පළවෙනි කොටස මෙතනින්
නේවාසිකාගාර පහසුකම් නොලැබුණ දෙවන සහ තුන්වන අධ්‍යන වර්ෂ දෙකේදීම අප නතරව සිටියේ විශ්ව විද්‍යාලයේ සිට පයින් යා හැකි දුරක පිහිටි බෝඩිමකය. දිවා කාලයේ බෝඩිමේ හිමිකාරිය හැර නේවාසිකයින් කිසිවෙක් එහි නොසිටින නිසා එදා මට සිත්සේ හිත් වේදනාව පිටකරගත හැකි විය. කිසිදාක කිසිවෙකුගේ පෙම්වතියක් නොවෙමින්ම අප්පච්චී කියන අයෙකු හා සරණ යායුතු බවට මා මටම ස්වයං වාරණයක් පනවාගෙන තිබුණේ ලොකු අයියා නිවසින් නික්ම ගිය දිනවලමය. එහෙත් සමීරගේ හඬට සිනහවට පෙනුමට වශී වූ හිත ආපසු ඇද බැද තබා ගන්නා හැටියක් මට හිතාගත නොහැකි විය. මා වශී කළ හඬින් එකම එක වචනයක් අසන්නට දීර්ග කාලයක් පෙරුම් පුරමින් බලාසිටි මට ඒ අහිමි වූ අවස්ථාව විද දරා ගැනීම පහසු වූයේ නැත. කඳුළු වගුරවමින් විය හැකි නොහැකි හැමදේම ගැන සිතමින් ඇදට වී සිටි මා අසලට නින්ද පැමිණියේ කිනම් මොහොතකදැයි මට මතක තිබුණේ නැත. මට සිදු වූ සියල්ල යළි මතක් වූයේ මගේ ඉහ අද්දරින් වාඩි වී උරහිසින් අල්ලා මා සොලවමින් "නැගිටපන් භගී" කියා බෙරිහන් දෙන මනූජාගේ හඬටය. එහෙත් ඈ කෑ ගසන වේගයට දෙනෙත් හැරගන්නට බැරි තරම් අපහසුවක් මට දැනුනි.
නේවාසිකාගාර පහසුකම් නොලැබුණ දෙවන සහ තුන්වන අධ්‍යන වර්ෂ දෙකේදීම අප නතරව සිටියේ විශ්ව විද්‍යාලයේ සිට පයින් යා හැකි දුරක පිහිටි බෝඩිමකය. දිවා කාලයේ බෝඩිමේ හිමිකාරිය හැර නේවාසිකයින් කිසිවෙක් එහි නොසිටින නිසා එදා මට සිත්සේ හිත් වේදනාව පිටකරගත හැකි විය. කිසිදාක කිසිවෙකුගේ පෙම්වතියක් නොවෙමින්ම අප්පච්චී කියන අයෙකු හා සරණ යායුතු බවට මා මටම ස්වයං වාරණයක් පනවාගෙන තිබුණේ ලොකු අයියා නිවසින් නික්ම ගිය දිනවලමය. එහෙත් සමීරගේ හඬට සිනහවට පෙනුමට වශී වූ හිත ආපසු ඇද බැද තබා ගන්නා හැටියක් මට හිතාගත නොහැකි විය. මා වශී කළ හඬින් එකම එක වචනයක් අසන්නට දීර්ග කාලයක් පෙරුම් පුරමින් බලාසිටි මට ඒ අහිමි වූ අවස්ථාව විද දරා ගැනීම පහසු වූයේ නැත. කඳුළු වගුරවමින් විය හැකි නොහැකි හැමදේම ගැන සිතමින් ඇදට වී සිටි මා අසලට නින්ද පැමිණියේ කිනම් මොහොතකදැයි මට මතක තිබුණේ නැත. මට සිදු වූ සියල්ල යළි මතක් වූයේ මගේ ඉහ අද්දරින් වාඩි වී උරහිසින් අල්ලා මා සොලවමින් "නැගිටපන් භගී" කියා බෙරිහන් දෙන මනූජාගේ හඬටය. එහෙත් ඈ කෑ ගසන වේගයට දෙනෙත් හැරගන්නට බැරි තරම් අපහසුවක් මට දැනුනි.
"මොකද
මේ ගිනි රස්නෙ ඉහේ ඉදන් පොරවගෙන" කියමින් ඇය මගේ පොරෝණය ඉවතට කළාය.
"සීතලයි
මනූ"
"සීතලයි.
උඹ හීනෙං නුවර එළිවත් ගියාද"
"මගෙ
ඔළුව පැලෙන්න
වගේ"
"හොදටම
ෂුවර්ද පැලෙන්න හදන්නෙ ඔළුව කියලා" කියා සිනාසෙමින්ම ඈ මගේ හිසට අත තැබුවේ තේ හදමින් සිටි පවනිද ඇගේ හිනාවට හවුල් කරගනිමිනි.
