Thursday, July 28, 2016

උරුමය - දහතුන්වන කොටස




පළවෙනි කොටස මෙතනින්

"එන්න පමුදි" පිටත සිටින්නා කවරෙක්දැයි හරියටම දැන සිටි පරිදි කතා කළ ලොකු අයියා නැවත සිය පුටුවට යන විට කොණ්ඩය කොටට කැපූ නවීන මෝස්තරයේ ඇඳුමකින් සැරසුන හුරුබුහුටි යුවතියක් ඇතුළට පැමිණියාය. හොඳින් දන්නා හඳුනන අයෙකු හා හිනාවෙන ලෙස මා දෙස බලා ලෙංගතු සිනාවක් පා මට  සුබ උදෑසනක්ද පැතූ ඇය ලොකු අයියා අසලට ගොස් "මේ පෙන් ඩ්රයිව් එක සර්ට දෙන්න කිව්වා" කියමින් පරිගණක ධාවකයක් ඔහු වෙත දිගු කළාය.


"පමුදිලාගෙ බොස් නිදිද පමුදි" ලොකු අයියා ඇසුවේ කිසිදු ආයතන ප්රධානියෙකු උදෑසනක තබා  සවස් කාලයකවත් නොඅසන පැණයක් වුවත් ඇය කිසිදු පැකිලීමකින් තොරව පිළිතුරු දුන්නේ "මේ වෙලාවට තියා අපේ බොස් රෑටවත් නිදාගන්නවද දන්නෑ" කියමිනි.


"ඇයි පමුදි එහෙම කියන්නෙ"


"නෑ ඉතින් අපි වැඩ ඇරලා යනකොටත් ඔෆිස් එකේ. ආයෙ උදේ එනකොටත් ඔෆිස් එකේ"

"දැන් ඉස්සර වගේ කෑ ගහන්නැද්ද පමුදිට"

"නැත්තෙත් නෑ. ඒත් දැන් ගොඩක් වෙලාවට වැරැද්දක් තිබ්බොත් කතා කරලා කියලා දෙනවා. හැබැයි දෙවෙනි පාරටත් වැරැද්දුවොත්නං කෑ ගහනවා. ඒත් පුදුමෙ කියන්නෙ ඊයෙ මගෙ අතින් දෙපාරක්ම රිපෝට් එකක් වැරදිලත් වචනයක්වත් කිව්වෙ නෑ ළඟටම ඇවිත් කියලා දීලා ගියා. දේවකලා එහෙම පස්සෙ හිනා වුණත් උඩට ගිය වෙලාවෙ බොස්ගෙ සෙකට්රි දැකලා සර්ගෙ මාරු වෙලා තිබ්බ වයර් හරි ගිහින්ද කොහෙද කියලා" කියමින් ඇය මා දෙස බලා සිනාසී යළිත් ලොකු අයියා දෙස බැලුවාය.

"ඊයෙ එයා එනකොට මෙයා හිටියෙ නෑ" කියා  සිනාසුන ලොකු අයියා "කොහොම හරි කමක් නෑ පමුදි මිනිහගෙ යකා බහිනවනං. පහුගිය ටිකේ මං බයේ හිටියෙ අකවුන්ට් සෙක්ෂන් එකට අලුතින් ස්ටාෆ් එකක් ගන්න වෙයි කියලා" කීවේය

"සර් බයවෙන්න එපා. ආයෙ එහෙම වෙන එකක නෑ" කියා යළි සිනාසුන ඇය අපිට සමුදී පිටත් විය.

සිනාසෙනවිට වම් කම්මුල යන්තමින් වල ගැහෙන කෙළිලොල් යුවතියක් වූ ඇය මට මතක් කරවූයේ පංචලීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දඟකාරියක වූ පංචලී අප්සරා කරුණාසාගර එතෙක් මෙතෙක් මට මුණ ගැසුන කෙළිලොල්ම යුවතිය වූවාය.

මා සරසවියේ අවසන් වසරේ සිටියදී විද්යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ඇය මට මුලින්ම මුණ ගැසුනේ කොළඹ නුවර නගරාන්තර බස් රථයකදීය.

