"මිස්ට
මේ කෑම එක දෙන්න කිව්වා " මා අතීතයෙන් මිදුනේ සමන්ගේ හඬටය
"මං ගේන්න කිව්වෙ ෂෝට් ඊට්ස් මොනාහරිනෙ" නගරයේ ප්රසිද්ධ අවන්හලකින් ගෙනෙන ලද කෑම පාර්සලය දුටු විට එහෙම කියවුනේ ඉබේටමය.
" මං නෙවෙයි මිස් ගෙනාවෙ"
"එහෙනම්"
"සර් කොහෙද යන ගමන් දීලා ගියෙ" සමන් දොර වසාගෙනම පිටව ගියේ කාර්යාලයේ ඕපාදූප සොයන්නන්ගේ කණේ මෙය ඉක්මනින් තබන්නට විය යුතුය.මා කෑමට වාඩි වූයේ සිතින් ඔවුන්ට සිනාසෙමිනි. ලොකු අයියා මා ගැන වෙහෙස වන්නේ පියෙකු මෙනි. අප්පච්චී විසින් කිසිදාක නොකළ තරමේ සැලකිල්ලක් ඔහු මා වෙත දක්වන්නේ අද ඊයෙක සිට නොවේ.
"මං ගේන්න කිව්වෙ ෂෝට් ඊට්ස් මොනාහරිනෙ" නගරයේ ප්රසිද්ධ අවන්හලකින් ගෙනෙන ලද කෑම පාර්සලය දුටු විට එහෙම කියවුනේ ඉබේටමය.
" මං නෙවෙයි මිස් ගෙනාවෙ"
"එහෙනම්"
"සර් කොහෙද යන ගමන් දීලා ගියෙ" සමන් දොර වසාගෙනම පිටව ගියේ කාර්යාලයේ ඕපාදූප සොයන්නන්ගේ කණේ මෙය ඉක්මනින් තබන්නට විය යුතුය.මා කෑමට වාඩි වූයේ සිතින් ඔවුන්ට සිනාසෙමිනි. ලොකු අයියා මා ගැන වෙහෙස වන්නේ පියෙකු මෙනි. අප්පච්චී විසින් කිසිදාක නොකළ තරමේ සැලකිල්ලක් ඔහු මා වෙත දක්වන්නේ අද ඊයෙක සිට නොවේ.
පොඩි
අයියාත් හිච්චි අයියාත් මමත් අම්මාට අම්මා කියද්දී ලොකු අයියා විතරක් පුංචම්මා කීම ගැන ඒ කාලයේ මගේ සිතේ තිබුණේ නොරිස්සුමකි. එය ක්රියාවෙන් මෙන්ම වචනයෙන්ද ඔහුට දනවන්නට කොතෙක්
උත්සහ කළද ලොකු අයියා ඒ කිසිවකට කේන්ති ගත්තේ නැත. ඔහු මා අන් දෙදෙනානාගේ හිරිහැර වලින් මුදවා ගනිද්දී පවා මට ඔහු කෙරෙහි විශේෂ ආදරයක් නොදැනෙන්නට ඇත්තේද මහිතේ ඔහු කෙරෙහි තිබූ ඒ නොරිස්සුම නිසාය. අයියලා තිදෙනාගෙන් මට වඩාත්ම ආදරය කළේ ලොකු අයියා බව තේරුම්ගත හැකි වූයේ සරසවියට ඇතුළු වූවාටත් පසුය. එහෙත් ඒ වනවිට ඔහු අපෙන් ඈත් වී පස් වසරකටත් වඩා කාලයක් ගතව තිබුණි.
