Saturday, May 2, 2015

වෙලාව (කෙටි කතාව )


"පාඩම් කරනවද මනෝ ගහනවද?" නේවාසිකාගාර  මිදුලෙහි වු විසල් මඩු ගසෙහි දෙනෙත් රදවාගෙන අතීත සිදුවීමක් රස විදිමින් සිටි මගෙන් අවස්ථාව උදුරාගත් සේපාලි මා අසුන්ගෙන උන් කෙටි බැම්මට බරදී මුහුණට එබුනි.
"දෙවෙනියට කිව්ව එක"
"ඇති යන්තම් ඇත්තක් කිව්වා" කියමින් මා අසලින් අසුන්ගත්තාය.
"හරි බරි ගැහිලා වාඩි උනාට කදේ දාන්න වෙලාවක් නෑ යමු. අනිත් උන් සේරම ගියා"
"මොන පිස්සුද අන්න තේජලා තාම ටැංකිය ලග"

"එහෙනම් උන්ට දෙයියනේ කියලා ලබන අවුරුද්දෙත් මෙහෙ එන්න පුළුවන්"
"ඇයි"
"ඇයි අහන්නෙ දන්නවනෙ තප්පරේගෙ වැඩ. කිව්වොත් කිව්වා හරියට තත්පරේට වැඩ"
"ඉතින් තාම එක හමාරවත් වෙලා නෑනෙ. විභාගෙ පටන් ගන්නෙ දෙකටනෙ"
"ඇයි මතක නැද්ද එදා කිව්වා ටෙස්ට් එක දෙකට පටන් ගත්තට එකයි හතලිස් පහ වෙනකොට මේන් හෝල් එක ලග ඉන්න ඕනි කියලා"
"මොකද මතක නැත්තෙ...පොර උගන්වන මෙලෝ හසරක් මතක තියාගන්න බැරි උනාට අපරාදෙ කියන්න බෑ මටත් උඹට වගේම ඔය ගොන් පාට් ටිකනම් මතක තියෙනවා"
"ගොන් පාට් පෙනෙයි පරක්කු උනොත්...තේජලා දුවගෙන හරි එන්නැතැයි අපි යමු" තප්පරේ යන අන්වර්ථ නාමය ඉංජිනේරු විෂය උගන්වන ආචාර්යවරයාට පටබැදුනේ ඔහු අපට ඉගැන්වු මුල්ම දිනයේදීය.

"මාත් එක්ක වැඩ කරනවනම් හරියට තප්පරේට වැඩ තියෙන්න ඕනි. ලෙක්චර්ස් පටන් ගන්නෙ එකයි තිහට. තිහ කියන්නෙ විසි නවයවත් තිස් එකවත් නෙවෙයි කියලා හැමෝම මතක තියාගන්න ඕනි. ප්රැක්ටිකල් වලටත් එහෙමමයි" තමා ගැන කෙටි හැදින්වීමකින් පසු ඔහු මුලින්ම දුන් අවවාදය අකුරම පිලිපැදීමට අපහසු වු කිසිවෙකුට දේශණ වලට හෝ ප්රායෝගික පංති වලට සහභාගී වීමට ඉඩකඩ නොලැබුනන නිසාම තප්පරේගේ තත්පරය ගැන කා තුලත් බියක් පැවතුනි. වරක් දොර අසලට ගොස් එබී බැලූ සේපාලී කිසිවක් නොකියාම මා හා පෙලට වැටෙන්නට ඇත්තේ එනිසාය 
කඳුළත් සිනහවත් එක් සිත්ව විදිමින් පුරා දෙවසරක් එක කුටිය බෙදාගත් සේපාලිත් මමත් දැන හදුනාගත්තේද මේ නේවාසිකාගාරයේදීමය. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, කුණ්ඩසාලේ යන නම රැගත් පුවරුව නෙත ගැටුන නිමේෂය වනවිට හිත තුල නොනවතින සක්මනක යෙදෙමින් සිටි අහේතුක බිය මවෙතින් පලා ගියේ ඇගේ සුන්දර සිනහවට පින් සිදුවන්නටය.

ඉතා දැඩි විනය නීති රීති මාලාවක් මධ්යයේ ඇරඹුන දෑ අවුරුදු කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාවේ මේ ගෙවී යන්නේ අවසන් දින කිහිපයයි. ජංගම දුරකතන මාල වළළු අරුමෝසම් කිසිවක් භාවිතයට ඉඩ නොලැබුන නිසාම හුරු පුරුදු වු සරල දිවියට මා කෙතරම් ඇළුම් කලාදැයි වැටහෙන්නේ දැන්ය. ඩෙනිම් කලිසමත් කර වැසුන අත් දිග කමීසයත් රබර් සෙරෙප්පු දෙකත් පන් තොප්පියත් අපේ නිළ ඇදුම විය. විභාගයකදී හැරෙන්නට  අත් ඔරලෝසුවක්වත් පළදින පුරුද්දක් අපට නොතිබුනි.

" පාර යන්නෙ මාත් එක්ක කියලවත් මතක නැතුව මනෝ ගහනවා" සේපාලී යලිත් නෝක්කාඩුව පටන් ගත්තාය.

"මනෝ ගහනවා නෙවෙයි. තව දවස් හය හතකින් මේ සේරම දාලා යන්න ඕනිනෙ කියලා මතක් උනාම මාව පිච්චෙනවා සේපාලී"
"හරි කවුද මොනවද උඹට දාලා යන්න බැරි කියපන් මං ඔය පිච්චෙන එකට බෙහෙතක් කියන්න"

"එකක් කියලා නෑ...අර ගේට්ටුවෙන් ඇතුලට ආවට පස්සෙ අළුතින් හම්බුන හැමදේම"
" කියන්නෙ උඹට ඔය දාලා යන්න බැරි ගොඩේ මාත් ඉන්නවා"
"ඔව් ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ උඹයි මේනකයි"
"ආව් අප්පා ඔය එලිවෙන්නෙ අවුරුදු දෙකක් නෑ නෑ කිය කියා මගෙනුත් හංගගෙන හිටිය ඒවා" තාලයකට කියමින් පාර මැද සිටගත්තේ සරදම් සිනහවකින් මුව පුරවාගෙනය.
"අර සාගරට වගේ උඹටත් පිස්සු...මේනක මට උඹ වගේම හොද යාළුවෙක් සහෝදරයෙක් ඊට වඩා දෙයක් මං මේනක ගැනවත් මේනක මං ගැනවත් හිතන්නෙ නෑ" මගේ හඩ තරමක් දැඩි වුයේන් ඇය නිහඩවිය.
මේනක කළුපහන මේ අපූරු නවාතැන්පලේදී මා හදුනාගත් සුන්දරම පුද්ගලයා විය. සිනහව තරමටම අන් අයගේ කඳුළද බෙදාහදාගන්නට නිතැතින්ම ලග රැදෙන ඔහු මගේ පමණක් නොව එකසිය විස්සකට ආසන්න වු මුළු ශිෂ් කණ්ඩායමේම සිත් දිනාගත් සුවිශේෂි පුද්ගලයෙකු විය.

