Friday, January 17, 2020

එන්න....ඉවුරෙන් එහා යන්න

මගේ කුලුඳුල් මුද්‍රිත නවකතාව "ඉවුරෙන් එහා" දොරට වැඩුම ජනවාරි  25 දා, සවස 2.30 සිට 5.30 දක්වා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියළු කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා.

වියුණු සටහන් තුළින් පමණක් දැන හඳුනාගත් ඔබව එදිනට හැබැහින් දකින්නට හැකිනම් එය ලොකු සතුටක්. ඉතින් මේ විවෘත ආරාධනය සඳ වියමන් බ්ලොග් අඩවිය සමඟ රැඳී සිටි සහෘද ඔබ සැමටයි. එන්න එදාට, අපිත් එක්ක ඒ සතුට බෙදාගන්න

සඳ වියමන් - සඳමාලි සකුන්තලා හේරත්