" මේ
ඔළුව ගිනිකබල වගේනෙ. මෝඩයෙක් වගේ ඉහේ ඉදන් පොරවගෙන නිදාගන්නැතුව අමාරුවක් තිබ්බනං
කෝල් එකක් දෙන්ඩ දන්නැද්ද"
"කෑ
ගහන්නැතුව ඔළුව චුට්ටක් අතගාන්ඩකො මනූ"
"ඔළුව
අතගගා ඉන්නවා නෙවෙයි. කෝ කෝ ටක් ගාලා ලෑස්ති වෙන්ඩ රෑ වෙන්න කලින් ගිහින් බෙහෙත් ටිකක් අරන් එන්න"
"බෙහෙත්
ගන්න දෙයක් නෑ. පැනඩෝල් දෙකක් බිව්වම හරියයි"
"දැන්
දවාලෙත් ඔහොම කියලනෙ ආවෙ. මේ දවස්වල වයිරස් උණකුත් තියෙනව. කෝ යං යං නැඟිටින්න"
ඇගේ
පෙරැත්ත කිරීම නොසලකා සිටිය නොහැකි වූ නිසාම බෝඩිමේ සිට පෙනෙන දුරකින් තිබුණ වෛද්‍ය මධ්යස්ථානය වෙත යාමට මට සිදුවිය. මා නොසිටි හවස් වරුවේ දේශණ ශාලාවේදී ජනක හා ඔහු ගැන උනන්දුවකින් පසුවන කල්පනී අතර ඇතිවූ සංවාදයක් රසකර කර කියමින් පයින් ඇවිදගෙන ගිය අපේ මඟ හරස් කරමින් සමීරගේ යතුරු පැදිය නතර වූයේ වෛද්ය් මධ්යස්ථානය ඉදිරිපිටදීය. තවත් බොහෝ කාලයකට දකින්නට නොලැබේ යැයි සිතමින් සිටි රුව අනපේක්ෂිත මොහොතක දකින්නට ලැබීමේ ප්‍රීතිය විද දරාගත නොහැකි
වූ මගේ හදවත ගැහෙන වේගය පිටතට ඇහෙන
තරම් ප්‍රබල විය.
"කොහෙද
මේ රෑ වෙලා තුන්දෙනත් එක්ක රවුං ගහන්නෙ" ඔහු හිස් වැස්ම ගලවා අතට ගනිමින් අපි තුන්දෙනා දෙසම හොදින් බලමින් ඇසුවද ඒ හඬේ කිසිදු මිත්රශීලී බවක් නොවීය.
"බෙහෙත්
ගන්න ආවා" කියා ඊටම නොදෙවෙනි හඬකින් කියූ මනූජා
ඔහු තවත් යමක් කියන්නට පෙර වෛද්‍ය මධ්යස්ථානය තුලට ඇතුල් වූයේ මගේ අතින් ඇදගෙනය. මනූජා මෙන්ම සමීරද තවමත් උදෑසන සිදුවීම හිතින් අමතක නොකළ බව දෙදෙනාගේම වදන් තුල ගැබ්ව තිබි නිසාම මොහොතකට පෙර ඔහු දකිද්දී ඇති වූ සතුට තවදුටත් මා ළඟ රඳවාගැනීම අපහසු විය.
පවනිත්
සමගම සමීර ඇතුළට පැමිණියේ එල් හැඩයට තිබූ පටු කොරිඩෝවෙ රෝගීන් සදහා තබා තිබූ ප්ලාස්ටික් පුටුවක මට අසුන්ගන්නට සලස්වා මනූජා අංකයක් ලබාගන්නට යද්දීය. සමීර කෙරෙහි කිසිදාක නොදැනුන අපහැදීමක් එවෙලෙහි හිත
කොණක තිබුණද ඇගේ
ගෑවෙන තරමට ළංව ඔහු මා අසලින් සිටගනිද්දී ඒ සියළු නොමනාපකම් අභිබවා සුපුරුදු ප්රේමණීය හැඟුමන් මහිතේ පෙරලි කරන්නට පටන් ගත්තාය. ඉන් මොහොතකට පසු ඔහු නළලට පිටි අත්ල තබද්දී නළලත වූ ලේ නහර විදගත් උණුසුම ක්රමයෙන් මුළු සිරුරම අඩපණ කරද්දී දෙනෙත් පියවී ගියේ ඉබේටමය. කිසිදු බෙහෙතකින් ලබා දිය නොහැකි තරම් සුවයක් ඒ ස්පර්ශයේ තිබෙන බව ඔහු දැන සිටින්නට ඇත. නළලත් සමගම දෙතුන් වරක් හිසද පිරිමැද ඔහු අත ඉවතට ගද්දී මා දෑස් හැරියේ ලෝබකමෙනි.
