Friday, April 29, 2016

සකුරා සුවඳ 4 (සකුරා මල් පිපීම සහ හනාමි-i)


සකුරා ජපානයට ආවේණික ශාකයක් නොවුනත් ඒ නම බැදී පවතින්නෙ එහි උපත සිදු වූ හිමාලය සමග නොව ජපානය සමගය. උත්තර අර්ධ ගෝලයේ ඇති තවත් රටවල් ගනනාවක සකුරා පිපුණද ජපානයට සකුරා විශේෂය. Prunus ගණයට අයත් සකුරාගේ පවුලේ අනෙක් සාමාජිකයන් ලෙස ඇපල්, පීච්, ආමඩ් ආදි තව බොහොමයක් අප දන්නා ශාක තිබුනද සකුරා සිටින්නේ මේ සියල්ලේම පෙරමුණේය.සකුරා ගැන සාමාන්‍ය විස්තර ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය කුරුටු ගා සොයාගත හැකි නිසා මා ඒ ගැන ලියන්නට අදහස් කරන්නේ නැත. ඒ වෙනුවට ජපන් ජාතිකයන් සමග සකුරා දක්වන සබදතාවය මා දන්නා තරමින් ලියා තැබීමට කැමතිය.


සෘතු භේදය ඇති සෑම රටකම පයිනස් වැනි සමහර ගස්වල හැරෙන්නට අනෙක් ගස්වල කොළ හැලී ගස් මහණදම් පිරීම අප කවුරුත් දන්නා දෙයකි. මේ පොදු ධර්මතාවය සකුරාටද වලංගුය. සැප්තැම්බර් මාසයෙන් ඇරඹී නොවැම්බර් දක්වා දිගු වන සරත් සෘතුවේදී සකුරා ගස් මහණ වන්නට පටන් ගනී. මේ මහණවීම වන අතරේ කුඩා පොහොට්ටු දහස් ගනනක් ශීත කාලයට ඔරොත්තු දීමට සූදානමින් අතු අග දීර්ග නිද්‍රාවක පසුවේ. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ජපානයේ නිළ සීත කාලයයි. පෙබරවාරි දෙවන සතියෙන් නිළ සීත කාලය අවසන් වුවත් මාර්තු දෙවන සතියෙ වැඩිපුර හිම පතනයක් නැති තෝක්යෝවට පවා හිම වැටෙන්නට පුළුවන. කාළගුණයේ හැටි කොහෙත් එහෙමය. ජපානයේ කාළගුණය කොහොමත් පිස්සු නටන්නට දක්ෂ නිසා තත්වය වඩාත් බරපතලය.
මේ පොකුණට උඩින් ඉපලක් වගේ තියෙන්නෙ සකුරා අත්තක්.මේක නොවැම්බර් මාසෙක ගත්තු පින්තූරයක්


මේ පින්තූරයේ තියෙන්නෙත් කොළ හැලුනු සකුරා ගස් පේලියක්. මේක මේ මල් පිපෙන්න ඔන්න මෙන්න තියලා පහුගිය මාර්තු වල ගත්තු පින්තූරයක්.අකලට මල් පිපිච්ච හිතුවක්කාරියෙකුත් මේ අයිනක ඉන්නවා.



ජපානය  දික් අතට තීරුවක් ලෙස පිහිටන විශාල දූපත් රාශියකින් සැදුම්ලත් රටකි. මෙහි උත්තර අර්ධගෝලය දෙසට ඇති කොටසේ බොහෝ දෙනා දන්නා නගරය හොකයිඩො වන අතර පහළ පැත්තට ඇත්තේ ඔකිනාවා (තායිවානයට ආසන්නෙයෙ) සහ ක්යුසු ය. මා ජීවත්වන ජපානයේ අගනුවර වන තෝක්යෝව ඇත්තේ මැද කොටසේය. හොකයිඩො අධික ලෙස හිම පතනය වන වසරේ වැඩි කාලයක් සීතල පවතින කොටසය. ඔකිනාව වල පවතින්නේ අර්ධ නිවර්තන කලාපීය දේශගුණයකි. මැද කොටස ඔය දෙක අතරමැදය.මේ හේතුව නිසාම ජපානය තුලත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාළගුණය මෙන්ම සීත කාලය සහ අනිකුත් සෘතූන් ඇරඹෙන සහ අවසන් වන කාල වකවානු තරමක් වෙනස්ය. මා ලියන්නේ රට මැද තත්වය නිසා එය තරමක් දුරට ජපානයේ දර්ශීය තත්වයකට ආසන්නය.