"එක්ස්කියුස් මී. මං මෙතනින් වාඩි වෙන්නද" කවුළුවෙන් එපිටක දෙනෙත් රදවාගෙන කුමක්දෝ කල්පනාවක උන් මා ඇගේ හඬින් ආපසු හැරෙන විට සිනාමුසුව මා දෙස බලාසිටි ඇය මා කිසිවක් කියන්නටත් පෙර එතනින් අසුන්ගත්තේ "අක්කි මැනේජ්මන්ට් එකේ නේද. මං සයන්ස් එකේ" කියමිනි. පැය තුන හතරක ගමනකට කතාබහ කරමින් යා හැකි සරසවි ශිෂ්යාවකම මුණ ගැසීම ගැන සතුටින් මා ඇය දෙස බලා හිස සැලුවෙමි.

"අක්කි භාග්යා නේද"

"ඔව්. ඔයා මාව දන්නවද"

"ඔව්. ගොඩක්" කියා මහ හඬින් සිනාසුන ඇය අප සිටින්නේ සරසවියේ නොව බස් රියේ බව මතක් වීමෙන් මෙන් වටපිට බැලුවාය. ඇගේ කතාව මෙන්ම හැසිරීමද ප්රහේළිකාවක් වුවත් මා සිටියේ නිහඬවය.

"අක්කි වැඩිය කතා කරන්න කැමති නෑ නේද?. සොරි මට ඒක අමතක වුණා"

"ඔයා කොහොමද මාව දන්නෙ"

"මං අක්කිව දැක්කෙ කැම්පස් ආව දවසෙම. එදා ඉදලම මං ආසාවෙන් හිටියෙ අක්කි එක්ක කතා කරන්න. ඒත් බලන්නකො ඇකඩමික් ඉයර් එකක් ඉවර වෙන්න කිට්ටු වෙනකල්ම මට ඒක කරගන්න බැරි වෙලානෙ. අද ඔයාව අහම්බෙන් හම්බුනේ මගේ වාසනාවටද කොහෙද" කියා යළි මා දෙස බලා සිනාසුන ඇය "මං වැඩියම ආස අක්කිගෙ කොණ්ඩෙට" කියමින් තනි කරලට ගොතා උරහිසෙන් ඉස්සරහට දමාගෙන සිටි මගේ කොණ්ඩය වීදුරු භාණ්ඩයක් මෙන් ප්රවේශමෙන් අතගා අත ඉවතට ගත්තේ තෘප්තිමත් හිනාවකිනි. අම්මගේ පරම්පරාවෙන් ලැබුණ දායදයක් වන් වූ දිගු වරලස හැමදාමත් මෙන් මොහොතේද මට ආඩම්බරයක් විය. පාසැල් කාලයේදී පහළ පංතිවල වූ කුඩා නැගෙණියන් මගේ කොණ්ඩයට ආසා කිරීම පුදුමයක් සේ නොදැනුනත් සරසවි සිසුවියකගෙන් එසේ අසන්නට ලැබීම තරමක පුදුමයක් විය.

"අක්කිගෙ ගෙවල් නුවර කොහෙද" බස් රථය ගමන් ඇරඹූ පසු ඇය මා වෙත හැරුනේ එසේ අසාගෙනය

"ලේවැල්ලෙ"

"මහාමායද ගියෙ"

"ඔව්. ඔයා"

"නුගේගොඩ අනුලා"

"එතකොට ගෙවල් කොහෙද මෙහෙද"

"ඇත්තටම නං අපේ ගෙවල් ගම්පොළ. ඒත් අම්මියි තාත්තියි දෙන්නම වැඩ කළේ කොළඹ නිසා අපිත් දිගටම හිටියෙ මෙහෙ"

" කියන්නෙ ඔයා කැම්පස් එන්නෙ ගෙදර ඉදලා"

"නෑනෙ. මාත් ඉන්නෙ හොස්ටල්. ඇයි ඉතින් අපෙ අම්මි එයාගෙ මහ ලොකු පුතා කැම්පස් සිලෙක්ට් වුණාම අනේ මගෙ කොල්ලට බෝඩිං කෑම කාලා පුරුදු නෑ කියලා දනි පනි ගාලා මාරුවක් හදාගෙන ආපහු ගමට ගියානෙ" මට සිනහ නැගුනේ ඇගේ කතා විලාසයටය.

