන්නට
කඳුලක්  වැටේ   අද  ලඟ නැති  ගැමිකමට

සවස් කලට ඇඟ හිරිගඩු මකන්නට
ඇළුම්  කලා  ගසකින් බෑ  මුට්ටියට
  කෑන්-බැරල් තිබුනත් රස පිරෙන්නට
      සමකල හැකිද එක පොල්කටු උගුරකට



මේ උඩින් තියෙන්නෙ මගේ මහත්තයා ජපානයේ හිටිය කාලෙ ඔහුට වරින් වර දැනුන හැඟීම් වත්පොතේ සටහන් කරලා තිබුන ආකාරය.මම මේ දෙක මෙහෙම පෝස්ට් එකක් විදිහට දාන්න හිතුවෙ පහුගිය පෝස්ට් එකට ප්‍රතිචාර විදිහට ඇතිවුණ හරවත් කියලා මට දැනෙන මිහිරි සංවාදයත් එක්ක ( ඒක බලන්න කැමති කෙනෙකුට මෙතනින් බලන්න පුළුවන් )මගෙ හිතට දැනුන වරදකාරී හැඟීමකින් මිදෙන්න. අපි අපිට වඩා ගොඩක් වෙනස්කම් තියෙන රටක ජීවත් වෙනකොට හැමවෙලාවෙම වගේ දේවල් එකිනෙක සංසන්දනය වෙනවා, හොද වගේම නරකත්. හැබැයි මම ලියන්න තෝරාගත්තෙ හොඳ විතරයි.


මම ලියන දේ තුල මං ජපානයේ හෝ ජපන් ජාතිකයින්ගෙ අඩුපාඩු හෝ වැරදි හුවාදක්වන්නෙ නැත්තෙ එහෙම දේවල් නැති නිසා නෙවෙයි ඒවායෙන් අපිට ගන්න දෙයක් නැති නිසා. හැබැයි මං ලියන දේ කියවන කෙනෙකුට හිතෙනවනම් ජපානෙ තියෙන්නෙ තව්තිසාවට අතේ දුරින්, ලංකාව තියෙන්නෙ අපායට හූවක දුරින් කියලා, මං එතනදි වැරැද්දක් කරනවා. මං ලියන දේ,  කියවන අයට පේන්න පුළුවන් පැති බොහොමයක්, හොද සංවාදයක් තුලින් මට පෙන්නලා දුන්නු සජ්ජාට මගේ ස්තූතිය!

ජපානය සර්ව සම්පූර්ණ රටක් නෙවෙයි. ඒත් දවසේ ඕනිම වෙලාවක ඕනිම විදිහෙ ඇඳුමක් පැළදුමක් ඇඳගෙන කාගෙන්වත් බැල්මකින්වත් හිරිහැරයක් නොවී තනියම පාරේ බැහැලා යන්න පුළුවන් රටක්. ඒ රටේ ඒ මිනිස්සු ළඟ තියෙන, අපි ළඟ නැති හෝ කාලෙත් එක්ක නැතිකරගත්තු හොද දේවල් අරන් එයාලගෙ අඩුපාඩු එයාලටම තියාගන්න කියලා අපි අපේ අඩුපාඩු ටික ටික හෝ හදාගන්න බලමු.





 



34 comments:

  1. ඒ කියන්නේ සදා ඒ ජීවිත වල හුදෙකලා සමග ගොඩනැගුණ ගැටළුත් තියෙනවා නේද??????

    ReplyDelete
    Replies
    1. ගැටළු නැති තැනක් කොහේවත් නැතුව ඇතිනෙ කුරුටු!

      මේගොල්ලන්ගෙ විදිහ, සංස්කෘතිය අපිට තේරුම්ගන්නත් අමාරුයි වෙලාවකට. පොඩි කාලෙ දරුවො බලාකියාගන්න එක අපිටත් වඩා ඉහළයි. ඒත් දරුවො වැඩිහිටි වයසට ආවම ඒ සම්බන්දෙ සහමුලින් වෙනස් වෙනවා. අපේ සහය මහාචාර්යවරයා තාම අවිවාහකයි. ගෙවල් තියෙන්නෙ හොකයිඩො. යන්නෙ අවුරුද්දකට සැරයයි.