"කෝ
මනූලා" මනූජා සහ පවනි අප අසලම සිටින බව සිතා සිටියද මා දෙනෙත් හරිද්දී ඒ දෙදෙනාගෙන් එක් අයෙක්වත් මා ළඟ නොසිටියාය.
"ඇයි
එතනට යන්න ඕනිද" අසමින් ඔහු මා අසලින් අසුන්ගත්තේ ඊට තරමක් එහායින් සිටි මනූජා සහ පවනිව නෙතඟින් පෙන්නමිනි.
"මාත්
එක්ක තරහා වෙලාද ඉන්නෙ" මම යන්තමින් හිස සොලවා පිළිතුරු දුන්නෙමි.
"මං
උදේ අනවශ්‍ය විදිහට කලබල උනා. මනූජා තාමත් මාත් එක්ක තරහින්ද කොහෙද ඉන්නෙත්" මටද එය එලෙසම වැටහී තිබුණද මට ඒ ගැන කතා කිරීමේ උවමනාවක් නොවීය.
"ඔයත්
තරහද" මම යළිත් හිස වැනුවෙමි.
"එහෙනං
මං දිහා බලලා කියන්න තරහා නෑ කියලා" කියමින් ඔහු මුහුණට එබුනි.
" තරහා
නෑ නෙවෙයි. මට එහෙම තරහා වෙන්ඩ බෑ" තත්පර තිහ හතලිහක් ඇහිපිය නොහෙලා මගේ දෑස් දෙසම බලාසිටි ඔහු උන් තැනින් නැගිට්ටේ පුටු ඇන්ද මත වූ මගේ අත රිදෙන තරම් තදින් මිරිකාගෙනය.
තවත්
වරක් මා දෙස බැලූ ඔහු උදෑසන අමනාපයෙන් පිටව ගිය වේගයටත් වඩා වේගයෙන් එතැනින් පිටව යද්දී පවනි මා අසලට ආවෙ "ඇයි භගී" අසාගෙනය.
"මං
දන්නෑ"
"එහෙනං
මොනාද ළඟට වෙලා කුටු කුටු ගගා හිටියෙ"
"උදේ
වෙච්ච දේට එයාට අප්සට්"
"ඒකට
ඔහොම භූමිතෙල් ගෑවිච්ච ගැරඬියා වගේ දුවලා හරියනවද. අඩුගානෙ අපිට යන්නං කිව්වෙවත් නෑ"
"මෙතන
ඉන්න එක හරිනෑ හිතුනද දන්නෑනෙ"
"අනේ
මන්දා අර මනූ කියන්නත් වගේ උඹලා දෙන්නගෙම ඔළුව හොද නෑ. එක්කො යාළු වෙන්ඩ ඕනි. නැත්තන් මේ අපි ඉන්නවා වගේ ඉන්ඩ ඕනි. මේක එහෙමයැ" ඈ කියන කිසිවක් නෑසුනා සේ සිටීමෙන් ඒ කතාවට තිත තැබිය හැකි බව අත්දැකීමෙන් දැන සිටි නිසාම මම මුණිවත රකින්නට පරිස්සන් වුණෙමි.
වෛද්යවරයා මුණ ගැසී බෙහෙත්ද රැගෙන එතනින් පිටතට එනවිට එහි ඇතුල්වන විට තිබුණ හිසරදයටත් වඩා වැඩි හිසරදයකින් මා පීඩා විදිමින් සිටියේ
සමීරගේ තේරුම්ගත
නොහැකි හැසිරීම සහ ඒ නිසාම යෙහෙළියන් නගන ප්රශ්ණ වලට පිළිතුරු දිය නොහැකි නිසාය.
එහෙත්
පාර අයිනේ නවතා තිබූ යතුරු පැදියට හේත්තු වී සුපුරුදු සිනහමුසු මුහුණින් අප එන මඟ බලාසිටින සමීරව දුටුවිට හිතට වදදුන් සිතුවිලි සියල්ල අතුරුදහන් විය.
"කවුරු
එනකල්ද බලන් ඉන්නෙ" පවනි මගේ අත කොනිත්තමින් ඇසුවාය.
"මෙන්න
මේ බුම්මට්ටි එනකල්" කියමින් ඔහු කතා නොකරම යන්නට සැරසුන මනූජගේ කොණ්ඩෙන් ඇද්දේය.
"ඌයි
රිදුනා"
"රිදුනනං
අතගාගන්නවා" මොකක්දෝ කියන්නට කට හැදු ඇය කට පියාගෙන පැත්තකට වූ පසු බයිසිකල් හැඬලයේ එල්ලා තිබුණ ෂොපින් බෑගයක් අතට ගත් සමීර එය මනූජාට දිගු කළාය.