"දැන් අම්මට කියන්න දුවටත් හොස්ටල් කෑම කන්න බෑ කියලා"

"අපෝ මෙලෝ රහක් නැතත් කැන්ටින් එකේ බත් එක කාලා හොස්ටල් එකේ ඉන්න එක ජොලි. මං පේරා ඉල්ලන්නෙත් නැතුව මෙහෙ ඉල්ලුවෙ අම්මිලට හොරෙන්. අම්මිලා හිතා ඉන්නෙ මං ඉල්ලලා ලැබුණෙ නෑ කියලා"

එදා ඇය මගෙන් සමුගෙන ගියත් අප අතර බැඳුන මිත්රත්වය දිනෙන් දින දළුලා වැඩී අවසානයේ ඇය මට පවනි සහ මනූජා තරමටම සමීප විය. ඩෙනිම් කලිසම මිස කිසිදිනක සායක් හැට්ටයක් හෝ ගවුමක් නොඅඳින කොණ්ඩය කොටට කපා සිටි ඇය කෙරෙහි මනූජාත් පවනිත් තරමක අප්රසාදයකින් කතා කරද්දී පවා මට ඇගේ ඇසුර අත් හැරීමට සිත් නොදුන්නේ වනවිටත් මා ඇගේ දඟකාරකම් වලට ප්රිය කළ නිසාය. කෙටි කාලීන පුහුණුවක් සදහා මැලේසියාට ගොස් සිටි සමීරට මා පංචලී ගැන දැනුම් දුන්නේ වරක් ඔහු මට දුරකතන ඇමතුමක් දුන් වෙලාවකය. මුල් දවසේදී මා ඇය ගැන කියන දේවල් අසා සිනාසුන ඔහු පසු දිනක "ඔය එක එක විකාර ළමයි ළංකරගන්න එපා" කීවේ කිසිදු සාධාරණ හේතුවක් නැතිවය.

"මං අපේ අයියට අක්කි ගැන කිව්වා" නිවසට ගොස් එන අතරවාරයකදී පංචලී එසේ කීවේ මහිතේ තිගැස්මක් ඇති කරවමිනි. ඇගේ සොහොයුරා පේරාදෙණිය දන්ත වෛද් පීඨයේ අවසන් වසර සිසුවෙකු බව ඇය මට වරක් පවසා තිබුණද මම ඔහු ගැන විස්තර නොඅසන්නට ප්රවේශම් වුණෙමි.

"ඇත්තමයි. ඔයා අපේ අයියට කැමති වුණොත් නං මං ඔයාව කොහොම හරි මගේ නෑනා කරගන්නවා"

"ඔයාට නං පිස්සු පංචලී"

"මං අයියට ඔහොම කිව්වම එයත් මට කිව්වෙ ඕකමයි. අනේ පිස්සි තමුසෙ දන්නැතුවට කෙල්ලට මෙලහකටත් කොල්ලෙක් ඇති කියලා මගෙ කණත් මිරිකුවා. හැබැයි මං බය නැතුව අයියත් එක්ක ඒකට නං ලොකු ඔට්ටුවකුත් ඇල්ලුවා. මං දන්නවනෙ එහෙම කෙනෙක් හිටියනං අක්කි මට කියනවා කියලා"

"සොරි පංචලී. ඔයාට අයියට දිනුම දෙන්න වෙනවා"  අනවශ් කරදරයක් පටලවා නොගෙන එතනින්ම කතාව අවසන් කිරීමට යෙදිය හැකි හොදම උපක්රමය යොදගන්නට මට දෙවරක් සිතන්නට උවමනාවක් නොතිබුණි. එක්වරම ඇස් ලොකු කරගත් ඇය " කියන්නෙ ඔයාට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා" කියමින් දුකෙන් මෙන් මා දෙස බලද්දී මම හිස වනා එය අනුමත කළෙමි.