      ලොකු සෙන්සෙට දූලා දෙන්නෙකුයි පුතෙකුයි ඉන්නවා. ලොකු දුවට බදින්න කෙනෙක් ඉන්නවා කියලා දවසක් කිව්වම මං ඇහුවා එයා ළඟදි මැරි කරනවද කියලා. එතකොට කියනවා "එයාලා දෙන්නම රස්සාවල් කරන්න පටන් ගත්තා විතරයි. තාම එයාලට මැරි කරන්න තරම් සල්ලි නෑ. අපිට දෙන්න විදිහකුත් නෑ කියලා.

      සෙන්සෙ නිතර වෙන රටවලට යනවා. ඉදහිටලා ඒ යන එනකොට අපිවත් එක්ක යනවා. එහෙම ගිය වෙලාවක කිව්වා පොඩි දුව "විශ්ව විද්‍යාල ප්‍රවේශ" විභාගෙ ලියලා ඉන්නෙ. එයාට යන්න පුළුවන් උනොත්නම් වයිෆ්ටත් ට්‍රැවල් කරන්න පුළුවන්. දූ තාම ගෙදර නිසා වයිෆ්ට ගෙදරින් හෙල්ලෙන්න බෑ කියලා.

      ඒ කියන්නෙ දෙමව්පියො දරුවන්ගෙ වගකීම ගන්නෙ එයාලා ස්වාධීන වෙනකල් විතරයි. දරුවොත් ස්වාධීන වුණාම ස්වාධීනම තමයි. ඒවා අපිට මහ අමුතු වගේ පෙනුනට ඒ ඒගොල්ලන්ගෙ විදිහ නිසා එයාලට ඒක ප්‍රශ්ණයක් නෙවෙයි. ඒක තමයි ක්‍රමේ.

      Delete
  2. සඳවියමන් චන්, කොන්නිචිවා.
    "ඒත් දවසේ ඕනිම වෙලාවක ඕනිම විදිහෙ ඇඳුමක් පැළදුමක් ඇඳගෙන කාගෙන්වත් බැල්මකින්වත් හිරිහැරයක්
    නොවී තනියම පාරේ බැහැලා යන්න පුළුවන්"
    මගෙ දුව, මෙහේ හයි ස්කූල් එකට ගියෙ කිමි 3ක් විතර ෆුට් බයිසිලේ.
    හුඟාක් දවස්වල හවසට ස්පෝට්ස් ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර එනකොට රෑ 9ත් පහු වෙනවා.
    කවදාකවත් අපි එක්කන් එන්න ගියේවත්, තනියෙන් එනනිසා බය වුනේවත් නෑ.
    "ජපානය සර්ව සම්පූර්ණ රටක් නෙවෙයි"
    අපොයි එපා වෙන දේවලුත් එමට තියෙනවා . කයිෂා එකක වැඩ කරනකොට තේරෙන්නෙ ඒවා.
    - ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. ජපන් ඇනෝ.. තව ටිකක් විස්තර ඇතිව කියන්නකෝ..

      Delete
    2. ඇනෝ සං, ඔයාට කාගෙන් බේරුනත් දැන් මේ දේශගෙන් බේරෙන්න වෙන්නෑ

      Delete
    3. කොනොගොරො ෂුච්චෝ බකරිදෙ ඉෂොගෂීයො.

      Delete
    4. ඇනෝ සං, වකත්තා.

