සකුරා ජපානයට ආවේණික ශාකයක් නොවුනත් ඒ නම බැදී පවතින්නෙ
එහි උපත සිදු වූ හිමාලය සමග නොව ජපානය සමගය. උත්තර අර්ධ ගෝලයේ ඇති තවත් රටවල් ගනනාවක
සකුරා පිපුණද ජපානයට සකුරා විශේෂය. Prunus ගණයට අයත් සකුරාගේ පවුලේ අනෙක් සාමාජිකයන්
ලෙස ඇපල්, පීච්, ආමඩ් ආදි තව බොහොමයක් අප දන්නා ශාක තිබුනද සකුරා සිටින්නේ මේ සියල්ලේම
පෙරමුණේය.සකුරා ගැන සාමාන්‍ය විස්තර ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය කුරුටු
ගා සොයාගත හැකි නිසා මා ඒ ගැන ලියන්නට අදහස් කරන්නේ නැත. ඒ වෙනුවට ජපන් ජාතිකයන් සමග සකුරා දක්වන සබදතාවය මා දන්නා
තරමින් ලියා තැබීමට කැමතිය.
සෘතු භේදය ඇති සෑම රටකම පයිනස් වැනි සමහර ගස්වල හැරෙන්නට අනෙක් ගස්වල කොළ හැලී ගස් මහණදම් පිරීම අප කවුරුත් දන්නා දෙයකි. මේ පොදු ධර්මතාවය සකුරාටද වලංගුය. සැප්තැම්බර් මාසයෙන් ඇරඹී නොවැම්බර් දක්වා දිගු වන සරත් සෘතුවේදී සකුරා ගස් මහණ වන්නට පටන් ගනී. මේ මහණවීම වන අතරේ කුඩා පොහොට්ටු දහස් ගනනක් ශීත කාලයට ඔරොත්තු දීමට සූදානමින් අතු අග දීර්ග නිද්‍රාවක පසුවේ. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ජපානයේ නිළ සීත කාලයයි. පෙබරවාරි දෙවන සතියෙන් නිළ සීත කාලය අවසන් වුවත් මාර්තු දෙවන සතියෙ වැඩිපුර හිම පතනයක් නැති තෝක්යෝවට පවා හිම වැටෙන්නට පුළුවන. කාළගුණයේ හැටි කොහෙත් එහෙමය. ජපානයේ කාළගුණය කොහොමත් පිස්සු නටන්නට දක්ෂ නිසා තත්වය වඩාත් බරපතලය.
සෘතු භේදය ඇති සෑම රටකම පයිනස් වැනි සමහර ගස්වල හැරෙන්නට අනෙක් ගස්වල කොළ හැලී ගස් මහණදම් පිරීම අප කවුරුත් දන්නා දෙයකි. මේ පොදු ධර්මතාවය සකුරාටද වලංගුය. සැප්තැම්බර් මාසයෙන් ඇරඹී නොවැම්බර් දක්වා දිගු වන සරත් සෘතුවේදී සකුරා ගස් මහණ වන්නට පටන් ගනී. මේ මහණවීම වන අතරේ කුඩා පොහොට්ටු දහස් ගනනක් ශීත කාලයට ඔරොත්තු දීමට සූදානමින් අතු අග දීර්ග නිද්‍රාවක පසුවේ. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ජපානයේ නිළ සීත කාලයයි. පෙබරවාරි දෙවන සතියෙන් නිළ සීත කාලය අවසන් වුවත් මාර්තු දෙවන සතියෙ වැඩිපුර හිම පතනයක් නැති තෝක්යෝවට පවා හිම වැටෙන්නට පුළුවන. කාළගුණයේ හැටි කොහෙත් එහෙමය. ජපානයේ කාළගුණය කොහොමත් පිස්සු නටන්නට දක්ෂ නිසා තත්වය වඩාත් බරපතලය.
අඩේ පෝස්ට් දාන්ටය කියල මරණ තර්ජනත් කරනවද
ReplyDeleteතත්තෙ බයානකයි ඈ... හිහි..
උදේ දාල අයිං කරල තිබ්බෙ වෙනේකක් නේද...
අර හීත කාල පොකුණ පිංතූරෙ නං හරි අඳුරු මුස්පේන්තු පාටයි අප්පා.
ඉතුරු ටිකත් ඉක්මණට ඕනේ
අහ් කවිය ලස්සනයි හොදේ
1.ඔව් ඒකනෙ බලන්න මහේෂ්....එහෙම කරන එක කොච්චර නරකද කියලා
Delete2.ඒ වැරදීමකින් පෝස්ට් වෙච්ච එකක්.