"ඔට්ටුව පැරදුනාට නං මට දුක නෑ.ඒත් මෙච්චර දවසක් ගිහිල්ලත් අක්කි මට ඒක කිව්වෙ නැති එක ගැනනං දුකයි"

"සොරි. මං කියන්න තමයි හිටියෙ ඒත් බැරි වුණා"

"මට එයාව පෙන්නනවද?"

"අපෝ බෑ. ඊට පස්සෙ ඔයාට එයා ගැන හිතක්වත් පහළ වුණොත්" මම විහිළුවක ස්වරයෙන් කියුවද ඇගේ මුව අඳුරු විය. වෙනදාට තොර තෝංචියක් නැතිව කියවන ඇය ඉන්පසු බොහෝ දුරක් එනතුරුම සිටියේ තද කල්පනාවකය.

"මගෙ ජීවිතේටම මට කොල්ලෙක් ෆීල් වෙලා තියෙන්නෙ එකපාරයි. ඒත් එයා ගැන මට හීනෙන්වත් හිතන්න බෑ" පරාජිත හඬකින් එසේ කියූ ඇය මගේ අත තදකොට අල්ලාගත්තාය.

"ඇයි "

"මං එයාව දැක්කෙ ෆොටෝ එකකින්. හරියටම කියනවනං මගේ හොදම යාළුවෙක්ව මැරි කරන්න ඉන්න බෝයි හැටියට"

"ඉතින් ඊට පස්සෙ"

" කතාවට ඉස්සරහක්වත් පස්සක්වත් නෑ අක්කි. ඒක එතනින් ඉවරයි. අයියා මං ගැන දන්නෙවත් නෑ. දැනගත්තත් වැඩක් වෙන එකකුත් නෑ. දවස්වල නං මට ගොඩක් දුක හිතුනා. ඒත් කොහොමහරි එකම එකපාරකට හරි එයාව හැබැහින් දැකගන්න ඕනි හිතුනා. මං ජපුර විතරක් ඉල්ලලා එහෙටම එන්න ලොකුම හේතුවත් ඒක"

" කියන්නෙ එයා අපේ කැම්පස් එක්කෙනෙක්ද"

"ඔව්. අක්කිලාගෙ ෆැකල්ටියේම. ඔයාලට වඩා සීනියර් වෙන්නැති. මොකද මට කවදාවත් එයාව දකින්න ලැබුණෙ නෑ. හැබැයි මං දැන් ගැන හිතලා දුක් වෙන්නෑ. මට ඔයා වගේ හොද අක්කි කෙනෙක් අඳුනාගන්න ලැබුණෙ එහෙට ආවගෙන් නිසා මං ගැන හිතලා සතුටු වෙනවා. අනෙක ගෙදර ඉදලා කැම්පස් යනවට වඩා හොස්ටල් ඉන්න එක ජොලි"

"ඔයා බෝයිගෙ නම දන්නවද. සමහරවිට නම කිව්වොත් මං දන්නවා ඇති"

"සමීර. සමීර මධුමල් ගජනායක. එයා ගොඩක් උසයි. මහතත් නෑ කෙට්ටුත් නෑ. රත්නපුර පැත්තෙ කෙනෙක්" ඇය තවත් මොන මොනවදෝ කියමින් සිටියත් මට එකක්වත් අහන්නට උවමනාවත් නොවීය. සමීර මධුමල් ගජනායක ගැන මා තරම් දන්නා කෙනෙකු සරසවිය  තුල නැති බව කියන්නට මට අවැසි වුවත් වන විටත් මුව ගොළු වී හමාරය.  එසේ නොවන්නට ඔහු විවාහ ගිවිස ගත් ඇගේ යෙහෙළියගේ නම හෝ අසන්නට මා උත්සහ කරනවා නියතය.