      දේශකයෝ.....ඇනෝ මිත්‍රයා මේ දවස්වල ටිකක කාර්‍යබහුලයිලු

      Delete
    5. අපේ පුතා මෙහෙන් යනකොට අවුරුදු අටක්වත් නෑ. ඒත් එයත් තනියම ආවා ගියා. ඉස්කෝලෙ නම් තිබුනෙ ගේ ළඟම. මං එයා ගේට්ටුවෙන් ඇතුළට යනකල්ම කුස්සියේ ජනේලෙන් බලන් ඉන්නවා. හවසට නම් අපි දෙන්නගෙන් කෙනෙක් ගිහින් එක්ක එනවා.

      නිවාඩු මාස වලදි, එයා ගකුදො එකට ආවෙ ගියෙ තනියම.සෙනසුරාද ඉරිදට යාළුවෝ එක්ක පාක් ගානෙ යන්නෙයි, බත් කූරො අල්ලන්න යන්නෙයි ඔක්කොම අපි නැතුව තනියම. පුංචි වුණත් ඒ තුලින් එයා ළඟ හොඳ පෞරුෂයක් ගොඩනැගිලා තියෙනවා.

      Delete
  3. සඳා .... විකාර කියන්ඩ එපා.. අර ලස්සන ලිපි ටික දාන්ඩ. ඔය දන්නවද ජපන්නු පුංචි කාලෙදි අවුරුදු කීපයක් අකුරු අනන් මනං උගන්නන්නේ නැතුව සිරිත් විරිත් , පෝලිම් වල යන හරි, අත සෝදන හැටි, ආචාර ශීලීත්වය ගැන උගන්නනවා කියල. පොඩ්ඩක් හොයල බලන්න. ජපන්නුන්ගේ මම ආසම කරන කාර්යශූරත්වය ,ආචාරශීලී බව, සටන්කාමීත්වය, ආත්ම අභිමානය වගේ කාරණා මම ඉතා ඉහලින් අගය කරනව ඒ දේවල් දැකල නැති උනත්.
    අර වගේ විස්තර දැකපු නැති දේවල් වල පිංතුරු වගේ දේවල් එක්ක සටහන් බොහොම අපූරුයි. මම අර බකට් එක අදින්න හේතු වෙච්ච කාරනාව මම කිව්වනෙ. එකට හොම්බෙන් යන උත්තරයක් මට හම්බ උනත් නෙ. අරව අර විදිහටම ලියන්න. අපි බොහොම කැමැත්තෙන් කියවන්නම්. ජපනගේ නෙවෙයි යාම රජ්ජුරුවන්ගේ උනත් හොඳ දෙයක් තියනවා නම් එය අගය කරල අපට එයින් දෙයක් ගන්න තියනවා නම් ගනිමු. කිසි කෙනෙක් රහත් වෙලා නෑ නේ. මම අරහෙම කිව්වට ජපන්නුන්ගෙන් ගන්න දේවල් කොච්චර තියනවද. ඒ නිසා දිගටම අර ලිවිල්ල ලියන්න. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මං මේ ලිවිල්ල නවත්තනවා කියලා නෙවෙයි කිව්වෙ සජ්ජා. ඔයා ඔයාට මුලින් දැනුන හැඟීම අවංකව කිව්වම මට හිතුනා ඒ දේ එහෙමම හිතෙන, ඒත් නොකියන කී දෙනෙක් ඇතිද කියලා. ඒකයි මං මේ ආපහු පුංචි පැහැදිලි කිරීමක් කරේ.

      අපේ සංවාදෙ තුල හිටිය අයට ඇර ඉතිරි අයට මේ දේ පැහැදිලි නෑනෙ. හැමෝම කමෙන්ට් ෆලෝ කරන්නෙ නැති නිසා, මේ මං වුණත් එහෙම කරන්නෙ කලාතුරකින්. එහෙම නැතුව මං කිව්වෙ මං ලියන්නෑ කියලා නෙවෙයි, මං ලියන්නෙ ගන්න පුළුවන් හොද දේ විතරයි කියන එක.