"අද සාගර තනියම ක්රෑම දානවද කොහෙද" කතා බහකින් තොරව ඇවිද ආවද විදුහල්පති කාර්යාලයට පහලින් වු විලාඩ් අඹ ගස පෙනෙන නොපෙනන මානයේදී සේපාලී යලිත් මා දෙස බලා පැවසීය.
"මේනක ඇතුළෙ වෙන්නැති" මා කිව්වා නොව කියවුනාය.සේපාලිගේ කට කොනකට සිනහවක් නැගුනද ඈ කිසිවක් නොකියන්නට පරිස්සම් වුවාය. බොහෝ වේලාවට මේනකත් සාගරත් සිටින්නේ එකටමය. ඉගෙනීමට හැටි උනන්දුවක් නොදක්වන සාගර විභාග සියල්ල යන්තමින් හෝ සමත් වුයේ මේනක ඔහු පිටුපසින් සිටි නිසා බව කාටත් නොරහසකි. බොහෝ සිසුන්ට අපහසුම විෂයක් වු ගොවිපල යානත් විද්යාව හා ඉන්ජිනේරු විෂය ඉතා හොදින් ග්රහණය කරගත් එකම ශිෂයා වු මේනක ඔහුගේ දැනුම බෙදාගන්නට සැමවිටම ඉදිරිපත් විය. තව ස්වල්ප වේලාවකින් පැවැත්වීමට නියමිතව ඇති   විෂයට අදාල අවසන් ප්රායෝගික පරීක්ෂණයට  පෙර දහ පහොලොස් දෙනෙක් මේනක වට කරගෙන සිටින බව මා විශ්වාස කරන්නේ එහෙයිනි.  .

"මොකෝ අද තනියම"
"තනි කොහෙද බං… නාලා නැති නිසාද කොහෙද හිටු කියලා මැස්සො මං වටේ කැරකෙනවා" සාගරගේ පිළිතුරට සිනාසුන සේපාලි "අනේ මන්දා යන්න කිට්ටු වෙනකොට හැමෝම ඇත්ත කතා කරන්න පටන් ගන්නවද කොහෙද" කියා නෙතඟින් මා දෙස බලා ඈත බලාගත්තාය
"ඇයි තව කවුද මං වගේ ඇත්ත කියන්න පටන් ගත්තෙ"
"ඒක පස්සෙ..දැන් කියන්න මේනක කොහෙද කියලා. මට ගියර් බොක්ස් එකේ පොඩි අවුලක් තියෙනවා ලිහාගන්න"

"මං හිතන්නෑ ඒක ඌට ලිහන්න පුළුවන් වෙයි කියලා... නැතත් තාම ඇවිත් නෑ"
"තාම ඇවිත් නෑ කියන්නෙ දෙන්නා එකට නෙවෙයිද එන්නෙ" 
"වෙනදට එන්නෙ එකට තමයි ඒත් අද ටිකක් කලින් ආවා"
"කලින් ආවනම් ඇතුලෙ ඇතිනෙ"
"නෑ බං මං මේ හොයලා නැතිපාර තමයි මෙතනට වෙලා හිටියෙ. ඇවිත් නෑ. මං ගේට් එකෙනුත් ඇහුවා ඇතුලට ඇවිත් නෑ"
"තාම ඇවිත් නැතුවට දැන් එයිනෙ අපි ඇතුලට යමු...නැත්නම් තප්පරේට මළ පනියි"

"හැමදේම වෙලාවට තත්පරේට කරන පොරට ඇයිද දන්නෑ වෙලාවට කසාදයක් බැදගන්න බැරි උනේ" ප්රධාන ශාලාව දෙසට ඇවිද යන අතරේ සේපාලී ඇසුවේ මා වරක් ඇගෙන් ඇසූ පැණයකි.
"උඹ තාම ඒකවත් දන්නැද්ද...පොරට කැම්පස් ඉන්න කාලෙ කෙල්ලෙක් හිටියලු. දවසක් කෙල්ල පොර හම්බවෙන්න එනකොට තත්පරයක් පරක්කු වෙලාලු. ඊට පස්සෙ තමුසෙ මං කිව්ව වෙලාවට ආවෙ නෑ කියලා කෙල්ලව අතෑරියාලු.ඊට පස්සෙ තාමත් තත්පරේට වැඩකරන කෙල්ලෙක් හොයාගන්න බැරි උනාලු."  සේපාලි  මගේ අත අල්ලාගත්තේ  මහ හඩින් සිනාසෙමිනි.

"පංචලී මොකද අද සද්දයක්වත් නැත්තෙ"මේනකගේ ප්රමාදය ගැන සිතමින් සිටි මට සිනාසෙන්නට අමතක වු වග සිහි වුයේ සාගර කොණ්ඩයෙන් අදින විටය.