නේවාසිකාගාරයට එනවිට කාමරය තුළ කිසිවෙකුත් නොසිටීම ගැන සිත යටින් සතුටු වූ  මා අම්මාට  ඇමතුමක් දී දුරකතනය  ක්‍රියා විරහිත කර තැබුවෙමි. පංචලී සදහන් කළ සමීරත් මගේ සමීරත් එක් අයෙකු නොවන බව සිතන්නට මා කෙතෙක් වෙහස ගත්තද එය නිෂ්ඵල විය. පංචලීගෙ මිතුරියගේ නම අසාගත නොහැකි වුවත් දහරා විය යුතු බවට අනුමානයක් සිත තුල තිබුණි. දහරා සමග විවාහ වන්නට පොරොන්දු වී මගේ සිත තුල විටින් විට බලාපොරොත්තු ඇතිකරවන්නට තරම් චපල සිතක් සමීරට තිබුණේ කෙසේදැයි සිතන්නට එදා මෙන්ම අදටත් මා අපොහොසත්ය.

පසුදා රාත්රී හතට පමණ පංචලී මා සොයා අපෙ කමරයට ආවේ පවනි සහ මනූජා කෑම ගෙන ඒමට ගොස් සිටි අවස්ථාවකය. ලැප්ටොප් පරිගණකයක් තුරුළු කරගෙන කාමරයට ඇතුළු වූ ඇය මා දෙස පුදුමයෙන් මෙන් බලා සිට ඇද මතින් අසුන් ගත්තේ "අක්කිට මොකක් හරි ප්රශ්ණයක්ද. මූණත් එක්ක ඇදිලා ගිහිල්ලා" කියමිනි.

"මේ ටිකේ වැඩ වැඩියිනෙ පංචලී. ට්රේනිං එකත් ඉවර වෙන්න ළඟයි. ඒකෙ රිපෝට් එක හදන්නත් ඕනි. ෆයිනල් එග්සෑම් එකටත් තව ටික දවසනෙ" මගේ සිත තුල තිබුණ මහා පීඩනය එයම නොවූවත් ඒවාද ඉන් කොටසක් වූයෙන් මට පිළිතුර ගලපා ගැනීමට එතරම් කාලයක් ගත නොවීය.

"අපිට ලබන සතියෙ එග්සෑම් පටන් ගන්නවා. මං මේ ඊට කලින් අක්කිව හම්බෙන්න ආවෙ මගෙ හිත රිලැක්ස් කරගන්න"

"ඇයි මොකක්ද ප්රශ්ණෙ" මා සිටියේ අනුන්ගේ ප්රශ්ණයක් විසදන මානසිකත්වයක නොවූවත් නැගණියක නොවූ මට මගේම නැගණියක් තරමටම සමීප වූ ඇගේ ප්රශ්ණයකට සවන් නොදෙන්නට තරම් සිත අඩපණ වි තිබුණේ නැත.

"මං එදා අර බෝයි කෙනෙක් ගැන කියපු එකෙන් අක්කි අප්සට් උනා නේද?"

"මං මොකටද අප්සට් වෙන්නෙ"

"ඔයා නෑ කිව්වට මට මතකයි ඒක කිව්ව වෙලාවෙ ඔයාගෙ මූණ කළු වෙච්ච හැටි. අක්කි හිතන්නෙ මට පිස්සු කියලද. එහෙම නෑ අක්කි. එකපාරටම මට බෝයි ගැන හිතුනට කාලෙ මං පිස්සුවෙන් වගේ ගැන හිතුවට මං දැන් එහෙම නෑ. මට ඒක මතක් වුණෙත් අක්කි එදා කියපු කතාව නිසා. ඔයා එක්ක කිව්වට මං වෙන කාත් එක්කවත් ගැන කියලා නෑ. වෙන දෙයක් නිසා නෙවෙයි ඒක මගේ හිතේ විතරක් තිබුණම මට ඒක අමතක කරන්න ලේසි නිසා" කියා මලානික සිනහවක් පෑ ඇය ඇද මත තිබූ පරිගණකයේ කුමක්දෝ පිරික්සන්නට පටන් ගත්තාය.

"මං ඔයාට එයාව පෙන්නන්න යන්නෙ. දහරගෙ ෆේස් බුක් එකේ එයාගෙ ෆොටෝ එකක් තියෙනවා. මමත් දැක්කෙ ඒකෙන්"

"දහරා" මගේ අනුමානය නිවරදි කරමින් ඇය දහරා ගැන කියන්නට පටන්ගත් පසු මට ඇය ගැන විස්තර දැන ගැනීමේ ආසාවක් ඇති වුණි.