සිව්
වසරකින් මට වැඩිමහල් වූ හිච්චි අයියා තරම් ඔහුට වසරකට වැඩිමහල් වූ පොඩි අයියා අප දෙදෙනාටම සමීප නොවීය. අප්පච්චිගේ හැඩරුව මෙන්ම බොහෝ ගතිගුණද වඩාත් හොදින් උරුම වී තිබුණේ පොඩි අයියාටය. වතු පිටි පාලනයේදී අප්පචිටත් වඩා දක්ෂකම් පෙන්වූ ඔහුට අප්පච්චිගෙන් මෙන්ම අම්මාගෙන්ද විශේෂ සැලකිල්ලක් ලැබුණි. පොත පතට පමණක් ඇලුම් කළ බොහෝ නිහඬ චරිතයක් වූ හිච්චි අයියා ඔහු සතු සුවිශේෂි හඬ පෞරුෂය පාවිච්චි කළේ අවශ්යම විටක පමණි. මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වූ ඔහු වැඩිදුර අධ්යාපනය සදහා විදෙස්ගත වීමට පෙර මටද සරසවි මාවතේ දොරටු විවර කර නොදෙන්නට මා තවමත් වලව්වේ සියළු අණසකට යටත් චූටි මැණිකේමය.
"අප්පච්චිලා
පොඩි අයියලා ඔළුව උඩ තියාගෙන ඉන්න පුහු මාන්නෙටයි දේපළ වතුපිටි වලටයි වඩා ඉගෙන ගන්න දෙයක් වටිනවා චූටි මැණික. ඒ නිසා ඔයත් හොදට ඉගෙන ගන්න ඕනි" උසස් පෙළ පංතියට ඇතුල් වූ දිනයේදී පාසල අසලින් මා බස්සවා හිච්චි අයියා විසින් දුන් අවවාදය අකුරටම පිළිපදිමින් මා උසස්පෙළ සමත් වූයේ විශිෂ්ඨ සම්මාන තුනක් සමගිනි. විශ්ව විද්යාල වලට අයදුම් කිරීම හිච්චි අයියා විසින් සිදු කළත් කැඳවීමේ ලිපිය ලද පසු අම්මා තරයේම කියා සිටියේ මට අවසර නොදෙන බවය. මා ඒ ගැන දුරකතනයෙන් හිච්චි අයියාට දැනුම් දුන්නේ අඬ අඬාය.
"ඇයි
අම්මා චූටි මැණිකට කැම්පස් යන්න දෙන්නෑ කියන්නෙ" රාත්රී ආහාරයෙන් පසු මේසයෙන් නැඟිටින්නට
සූදානම් වූ අප්පච්චිගේ ගමනද වලක්වමින් හිච්චි අයියා ඇසුවේ තරමක් දැඩි හඬකිනි.
"අපේ
පරම්පරාවල ගෑණු ළමයි කවදාවත් රස්සාවල් කළේ නෑ"
"ඉතින්
චූටි මැණික යන්න
හදන්නෙ රස්සාවකට නෙවෙයිනෙ. කැම්පස්"
"රස්සාවක්
කරන්ඩ නෙවෙයිනම් මොකටද කැම්පස් යන්නෙ"
"කැම්පස්
යන්නෙ ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවර වුණාම චූටි මැණිකට හිතුනොත් රස්සාවක් කරන්න ඕනි කියලා එයා ඒක ඒ කාලෙට තීරණය කරයි"
"හිච්චී......නංගි ගැන තීරණ ගන්න තාම අම්මටයි මටයි පුළුවන්. ඔයාලා ඒ ගැන දැන්ම කරදර වෙන්ඩ ඕන්නෑ"
අම්මා
සහ හිච්චි අයියා අතර වූ සංවාදය නිහඬවම අසා උන් අප්පච්චිගේ තීරණය අවසන් තීරණය බව දන්නා නිසා මා මේසයෙන් නැඟිට්ටේ අඬාගෙනය. මගෙ අත තදින් අල්ලා මා ඔහු ළඟින් හිදුවාගත් හිච්චි අයියා අප්පච්චී දෙසට හැරුනේ මගේ හිස කිහිපවරක්ම පිරිමැදීමෙන් අනතුරුවය.