      ඔය අත් හෝදන, පාර පනින, ආචාරශීලිත්වය වගේ ඒවා පුංචි දරුවන්ට උගන්වන හැටි මං දන්නවා මගේ පුතා මොන්ටිසෝරි වගේම මෙහෙ ඉස්කෝලෙකත් ගිය නිසා. ඉස්කෝලෙ නම් එව්වත් එක්කම හිටු කියලා අකුරුත් උගන්නනවා. එක වසරට හිරගන, කතකන ඔක්කොමත් එක්ක කන්ජි (රූපාක්ෂර ) අසූවකුත් උගන්නවා.ගණිතයත් එහෙමයි.

      මං "හරි පුදුම ඉස්කෝලෙ" කියලා කලින් ලියපු සටහන් ටිකක් තියෙනවා, තව ටිකක් ඉඩ තියෙන විදිහට හදලා කරලා දාන්න තමයි මං හිතා ඉන්නෙ

      Delete
  4. ඒක එහෙම තමා අක්කේ... අපේ රට ගැන කෙකේ කියනකොට රටේ ලස්සන, මිනිස්සුන්ගෙ තියන ආගන්තුක සත්කාර ගැන වගේ හොඳ ගති ගැන කියනවා.. අපිනෙ දන්නෙ තරම. ඒ වගේ තමයි ඉතින්..

    අක්කෙ අදත් ප්‍රශ්නයක් තියනවා...
    ජපානෙට ආවෙනික ප්‍රකට නාට්‍ය ක්‍රමයක් තියනවා නේද? මට ඒක නම විතරක් දැනගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔයා අහන්නෙ "කබුකි" ගැනද?....
      මේක "world intangible heritage" එකක්

      Delete
    2. වෂොකු (Japanese food) ගිය අවුරුද්දෙ world intangible heritage බවට පත් උනා
      - ජපන් ඇනෝ

      Delete
    3. මාත් අහලා තිබුනේ කබුකි කියලා.. ඒත් තබෙයි වගේ නමක් දීල තියනවා..

      Delete
    4. මම එහෙම එකක් ගැනනම් දන්නෙ නෑ නංගි. බලමු අපේ ඇනෝ මිත්‍රයා ඒ ගැන මොකුත් දන්නවද කියලා.නැතිනම් මං යාළුවෙකුගෙන් අහලා බලන්නම් හෙට

      Delete
    5. අයියෝ මං ඔයාට වද දෙනවා.. මං හිතන්නෙත් කබුකි තමයි වෙන්න ඕනෙ....

      Delete
    6. දන්නැති දෙයක් අහන එකවත් එහෙම එකකට උත්තර දෙන එකවත් වදයක් වෙන්නෑ නිර්මාණි.

      ඔයාට හරි උත්තරේ ලැබුනනම් ඒ ඇති

      Delete
  5. සකුරා සුවඳ ලිපි මාලාව පටන් ගන්ට ඉස්සෙල්ලම ඔබතුමී ලියපු ප්‍රවේශයට ප්‍රතිචාරයක් දැම්මට පස්සෙන් පහු ඔන්න අද තමයි ඔක්කොම ලිපි කියවල ඉවරයක් කලේ. ඒක වුනේ මෙන්න මෙහෙමයි. ඔන්නලිපිය බලනකොට ඒකට ප්‍රතිචාර තියනව තිහ හතළිහක්. ඔක්කොම බොහොම වැදගත් කියවන්ටම ඕන ජාතියෙ එව්ව. ඉතිං මම මොකද කරන්නෙ..අද බෑ හෙට දිහාට නිවාඩුව කියවනව කියල හිතල අතෑරල දානව. ඔහොම තමයි දිගටම වුනේ.