"ඊයෙත් විභාගෙට ආවෙ ඔහොමමයි. මොකද්ද බං බුම්මට්ටියෙක් වගේ ඉන්නැතුව හිනාවෙයන්කො පොඩ්ඩක්. ඊයෙ නම් හිනාඋනේ නැත්තෙ ඔළුව හෙලවිලා   පරතර මාරු වෙයි කියලා බයටවත් කියලා හිතන්න පුළුවන්. ඒත් අද" "පරතර මාරුවෙනවා කියන්නෙ මොකද්ද"

"මොකක්ද බං උඹලගෙ සාමාන් දැනීම අන්තිමයිනෙ"
"අපි ඒකනෙ සියල්ල දත් එකෙක් හැමවෙලේම ලග තියාගෙන ඉන්නෙ"
" සියල්ල දත් කෘෂිකර්මය නොදත් " ඔහු එය ඌණ පූරණය කලේය.
"අමතක වෙන්න කලින් පරතර කතාව කියලා ඉන්න" සේපාලී ඇවිටිලි කලේ ප්රධාන ශාලාව අසල රැස්ව සිටි සෙස්සන් සමග එක්වු පසු එය සාගරට අමතක වේයැයි බියෙනි.
"මේකයි.. අපි හොදට නෝට් කරලා තියෙනවා එග්සෑම් වලදි බෝග වගාව දවසට කෙල්ලො හිනා වෙන්නෑ.. ඔළුව හොලවන්නෙ නෑ.."
"ඉතින්"
"ඉතින් කියන්නෙ එහෙම නොකරන්නෙ උන් ඔළුවෙ තැන් තැන් වලට දාගෙන තියෙන ඔය එක එක බෝග හිටවන පරතර මාරු වෙයි කියලා බයට. හදිස්සියේ ඕවා මාරු වෙලා බඩ ඉරිඟු පරතරේට කරවිල එහෙම හිටවනවා කියලා ලියවුනොත්"
නෝක්කාඩු මුහුණක් මවාගත් සේපාලි අත වු පැන්සල් පෙට්ටියෙන් සාගරගේ උරහිසට පහරක් දී අපට පෙර ශාලාව දෙසට දිව ගියාය.

"කෝ මචං මේනක" ප්රධාන ශාලාවට යාබදව තිබු පුස්තකාලය අසල රැදී සිටි මෙන්ඩිස් ඔහු අත වු සටහන් පොතක් පෙරලා පෙරලා සාගරගේත් මගේත් මග හරස් කරමින් ඇසුවේ කලබලයෙනි.
"තාම ආවෙ නෑ මචං"
" හොස්ටල් එකේ හිටියෙත් නෑනෙ...මට මේ උගෙන් අහගන්න දෙයක් තියෙනවා"
" කාපු ගමන්ම ආවා මොකද්ද වැඩක් තියෙනවා කියලා. මං හිතුවෙ මුන් දෙන්නා මොනාහරි අහගන්න කලින් ගෙන්නා ගත්තා කියලා. බලනකොට එහෙමත් නෑ. ඕකා ඔය කොහෙ හරි චීත්ත කෑල්ලක් ලග පැටලිලා ඇති. දැන් ඉස්කෝලෙ ඇරෙන වෙලාවනෙ" මේනක ගැන වරදක් අසන්නට අකමැති හිත කලබල වු තරම මුහුණින් පිළිඹිබු වු බව වැටහෙන විට මම ප්රමාදය.
"පංචලී මොකද රවන්නෙ. මං කිව්වෙ ඇත්ත" 
"මං මොකටද රවන්නෙ...මේනක එහෙම කෙනෙක් නෙවෙයි කියලා අපිට වඩා හොදට ඔයාම දන්නවනෙ"

"මං දන්න හන්දා තමයි කියන්නෙ. නැත්නම් එකටත් කලින් හොස්ටල් එකෙන් ආපු මිනිහට විනාඩි හතලිහකට වඩා යනවද මෙතනට එන්න… උඹලා දන්නැතුවට ඕකට මල්පාත්තියක් එහෙම සෙට් උනොත් විභාගෙ නෙවෙයි ඊට වඩා දෙයක් උනත් අමතක වෙනවා.ඔන්න මං දැන් කිව්වා කියලා මතක තියාගනිල්ලා ඕකා කවදාහරි අමාරුවෙ වැටෙන්නෙ චීත්ත කෑල්ලක් නිසා"
"කවුද දන්නෙ බයිසිකලේ කැඩුනද කියලද"
"බයිසිකලේ කැඩුනනම් ඒක පැත්තකට වීසි කරලා විභාගෙට එන්න එපැයි. අනික දෙතුන් පාරක්ම ක්ලාස් එකෙන් එලියට දාපු නිසා ඕකා අපිට වඩා හොදට තප්පරයගෙ හැටි දන්නවනෙ"
"ඔයා කියන එක සමහරවිට ඇත්ත වෙන්නැති. ඒත් මේ අන්තිම  විභාගෙ කියලා දැන දැන එහෙම කරයිද. මේක ලියාගන්න බැරි උනොත් සහතිකේ ගන්න වෙන්නෙ ලබන අවුරුද් දෙ "

තවදුරටත් ගැන කතාකිරීමට ඉඩ නොතබමින් සීනුව නාද විය. "එකයි හතලිස් පහයි...මේකා අදත් වෙලාවට නෑ කියලා දැනගත්තම තප්පරේට මළ පනියි" දුකත් කේන්තියත් එකලෙස ගැබ්වු සාගරගේ හඩ පරදමින් ආචාර්යවරයාගේ හඩ ඇසෙන්නට විය.
"දැන් මං ඇටෙන්ඩන්ස් ගත්තම තමන්ගෙ අංක පිලිවෙලට පෝලිම හැදෙන්න ඕනි. හරියට දෙකට ස්පොට් ටෙස්ට් එක පටන් ගන්නවා. පලවෙනි බෙල් එකට පලවෙනියා ඇතුලට එන්න ඕනි. ඊලට බෙල් එක තත්පර තිහකින් වදිනවා. එතකොට මුලින් ඇතුලට ගිය කෙනා දෙවෙනි ප්රශ්ණෙ ලගට යනවා එලියෙ ඉන්න දෙවෙනියා පලවෙනි ප්රශ්ණෙ ලගට යන්න ඕනි. විදිහට තත්පර තිහෙන් තිහට බෙල් එක වදිනවා. හැම බෙල් එකටම එක්කෙනා එක්කෙනා ඇතුලට එන්න ඕනි. ප්රශ්ණ හැටක් තියෙනවා. කියන්නෙ එක්කෙනෙක් ඇතුලෙ ඉන්නෙ විනාඩි තිහයි.හැටවෙනි ප්රශ්ණෙ ලග ඉන්න කෙනා බෙල් එක වැදුනම පැත්තෙ දොරෙන් එලියට යන්න ඕනි. කාටවත් මේ පැත්තට එන්න බෑ. පැහැදිලිද හැමෝටම. කාටහරි ප්රශ්ණයක් තියෙනවනම් දැන් අහන්න පුළුවන්"එක දිගට කියවාගෙන ගිය ඔහු හිස ඔසවා සිසුන් දෙස බැලීය.