"නැන්දම්මා"
අතීත මතක අතරේ අතරමංව සිටි මට ඒ මතක ඔස්සේ තවත් දුර යන්නට නොදෙමින්
දුවගෙන ආ අයියගේ දූ සිඟිත්තිය මගේ ගෙළ බදාගත්තාය..
"මගෙ
දූ දැන්ද නැඟිට්ටෙ"
"නෑ
මං කිරිත් බීලා ඉවරයි"
"යසා
ආච්චිද කිව්වෙ මං ආවා කියලා"
"අනේ
නෑ චූටි මැණිකෙ. චූටි මැණිකෙට අසනීපයි කියපු නිසා මං බේබිව මේ පැත්තට එවන්නැතුව ඉන්නයි හිටියෙ. ඒත් චූටි මැණිකෙ උදේ ඇඳන් ගිය සාරිය වැලේ තියෙනවා දැකලනෙ ඔය දුවගෙන ආවෙ" දියණිය පිටුපසින්ම පැමිණ දොර උළුවස්සට හේත්තු වී සිටි යසවතී නිදහසට කාරණා කියන්නට පටන් ගත්තේ හිස කසමිනි.
"ඒකට
කමක් නෑ යසා. මං දෝණිව බලාගන්නං" මා මගේ ජීවිතයේ බොහෝ දේ කැප කළේ ඇය වෙනුවෙනි. අම්මා නොමැතිව අඳුරු වන්නට ගිය ඇගේ ලෝකය එකලු කළ මට දැන් සැනසෙන්නට ඇත්තේද ඒ සෙනෙහස පමණි. මුලදී අම්මා ඉලා හඬා වැටුනත් දැන්නං ඇගේ සිඟිති ලොව තුල රැජිණ මා බව මට විශ්වාසය.
"නැන්දම්ම
හෙට අදින්නෙ මොන සාරියද"
"මගෙ
දූ කැමති මං මොකක් අදිනවටද"
"මං
ආස යෙලෝ කලර් වලට"
"යෙලෝ
කලර්. මගෙ ළඟ යෙලෝ කලර් සාරි නෑනෙ"
"තියෙනවා.
ඉන්න මං පෙන්නන්න" කියූ ඇය අල්මාරියේ දොර ඇර ඇද උඩට නැග ඇඟිලි තුඩඟින් ඉස්සී එහි උඩම තට්ටුවේ වූ හිච්චි අයියා ඔහුගේ මුල්ම වැටුපෙන් මට රැගෙන දුන් කහත් තැඹිලිත් අතර වර්ණයක් ගත් කපු සාරියට ඇඟිල්ල දිගු කළාය.
"ඔයා
කොහොමද ඒක දැක්කෙ"
"අද
යසා ආච්චි නැන්දම්මගෙ රෙදි දාන්න අල්මාරිය අරිනකොට මං දැක්කා. මං හිටියෙ මේසෙ උඩනෙ" ඒ සිඟිති සිත රිදවීමට තිබූ ලෝබකමට සාරිය අතට ගත් මා ඇද මතින් වාඩි වූයේ ඇයවද තුරුළු කරගෙනය.
ඒ
සාරිය මා මුලින්ම ඇන්දේ දෙවන වසර සිසුන් ලෙස අප විසින් සමීරලාගේ කණ්ඩායම සදහා සූදානම් කළ සමුගැනීමේ සාදය සදහාය. සමීර වේලාසනින් පැමිණ තිබුණද ඔහුගේ මිතුරන් කිසිවෙක් ඒ වනවිට පැමිණ තිබුණේ නැත. වැලමිට තෙක් දිගු අත් සහිත හැට්ටයට ඔසරියක් හැඳ කොණ්ඩ ගෙඩියක් ගසාගෙන
සිටි මා එදා ඔහු අසලට ගියේ ආඩම්බරයෙනි.
"ෂා
භාග්යා නං අද උඩරට මැණිකෙ කෙනෙක් වගේ"
"වගේ
නෙවෙයි මේ කොහොමත් උඩරට මැණිකෙ කෙනෙක් තමයි" සමීර අසලින් අසුන්ගෙන සිටි ජනක නලින්දගේ කතාවට පිළිතුරු දුන්නද සමීර කිසිවක් නොකියාම මා දෙස බලා සිටියේ මුල්වරට දකින අයෙකු දෙස බලන්නාක් මෙනි.
"අර
බලපන්කො අර කල්පනී දිහා හරියට සුරුට්ටුවක් ඔතලා වගේ. ඒ අස්සෙ පිට පැත්ත එළියෙ. රෙදි මදි වෙලාද කොහෙද"
"ඇහුනොත්
එහෙම උඹ හොද දෙකක් අහගන්නවා. ගෑණුන්ගෙ ඇද හොයන්නැතුව වරෙන් යන්න" ජනක නලින්දවත් ඇදගෙන එතනින් නික්ම ගියේ මොහොතකට අපට තනිවන්නට ඉඩ සලසමිනි. ඉන්පසුව
හෝ සමීර මා ලස්සන යැයි කියන තෙක් බලාසිටියද ඔහු සිටියේ ලොකු කල්පනාවකය. ඔහු හැරී බැලුවේ මා ඔහු අසලින් අසුන්ගන්නා විටය.