සිතියම අන්තර්ජාලයෙන්

සීත කාලයේ තෝක්යො හරියට හිම වැටෙන්නෙ අඩුවෙනි. නමුත් පහුගිය අවුරුදු දෙකේම මාර්තු අවසන් වන තුරු පමණක් නොව අප්‍රේල් මුල් සති දෙක තුලද සීතල අඩුවූයේ නැත.








මේ  තියෙන්නෙ අර උඩ සකුරා ගහක පින්තූරය තිබුන තැන සීත කාලයේ තත්වයයි.(ජායාරූපය ගත් දිශාව  වෙනස් )
සකුරා පිපීමට බාහිර පරිසරයේ උෂ්ණත්ව වෙනස්වීම මෙන්ම ප්‍රමාණවත් සීතලකට මල් කැකුළු නිරාවරණය වී තිබීමද අවශ්‍ය නිසා සකුරා පිපෙන දිනය අනාගත කාළගුණය මත මෙන්ම අතීත කාළගුණය මතද රදා පවතී. සාමාන්‍යයෙන් සෑම වසරකදීම රෝස වියන් යටින් ඇවිද යන්නට වාසනාව ලැබෙන්නේ නපුරු හිම කැට  සිනිදු මල්පෙති විනාශ නොකරන බවට සහතික කරමින් හොදින් හිරු එළිය වැටී ක්‍රමයෙන් උෂ්ණත්වය ඉහළ යන මාර්තු තුන්වෙනි හතරවෙනි සතිය වන විටය.ඒ කාලය එලඹෙන තුරු ජපනුන්ට ආවේණික ඉවසීම තමාටද ඇති බව පෙන්වන්නට මෙන් අතු අග බලා සිටින සකුරා පොහොට්ටු පහත ජායාරූපයේ දැක්වේ



.


මේ ඉවසිලිමත් නිද්‍රාව ඉවසිල්ලෙන් බලා සිටිය නොහැකි වූ පසුගිය වසන්ත කාලයේ ආරම්භයේදී මා වත්පොතේ සටහන් කල නිසදැසක්  වගේ එකක් මේ සමග අමුණන්නේ "කුරුටු ගී පවුරේ" සාමාජිකයෙකු මුලින්ම කළ ඉල්ලීම දිගින් දිගටම නොසලකා හැරීමට හිත ඉඩ නොදෙන  නිසාය.

පෙති දෙපෙති
හොර හොරෙන් විහිදා
වසත් සොම්නස
නෙතඟ පුරවා
රෝස කම්මුල
ටිකක් හරවා
හිනාවෙනු බැරි
කිමද සකුරා

සකුරා පිපීම සහ හනාමි ගැන ඊළග ලිපියෙන් ( මැයි දෙවනදාට පෝස්ට් වෙන්නට සකසා තිබූ මේ පෝස්ටුව මරණ තර්ජනයක් නිසා අද මුදාහරින්නට සිදු වූ බව සලකන්න)






18 comments:

  1. අඩේ පෝස්ට් දාන්ටය කියල මරණ තර්ජනත් කරනවද
    තත්තෙ බයානකයි ඈ... හිහි..
    උදේ දාල අයිං කරල තිබ්බෙ වෙනේකක් නේද...
    අර හීත කාල පොකුණ පිංතූරෙ නං හරි අඳුරු මුස්පේන්තු පාටයි අප්පා.
    ඉතුරු ටිකත් ඉක්මණට ඕනේ

    අහ් කවිය ලස්සනයි හොදේ

    ReplyDelete
    Replies
    1. 1.ඔව් ඒකනෙ බලන්න මහේෂ්....එහෙම කරන එක කොච්චර නරකද කියලා
      2.ඒ වැරදීමකින් පෝස්ට් වෙච්ච එකක්.
      3.ඒ පින්තූරෙ මුස්පේන්තු පාටට පේනවා ඇත්තෙ ඒක හිම වැටෙන වෙලාවක ගත්තු නිසා. ඒ වෙලාවට කොහොමත් අඳුරු පාටයි තමයි. ඒත් මුස්පේන්තු නෑ (එහෙම කිව්වම මට තරහා යනවා )
      4.මේකෙ ඉතුරු ටික කොහොමත් ඉක්මනට දෙනවා. නැත්නම් සම්පූර්ණ නෑනෙ.
      ස්තූතියි! මහේෂ්