"අප්පච්චි
කියන්නෙත් මෙච්චර හොදට විභාගෙ පාස් වෙලත් චූටි මැණික කැම්පස් යන්න ඕන්නෑ කියලද"
"දැන්
අම්මා එකපාරක් කිව්වනෙ. ඕවා අපේ පරම්පරාවල ගෑණු දරුවො ගිය තැන් නෙවෙයි"
"ඒ
කියන්නෙ අපිට දැන් කරන්න පුළුවන්නෙ මේ පරම්පරාවෙ මිනිස්සු කරපු දේවල් විතරයිද"
"හිච්චී...මං දැන් සැරයක් කිව්වා"
"සැරයක්
නෙවෙයි දෙතුන් සැරයක් කිව්වත් අප්පචිලාට ඔය තීරණේ නම් වෙනස් කරගන්ඩම වෙනවා අප්පච්චි. එහෙම නොකරොත් මං රට යන්නෙ චූටි මැණිකවත් අරගෙන. චූටි මැණිකට උගන්නන්ඩ මට ඔය අප්පච්චිලාගෙ බූදලෙන් ආව සල්ලි ඕනි නෑ. මං හෝටල් වල පිඟන් හෝදලා හරි මේ පොඩි එකීට උගන්නනවා. ඊට පස්සෙ චූටි මැණිකට බැරියැ එහෙදි හොදට ඉගෙනගෙන සුද්දෙක්ව කසාද බැදලා එහෙම මෙහෙ එන්ඩ"
අම්මාගේ
මුහුණ බලා සිටියදීම සුදුමැලි විය. පරම්පරාවේ නම්බුව දිවි දෙවෙනි කොට රකින ඇයට මා විදේශිකයෙකු හා විවාහ වුවොත් යන භීතිය තරමටම හිච්චි අයියා හෝටලයක ඉඳුල් පිඟන් හෝදයිදෝ යන සිතුවිල්ලද වද දෙන්නට ඇත. උවමනා දේකදී පමණක් කතා කරන හිච්චි අයියා කළ නොහැකි දේවල් ගැන පුරසාරම් නොදොඬන බවද හොදින්ම දන්නා කාරණයක් නිසා ඇය වඩාත් තැතිගන්නට ඇත. හිච්චි අයියාට පෙරලාගෙන පහරදෙන තරමේ කේන්තියකින් උන් අප්පච්චීද අම්මාගේ මුහුණ දුටු වහා සන්සුන් වන්නට ඇත්තේද එහෙයිනි.
"අපි
ඕක ගැන පස්සෙ කතා කරමුකො" කියමින් ඔහු ඉක්මනින්ම එතැනින් නැඟිට ගියේ අම්මගේ කඳුළු දැකීමට ඇති අකමැත්තටය.
අම්මාද ඔහු පසු පසින් යන්නට ඇත්තේ හිච්චි අයියාව නතර කරන
හැටියක් අප්පච්චිගේ හිත මෘදු වූ වෙලාවේම කතා කරගන්නටය.
මුලින්
කෙතරම් විරෝධයක් දැක්වුවත් අප්පච්චී පසුව මගේ සරසවි
ගමනට එකඟ විය. අවසන් මොහොත දක්වාම සිය තීරණයේ වෙනසක් නොකළ අම්මා සරසවි භූමියෙන් නික්ම ගියේ කොන්දේසි රැසකට මා එකඟ කරගෙනය. ඉන් පළමුවැන්න වූ කොට ඇඳුම් හෝ කලිසම් නොඇඳීමට මා අදටත් එකඟය. කොණ්ඩය කඩාගෙන නිවසින් පිටතට යාම තහනම් වූයේ කිනම් වයසකදී දැයි මතකයක් නැතත් තනි කරලට කොණ්ඩය ගොතාගැනීම ඒ වනවිටත් පුරුද්දක්
වී හමාරය. එහෙත් කිසිදාක කොළඹ සිට තනිව නිවසට නො එන ලෙස පැනවූ කොන්දේසිය ඇය විසින්ම ඉවත් කරගත්තේ හිච්චි අයියා විදෙස් ගත වූ අලුතය.