කිසිවෙක් කිසිවක් අසන්නට ඉදිරිපත් නොවු පසු ඔහු පැමිණීම සටහන් කරගන්නට විය. සාගරගේ මෙන්ම මගේ දෙනෙත්ද පාරට යොමුව තිබුනද "මේනක කළුපහන" නම ඇසෙන තුරුත් ඔහුගේ ජායාවක්වත් පෙනෙන්නට නොතිබුනි. "මේ යකාට අදවත් වෙලාවට එන්න බැරිද" ඔහු නොමැති බව දැනගත් සැනින් ආචාර්යවරයා කෝපයට පත්විය. තරුණවිය ඉක්මවමින් සිටි වෙලාවට වැඩ කරන ආචාර්යවරයා  මුළු කෘෂිකර්ම විදුහලටම සිටි එකම  ඉක්මන් කේන්තිකාරයාද විය.

"පංචලී මොකද යාළුවා අද එන්නෑ කිව්වද" සිසුන් සිය ගනනක් අතරින් ඔහු පැණය අසන්නට මාවම තෝරාගත්තේ ඔහුද අන් අය මෙන්ම මේනක හා මා අතර ප්රේම සම්බන්දයක් ඇතැයි අනුමානයෙන් විය යුතුය.
"එහෙම මොකුත් කිව්වෙ නෑ සර්" දෙකන් රත් වද්දී බිම බලාගෙන හොරහින් සිනාසෙන සාගරගේ අත කොනිත්තමින් මට යන්තම් වචන දෙක තුනක් ගැටගසා ගත හැකි විය. "එහෙනම් අපි මිනිහා ගැන අමතක කරලා විභාගෙ පටන් ගමු. හැමෝම අංක පිලිවෙලට හිටගන්න. මේනකගෙ අංකෙ එකසිය දහතුනනෙ. ඒක නෑ කියලා හිතලා එකසිය දොලහට පස්සෙ දාහතර ඇතුලට එන්න ඕනි. මං ඉන්නවා දොර ගාව" ඔහු අවසන් තීන්දුව දී පැමිණීමේ ලේඛනයද රැගෙන දොර අසල වු පුටුවක අසුන්ගත්තේය.
"තප්පරේගෙ නපුරුකම අමතක කරලා මට මිනිහව බදාගෙන කිස් එකක් දෙන්න හිතෙනවා" සාගර ඇසෙන නෑසෙන හඩින් මුමුණමින් මා දෙස බැලීය.
"ඔයාලට හැමදේම විහිළු. යාළුවා ගැන කිසි ගානක් නෑ. මේනක මෙතන ඉද්දි කාටහරි ඔය වගේ අසාධාරණයක් උනානම් කවදාවත් ඔයාලා වගේ කට පියාගෙන ඉන්නෑ"

මුලින් මේනක කෙරෙහිත් පසුව ආචාර්යවරයා කෙරෙහිත් ඇති වු කෝපය සාගර මතින් පිටවන්නට වැඩි වේලාවක් ගත නොවීය.
"හරි හරි ඕකට අඩන්න ඕනි නෑනෙ...යමු අපි ගිහින් සර්ට බෝලයක් බස්සමු" කිසිදා කිසිවකට කෝප නොගන්නා සාගර  ආචාර්යවරයා අසලට ගියේ මගේ අතින් ඇදගෙනය.
"ඇයි සාගර.. මොකක්ද ප්රශ්ණෙ"
"සර්...මේනකගෙ නම්බර් එක එකසිය දහතුනනෙ"
"ඔව් ඉතින්" "සර් නම්බර් එක එන්න තව පැයක් විතර යනවනෙ" සාගර කියා නිමවීමට පෙර අසුනින් නැගී සිටි ඔහු අප දෙස බැලුවේ කෝපයෙනි.
"තමුසෙ කියන්න හදන්නෙ කීයට හරි මිනිහා එන වෙලාවක විභාගෙට ගන්න කියලද.එක එක්කෙනාට එක එක වෙලාවට ඇවිත් විභාගෙට වාඩිවෙන්න පුළුවන්නම් මං තමුසෙලාට එකයි හතලිස් පහට එන්න කියන්න ඕනි නෑනෙ"

"ඒක හරි සර්...ඒත් මෙතන හැමෝම ඉන්නවා මේනක විතරනෙ අඩු. ඔක්කොටම වඩා මේ අන්තිම එග්සෑම් එක සර්. මේනකට දැනටත් ෆර්ස්ට් ක්ලාස් එකකට ලකුණු තියෙනවා. මේක මිස් උනොත් මේනකට තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා සර්ටිෆිකෙට් එක ගන්න"
" ඔක්කොම හරි. මේනක හොදට වැඩ කරනවා කියලා මමත් දන්නවා. ඒත් මේක විභාගයක්. ඒකෙ නීති රීති හැමෝටම පොදුයි”
“ඒත් සර්....”
මේක අන්තිම විභාගෙ නිසා දෙකට කලින් ආවොත් ගන්නම්.. හැබැයි ඊට විනාඩියක් පහු උනත් බෑ... ගැන ආයෙ මාත් එක්ක කතා කරන්න එපා"

ඔහුගේ අවසන් තීරණය ඇසෙත්ම දෙනෙත් නතර වුයේ අත් ඔරලෝසුව මතය. පස්වරු දෙකට තවත් ඉතිරිව තිබුනේ විනාඩි තුනක් පමණි. තත්පර කටුව වෙනදාට වඩා වේගයෙන් කරකැවී  ජීවිත කාලය තුල ගෙවුන කෙටිම විනාඩි තුන ගෙවී ගොස් විභාගය ආරම්භ වන සීනුව නාද වුයේ මේනකගේ කෘෂිකර්ම ඩිප්ලෝමාව තවත් වසරකින් ප්රමාද වන බවද සිහිකරවමිනි.