      Delete
  2. හැම තැනම සකුරා සුවඳ හමනවා මේ පෝස්ට් පෙළ නිසා. අනර්ඝයි

    ReplyDelete
  3. මාස තුනක් නැවතී උන්නෙ ශිකොකු දිවයිනේ... කියුෂු ඔයිටා, බෙප්පු, හිරෝෂිමා යන්න ලැබුණා... ඉතින් ඔන්න මටත් දැන් ජපන් අත්දැකීම් ලියන්න හිතෙනවා... මගෙ මාස තුනක ජීවිතය ඒ තරම් සුන්දර නම් දිගු කාලයක් ඉන්න ඔබ ලබන අත්දැකීම් කොතරම් විය යුතුද?

    ReplyDelete
    Replies
    1. ඉතින් හිත හිතා ඉන්නෙ ඇයි තරු රසී....තරු ඇස් රහස් කරකවලා ඒ මතකේ බෙදාගන්න හැමොත් එක්කම.
      ඔව් තරු රසී...මගේ ජීවිතේට අපූරු අත්දැකීම් සම්භාරයක් එකතු වුණ තැනක් තමයි ජපානය. ඒ අත්දැකීම් තුලින් තව කෙනෙකුගෙ ජිවිතේට පුංචි හරි එළියක් එකතු කරන්න පුළුවන් උනොත් ඒක මටත් ලොකු සතුටක්

      Delete
  4. මරණ තර්ජන කල එකාට මාගේ ප්‍රණාමය..
    ඇහැට පෙනෙන්නම පරිසරය වෙනස් වෙන එක වැඩ කටයුතු සැලසුම් කරගන්නත් පොඩි තල්ලුවක් දෙනවා ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕනිනම් ළඟට ගිහින්ම ප්‍රණාමය පුදකරන්න ඒකා ඔය ඩිංගිත්තක් පහළින් ඉන්නවා

      ඔව් ගස් ලබ්බ....මගේ ඊළඟ පෝස්ට් එකේ මේ වෙනස්වීම හොදට බලාගන්න මම එකම තැන එක එක කාලෙට ගත්තු ෆොටෝ හතරක් එකතු කරලා දාලා තියෙනවා. බලන්නකො කාලෙ මවන වෙනස.
      මේ වෙනස වැඩ කටයුතු සැලසුම් කරගන්න වගේම මනසටත් අපූර්වත්වයක් සහ නැවුම් බවක් සොබා දහමම වරින් වර එක් කරනවා කියලයි මටනම් හිතෙන්නෙ.

      කාලෙත් එක්ක ඇඳුම් පැළදුම්, සපත්තු සෙරෙප්පු, තොප්පි මේස් කොණ්ඩ මෝස්තර ආදී එකී මෙකී නොකී සියළු දේ වෙනස් වෙන නිසා විශේෂයෙන්ම කාන්තාවන්ට නම් සෘතු වෙනස නැවුම් බවක් එකතු කරනවාමයි.
      මම චාරිත්‍ර වාරිත්‍ර ටිකක් පස්සට දාලා මේ ගැන කලින් ලියන්න හිතුවෙත් කුරුටුලා "හයිකු" ගැන කතා කරද්දි මේ සෘතු ගැනත් සදහන් කරපු නිසා මේවත් එයාලගෙ ලිවීමට උදව්වක් වෙයි කියන අදහසින්

      Delete
  5. සකුරා වගේම පෝස්ටුවත්, කවියත් අපුරුයි..

    තර්ජන කරන තත්වෙට පත් වෙලාද දැන්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!....නිර්මාණි
      ඒකනෙ බලන්නකො. මට විතරක් නෙවෙයි මගේ ගෙදර අයටත් තර්ජනය කරලද කොහෙද "ඔබේ සැමියා තව සුළු මොහොතකින් ඔබ අමතනු ඇත" කියලත් මැසේජ් එකක් ආවා.