එතෙක්
මගේ සියළු වගකීම් කරට ගෙන සිටි ඔහු දෙසතියකට වරක් මා නිවසට කැටුව ගියේ අම්මාට එක්වරම මා නැති පාලුව දරාගත නොහැකි බව පවසමිනි. එය කොතරම් සත්යක්දැයි මා තේරුම් ගත්තේ පසු දිනකය. පත පොතට හැරෙන්නට වෙනත් කිසිවකට විශේෂ ආදරයක් නොදක්වන බවක් පෙන්වන හිච්චි අයියාට අප සියල්ලන්ගේම හිත් හොදින් කියවීමට තිබූ හැකියාවත්, ඔහු අනෙක් අයගේ සිතුම් පැතුම් වලට දැක්වූ සංවේදීතාවත් මා හොදින් තේරුම් ගත්තේ ඔහුද අපෙන් බොහෝ ඈතකට ගිය පසුය.
"යාළුවෙක්
එක්ක හරි ගෙදර ඇවිත් යන්න එන්න පුතේ" හිච්චි අයියා පිටව ගොස් මාසයකටත් වඩා කාලයක් මා නිවසට නොගිය පසු අම්මා එසේ කිව්වේ දුරකතනයෙනි.
"පොඩි
අයියට එන්න කියන්න අම්මා"
"එයාට
වැඩනෙ මැණික. නැතත් තිවංකා දුව කැමති නෑ පොඩි පුතා ගෙදර දේවල් වලට මහන්සි වෙනවට" විවාහකයෙකු වූ පොඩි අයියාට හිච්චි අයියාට තරම් මා ගැන වෙහෙස විය නොහැකි බව අවබෝධ කරගෙන සිටියද තිවංකා අක්කා ඔහු කෙරෙහි එතරම් අණසක පතුරුවන බව මට අලුත් ආරංචියක් විය.
"ඒක
හරි වැඩක්නෙ. එයාගෙ හස්බන්ඩ් වෙන්න කලින්නෙ මගෙ අයියා වුණේ"
"කසාද
බැන්දම දරුවො වුණත් වෙනස් වෙනවා පුතේ. ඒකට අපි දොස් කියලා හරියන්නෑ පුළුවන් විදිහට අපේ
වැඩ කරගන්නවා මිසක්" දුකත් පසුතැවිල්ලත් ඇගේ හඬ තුල ඕනෑවටත් වඩා තිබුණි. එකත් එකටම පොඩි අයියා කොළඹ එන්නට අදිමදි කරන්නට ඇති. අප්පච්චිගෙන් සැලකුම් ලබන්නට මෙන්ම ඔහුගේ රුව දකින්නට පවා තේ ගස් තරම් අප වාසනාවන්ත නොවන බව වඩාත් හොදින් දැන සිටි අම්මා ඔහුට ඇවිටිලි කරන්නට හිතන්නටවත් නැත.
"මං
මේ සෙනසුරාද උදේම එන්නම් අම්මා. සිකුරාදා හවස එන්ඩ මට බයයි"
"පරිස්සමින්
රත්තරනේ. මං සාදිරිස් එක්ක නුවරට එන්නම්" අම්මාගේ කටහඬ බිදී යාමත් සමගම ඇමතුම විසන්දි විය. ඔසරි පොටෙන් කඳුළු පිසිමින් දුරකතනය අසලින් ඉවත්ව යන අම්මාගේ රූපය එදා මා මවාගත්තේද බොඳ වූ දෑසිනි.