"ඔයාලගෙ
ලොකු අයියගෙ මැරේජ් එකට ඇයි අප්පච්චිලා අකමැති වුණේ" මා ලස්සන යැයි අසන්නට බලාසිටියද ඔහුට මගෙන් අසා දැනගන්නට තිබුණේ කිසිසේත්ම ඒ වෙලාවට අදාල නොවන ප්රශ්ණයකි.
"මං
දන්න විදිහට ඒ අක්කගෙ අම්ම තාත්තා දෙන්නම නෑ. කොන්වන්ට් එකක හැදිලා තියෙන්නෙ. ඒකටත් වඩා අප්පච්චි අකමැති වුණා කියන්නෙ එයා කැතලික් නිසාලු" ඊට කිසිවක් නොකී ඔහු හිස
ඉහළ පහළ කරමින් සිටියේ එය ඔහු අනුමත කරන බව කියන්නට මෙනි.
"ඇයි
අයියට හදිස්සියේම අපේ ලොකු අයියා ගැන මතක් වුණෙ"
"නෑ
මං නිකන් ඇහුවෙ"
දයාබර
සමී, එදවස ඔබේ මුවින් එකම එක වචනයක් අහන්නට මා කෙතරම් පෙරුම් පිරුවාද. ඒ උදා නොවන දිනය ගැන ඇඟිලි ගැනීම නිෂ්ඵල බව මා හරියටම වටහා ගන්නා විට ඔබ සිටියේ සත් සමුදුරෙන් එහා රටකය.
"නැන්දම්මා
යෙලෝ කලර් වලට කැමති නැද්ද" දියණිය
උකුල මත සිටි බව අමතක වන්නට පෙර ඇය එය මතක් කර දුන්නාය.
"කැමතියි
පැටියො"
"එහෙනං
ඇයි අඬන්නෙ"
"මං
අඬන්නෑ පැටියො. නැන්දම්මා හෙට මේ සාරිය අදින්නං" මා ඇයව තදින් තුරුළු කරගත්තේ ඇගෙන් කඳුළු සගවාගන්නටය.
"අන්න
බේබිට අප්පච්චි කතා කරනවා" කියමින් යසවතී කාමරයට එබුනේ ඒ අතරදීය. මා උකුලේ උන් දියණිය පැන දිව්වේ ඇය බලාපොරොත්තුවෙන් සිටි ඇමතුමක් ලැබුණ පරිදි ප්‍රීතියෙන් සහ කලබලයෙනි.
"චූටි
මැණිකෙට තේ එකක් ගේන්නද"
"එපා
යසා. මගෙ ඔළුව ටිකක් රිදෙනවා. මං මෙහෙමම නිදාගන්නවා. ඇහැරුනේ නැත්තං මට කන්න කතා කරන්න එපා"
කවදත්
අපේ අණකට පිටින් නොයන ඇය නික්ම ගියේ දොරද වසාගෙනය. කලකට පෙර නුගවෙල පිහිටි අම්මාගේ මහගෙදර සේවය කර තිබූ යසවතී විවාහයෙන් පසු වෙනත් පෙදෙසක පදිංචියට ගොස් තිබුණේ මා ඉපදෙන්නටත් පෙරය. වරින් වර ගමට ආ ඇයව කුඩා කාලයේදී ඉදහිටක අත්තම්මලාගේ නිවසේදී මුණ ගැසී තිබුණද මට ඈ ගැන ලොකු මතකයක් තිබුණේ නැත. ලොකු අයියාටත් මටත් ඇයව නැවත මුණ ගැසුනේ අපේ තනි නොතනියට නිවසේ නතර වන්නට කැමති කාන්තාවක් සිටින බවට ලැබුණ පණිවිඩයකට අනුව ඇයව සොයාගෙන අප මාතර වෙහෙරහේන ප්රදේශයට ගිය ගමනේදීය.
"මේ
ගමන්ම පන්සලටත් ගිහින්ම යමුද" වෙහෙරහේන ඓතිහාසික විහාර භූමිය අසලදී ලොකු අයියා ඇසුවේ රථය මදකට නවතමිනි.