    සජ්ජගෙ අදහස් බොහොම වැදගත්. මෙහෙ මම ජපන්නු කීප දෙනෙක් එක්ක වැඩ කරල තියනව. ඔවුන්ට ඇති වයස 35-40 වගෙ ඒ කියන්නෙ දෙවෙනි ලෝක යුද්දෙ ඉවර වෙලත් අවුරුදු 35 වගෙ ගිහිල්ල ඉපහුනු අය.ඒත් ඔවුන්ට උගන්වන ඉතිහාසය වුනත් වාරණය කරපු ඉතිහාසයක් කියලයි ඔවුන් කියන්නෙ. දෙවෙනි ලෝක යුද්ධය ගැන බොහොම සංක්ෂිප්තවලු උගන්වන්නෙ. එහෙම වුනත් ඔවුන් කැමති නෑ වැඩිය ඒ ගැන කතා කරන්න වුනත්. අනික් අතට මම මේ අදහස් ප්‍රකාශ කරන්නෙ මම ආශ්‍රය කරපු ජපන්නු දෙතුන් දෙන්ක් ගැන හිතල. මම වැරදි වෙන්න පුලුවන් බොහෝ විට.

    අපෙ ගෙදර උන්දැ අවුරුදු එකහමාරකට වගෙ කලින් ජපානෙ සති දෙකක් ඇවිල්ල හිටිය. ක්‍රීඩා උත්සවේකට. ඒ ඇවිල්ල කියපු විස්තර අහල අපි හිතාගෙන ඉන්නෙ ලඟදිම ඒ පැත්තෙ ගිහිල්ල එන්න...:)

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි රවී, කාටත් එහෙම වෙලාව අඩු කාල එනවා. මටත් හරියට මග ඇරෙන ලිපි තියෙනවා. කොහොමහරි ඔක්කොම එක දිගට කියවන්න කාලය හොයාගත්තට බොහොම ස්තූතියි!

      ලෝක යුද්දෙ ගැන කතා කරන්න කැමති ජපනෙක් මටත් තාම මුණ ගැහිලා නෑ. ඒ කාලෙම ඒක හිත් වලින් අමතක කරවන්න ඔවුන් මහන්සි ගත්තා කියලා තමයි මමත් අහලා තියෙන්නෙ.

      ජපානෙ කියන්නෙ ඇත්තටම පුළුවන්කමක් තියෙනවනම් ඇවිත් බලලා යන්න වටින රටක්. සතුටුයි එන්න හිතා ඉන්නවා කිව්වම. තිලක සිත පවුලේ උදවියටත් එහෙම අදහසක් තියෙනවා කිව්වා. ඒ එන කාලෙට නම් මම මෙහෙ නැති වෙයි. ඒත් රවීලා ළගදි එනවනම් මම ඉදී ( තව මාස කීපයක්) කැමතිනම් එනකොට මට කියන්න. "පිස්සෙක් සමග වසර විසි එකක් " ඉන්න ගුරුවරීව මුණ ගැහෙන්න ලැබුනොත් සතුටක්

      Delete
    2. /  "පිස්සෙක් සමග වසර විසි එකක් " ඉන්න ගුරුවරීව මුණ ගැහෙන්න ලැබුනොත් සතුටක්  /

      වසර විසි එකක් කියන එක හරියටම හරි ….අදට...හෙහ්,හෙහ්, මැයි 15...අපේ සංවත්සරය....විසි එක් වසරක මතක සටහන්...:)

      එවුන්දැ බ්ලොග් එකක් ලියනවනම් අද ලියයි " නුහුගුණාපිත පුරුෂයකු හා සමඟ වසර විසි එකක් " කියල පෝස්ට් එකක්…. නැද්ද?

      Delete
    3. ආ එහෙනම් ඒකයි අද මේ නිවාඩු පාඩුවේ ඉදලා තියෙන්නෙ. ඇනිවසරියට සුබ පැතුම්! රවී. විසි වසරක ශේෂ පත්‍රය මතක තිබ්බ හන්දයි විසි එක කිව්වෙ.