      Delete
  6. මේ, කෝ 5 6. මෙන්න එකපාරට ම 7 ඇවිත්. ඒ මදිවට ඒකට ගියහම අපෙන් සමාවත් ඉල්ලනව. බොරුනම් බලන්නකො.

    ReplyDelete
    Replies
    1. මං කිව්වනෙ කසුන්. ජපානෙ පොඩි දේටත් සමාව ඉල්ලනවා කියලා. ඒකයි මං හිතන්නෙ වෙන්න ඇත්තෙ.

      ඇත්තටම උනේ මේකයි. මට හෙට අනිද්දාට ඔළුව උස්සාගන්න බැරි තරමට වැඩ ඇති බව කැලැන්ඩරේ මාක් වෙලා තියෙන නිසා මම ජූනි දෙවෙනි සතිය වෙනකල් සතියට එක ගානෙ පෝස්ට් වෙන්න ලියලා තියෙන ඒවා හැදුවා. එතකොට මම හදිසි මිහිකත කම්පාවකින් මළත් ලියපුවා කාටහරි කියවන්න ලැබෙනවනෙ කියලා. ආන්න එහෙම වෙලාවක දිනයක් වෙලාවක් සෙට් නොකර පෝස්ට් බටන් එක එබිලා වෙච්ච සන්තෑසියකිනුයි 7 වෙනි පොස්ටුව ඒ සමා භාජනේට වැටුනෙ

      Delete
  7. short is sweet කිව්වට මේකට නම් ගැලපෙන්නේ නැහැ. විනාඩි පහක් වත් කියවන්න දෙයක් නැහ. දිගට දාපන්.තව විස්කර ඇත්නම් ගොඩක් හොඳයි

    ReplyDelete
    Replies
    1. බත් කන ගමන් බලන්නනෙ පෝස්ට් එකක් දාන්න කිව්වෙ. රජයේ සේවකයො විනාඩි පහකට වඩා බත් කන්න ගත කරන්න ඕනි නෑ.
      තව විස්තර ලියවෙන්න ඕනි නම් තමයි. ඒත් මේ ටිකේ වෙලාවක් නෑ ජයසිංහ

      Delete
  8. සකුරා මල් පිපුණු කාලේක අපේ තාත්තටත් ජපායනට යන්න අවස්ථාව ලැබුනා.. ඉතින් තාත්ත කතා කරනකොට සකුරා මල් ගැන කියද්දී සකුරා මල් වල ෆොටෝ එවද්දී සකුරා මල් වලට, සකුරා මල් පිරිණු පරිසරයට මම පුදුම විදිහට ආස කලා. කොටින්ම කියනව නම් එන කොට මොනවද ගේන්න ඕනේ ඇහුවහම මම කිව්වේත් සකුරා මල් කියලා... :)

    ReplyDelete
    Replies
    1. සකුරා මල් පිපෙණ කාලෙක ජපානෙට එන්න ලැබීම තාත්තගෙ වාසනාවක්. ජපානෙ හැම කාලෙටම බලන්න ලස්සන තැන් තියෙනවා. ඒත් සකුරා පිපෙන කාලෙ හරිම අපූරුයි. බලන බලන පැත්තෙ කොළ නැති ගස්වල දහස් ගානක් මල් පිපිලා තියෙනකොට මොකක්දෝ කෘතිම ගතියකුත් තියෙනවා වගේ නේද කියලා මට මේ වතාවෙ හිතුනා.
      මල් පිපීමයි හැලීමයි ඊළඟ පෝස්ට් එකේ තියෙනවා

      Delete
  9. අනේ අපිට ඔය සකුරා මල් නැතුවට "ඇසළ,රොබරෝසියා"වගේ මල් තියෙන්නේ.
    සිරිලක දේ සිරිසැප දේ කියලත් තියෙන එකේ අපිට එව්වා හොඳා.එත් කමක් නැහැ ඔන්න ඔය සකුරා ගැනත් කියන්නකෝ.තව "සකේ"ගැනත් කියන්න අක්කේ.

    ReplyDelete
    Replies
    1. ඕකට ඔච්චර දේවල් කියන්න මං ඉතින් අපේ රටේ ලස්සන මල් නෑ කිව්වෙත් නෑ ඒවා හොද නෑ කිව්වෙත් නෑනෙ.
      සකේ ගැන ලියන්න නම් ටිකක් බීලා බලලා ඉන්න ඕනි.

      Delete