ලොකු
අයියා නොමැති අඩුව මට වඩාත් තදින් දැනුනේ ඉන් පසුවය. අප්පච්චී විසින් නිවසින් පිටමන් කළ ඔහු දරුවෙකු ලැබුණ පසු සිංහල අවුරුද්දකදී හෝ ආපිට එතැයි අපේක්ෂාවෙන් වසර ගණනාවක්ම ගෙවී ගියත් දුරකතන ඇමතුමක්වත් නොදෙන්නට තරම් ඔහු අකාරුණික විය. ලොකු අයියා ඉපදී සුළු මොහොතකින්ම ඔහුගේ මව මිය ගිය බවත් ඇයට අසීමිතව ආදරේ කළ අප්පච්චී දවස් ගණනාවක් යනතුරු ලොකු අයියා දෙස නොබැලූ බවත් මා දැනගත්තේ සුදු පුංචම්මාගෙනි. උපන් මොහොතේ පටන්ම ලොකු අයියා හදා වඩාගෙන තිබුණේ අපේ අම්මාය. ඇය ඇගේ වැඩිමහල් සහෝදරියගේ කුසින් උපන් එකම දරුවාට බොහෝ සේ ආදරය කළ බවත් අප්පච්චී සමග විවාහ වූයේ ලොකු අයියාට අවුරුදු තුනක් තරම් වයසකදී බවත් සුදු පුංචම්මා මා සමග කිව්වේ ලොකු අයියා නිවසින් පිටව ගිය දවසේය. වසර ගණනාවක් පුරා දකින්නට බලාපොරොත්තුවෙන් සිටි ඔහු මට යලි මුණ ගැහුනේ අහම්බෙනි.
සරසවියේ
අවසන් වසරේ ආයතනික පුහුණුව සදහා මට ලැබී තිබුණේ බම්බලපිටියේ වූ තේ අපනයන සමාගමකි. එහි පරිසරය සිතට එතරම් ප්රසන්න නොවූවත් මා මගේ රාජකාරිය කළේ කැමැත්තෙනි. දිනක් එහි කළමණාකාර අධ්යක්ෂවරයා වෙත ගිණුම් වාර්තාවක් ගෙන යමින් සිටි මගේ ගමන ඔහුගේ පුද්ගලික ලේකම්වරිය විසින් නැවැත්වූයේ ඇතුලේ අමුත්තෙකු සිටින බව පවසමිනි.
"ගොඩක්
වෙලා යයිද"
"දන්නෑ"
මා
ඇඳ සිටි ඇඳුම දෙස බලා සරදම් සිනහවක් මුවට නංවාගෙන උන් ඈ මගේ පැණයට පිළිතුරු දුන්නේ දෙවුර ගස්සමිනි. ආයතනයකට නොගැලපෙන තරමේ ඇඳුම් පැළදුම් වලින් සැරසී එන ඇයට දණහිසින් පහළට දිග සායක් හා අත් බෝරිච්චි කළ හැට්ටයක් ඇද දිගු කොණ්ඩය තනි කරලට ගොතා සිටි ලෙව්කේ බණ්ඩාර වලව්වේ චූටි කුමාරිහාමි විහිළුවක් වන්නට ඇතැයි අනුමානයෙන්ම මා සඟරාවක්ද ගෙන අසුන්ගත්තේ
දොර දෙසට මුහුණලාය. වරින් වර සඟරාවට උඩින් ඇය දෙස බැලූ මා එය පසෙකලා නැගිට්ටේ අධ්යක්ෂවරයාගේ කාමරයෙ දොර ඇරෙනවාත් සමගය. "එහෙනම් මං වැඩේ සෙට් කරගෙනම කෝල් එකක් දෙන්නම් මචං" කියමින් මගේ ආයතන ප්රධානියාගේ උරහිසට තට්ටුවක් දමමින් නික්මෙන්නට ගිය රුව හදුනා ගැනීමට මට තත්පයක්වත් ගත නොවුනි.
"ලො
කු අයි..යා" ඒ
ආදරණීය වචනය කියාගන්නට අකුරු එකතු කරන්නට වූයේ පුදුමය තරමටම සතුටද මගේ හඬ සොරාගෙන තිබූ නිසාය.
"චූටි
මැණික ඔයා" කියමින් අඩියට දෙකට මා අසලට ආ ලොකු අයියා මා බදා වැළඳගත් අයුරු අදටත් මගේ මතකයේ තියෙන්නේ අමරණීය මොහොතක් ලෙසය.
"මචං
මේ මගේ නංගි" ඔහු සිය මිතුරාට මා හදුන්වා දුන්නේ කරවටා අත යවා පෙර ලෙසම මා තුරුළු කරගෙනය.
"උඹේ"
"ඔව්.