      ඒ ගුරුවරී බ්ලොග් නොලියන්නෙ වෙලාවට?....අද මොනාද ඉල්ලුවෙ?...,අර ෆැෂන් හවුස් එකට අලුත් ටොප්ස් එහෙම ඇවිත් තියෙනවා කිව්වෙ එහෙම නැද්ද?

      Delete
    4. රවී අයියගෙ විවාහ සංවත්සරයට සුබ පැතුම්...

      Delete
  6. අහ්..ගොමෙන්නෙ..ගොමෙන්නෙ...ලිපි පෙල ඉතාම අනර්ඝයි කියල කියන්ට අමතක මතක බැරි වුනා නෙව...:)

    ReplyDelete
  7. අදයි මුලින්ම මේ පැත්තට ගොඩ උනේ. ඉඩකඩ තිබෙන වෙලාවට අනිත් ලිපිත් කියවන්නම්. ඔබ මේ ලිපියේ සඳහන් කළා වගේ වෙනත් රටක සමාජය සංස්කෘතිය ගැන කතා කරන කොට අපි ඉබේම සසදන්න හුරු වෙනවා. නමුත් අර කිව්වත් වගේ ඒකෙ තේරුම ලංකාව හැර අනිත් දියුණු රටවල් දිව්‍ය ලෝක කියන දේත් නෙවේ.

    ReplyDelete
    Replies
    1. ඉරට පස්සෙ වැහි පොකුරක්ම වැටිලා තියෙනවා දැක්කම සතුටුයි.

      ඔව් වැහි පොකුරු, අපි පෘථග්ජන මිනිස්සු වෙච්චිකොට ඔය සැසඳීම කියන එක ඉබේටම වෙනවා. හැම රටකම හැම තැනකම අපි කැමති දේ වගේම අකමැති දේත් තියෙනවා. කැමති දේ අරන් අකමැති දේ බැහැර කළාම හරි නේද?

      Delete
  8. අක්කේ ගිය පොස්ට් එකට යන්න දාලා තියෙන ලින්ක් එක වැඩ කරන්නේ මේ පොස්ට් එකටමයිනේ.

    ඕනෑම තැනක හොඳ නරක දෙකම තියෙනවා.අක්කා කියන කතාව හරි.අපි හොඳ දේවල් අර ගත්තාම හරි ඕනෑම තැනකින් නරක තියලා.හරියට අර හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ් මල්ලි ඒ වැරැද්ද පෙන්නුවට.ඔන්න හැදුවා.

      හංසයාට දියෙන් කිරි වෙන්කර ගන්න පුළුවන්නම් අපිට හොද-නරක වෙන්කර ගන්න බැරි වෙන්න විදිහක් නෑනෙ නේද?. හංසයා විතරක් නෙවෙයි, ඔය ගෝල්ඩ් ෆිෂ් වගේ සමහර මාළුන්ටත් අපිට හිතාමතාම වත් කරන්න බැරි සමහර වැඩ කරන්න පුළුවන්.

      මං මේක ලිව්වෙ සජ්ජා එයාට මුලින් හිතුන දේ අවංකවම කිව්වට එහෙම නොකියා ඉන්න තව ගොඩක් අය ඇති කියලා හිතලා.

      Delete
  9. දැම්මා කියලා කිව්විට තැන්ක් යු. දැන් වැ‍ඩේ නැගලා යකවනේ.දැන් බල්න ඉන්නම් අදහස් නොදක්වා

    ReplyDelete
    Replies
    1. හරි වැඩක්නෙ මේක. ලියන්නත් ඕනි, ලියලා පණිවිඩ යවන්නත් ඕනි. ඔයාගෙ යාළුවා ගැන ලියන්න කිව්වනෙ ඔන්න මං ලිව්වා විතරක් නෙවෙයි මූණ පේන්නැති ෆොටෝ එකකුත් දැම්මා.