"හා"
"එහෙනං
ඔය දෙන්නා මෙතනින් බැහැලා ගිහින් මං කාර් එක පහළින් පාක් කරලා එනකල් තෙල් මල් ටිකක් ගන්නකො"
පන්සලට
ඇතුළුවන තැන පාර අයිනේ කුඩා මේසයක් මත තෙල් මල් හඳුන්කූරු තබාගෙන විකුණන කාන්තාවක් අසලට ගිය මා අපට උවමනා දේ ඇයට දැනුම් දුන්නද ඇය එය නෑසුනා සේ මා දෙසම බලා සිටින්නට වූයෙන් මා පත්වූයේ දැඩි අපහසුතාවයකටය. ඇය කිසියම් මානසික ව්යාකූලතාවයකින් පෙළෙන්නේදැයි දැනගන්නට මොහොතක් ඇය දෙස බලාසිටි මා ආපසු යාමට සැරසෙනවිටම ලොකු අයියා ඒ දෙසට පැමිණියෙන් මා ඔහු අසලට ගියේ තරමක කැළඹීමකිනි.
"ඇයි
චූටි මැණික" මගේ මුහුණේ ස්වභාවය තේරුම්ගත නොහැකිව ලොකු අයියා ප්රශ්ණ කරද්දී අර කාන්තාව අප අසලට පැමිණියේ "කතරගම දෙයි හාන්දුරන්ට ඔප්පුවෙන්න මේ අපේ චූටි මැණිකෙනෙ" කියමිනි. මට එක්වරම ඇයව හඳුනාගත නොහැකි වුවත් ලොකු අයියාට ඇයව පහසුවෙන්ම හඳුනාගත හැකි විය. වසරකට ඉහතදී සැමියා මියගිය බවත්, පුතා සහ ඔහුගේ දරු පවුල සමගින් ඇය පන්සල ආසන්න ස්ථානයක පදිංචි බවත් ඇසූ ලොකු අයියාගේ මුව මත බලාපොරොත්තුවක හසරැල්ලක් නැඟුනි. අවසානයේදී එදා අප නැවත ආවේ යසවතීද කැටිවය. ඒ මීට මාස හතකට
ඉහතදීය. එතෙක් නිවසේ මෙන්ම ලොකු අයියාගේ සහ දියණියගේත් වැඩකටයුතු සියල්ලම ඉටු වූයේ මා අතින් වුවත් යසවතීගේ ආගමනයෙන් පසු ඇය මට ඒ කිසිවක් කරන්නට ඉඩ තබුවේ නැත. ඇගේ ආගමනය නොවන්නට මා උපාධිය සම්පූර්ණ කරන්නට වුවත් සිතන්නේවත් නැත.
කොට්ටය
අසලින් තබාගෙන සිටි ජංගම දුරකතනය නාදවන්නට පටන් ගත්තේ මා නැවතත් නිදාගැනීමට සැරසෙනවිටය. තිරය මත සටහන්ව තිබූ ලොකු අයියාගේ අංකය දුටු මා ඇමතුමට සම්බන්ධ වූයේ හැඬු බව නොදැනෙන්නට නාසය වියලවා ගැනීමෙන් පසුය.
"මොකද
කරන්නෙ චූටි මැණික"
"මං
චුට්ටක් නිදාගන්න හැදුවෙ. අයියා ඇයි කතා කරේ"
"ඇඬුවෙ
ඇයි"
"මං
ඇඬුවෙ නෑ"
"පොඩි
එවුන් බොරු කියන්ඩ දන්නෑ චූටි මැණික. ඔයා අද දවසම මගෙ ඔළුව අවුල් කරනවා"
තරමක්
තදින් එසේ කියමින්ම ඔහු ඇමතුම විසන්ධි කළේය. දෝණි සියල්ල ඔහුගේ කණේ තබන්නට ඇත. ලොකු අයියා නිවසට පැමිණි විට ඔහුට කියන්නේ කුමක්දැයි සිතමින් සිටි මට ඉන්පසුව තදින් නින්ද යන්නට ඇත. මා නැවත අවදි වන විට මුළු කාමරයම තිබුණේ තද අඳුරකය. විදුලි පහන දල්වන්නට සූදානම් වූ මා ඒ අදහස අත්හැර තවදුරටත් නිදි ලෙසම සිටින්නට තීරණය කළේ පියගැටපෙළ දෙසින් ඇසුන ලොකු අයියාගේ හඬත් සමගය.
"නැන්දම්මව
චුට්ටක් බලලා යමු" දියණියගේ ඇවිටිලි හඬ මට නැගිටින්නට බල කළද ලොකු අයියාට මුහුණ දිය නොහැකි නිසා මම එලෙසම සිටින්නට තීරණය කළෙමි.
"බෑ"
"අනේ
අප්පච්චි"
"එක
සැරයක් කිව්වම අහලා යමු නිදාගන්ඩ" කිසිදාක දියණියට සැරවැර නොකළ ඔහුගේ හඬේ වූ කේන්තිය මා අරඹයා නැගුනක් බව දන්නා නිසා මගේ හිතේ වූ බිය ඉන් දෙගුණ තෙගුණ විය.