"අයියෝ...ඉන්ටර්නෙට් ස්ලෝ. කමක් නෑ මේක ලෝඩ් වෙනකල් මං ඔයාට දහරා ගැන කියන්නම්කො"

"එහෙනං කියන්නකො බලන්න"

"දහරයි මායි පුංචි කාලෙ ඉදලා හිටියෙ එකට. එයාලගෙ ගෙදර එයා විතරයි. එයාලට හොදට සල්ලිත් තිබ්බා. අපි දෙන්නා ගොඩක් දුරට එකවගේ. හැබැයි එයාගෙයි මගෙයි තිබුණ ලොකුම වෙනස එයා ඉගෙනගන්න ආසයි මං එහෙම නෑ. ආසයි විතරක් නෙවෙයි එයා ගොඩාක් දක්ෂයි. එයා පොඩි කාලෙ ඉදලම ආසාවෙන් හිටියෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒත් ලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්නකොට එයා හොදටම අසනීප වුණා.ලෙඩේ මොකක්ද කියලනං මං දන්නෑ. ඒත් අපි ලෙවල් ක්ලාස් පටන් ගන්නකල්වත් එයාට සනීප වුණේ නෑ. පස්සෙ සනීප වෙලා ඉස්කෝලෙ ආවත් එයාගෙ අම්මයි තාත්තයි එයාට සයන්ස් කරන්න දුන්නෑ එයා දොස්තර කෙනෙක් වෙන්න තියෙන ආසාවට  ගොඩක් මහන්සි වෙයි කියලා බයට.  එයා ආට්ස් කරන්න කැමති වුණෙත් නෑ. නිසා  එයාට තෝරගන්න වුණේ කොමර්ස්. කොහොමහරි අන්තිමට ඒකෙන්ම එයාගෙ ඉරණමත් තිරණය වුණා"

" කිව්වෙ"

"සමීර අයියා තමයි දහරට ක්ලාස් කළේ. කොමර්ස් කරේ නැත්තන් අයියව හම්බෙන්නෙත් නෑනෙ"

" දෙන්නා අතරෙ එෆෙයාර් එකක් තිබ්බද නැත්තන් ගෙදරින් ප්රපෝස් කරලද" තවදුරටත් සමීර මට හිමි නොවන බව යටි සිත දැන සිටියද උඩු සිතට අවශ් වන්නට ඇත්තේ ඔහු නිවරදි කරවන්නටය.

"ඒක මං හරියටම කියන්න දන්නෑ අක්කි. දහරා මගෙ හොදම යාළුවෙක් වුණාට අපි ලෙවෙල් කරන්න ගත්තම ටිකක් ඈත් වුණා. එයා මට ඔය අයියා ගැන කිව්වෙ රිසල්ට් ආවටත් පස්සෙ. කොච්චර අසනීප වෙලා හිටියත් එයා එකපාරින්   තුනක් ගත්තා. මං දහරගෙ රිසල්ට් අහලා විෂ් කරන්න කතා කරාම තමයි එයා මට ඔය විස්තරේ කිව්වෙත්"

"මොනාද කිව්වෙ. දෙන්නා යාළුයි කිව්වද"

"මට තේරුණ විදිහට එයා මට වැඩිය විස්තර කියන්න කැමති වුණේ නෑ. එයාලා මැරි කරන්න ඉන්නවා කියලා විතරයි කිව්වෙ. සමහරවිට එයත් ඔයා වගේ බය වුණාද දන්නෑනෙ මටත් එයාට හිත යයි කියලා"

"ඇත්තටම වුණෙත් ඒකනෙ"

"දහරගෙ බෝයිව මට ෆීල් වුණාට ඔයාගෙ එක්කෙනා එහෙම වෙන එකක් නෑ" කියා සිනාසුන ඇය ඇද මත වූ පරිගණකය උකුලට ගත්තේ "මං දහරට ෆොටෝ එකක් පෙන්නන කිව්වම පෙන්නුවෙ නෑ. පස්සෙ දවසක කෝල් එකක් දීලා කිව්වා ෆේස් බුක් එකේ ෆොටෝ එකක් තියෙනවා බලන්න කියලා" කියමිනි.