"පංචලී දන්නවද ආයෙ පාරක් විභාගෙ නොලියා මේකට ආවා කියලා අපේ අප්පච්චි පොඩ්ඩක් මාත් එක්ක ඔරොප්පු වෙලා හිටියෙ. හැමදාම ගෙදර ගියාම කියවනවා. ඒත් මේ පාර ගෙදර ගිහින් මට ෆර්ස්ට ක්ලාස් එකකට ලකුණු තියෙනවා කිව්වම අප්පච්චි මාර විදිහට සතුටු උනා. ගන්නොරුවෙ ඉන්න අප්පච්චිගෙ යාළුවෙකුටත් කතා කරලා මං ගැන කිව්වා. මං වැඩ කරන්න ආසම තැන එතන. බොහෝදුරට මට එහෙට යාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා" පහුගිය මධ් සමාසික පරීක්ෂණයේ ලකුණු ලැබුන පසු දිනක මා සමග සිය බලාපොරොත්තු ගැන කියවන විට මේනකගේ දෙනෙත් වල ඉතිරූ සතුට මට තාමත් මතකය. සිහින සියල්ල  හුදෙක් සිහිනයක්ම වු බව ඔහු තවමත් දන්නේ නැත.

"මේනකට මොකක් හරි කරදරයක්ද දන්නෑ" මා මට සිව්දෙනෙකුට ඉදිරියෙන් වු සාගර අසලට ගොස් සිතට වදදෙන සිතුවිලි නිදහස් කරගත්තෙමි.

"උඹ මෙතන ඉද්දි ඌට කාගෙන් කරදරයක් වෙන්නද"
"විහිළු නෙවෙයි සාගර"
"හරි හරි මට තේරෙනවා. එහෙමයි කියලා අපිත් විභාගෙ දමා ගහලා ගිහින් හොයන්නද. මං ඉස්සරහා ඉන්න උන්ට කිව්වා ඉවර උනාම ගිහින් පොඩ්ඩක් බලන්න කියලා. උඹ ගැන හිත හිතා ඉන්නැතුව විභාගෙට ලියපන්. නැත්නම් දෙන්නම විභාගෙ කරගත්තෙ නෑ කියලා දැනගත්තම ගෙවල්වලින් උනත් බර බරේ දායිනෙ" වටපිටාවේ උන් සියල්ලන්ම සිනාසෙත්දී  අත මිටිකර ඔහුට පහරක් දී ආපසු හැරෙත්දී පුදුමයකට මෙන් මේනක පුස්තකාලය අසල විය.

"මේනක" එක්වරම ඇති වු සතුට නිසා තරමක හඩින් ඔහුගේ නම කියවීම නිසා පෝලිමේ උන් සියළු දෙනාම  ඔහු දෙස බැලීය.
"කොහෙද බං ගියෙ"
"පොඩ්ඩක් හිටපන් මං සර් හම්බ වෙලා එන්නම්" සාගරගේ පිටටත් මගේ හිසටත් සිහින් තට්ටුවක් දමාගෙනම දොර දෙසට ගිය මේනක ආචාර්යවරයා ඉදිරියේ සිටගත්තේ "සර්" කියමිනි.
"වචනයක් කතා කරන්න එපා.. තමුසෙට වැඩක් නැත්නම් හොස්ටල් එකට ගිහින් නිදාගන්නවා" මේනක දැකීමෙන් පෙරටත් වඩා කෝපයට පත් ආචාර්යවරයා ඔහුට නිදහසට කරුණු දැක්වීමටවත් ඉඩක් නොතැබීය.
"මට කතා කරන්න ඕනි සර්" "කතා කරන්න ඕනිනම් විභාගෙ ඉවර උනාම එනවා ..මට දැන් තමුසෙත් එක්ක කතා කරන්නවත් මෙතන කෑ ගහන්නවත් බෑ.  තමුසෙට උවමනාවක් නැතුවට අනිත් ළමයි විභාගෙ ලියන්න ඕනි"
"මට පරක්කු උනේ ඇයි කියලා කියන්න දෙන්න සර්" "අයිසෙ මං දැන් සැරයක් කිව්වනෙ...මේ ළමයි විභාගෙ ලියන අස්සෙ මාව කෑ ගස්සවන්නෙ නැතුව යනවා මෙතනින්.. තමුසෙගෙ ඔය නිදහසට කාරණා අහගන්න පස්සෙ පුළුවන්"

තවත් තත්පර තිහ හතලිහක් ඔහු අසල රැදී උන් මේනක අප අසලට ආවේ පරාජිත මුහුණිනි.
"කොහෙද බං මෙච්චර වෙලා ගිහින් හිටියෙ" පිළිතුරක් දීමට පෙර  යලිත් වරක් ආචාර්යවරයා  දෙස බැලූ ඔහු "යාළුවෙක් හම්බවෙන්න ගියා මචං ගිහින් එද්දි හිතුවට වඩා වෙලා ගියා" කියා තවමත් කණස්සල්ලෙන් පසුවන මගේ කොණ්ඩෙන් ඇද්දේය..
"යාළුවා ගෑණු පරාණයක්ද පිරිමි පරාණයක්ද"
"ගෑණු"
"නොදකින් මී හරකා...මං මූ පරක්කු වෙනකොටම කිව්වෙ නැද්ද කොහෙ හරි චීත්ත කෑල්ලක පැටලිලා ඇති කියලා. ඕවා අපි කියනකොට තමයි කට්ටිය රවන්නෙ" 

මා හැර අන් සියල්ලන්ම සිනාසෙමින් සිටියදී "මං යනවා කට්ටියම හොදට විභාගෙ ලියන්න" කියමින් එතනින් ඉවත් වු මේනක පුස්තකාලයට ඇතුල් විය.
"ඕකා දැන් ලයිබ්රියට රිංගන්න ඇත්තෙ හවසට අපිට පෙරලන්න පොතක් හොයන්න වෙන්නැති" තවමත් පහ නොවුන අමනාපය සාගරගේ අවලාදය තුල තිබුනත් ඔහුට මෙන් මට මගේ සිතේ වු කෝපයත් වේදනාවත් පිටකරන්නට ක්රමයක් නොවීය.

එක් කණ්ඩායමකට තිහ බැගින් කණ්ඩායම් හතරකට බෙදා වෙන්කර තිබූ සිංහල මාධ් සිසුන් අතරින් මේනකත් සාගරත් මමත් සේපාලීත් අයිති වුයේ "ඩී" කණ්ඩායමටය. සැහැල්ලු ඇවතුම් පැවතුම් ඇති කටකාරයෙකු වු සාගරටත් මේනකටත් මුලින්ම එකතු වුයේ සේපාලිය. මා ඔවුන්ගේ සමාගමයට එක්වුයේ නේවාසිකාගාරයේ එක කුටිය බෙදාගත් යෙහෙළිය වු සේපාලි  මාර්ගයෙන්  වුවත් කාලයත් සමග මේනක මට වඩාත් සමීප විය. උදැල්ල හැරෙන්නට වෙනත් ගොවිපල උපකරණයක් හා ඔට්ටු වී නොතිබුන මා බොහෝ දේ ඉගෙන ගත්තේ මේනකගෙනි. රෝද දෙකේ අත්ට්රැක්ටරය පණ ගැන්වීම, සී සෑම සදහා එයට දැති රෝද බෙර රෝද සහ නඟුල් සවිකිරීම යනාදී සියළු කාර්යන් වලදී මගේ සහයට ලගින්ම සිටියේ මේනකය.