"කවුද
මගෙ පුතාට නැන්දට නැන්දම්මා කියලා කියන්ඩ ඉගැන්නුවෙ. නැන්දම්මමද" පෙරදී ඔහු වෙතින් පිටවූ වදන් ඒ සිඟිති සිතට සැර වැඩි වූ බව වැටහී හෝ එවර ඇසුනේ මෘදු හඬකි.
"නෑ
යසා ආච්චි"
"යසා
ආච්චි"
මුලදී
නැන්දී නමින් මා ඇමතූ දියණියට නැන්දා කියන ලෙස පවසා තිබුණේ ලොකු අයියා බව දැන සිටි නිසා මා සිතා සිටියේ මෑතක සිට ඇය නැන්දම්මා නමින් මා අමතන්නේද ඔහුගේ කීමට බවය. එහෙත් ඇයට එසේ කියන්නට කියා දුන්නේ යසවතී බව ඇසීම මට මෙන්ම ලොකු අයියාටද පුදුමයක් දනවන්නට ඇත.
"ඔව්..අප්පච්චි කිව්වා නේද මටත් අත්තම්මා කෙනෙක් ඉන්නවා කියලා ගොඩම ගොඩක් දුර"
"ඔව්
ඉතින්"
"යසා
ආච්චි ඒ අත්තම්මව දන්නවලු"
"ඔව්
ඉතින්"
"යසා
ආච්චි කිව්වා මං නැන්දට නැන්දම්මා කියලා කතා කරනවා ඇහුවම ඒ අත්තම්මා මට ගොඩාක් ආදරේ වෙයිලු. ඒක ඇත්තද අප්පච්චි"
"ඔව්
පුතේ. ඔයාගෙ නැන්දම්මයි ඒ අත්තම්මයි තමයි මේ ලෝකෙ පොඩි බබාලට වැඩියෙන්ම ආදරේ කරන්නෙ. මං ඔයාව ඉක්මණටම ඒ අත්තම්මා බලන්න එක්ක යන්නංකො"
"ෂෝක්
අප්පච්චි.එහෙ යනකොට මං මගේ බෝනික්කො ඔක්කොම අරන් යන්න ඕනි"
"ඇයි
යසා ආච්චි කිව්වද ඒ අත්තම්මා බෝනික්කො නලවන බබාලටත් ගොඩාක් ආදරෙයි කියලා"
"අප්පච්චි
දන්නෑ. යසා ආච්චි කිව්වා ඒ අත්තම්මා දන්නවලු බෝනික්කන්ට ලස්සන ගවුං මහන්න"
"බෝනික්කන්ට
විතරක් නෙවෙයි මගෙ බෝනික්කිටත් මං ඒ අත්තම්මට කියලා ලස්සන ගවුමක් මස්සවලා දෙන්නංකො. දැන් හොද පුතා වගේ යමු නිදාගන්ඩ" ඒ අප්පච්චිගේත් දූගේත් සංවාදය නිහඬවම අසා උන් මගේ දෙනෙතට කඳුළු පිරුණේ නිතැනිනි. නිවසේ එකම දියණිය වුවත් අප්පච්චී කිසිදාක එලෙස මට ළංව සිටි මතකයක් නැත. රාත්රී කෑම මේසයේදී හමුවන අමුත්තෙකු බදු වූ ඔහු දුරකතනයෙන් පමණක් මා අමතන්නට පටන් ගත්තේ මා සරසවියට ඇතුළු වූ පසුය. ඒ කාලයේ මගෙන් ඇමතුමක් ලැබෙන තුරු ඔහු නොඉවසිල්ලෙන් දුරකතන අසල රැදී සිටින බව දිනක් අම්මා මා සමග පැවසුවත් අප්පච්චිගේ හැටි දන්නා නිසාම මට එය
තවමත් පිළිගන්නට හිතෙන්නෙ නැත.
"චූටි
මැණිකෙට කන්න එන්න කියන්න යසා" තවත් මොහොතකට පසු ලොකු අයියාගේ හඬ
පහත මාලයෙන් ඇසුනි.
"නින්ද
ගියොත් කතා කරන්න එපා කිව්ව නිසයි මං කතා කරේ නැත්තෙ"
"ගිහින්
මං එන්න කිව්වා කියන්න" යසවතී එනවිට නිදිබව හඟවමින් උන් මා නැගිට්ටේ ඇය දෙතුන් වරක් කතා කළ පසුය. මුහුණ
සෝදා කොණ්ඩ ගෙඩියක් ගසාගෙන මා පියගැටපෙළ බසින විට ලොකු අයියා සිටියේ මා නුදුටු පරිදි පුවත්පතකට නෙත් යොමාගෙනය.