මේ මගේ එකම නංගි" කියූ ඔහු මොහොතක් ඇහි පිය නොහෙලාම මා දෙස බලා සිට හිස පිරිමැදීය. ඔහුත් මාත් සිටින්නේ ආයතනයක් මැද බව මට මෙන්ම ඔහුටද අමතක වන්නට ඇත.සහෝදරත්වය කියන්නේ වැට කඩොළු මායිම් බාධා කිසිවක්ම නැති ඒ අපූරු බැදීමට විය යුතුය.
ලොකු
අයියා සමග දිවා ආහාරයද ගෙන ඉන්පසුත් බොහෝ වේලාවක් ඔහු හා රැඳී සිටි මා නවාතැනට ආවේ පස්වනක් ප්රීතියෙන් ඉපිලෙමිනි. දස වසරකට කිට්ටු කාලයක් අහිමිව තිබූ ඒ සෙනෙහස යලි ලැබුණේ එය අවැසිම කාලයකදීය. සතුට ඉහ වහා ගියද ඔහු මුණ ගැසුන බව අම්මාට කියන්නට මැලි වූ මා මුලින්ම ඒ ගැන දැනුම් දුන්නේ හිච්චි අයියාටය. සත් සමුදුරෙන් එහා උන් ඔහුට ඒ ගැන හැඟීමක්වත් නොවීය. එක්කෝ ඔහු අදහස් ප්රකාශ කළේ හැඟීම් යටපත් කරගෙනය.
"ලොකු
අයියා දැන් මොනාද කියන්නෙ චුටි" ඔහුට එදා මගෙන් අසන්නට තිබුණේ එච්චරය
"එයා
දැන් කම්පැණි එකක මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක්. අවුරුදු හතරක චූටි දුවෙක් ඉන්නවලු. දෙවෙනියත් ඔන් ද වේ කිව්වා"
"ලොකු
අයියා හම්බුණා කියලා ඔයා වැරදිලවත් අප්පච්චිලට නම් කියන්න එපා" හිච්චි අයියා දුන් ඒ අවවාදයද මා අකුරටම පිළිපැද්දේ නැවතත් ලොකු අයියාගෙ සෙනෙහස අහිමි වේයැයි බියෙනි. ඔහුගේ බිරිඳත් දියණියත් දැකීමට අසීමිත ආසාවකින් උන් මා ඊට සති තුනකට පසු සෙනසුරාදා
දිනක ගාල්ලට ගියේ දෙවන දරු ප්රසූතිය සදහා මිනෝලි අක්කා රෝහල්ගත කළ බව දැනගත් මොහොතේමය. ලොකු අයියාගෙන් ඇමතුම ලැබෙන විට අවසන් වසර අවසන් සමාසික පරික්ෂණය සදහා සූදානම් වීමට පුස්තකාලයට යමින් සිටි මා කිසිවෙකුටත් නොදන්වා ගාල්ලට ආ ගමන මගේ ජීවිතයේ සන්ධිස්ථානයක් විය.
වලවුවල නම වෙනස් උනාට මාන්නක්කාරකමනම් එක වගේ තමයි...
ReplyDeleteචූටි මැණිකට ඊලඟට මූණ දෙන්න වෙන්නේ මොකට ද බලමුකෝ...
ඔව් නිර්මාණි. ඔය මාන්නක්කාරකම් වලව්වලටම සීමා කරන්නත් බෑ. වලව්ම නොවුනත් ඉස්සර ඉදලා ගම්වල පොරවල් වගේ හිටිය උදවිය තාම ඉන්නවා ඒ පරණ ලොකුකම් ඔළුව උඩ තියාගෙන. මං හොදට දන්න තැනක් තියෙනවා ඒ ගෙදර අක්කයි මල්ලිලා තුන්දෙනෙකුයි ඉන්නවා වංශෙ කබල් ගෑම නිසා තාම කසාද බැඳලා නැති. තාම කිව්වට එතන බාලයාටත් දැන් අවුරුදු පනහක් විතර (කොහොමට ඇද්ද ). ඒ පවුලේ බැදපු අයගෙ දරුවන්ගෙ දරුවොත් දැන් ලොකුයි.