කුණ්ඩසාලේ හරහා මැණික්හින්නට යන මාර්ගයේ පිහිටි කෘෂිකර්ම විද්යාලය ඉදිරියෙන් ධාවනය වුයේ සීමිත බස් රථ ප්‍රමාණයකි. උදෑසන බස් ධාවනය ආරම්භ වන්නේ පෙරවරු හයට පසුය. නිවසට යන සති අන්තයන්හි හයට පෙර නුවරට යාමට අවැසි බව පවසන සෑම දිනකම කොන්දේසි විරහිතව අපව නුවර මහියංගණ ප්‍රධාන මාර්ගයට ඇරලවීමට සැතපුමකට වැඩි දුරක් බයිසිකලය තල්ලු කරගෙන එන දෙවසරක කාලයක් මුලුල්ලේ දුක සැප බෙදාගත් ඔහු බිද වැටුන සිහින ගැන තැවෙමින් සිටියදී විභාගයට මුහුණ දීමට මට හිත හදාගැනීමට අපහසුය.

"පංචලී… වෙච්ච දේ ගැන වැඩිය හිතන්නැතුව හොදට උත්තර ලියන්න. සර් ඔය කේන්තියට කෑ ගැහුවට අන්තිමට මේනකයට එන්න දෙයි. ඌ හොස්ටල් නොයා ලයිබ්‍රියට රිංගාගත්තෙත් ඕක දන්න නිසා. මතකනෙ අපි ආව අවුරුද්දෙ හැමෝම අනිත් සබ්ජෙක්ට්ස් හොදට පාස් වෙලා ඉංජිනියරින් විතරක් ෆේල් වෙලා සර්ට ලෙඩක් වැටෙන්න ගිය වෙලාවෙ සර් බේරුනේ මේනක අනික්වට වඩා ඒකට හොදට ලකුණු අරගෙන තිබුන හන්දා කියලා. . ළමයි ඉස්සරහා පෙන්නුවෙ නැතුවට පොර ඕක හොදට හිතේ තියාගෙන ඉන්නෙ. ඒ ඔක්කොටම වඩා හැමවෙලාවෙම අපිව ගොඩ දාන්න හදපු එකා උගේම මැටි වැඩක් නිසා අපි විභාගෙ අවුල් කරගත්තා කියලා දැනගත්තොත් කොච්චර අප්සට් වෙයිද?...මං කියන දේ විශ්වාස කරන්න බැරිනම් අඩුගානෙ ඒක ගැනවත් හිතලා හොදට විභාගෙ කරන්න පංචලී "

මගේ හිත තරමටමට අප අතර වු බැදීමද තේරුම්ගෙන සිටි සාගර විභාග ශාලාවට ඇතුලු වුයේ එහෙ මෙහෙ දුවන හිත තරමක් මෙල්ල කල හැකි අවවාදයක්ද ලබාදෙමිනි. විභාග ශාලාවට ඇතුළු වු පසු සිතාගත නොහැකි වේගයකින් ගෙවී ගිය අඩහෝරාවක් අවසානයේ මා පිටතට යද්දී මට තත්පර දෙකකට පෙර විභාගය අවසන් කල සාගර සේපාලී සහ මෙන්ඩිස් සමග දේශණ ශාලාව අසලට වි මා එනතුරු බලාසිටියේය.

 "අප්පා...දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ...මං හිතුවෙ  ජබර කලන්තයක්වත් දාලා මේකි හෝල් එක මැද ඇද වැටෙයි කියලා"
 "ඒකද සැරින් සැරේ පිටිපස්ස හැරිලා බැලුවෙ"
"පිටිපස්ස බැලුවෙනම් ඒකටම නෙවෙයි බං.. ඒක පිටින් දාලවත් පිටිපස්සෙ එකා ලියන එක බලාගන්න පුළුවන්ද බලන්න"

"ඉතින් පුළුවන් උනාද"
"මොන පිස්සුද බං...මට හැටි දුර පේනවනම් උඹලා වගේ එවුන් යාළුවෝ කියලා ආශ්රය කරනවද" මගෙන් පහරක් වැදෙන බව දැනගත් වහා පසෙකට වු සාගරට සේපාලිගෙන් ගැලවිය නොහැකි විය.
"උඹේ වැඩේ කෙල්ලන්ගෙන් ගුටි කන එකනෙ මචං...මං දැක්කා ඉස්සෙල්ලා පංචලීගෙනුත් හොද පාරක් හම්බුනා"
"ඕක ගැන කතා කරලා වැඩක් නෑ මචං...මං මෙහෙ එන්න හදනකොට අපේ ආච්චි මගේ කේන්දරේ බලවලවද කොහෙද අම්මලාට කිව්වා කොල්ලා ඕකට යවන්න එපා..ඕකට ලී වලින් අපලයි කියලා...කොහෙද ඉතින් අපෙ අම්මලා ඒවා ඇහුවයැ"

"එහෙනම් ආච්චි අම්මා කියන්න ඇත්තෙ ලී කියලා නෙවෙයි කෙලී කියලා"
"නෑ බං ලී තමයි...දැන් බලපන් මුන්ගෙ නම්...පංච..ලී...සේපා..ලී..අපේ නංගි කෞෂා..ලී…ඉතින් මට ලී වලින් අපලයි කියන එක අහන්නත් දෙයක්ද"

"අපලෙ තේරෙයි උඹට ඔය ලී කෑලි තුන නැති වෙච්ච දවසට"
"අනේද කියන්නෙ...උඹලගෙ උදළු මිටවල් හයි කරන්නයි කූඩැල්ලො ගලවන්නයි නැති උනාම මට හරි පාඩුවක් තමයි වෙන්නෙ"

අපේ නෝක්කාඩුව තව දුර යාමට මත්තෙන් විභාගය අවසන් වු බව දන්වන්නට මෙන් ප්රධාන ශාලාවේ පැති දොරටු සියල්ල විවර විය.