3.ඒ පින්තූරෙ මුස්පේන්තු පාටට පේනවා ඇත්තෙ ඒක හිම වැටෙන වෙලාවක ගත්තු නිසා. ඒ වෙලාවට කොහොමත් අඳුරු පාටයි තමයි. ඒත් මුස්පේන්තු නෑ (එහෙම කිව්වම මට තරහා යනවා )
4.මේකෙ ඉතුරු ටික කොහොමත් ඉක්මනට දෙනවා. නැත්නම් සම්පූර්ණ නෑනෙ.
ස්තූතියි! මහේෂ්
හැම තැනම සකුරා සුවඳ හමනවා මේ පෝස්ට් පෙළ නිසා. අනර්ඝයි
ReplyDeleteස්තූතියි! තිලක සිතට
Deleteමාස තුනක් නැවතී උන්නෙ ශිකොකු දිවයිනේ... කියුෂු ඔයිටා, බෙප්පු, හිරෝෂිමා යන්න ලැබුණා... ඉතින් ඔන්න මටත් දැන් ජපන් අත්දැකීම් ලියන්න හිතෙනවා... මගෙ මාස තුනක ජීවිතය ඒ තරම් සුන්දර නම් දිගු කාලයක් ඉන්න ඔබ ලබන අත්දැකීම් කොතරම් විය යුතුද?
ReplyDeleteඉතින් හිත හිතා ඉන්නෙ ඇයි තරු රසී....තරු ඇස් රහස් කරකවලා ඒ මතකේ බෙදාගන්න හැමොත් එක්කම.
Deleteඔව් තරු රසී...මගේ ජීවිතේට අපූරු අත්දැකීම් සම්භාරයක් එකතු වුණ තැනක් තමයි ජපානය. ඒ අත්දැකීම් තුලින් තව කෙනෙකුගෙ ජිවිතේට පුංචි හරි එළියක් එකතු කරන්න පුළුවන් උනොත් ඒක මටත් ලොකු සතුටක්
මරණ තර්ජන කල එකාට මාගේ ප්‍රණාමය..
ReplyDeleteඇහැට පෙනෙන්නම පරිසරය වෙනස් වෙන එක වැඩ කටයුතු සැලසුම් කරගන්නත් පොඩි තල්ලුවක් දෙනවා ඇති.
ජයවේවා..!!
ඕනිනම් ළඟට ගිහින්ම ප්‍රණාමය පුදකරන්න ඒකා ඔය ඩිංගිත්තක් පහළින් ඉන්නවා
Deleteඔව් ගස් ලබ්බ....මගේ ඊළඟ පෝස්ට් එකේ මේ වෙනස්වීම හොදට බලාගන්න මම එකම තැන එක එක කාලෙට ගත්තු ෆොටෝ හතරක් එකතු කරලා දාලා තියෙනවා. බලන්නකො කාලෙ මවන වෙනස.
මේ වෙනස වැඩ කටයුතු සැලසුම් කරගන්න වගේම මනසටත් අපූර්වත්වයක් සහ නැවුම් බවක් සොබා දහමම වරින් වර එක් කරනවා කියලයි මටනම් හිතෙන්නෙ.
කාලෙත් එක්ක ඇඳුම් පැළදුම්, සපත්තු සෙරෙප්පු, තොප්පි මේස් කොණ්ඩ මෝස්තර ආදී එකී මෙකී නොකී සියළු දේ වෙනස් වෙන නිසා විශේෂයෙන්ම කාන්තාවන්ට නම් සෘතු වෙනස නැවුම් බවක් එකතු කරනවාමයි.
මම චාරිත්‍ර වාරිත්‍ර ටිකක් පස්සට දාලා මේ ගැන කලින් ලියන්න හිතුවෙත් කුරුටුලා "හයිකු" ගැන කතා කරද්දි මේ සෘතු ගැනත් සදහන් කරපු නිසා මේවත් එයාලගෙ ලිවීමට උදව්වක් වෙයි කියන අදහසින්
සකුරා වගේම පෝස්ටුවත්, කවියත් අපුරුයි..
ReplyDeleteතර්ජන කරන තත්වෙට පත් වෙලාද දැන්....