Deleteනියමයි නියමයි.. ගලාගන යන දිහාවක් හිතාගන්න බෑ..
ReplyDeleteජයවේවා..!!
නියමයි නං කමක් නෑ ගස්ලබ්බ. කට්ටියට එපා වෙයිද කියලා බයෙන් වගේ මං පටන් ගත්තෙත්.
Deleteතාම කොටස් දෙකයිනෙ, ඒක නිසා කොයි පැත්තකට යනවද කියලා හිතන්න බෑ තමයි. ඒත් ඉතින් ඉස්සෙල්ලා කතාව යන අතරෙම හිමීට චරිත ටික අඳුන්වලා දීලා ඉන්නත් එපැයි.
හොඳට ලියාගෙන යනවා.තව කොටස් කීයක් විතර තියේවිද?
ReplyDeleteහොදට ලියාගෙන යන බවක් හැලපයාගෙන් අහන්න ලැබීම සතුටක්. තව කොටස් කීයක් තියෙනවද කියලා මටත් අනුමාන කරන්න අමාරුයි. මේක කෙටි කතාවක් නෙවෙයි. ටික කාලෙකට උඩදි ලියපු කතාවක් මේ හිමීට ටයිප් කර කර දාන්නෙ
Deleteහරිම ලස්සනට ලියාගෙන යනවා සඳා...එක හුස්මට කියෙව්වා...
ReplyDeleteස්තූතියි! පොකුරු.
Delete"සුඛන්තයේ කෙටි කතා රාජිණිය" කෙටි කතාවෙන් නවකතාවට.
ReplyDeleteමනෝජ් මල්ලි, මේකත් උපකල්පනයක් නේද?. ඔය උපකල්පන කියන ඒවා හරියට වරදිනවා. මෙතනදිත් ඔයාට වෙලා තියෙන්නෙ එහෙම වැරැද්දක් කියලා කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා
Deleteනැහැ,නැහැ මෙතැන උපකල්පනයක් නෙමේ තියෙන්නේ.මේ මට හිතෙන විදිය.අක්කාගේ කෙටිකතා වලට මම ගොඩක් කැමති වෙන්නෙත් ඒ තියෙන අවසානයන් එක්ක.
Deleteඅනිත් එක පාඨාක රසාස්වාදය එකිනෙකාට වෙනස් වෙනවා.සමහරු මාර්ටින් ව්ක්‍රමසිංහට කැමතියි,තවත් අය කේ.ජයතිලකට කැමතියි.තවත් අයගේ කැමැත්ත මහගමසේකරට.සමහරු ඔය ඔක්කොටම කැමතියි.මමත් ඔය ඔක්කොගෙම කතා වලට කැමතියි.සඳමාලි අක්කගේ කෙටිකතා වලටත් ගොඩක් කැමතියි.
අක්කගේ කෙටිකතා මට රසයි.එකයි මම එහෙම කිව්වේ.ඒ කතාවල රසය අඩු වුනොත් මම ඒකත් කියන්නම්.
නෑ මල්ලි. මං මෙතන උපකල්පනය කියන එකෙන් අදහස් කළේ කෙටි කතා ගැන ඔයා හිතන විදිහ නෙවෙයි. ඔයා කෙටිකතාවෙන් නවකතාවට කියලා ලියලා තිබුණ එකටයි එහෙම කිව්වෙ. මං මේ ලින්ක් එක දාලා තිබ්බ තැන ෆේස් බුක් කමෙන්ට් එකක ඒ ගැන ලිව්වා ඔයා දකින්න නැතුව ඇති.
Deleteඉස්සර මං ඉස්කෝලෙ යන කාලෙ 10 වසරට එනකල්ම කෙටිකතා ලිව්වා සිංහල භාෂා තරඟ වලටයි සමහර වෙලාවට ඔය සඟරා වගේ ඒවටයි. ඊට පස්සෙ ඒ ලෙවෙල් කරන කාලෙත් තරඟෙකට නොවී නිකන් කතා තුනක් ලිව්වා. ඒ තුන මං ළඟ ඇති. ගියාම කිසිම සංශෝධනයක් නැතුව ඒ ටික මේකෙ ඵල කරන්න ඕනි වෙනස බලන්න.