"...එග්සෑම් එක ඉවරත් වෙලා...කෝ බං අරූ"
"අර දුෂ්ටයා ඌට ලියන්න දෙන්න නැතුව ඇති"
"අපේ එකා වැරැද්ද කරලා තියෙද්දි සර්ට බනින එක වැරදියි බං"
" පැයක් හමාරක් පරක්කු උනානම් ගත්තෙ නැතුවට කමක් නෑ...ඒත් දෙකයි කාල වෙනකොට එතනට ආවනෙ...සර්ගෙ තියෙන දුෂ්ටකම නෙවෙයිනම් උද්දච්චකම තමයි අර කොල්ලගෙ අනාගතේ එහෙම පිටින්ම කාලා දැම්මෙ"

ආචාර්යවරයා සමග වු කෝපය මෙන්ඩිස් පිටින් යවමින් පුස්තකාලය දෙසට දුව යන සාගර පසුපසින් ගිය අපට මේනක මුන ගැසුනේ ගුරු විවේකාගාරය අසලදීය.
"ඔයාලා අඹ ගහ ලග ඉන්න මං සර් හම්බවෙලා එන්නම්" පරාජිත මුහුණේ වු හැඟීම්  අපෙන් සගවන්නට මෙන් මේනක  ගුරු විවේකාගාරයට එබුනේ අපව මගහරිමිනි.

"කාවද හොයන්නෙ..මාවද" අසාගෙන පිළිතුරු පත් රැගෙන ආචාර්යවරයා අප අසල නතරවත්ම මේනක හැරී බැලීය.

" තමුසෙ තාම මෙතනද" මේනක පිළිවදන් දුන්නෙ සිනාහවකිනි.

"මොකද මනුස්සයෝ විභාගෙ දවසටවත් වෙලාවට ආවෙ නැත්තෙ. තමුසෙව මං දෙතුන් දවසක්ම පංතියෙන් එලියට දාලවත් හදන්න බැරි උනානේ"
"වෙනදට පරක්කු වෙලා සර්ගෙන් බැනුම් අහන නිසාම මං අද හොස්ටල් එකෙන් කලින්ම ආවා සර්...ඒත් මගදි පොඩි කරදරයක් උනා"

"කරදරයක් උනේ තමුන්ටද නැත්නම් තමුන් නිසා වෙන කාට හරිද"
"වෙන කෙනෙකුට කරදරයක් වෙන එක බේරන්න ගිහින් අන්තිමට කරදරේ වැටුනෙ මං සර්"
"කියන දෙයක් තේරෙන්න කියනවා මනුස්සයෝ...මට ගෙදර යන්න හදිස්සියි"
"මට ලෙඩෙක්ව හොස්පිටල් ගෙනියන්න උනා සර්" "මොකක්...තමුසෙට පිස්සුද ඕයි මේ අන්තිම විභාගෙ කටමුල තියාගෙන අනුන්ගෙ කුණුගොඩවල් කරගහන්න යන්නෙ"

" වෙලාවෙ උදව්ව කරන්න වෙන කවුරුත් එතන හිටියෙ නෑ සර්"
"එහෙනම් ඒක තමුසෙගෙ  වෙලාව" ඔවුන්ගේ සංවාදයට පසෙක සිට නිහඩවම සවන්දෙන අප දෙස මද සිනහවක් පෑ මේනක
"ඔව් සර්...ඒක මගෙ නරක වෙලාව...සර් මෙතන හරියට වෙලාවට විභාගෙ පටන් ගත්දි සර්ගෙ අම්මව හොස්පිටල් අරන් යන්න මටම සිද්ධ උනේ මගේ නරක වෙලාවට වෙන්නැති සර්" කියනවා මට  ඇසුනේ යන්තමටය.

නිමි.

සඳමාලී සකුන්තලා හේරත්     2015.04.30

26 comments:

  1. හේරා. මිකී , නිකාඩෝ, ගලිවර් ............... තව තව ගොඩ දෙනෙක් එක්ක එකට පාඩම් කරපු කැන්ටිමේ බංකු වල විභාගෙට ඉස්සෙල්ල දවසේ නිදා ගත්ත, පඩි පෙළ වල වාඩි වෙලා විහිළු තහළු කරපු අතියට අරන් ගියාට බොහොම ස්තුතියි. ගොඩක් දවසකින් ලියන්න දෙයක් හිතට ආවේ නැති උනාට කියවන්න දෙයක් ලැබෙන එක සතුටක්

    ReplyDelete
    Replies
    1. ඒ ගල්බැමි උඩ රැදුන අතීතයට යන්න මට ආපහු හිත හදාගන්න බෑ හාවො. ඒ අතීතෙට අයිති ලොකුම හිනාව, සුන්දර මතකයක් එක්ක කඳුළු විතරක් ඉතුරු කරලා යන්නම ගියා කියලා ඔයා තාම දන්නෙ නැතුව ඇති.

      කේසාලෙ මතක ඊට හුගක් වෙනස්...නීති කෝටියයි...අතු බරවෙන්න ගෙඩි පිරිලා තිබුනත් පේර ගෙඩියක්වත් කඩන්න අයිතියක් නෑ...ඒත් ඒ මතක හරි සුන්දරයි

      Delete
  2. සඳ, අදයි මේ පැත්තේ ආවේ..කතාව හොඳයි..මට හිතෙන්නේ අත්දැකීම්වලින් හොඳ වාරුවක් ලැබුව නිර්මාණයක් කියලා (විෂය සම්බන්ධව)..දිගටම ලියන්න..ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තනි තරුව මේ පැත්තට එළිය දුන්නට...

      Delete
  3. මාසෙකට එකයිද ලියන්නේ සඳ ?

    සර් වගේම මේනකත් එකිනෙකාට වැඩිය යටත් වෙන්න කැමති නැහැ වගේ.නැතිනම් මේනකට කෙලින්ම කියන්න තිබ්බානේ සර් ගේ අම්මා නිසායි පරක්කු වුනේ කියලා.
    කොහොම හරි මේනක සමත් වෙලා සර් අසමත් වුනා වගෙයි අන්තිමට.