"මෙයා තමයි  දහරා" මුහුණු පොතේ දහරා මඩවල නම් වූ පංචලී තරමටම හුරුබුහුටි  යුවතියක්ගේ ජායාරූපයක් සහිත පිටුවක් පෙරලා ගත් පංචලී එය මට පෙන්නුවාය.

"දහරා ලස්සනයිනෙ" මා ඉතා උවමනාවෙන් මගේ ජීවිතයම අපායක් කළ රුව දෙස බලාසිටින විට පංචලී ඇසුවේ පිටට තට්ටුවක්ද දමමිනි.

"ලස්සනයි. හුරුබුහුටියි" සිත තුල ක්රෝධය ඉරිසියාව බුබුළු දමමින් තිබුණද මම සමීරගේ වචන වලින්ම පිළිතුරු දුන්නෙමි.

"මෙන්න මෙයා තමයි සමීර කියන්නෙ" කියමින් ඇය ඊළඟට පරිගණක තිරය මතට ගත්තේ සමීර දහරා සහ ඉන්දිරා සමග සිටින කිසියම් උත්සව අවස්ථාවකදී ගත් ජායාරූපයකි. නවීන යුරෝපීය ඇඳුමකින් සැරසී සිටි සමීර එක් අතක බීම වීදුරුවක් තබාගෙන දහරා දෙස සිනාසී බලාසිටින දසුන දෙස මා මොහොතක් බලා සිටියේ නෙතට උණන කඳුළු පාලනයට ආයාසයක් දරමිනි.

"ඔයාටත් හිත ගියාද එයාට" මගේ මුහුණේ වූ වෙනස්වීම දුටු පංචලී එසේ අසමින්ම පරිගණකය වසා ඇද මතින් තැබුවාය.

"විභාගෙ ලබන සතියෙ කිව්වනෙ පාඩම් කරන්නැද්ද" ඇය කාමරයෙන් එළියට යාමේ සූදානමක් නැති නිසා මා එසේ ඇසුවත් ඇගේ මුව මත සොඳුරු සිනහවක් විසිරුණි.

"ඔයා වගේ අක්කි කෙනෙක් ඇත්තටම මටත් හිටියනං කොච්චර ෂෝක්ද. අයියා කෙනෙක් හිටියට වැඩක් නෑ. එයා දන්නෙ ටොකු අනින්නයි කණෙන් අදින්නයි සැර දාන්නයි විතරයි. ඔහොම ආදරෙන් මොකුත් කියන්නෑ"

"එහෙනං දැන් හොද ළමයා වගේ ගිහින් පාඩම් කරන්න" මා ඇගේ හිස පිරිමැදීමි. සිනාසී මා දෙස බැලූ ඇය "එහෙනං අක්කි වැඩක් කරගන්න. මං යනවා ගුඩ් නයිට්" කියාගෙන මා සිතන්නටත් පෙර කාමරයෙන් පිටවූවාය.

 


16 comments:

  1. හපෝ.. සමීර හෙන චපලයෙක්නේ.. බලමු බලමු මොකෝ වෙන්නෙ කියලා..))

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බලන්නකො වැසි දැරිය මේ පුංචි දැරිවියකුට තේරෙණ තරමවත් ලොකු අයට නොතේරෙණ හැටි.

      ආ....ඔයා අකුණු නැතුව වැහි විතරක් දුන්නටත් ස්තූතියි!

      Delete
  2. පංචලී කියන්න හදනකොටම හිතුනා හොඳ කේස් එකක් තමයි කියලා... එක කොල්ලෙක්ට ආදරේ කරන කෙල්ලො දෙන්නෙක්ගෙ හමු වීමක්... දැන් ඉතින් මොකක් වෙයිද???

    ආ මේ ජපුරනේ....

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ කේස් එකක් වෙන්නෙ කොහොමද නිර්මාණි.

      එක කොල්ලෙකුට ආදරේ කරන කෙල්ලො දෙන්නෙක්ගෙ හැබෑ හමුවීමක් කොහොමට තියෙයිද?