ඊට අවුරුදු ගානකට පස්සෙ තමයි මට ආයෙ ලියන්න ඕනි කියලා හිතුනෙ (හිතුනෙ නෙවෙයි අපේ වීසී මට ආයෙම ලියන්න කිව්වා මගේ පරණ සහතික දැකලා ). ඒ උනාට මට කෙටි කතාවක් ලියාගන්න බැරි උනා. නව කතා දෙකක් හෝ තුනක් ලියලා ඉවර කරා. ඒ එකක්වත් මට සෑහීමකට පත් වෙන්න පුළුවන් තත්වෙක තිබ්බෙ නෑ.
මේ කතාව පටන් ගත්තෙ දැන් අවුරුදු දෙකකට විතර උඩදි මෙහෙ අපි කරන සඟරාවකට කෙටි කතාවක් ලියන්න කියලා. නව කතා ලිය ලියා ඉදලා කෙටි කතාවට එනකොට කතාව දිග් ගැස්සුන නිසා මං මේක නවකතාවකට පෙරලලා අලුතින් මුලින්ම ලියාගත්තු කෙටි කතාව තමයි මේ බ්ලොග් එකේ තියෙන පොරොන්දුව. ඔයා ආපහු ඒක කියෙව්වොත් මං නවකතාවෙන් කෙටි කතාවට ආව බවට සාක්ෂි හොයාගන්න පුළුවන් වෙයි.
// ඔයා කෙටිකතාවෙන් නවකතාවට කියලා ලියලා තිබුණ එකටයි එහෙම කිව්වෙ. මං මේ ලින්ක් එක දාලා තිබ්බ තැන ෆේස් බුක් කමෙන්ට් එකක ඒ ගැන ලිව්වා ඔයා දකින්න නැතුව ඇති.//
Deleteඔන්න එහෙනම් මම ආයෙමත් වරද්ද ගත්තා.දැන් ඒ කමෙන්ට් එක බැලුවා.මම හිතන්නේ ඒ අදාල කමෙන්ට් එක වෙන්න ඕනේ මේ තියෙන්නේ.
// මේක මම කෙටිකතා ලියන්න ගද්දි මුලින්ම ලිව්ව එක. ඒක මට ඕනි විදිහට ඉවර කරගන්ඩ බැරි වෙච්ච නිසා නවකතාවක් දක්වා දීර්ග කරා. ඒත් දැන් නෙවෙයි අවුරුදු දෙකකට විතර උඩදි. ඊට පස්සෙයි කෙටි කතා ලිව්වෙ.//
ඒකනෙ කියන්නෙ උපකල්පන වැරදෙන්න තියෙන ඉඩ වැඩියි කියලා
Deleteහරිම ලස්සනයි. හතරවෙනි පාරටත් කියෙව්වා ඔන්න, අනිත් කොටසුත් ඉක්මනට එනකන් බලන් ඉන්නවා.
ReplyDeleteඔයා ඔය හැටියට වද විදින්ඩ එපා නිරෝ. මං මේක ටයිප් කරලා ඉවර උනාම ඔයාට පීඩීඑෆ් එකක් එවන්නං නිදහසේ කියවගන්ඩ
Deleteකතාව නියමෙට ගලාගෙන යනවා , හරිම අපූරුයි , ඉවර වුනාම බලමු අදහස් කියන්න . ජය
ReplyDeleteස්තූතියි! ඉවාන්.
Deleteඔව් ඔව් බලමුකො අන්තිමට. කවරෙ බලලා පොතක් ගැන තීරණය කරන්ඩ බෑ කියනවනෙ
හ්ම්ම්.හ්ම්ම්.. ඔහොම යමුකො බලන්න..
ReplyDeleteහ්ම්....යන්නංකො එහෙනං.
Delete