"දෝණි
නිදාගත්තද අයියෙ"
"මං
නිදි කෙරෙව්වා" කියමින් පුවත්පත ඈතින් තිබුණ පුටුවක් මතට වීසි කළ ඔහු කෑම බෙදාගත්තේ මා ගනනකටවත් නොගන්නා තාලයෙනි. කන්නට පිරියක් නැතත් නොකා සිටීමෙන් ලොකු අයියාගේ කේන්තිය වැඩි වේයැයි සැකයෙන් මා කන්නට පටන් ගත්තේ ඔහු දෙස හොරැහින් බලමිනි.
"යසා.
මේ මේසෙ අස්කරලා දාන්ඩ" තවත් මොහොතකට පසු අත සෝදාගත් ලොකු අයියා යසාට කතා කරමින්ම නැගිට්ටේ මා දෙස කේන්තියෙන් බලමිනි.
"බොරුවට
මාව රවට්ටන්න කෑම අත ගගා ඉන්නැතුව අතහෝදගෙන එන්න" ඔහු මට පමණක් ඇසෙන තරමට හිමින් එහෙත් දැඩි හඬකින් එසේ කිව්වේ යසවතී මේසය අසලට එනවාත් සමගය. ඉන්පසු ඔහු ඉදිරිපස දොර අගුළුදා උඩුමහලට නැගුනේ තවමත් කෑම මේසයට වාඩි වී සිටින මා දෙසට තරවටු බැල්මක්ද හෙලමිනි.
"අද
කෑම රස නැද්ද චූටි මැණිකෙ"
"එහෙම
දෙයක් නෑ යසා. මට ඔළුවෙ කැක්කුමයි. අයියත් හවස පාටියකට ගිහින් ආවෙ" ඇගේ සිත නොරිදෙන්නට බොරුවක් කියාගෙනම මා උඩුමහළට නැගුනේ මරණයට ගෙන යන සතෙකු මෙනි.
නවවෙනි කොටස මෙතනින්
නවවෙනි කොටස මෙතනින්
කොහොමද මෙහෙම ලියන්නෙ, ටෙලියක් බැලුව වගේ..
ReplyDeleteකොහොමද දැන් මං එදිරිට ස්තූති කරන්නෙ, සම්මානයක් ලැබුණා වගේ...
Deleteකථා මවන ඔබ මට පුදුමයක් සඳ වියමන්.....
ReplyDeleteමං කතා මවන්නෑ එරන්දි. මං අහපු දැකපු විදපු දේවල් මට මුණ ගැහුන එක එක චරිතත් එක්ක එකට එකතු කරලා මට ඕනි විදිහෙ කතාවක් නිර්මාණය කරගන්නවා
Deleteකෝකටත් තයිලය ඔලුවෙ කැක්කුම...!
ReplyDeleteකාන්තාවන්ගේ ගැලවුම් කාරයා ඔලුවෙ කැක්කුම..!
සත පහකට විශ්වාස නොකලයුතු ලෙඩේ ඔලුවෙ කැක්කුම..!
ආයෙ ඉතින් ඔලුවෙ කැක්කුමට නෝ චෑන්ස්.. ඕ යේස්..
අත්දැකීම් එක්ක ලියනවා වගේ දැනෙනවා අප්පා..
ජයවේවා..!!
ගස් ලබ්බා, ඔය හදන්නෙ මට ඔයාගෙ වයිෆ් ගෙන් බැණුම් අස්සවන්න.
Deleteඔයා මේකෙන් කාන්තාවන්ගෙ කෝකටත් තයිලය ඔළුවෙ කැක්කුම කියලා ගන්නවනං ඒකට බෙහෙතත් මෙතනින්ම ගන්න ඕනි හොදද?. ලෙඩේ කෙසේ වෙතත් බෙහෙත නං අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.... ඕ... යේස්
බොට මතකද First year වලදි අපේ බැචියක් දිවි නහ ගත්තා. ඒක ගැනත් දන්නවා නම් ලියපන්කෝ. එක්ව මම නොදනන්වා උනාට බොලාට අමතක වෙන්න බැහැ.ඔන්න ලියනවානම් රියල් හොටු පිහින කථාවක්
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅද අතීතෙන් පටන් ගෙන වර්තමානෙට ආව නේද. පෝස්ට් ඒක පුරාම අසනීප.
ReplyDeleteඔව්නෙ. විටින් විට වර්තමානෙට ආවෙ නැත්තං කියවන අයට හිටියෙ කොහෙද කියලා අමතක වුණොත්
Delete//පෝස්ට් එක පුරාම අසනීප// ඇනුම් පදයක්ද මන්දා.
ඔන්න අද නම් මේ කොටස හිතට අල්ලලා ගියා.ඒ අතීත කතාව එක්ක වර්තමාන සිදුවීම් ලියවෙච්චි නිසා වෙන්න ඕනෑ.
ReplyDeleteඒක හරි හිතට ඇල්ලුවනං කමක් නෑ. ඔයාට ඔය අතීත කෑල්ල හිතට අල්ලන්නැත්තෙ ඇයි කියලා මං කල්පනා කරන්නෙ
Delete