      අදහස් නොදැක්වුවට කමක් නෑ. ඉඩ තියෙන වෙලාවට බලන්න. මං හෙට අනිද්දා යලිත් වනගත වීමට නියමිතයි. සේන් ගඟේ මාළු බාන්නත් බැරි වෙච්චි ඒකේ මෙදා පාර මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙනම ඇවිත් ආයෙ ලියන්නම්.

      Delete
  10. වැඩි විස්තර ලියන්න වෙලාවක් නැහැ. ඔයා දන්නවනෙ ජපානයට මමත් ආදරෙයි කියල. ඒ නිසා මගහරින්නෙ නැතිව ලිපි ටික කියවනවා ඉඩක් ලැබෙන විදියට.

    ජපනුන්ගෙ අපේ ජීවිතවලට එකතු කරගන්න තියෙන හොඳ දේ වැඩියි කියල තමයි මට හිතෙන්නෙ. ලියන්න කියල හිතුවට ඉතින් තාම බැරිවුණානේ.

    ReplyDelete
    Replies
    1. තරූ, වැඩි විස්තර ලියන්න වෙලා නෑ කියලා ඔයා කමෙන්ට් හතක්ම දාලනෙ?

      ඉඩ තියෙන වෙලාවට කියවන්න වගේම ලියන්නත් වෙලාව හොයාගන්න. මමත් මේ උත්සහ කරන්නෙ නිතර දකින දේවල් ටිකවත් මෙහෙම හරි ලියලා තියන්න. ගියාට පස්සෙ ඕවට වෙලාව හොයාගන්නත් අමාරුයි.

      මගෙත් අදහස අපිට ජපනුන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. එදිනෙදා ජීවිතයට ගන්න පුළුවන් ඒවා තමයි මම මුලින්ම ලියන්න හිතුවෙත්.

      Delete
  11. ///අපි ළඟ නැති හෝ කාලෙත් එක්ක නැතිකරගත්තු හොද දේවල් අරන් එයාලගෙ අඩුපාඩු එයාලටම තියාගන්න කියලා අපි අපේ අඩුපාඩු ටික ටික හෝ හදාගන්න බලමු.///

    මෙන්න මේ වචන ටික මගෙ හිතට තදින් දැනුන.. ඇත්තටම සංවර්ධිත රටවල් වල ජිවන රටාව දිහා අනෙක් රටවල් විශේෂයෙන් ලංකාව වගෙ ආසියතික රටවල් වල ගතානුගතිකව පරම්පරාව ඔලුව ඉඩ තියාගෙන ඉඩ කඩම් ගැන උරුමකම් කියාගෙන තන්හාව අහස උසට තියාගෙන අනිත් කෙනාව පාගල උඩට එන්න හදන සමාජයක මිනිස්සු බලන්නෙ වපර ඇහින්. හැබැයි එයාලට පෙන්නෙ නැ වෙන්න යන අවදානම.. එකම ජිවන චක්‍රය ගෙවමින් තමන් ස්වාධින වෙන්නෙ නැති නිස..තමන්ගෙන් හැදෙන ඉදිරි පරම්පාරවත් හරිම කණගාටුදායක විදිහට ඒ අවදානමටම ඇදලා දාල කොහේට හරි වැරද්ද පටවල ඉන්න බලන මානසිකත්වය නිසා කාලාන්තරයක් තිස්සෙ තියන..

    ReplyDelete
    Replies
    1. හීන දකින්නී..... ස්තූතියි ඔයාගෙ අදහසුත් මේකට එකතු කරාට.

      ඇත්තටම අපේ රටේ වැඩියෙන්ම කෙරෙන්නෙ අනිකා මත වරද පටවා පටවා, වැඩක් කරන්නෙත් නැතුව, කරන කෙනෙකුට වැඩ කරන්න ඉඩ දෙන්නෙත් නැතුව ඉන්න එකනෙ. ගෙදරකින් පටන්ගෙන පාර්ලිමේන්තුවෙන් ඉවර වෙනකල් හැම තැනම ඔය තත්වෙ තියෙන්නෙ.

      Delete