ස්තූතියි!....නිර්මාණි
Deleteඒකනෙ බලන්නකො. මට විතරක් නෙවෙයි මගේ ගෙදර අයටත් තර්ජනය කරලද කොහෙද "ඔබේ සැමියා තව සුළු මොහොතකින් ඔබ අමතනු ඇත" කියලත් මැසේජ් එකක් ආවා.
මේ, කෝ 5 6. මෙන්න එකපාරට ම 7 ඇවිත්. ඒ මදිවට ඒකට ගියහම අපෙන් සමාවත් ඉල්ලනව. බොරුනම් බලන්නකො.
ReplyDeleteමං කිව්වනෙ කසුන්. ජපානෙ පොඩි දේටත් සමාව ඉල්ලනවා කියලා. ඒකයි මං හිතන්නෙ වෙන්න ඇත්තෙ.
Deleteඇත්තටම උනේ මේකයි. මට හෙට අනිද්දාට ඔළුව උස්සාගන්න බැරි තරමට වැඩ ඇති බව කැලැන්ඩරේ මාක් වෙලා තියෙන නිසා මම ජූනි දෙවෙනි සතිය වෙනකල් සතියට එක ගානෙ පෝස්ට් වෙන්න ලියලා තියෙන ඒවා හැදුවා. එතකොට මම හදිසි මිහිකත කම්පාවකින් මළත් ලියපුවා කාටහරි කියවන්න ලැබෙනවනෙ කියලා. ආන්න එහෙම වෙලාවක දිනයක් වෙලාවක් සෙට් නොකර පෝස්ට් බටන් එක එබිලා වෙච්ච සන්තෑසියකිනුයි 7 වෙනි පොස්ටුව ඒ සමා භාජනේට වැටුනෙ
short is sweet කිව්වට මේකට නම් ගැලපෙන්නේ නැහැ. විනාඩි පහක් වත් කියවන්න දෙයක් නැහ. දිගට දාපන්.තව විස්කර ඇත්නම් ගොඩක් හොඳයි
ReplyDeleteබත් කන ගමන් බලන්නනෙ පෝස්ට් එකක් දාන්න කිව්වෙ. රජයේ සේවකයො විනාඩි පහකට වඩා බත් කන්න ගත කරන්න ඕනි නෑ.
Deleteතව විස්තර ලියවෙන්න ඕනි නම් තමයි. ඒත් මේ ටිකේ වෙලාවක් නෑ ජයසිංහ
සකුරා මල් පිපුණු කාලේක අපේ තාත්තටත් ජපායනට යන්න අවස්ථාව ලැබුනා.. ඉතින් තාත්ත කතා කරනකොට සකුරා මල් ගැන කියද්දී සකුරා මල් වල ෆොටෝ එවද්දී සකුරා මල් වලට, සකුරා මල් පිරිණු පරිසරයට මම පුදුම විදිහට ආස කලා. කොටින්ම කියනව නම් එන කොට මොනවද ගේන්න ඕනේ ඇහුවහම මම කිව්වේත් සකුරා මල් කියලා... :)
ReplyDeleteසකුරා මල් පිපෙණ කාලෙක ජපානෙට එන්න ලැබීම තාත්තගෙ වාසනාවක්. ජපානෙ හැම කාලෙටම බලන්න ලස්සන තැන් තියෙනවා. ඒත් සකුරා පිපෙන කාලෙ හරිම අපූරුයි. බලන බලන පැත්තෙ කොළ නැති ගස්වල දහස් ගානක් මල් පිපිලා තියෙනකොට මොකක්දෝ කෘතිම ගතියකුත් තියෙනවා වගේ නේද කියලා මට මේ වතාවෙ හිතුනා.
Deleteමල් පිපීමයි හැලීමයි ඊළඟ පෝස්ට් එකේ තියෙනවා
අනේ අපිට ඔය සකුරා මල් නැතුවට "ඇසළ,රොබරෝසියා"වගේ මල් තියෙන්නේ.
ReplyDeleteසිරිලක දේ සිරිසැප දේ කියලත් තියෙන එකේ අපිට එව්වා හොඳා.එත් කමක් නැහැ ඔන්න ඔය සකුරා ගැනත් කියන්නකෝ.තව "සකේ"ගැනත් කියන්න අක්කේ.
ඕකට ඔච්චර දේවල් කියන්න මං ඉතින් අපේ රටේ ලස්සන මල් නෑ කිව්වෙත් නෑ ඒවා හොද නෑ කිව්වෙත් නෑනෙ.
Deleteසකේ ගැන ලියන්න නම් ටිකක් බීලා බලලා ඉන්න ඕනි.