      මං ගිය වතාවෙ කොටසක මෙඩ්ඩො ආඩම්බරයි කියලා ලිව්වා කියලා ජපුරෙන් අවුට් වෙච්ච ඩොක්ටර් කෙනෙක් මාත් එක්ක කොක්කක් දාගත්තනෙ. අන්තිමට මට ඒක ජපුරෙ ඇර අනෙක් හැම එකකම මෙඩ්ඩො අහංකාරයි කියලා සංශෝධනය කරන්න වුණා

      Delete
  3. මට හිතෙන්නෙම අර එකවුන්ටන් සමීර කියලමයි. එහෙමනම් දහරව බැඳලා. නැත්නම් ඉන්දිරා. ඊටත්වඩා සුදු නෝනා වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. කසුන්, ඔයා කතාව කියෙව්වෙ මැදින් මැද නේද?. නැත්තන් ඔය තරං බරපතල වැරැද්දක් වෙන්නෑ

      Delete
  4. මෙන්න තව එකියක් ආවා ඒ පාර.. ටිකක් ලෙහීගන එනකොට ආයේ පැටලුනා.. රහස් පරීක්ශක කතාවක් වගේ කල්පනා කොරන්න වෙනවා මේ ගැන නම්..
    මේ.. ඒක නෙමෙයි.. පංචලී බුකියෙ ඉන්නවාද දන්නෑ නෙහ්? නෑ.. මේ.. නිකං ඇහුවෙ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවද මට මේ කොටස ලියනකොට මුලින්ම මතක් වුණේ කවුද කියලා. ඒ තමයි අපේ ජීඑල් මහත්තයව. මොකද දන්නවද මේකෙ මේ හැටි චරිත ගොඩක් නොතිබුණ දෙවෙනි හෝ තුන්වෙනි කොටසෙ අකවුන්ටන් ගැන සදහන් වෙච්ච ගමන් එයා කිව්වා "ඒ පාර තව එකෙක් ඇදන් ආවා" කියලා

      පංචලී බුකියෙ ඇති. ඇයි එයාට ඔයාවත් ෆීල් වෙනවද බලන්නද නැත්තං ඔයාට එයාව ෆීල් වෙනවද බලන්නද?...........සොරි සොරි.....මට අමතක වුණා ඔයා මේ නිකමටනෙ ඇහුවා කිව්වෙ නේද?

      Delete
  5. ඔයා අපූරුවට කතාව ගොතනවා සඳා...

    ReplyDelete
    Replies
    1. මං ගොතන කතාවෙ අපූරුව කෙසේ වෙතත් ඒක දිගටම රස විදිනවටයි මට අත්වැල් සපයනවටයි බොහොමත්ම ස්තූතියි! පොකුරු

      Delete
  6. Kochchara oyage katawe jeewath welada kiwwoth math Fb gihin sameera, panchalee dahara hoyanna gatta...lassanai katawa akka...

    ReplyDelete
    Replies
    1. ඉතින් හම්බුනාද නිරෝ. ඇත්තටම ඔය නම් වලින් අය හිටියොත් ඉවරයි

      Delete
  7. කිව්වත් වගේ දවසට එක චරිතෙ ගානෙ කරළියට ගේනවනේ මෙයා. දැන් නම් පුල්ම අන්දොස්.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න හැලපෙ. මං දැන් ගිනිපෙට්ටිය අතේ තියාගෙන ඉන්නෙ. ඔයාලා ඔක්කොම කොයිල් වෙලා ඉවර වෙච්ච හැටියෙ පත්තු කරනවා කූරක්

      Delete
  8. අද ආපහු මුල ඉඳං කියෙව්වා . කතාව ඉවරවෙනකං ක්මෙන්ට් නං දාන්නෙ නෑ. ඕ යේස්. අර අරුණෝද්‍යා මතක් කලා කියන්න ඈ. ;-)

    ReplyDelete
  9. කතාව ඉවර වෙනකල් කතාව ගැන මොකුත් නොකියන එකට මං කැමතියි ඉවාන්.

    හා. ඔයාට අරුණෝද්‍යාවද. ගස් ලබ්බට පංචලීව. මං මතක ඇතුව පණිවිඩේ කියන්නංකො

    ReplyDelete