    පංචාලිට බය වෙන්න හේතුවකුත් නැහැ එහෙනම්...:)

    ReplyDelete
    Replies
    1. මාසෙකට එකක් ලියාගන්නත් වෙලාව හොයාගන්නෙ බොහොම අමාරුවෙන් මනෝජ්.

      එකිනෙකාට යටත් වෙන්න තියෙන අකමැත්ත හෝ තමන්ගෙ ප්‍රතිපත්ති හැමවෙලාවෙම සාධාරණයි කියලා හිතාගෙන ඒ මතම පිහිටලා ඉන්න හිතන නිසා හෝ වෘත්තීය අපරිණභාවය නිසා සමහර වෙලාවට තමන්ගෙ හිතින් ජීවිත කාලෙටම සමාවක් ගන්න බැරි ඔය වගේ වැරදි යම් යම් අවස්ථාවල මිනිස්සු අතින් සිද්ධ වෙනවා.

      Delete
  4. ඉංජිනේරු විෂය කියන්නේ මොකක්ද කියල කල්පනා කලේ > කතාව අවසාන වෙනමම ලස්සනයට කුතුහලය ගෙනි යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් මහත්මයා....ඉන්ජිනේරු විෂය කියන වැරදිද?.... එතන මම අදහස් කලේ Agriculture Engineering...ඒකට තමයි දෙපහර සිව්පහර එන්ජින් වල ක්‍රියාකාරිත්වය, ගියර පද්ධර්තිය, සිසිලන පද්ධතිය වගේ එකී මෙකී නොකී දේවල් උගන්වන්නෙ.

      Delete
    2. නැහැ මන් දන්නේ නැති නිසා ඇහුවේ. ඉන්ජිනේරු විෂය කිව්වම ගොඩක් ජාති අයිති වෙනවනේ. ඒ කියන්නේ මේක කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාව වෙන්නැති නේද?

      Delete
    3. ඔව්.කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාව තමයි.කියවන අයගෙ පැත්තෙන් මට ඒක ගැන හිතන්න අමතකවීම දුර්වලතාවයක්

      Delete
  5. Replies
    1. ස්තූතියි අජිත් මහත්මයා

      Delete
  6. මෙන්න එන්ඩින්ග් නම් එන්ඩින්ග්.. සුපර් සඳ.. ඒත් පළවෙනි කොමෙන්ට් එකට දාපු රිප්ලයි එක නිසා ගොඩක් අප්සෙට් උනා.. කවුද ඒ නේන්නම ගියේ? සේපාලී ද? නැත්නම් මේනකද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කල්යාණ මිත්‍ර.....

      සේපාලිලා මේනකලා මේ ඊයෙ පෙරේදා හිතේ ඉපදුන අයනෙ..... නේන්නම ගියෙ එහෙම කෙනෙක් නෙවෙයි හැමදාම හිතේ ජීවත්වෙන සරසවිය රස සයුරක් කරපු යාළුවෙක්.... නේන්නම ගියා කිව්වට උගේ නම තාමත් දවසකට දෙතුන් වතාවක් අපේ ගෙදර නම් කියවෙනවා

      Delete
    2. දිලාන්May 9, 2015 at 2:04 AM

      තේජා ගැන ආරංචියක් නැද්ද.
      කතාව නම් නියමයි කෙල්ලෙ
      උඹ published කරන්න බලාගෙන නවල් එකක් ලයහං අපි පුලුහං විදියට උදව් කරනනම්.

      Delete
    3. නෑ... කිසිම ආරන්චියක් නෑ...
      අදහසට ස්තූතියි දිලාන්... ඒත් මගේ පෑන ඒ හැටි දුරක් යන්න තරම් ශක්තිමත් නෑ

      Delete
  7. යකෝ කෙටි කතා නාවකතා ගැනම ලියන්නේ නැතිව බොලා ඔහේ ලබන අත්දැකිම් , අපේ
    උන්ට ඉගෙන ගන්න තියෙන ඒවා ත් ලියපන්. අතේ පත්තුවෙන එකාවත් නොකියවන තෙටි කතා අපට කයවවන්නේ

    ReplyDelete
    Replies
    1. //අතේ පත්තුවෙන එකාවත් නොකියවන තෙටි කතා අපට කයවවන්නේ//
      එයා නොකියවන නිසානෙ අනික් අයට කියවන්න කියන්නෙ

      //යකෝ කෙටි කතා නාවකතා ගැනම ලියන්නේ නැතිව බොලා ඔහේ ලබන අත්දැකිම් , අපේ
      උන්ට ඉගෙන ගන්න තියෙන ඒවා ත් ලියපන්//
      ඒවා ඉතින් ලිව්වා කියලා ඔය මහත්තයට ඇස් පේනවද කියවන්න?

      දවසින් දවස ඔළුවෙ අමාරුව වැඩිවෙනවා මිසක් නිදහසේ ඔය මොකවත් ලියන්න වෙලාවක් නෑ බොස්...මං පහුගිය කාලෙ "දුරු රට තොරතුරු" කියන FB group .එකට ලිව්වා "සකුරා සුවඳ" කියලා මෙහෙ සිරිත් විරිත් ගැන විස්තර ටිකක්. වෙලාවක් තියෙන වෙලාවක ඒ පේජ් එක බලන්න...ඒකෙ ගොඩක් හොද තොරතුරු එක එක්කෙනා ලියනවා.මට දැන් ලියන්න තියා ඒවා කියවන්නවත් වෙලාවක් නෑ.

      Delete
  8. ජය වේවා.. අදයි දැක්කේ

    ReplyDelete
  9. යේල යේලා...
    ඒක නං පට්ට ඒත් කියවල කියවල හැති හොදටම
    කොමෙන්ට් කොරන්න පස්සෙ එංඤං
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. කියවලා කියවලා හති වැටෙන්න දුවන ගමන්ද කියෙව්වෙ?

      හති වැටි වැටී හරි කියෙව්වට බොහොම ස්තූතියි මහේෂ්.....

      කමෙන්ට් කරන්න පස්සෙ එන්නම් කියන්නෙ මේ යේලා යේලා කමෙන්ට් එකක් නෙවෙයිද?

      Delete
  10. Replies
    1. නියමා..යි නම් එච්චරයි. බොහොම ස්තූතියි ආවට කියෙව්වට සහ ප්‍රතිචාරයට.

      Delete
  11. සරල කතාවක් උනත් රසට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු අරණට

      Delete