Monday, July 25, 2016

උරුමය - එකොලොස්වෙනි කොටස

පළවෙනි කොටස මෙතනින්


කතා නොකරම පැමිණි සමිර මළ ගෙදර අසලදී රිය නතර කර වහා ඉන් බැසගත්තේ මා දෙසවත් නොබලමිනි. මනූජා සමගම රියෙන් බිමට බැසගත් මා ඇගේ අත අල්ලාගත්තේ ජනකට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතාගත නොහැකිවය.  පියාගේ වියෝව මෙන්ම එතෙක් මෙතෙක් ඔහු මුහුණ දී ඇති අවාසනාවන්ත සිදුවීම් වනවිට හොදින්ම දැන සිටි නිසා මට ඔහුගේ දුක බෙදාගන්නා අයුරු සිතාගන්නටවත් නොහැකි විය.


"මට යන්නත් මොකක්ද වගේ. අරූට අපි තුන්දෙනාව දැක්කම අප්සට් වෙයි" කිසිදු දෙයකින් නොසැලෙන මනූජාගේ වදන් මගේ සිත තවත් කැළඹවීය.


"ඔයා ඔහොම කියනකොට මට යන්නත් බෑ වගේ මනූ"


"තුන්දෙනත් එක්ක මෙතන විකාරයක් වෙන්ඩ දඟලන්නැතුව එනවා යන්න. අර අරුන් ටික ගිහිල්ලත් ඉවරයි. එතන ගිහින් ඔන්න තුන්දෙනත් එක්ක හොටු පෙරාගෙන අඬන්න එහෙම ලෑස්ති වෙනවා නෙවෙයි" තවමත් පහව නොගිය අමනාපය  සමීරගේ වදන් තුල ගැබ්ව තිබුණ නිසාම මා මළගෙදර දෙසට ඇවිද ආවේ නිහඬවය.


"අයියා ඉස්සර වෙන්න අපි තුන්දෙනා පස්සෙන් එන්නං" පිවිසුම් දොර අසලදී පවනි සමීර දෙස බලා සිහින් හඬින් පැවසුවද ඔහු අතින් අපිට ඉස්සර වන ලෙස ඉඟි කළේය. අප ඇතුළු වනවිට ජනක හා කතා කරමින් සිටි සමීරගේ මිතුරන් අප දැක එතැනින් ඉවත් වූ පසු සිහිනෙන් ඇවිදින්නාක් මෙන් අප අසලට ජනක "අන්තිමට තාත්තත් අපිව දාලා ගියා භාග්යා" කියමින් මගේ දෑතම අල්ලා ගත්තේය. සමීර අප අසල සිටින බවවත් ඔහු දුන් අවවාදයවත් මතකයට නැගෙන්නට පෙර කඳුළු ඉස්සර විය. මනූජා ලේන්සුවෙන් මුව තදකරගෙන සිටි අතර පවනි යටි තොල හපාගෙන හැඬුම වලක්වාගන්නට දැඩි උත්සහයක් දරමින් සිටියද මට එකක්වත් කළ නොහැකි විය.


"අම්මා ඔයා එනකල් බලන් හිටියා" කියූ ජනක මගේ අතින් ඇදගෙනම ගොස් පියාගේ දේහය අසල පුටුවක අසුන්ගෙන දෑස් පියාගෙන සිටි මව අසල නතර වූයේ "අම්මෙ භාග්යා ඇවිල්ලා" කියමිනි. එක්වරම දෑස් විවර කළ ඇය "අපිට ඔයාව තාත්තට පෙන්නන්න බැරි වුණානෙ පුතේ" කියමින් මා වැළදගත්තාය. ඇගේ මෙන්ම ජනකගේ සිත තුලත් කැකෑරෙන වේදනාව හදුනාගත හැකි වුවත්  මට වචනයක්වත් කතා කරගත නොහැකි විය.


නාදුනන බොහෝ දෙනෙකුගේ මෙන්ම කල්පනී ඇතුළු සරසවියෙන් පැමිණි කිහිපදෙනෙකුගේම නෙත් මා වෙත යොමුව ඇති බව දැනුනත් මට එතනින් ඉවතට යාමේ ශක්තියක් නොතිබුණි. පවනිත් මනූජාත් මා අසලම සිටියත් සමීර ඔහුගේ මිතුරන් සමග ඉදිරි දොරෙන් පිටවෙනු බොඳ වූ දෙනෙත් අතරින් මට දැකගත හැකි විය. "අක්කෙ අර ලෙල්ලුපිටියෙ කට්ටිය එනවා" කියමින් අප අසලට කාන්තාවක් ජනකගේ මව එතැනින් ඉවත් කරගත් පසු මනූජා මගේ අතින් ඇදගෙන ගොස් ජනකගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවාය.  විනාඩි පහ හයක් දේහය දෙස බලාසිටි මගේ දෑස් යලිත් කඳුළින් බරවිය.  ලේන්සුවෙන් කඳුළු පිසිමින් පවනි එතැනින් ඉවත් වූයේ අපිටද නෙතින් අඩගසමිනි.


යළි මිදුලට යාමට හෝ මොහොතේ සමීරට මුහුණ දීමට කිසිදු සූදානමක් නොවූ මගේ සිතැඟි තේරුම්ගෙන මෙන් පවනි හැරුනේ ඇතුල් ගේ දෙසටය. අප පසුපසින්ම ජනක "ඔයාලා ආව එක මගේ හිතට ලොකු හයියක්" කියා අපෙන් කඳුළු සගවන්නට මෙන් ඉවත බලාගත්තේය.


"අංජනලා නලින්දලා කෝ ජනක"


"කෑම දෙන්නෙ එහා පැත්තෙ අපේ නැන්දලාගෙ ගෙදරනෙ. මං හිතන්නෙ උන් ඔක්කොම ඇත්තෙ එතන"


"අපිත් එහෙනං එහෙටම යමුද භගී"


"ඔයාලා එතනට යන්න ඕන්නෑ. තාම තේ එකක්වත් බිව්වෙ නෑනෙ" කියූ ජනක "මං ඇත්තටම හිතුවෙ නෑ භාග්යා එයි කියලා" කියමින් යලිත් මගේ අත අල්ලා ගත්තේය.


"ඔයා භගී වගේ කියපු නංගි කෝ ජනක" මනූජා මා නොසිතූ පැණයක් අසද්දී  මම ඇගේ අත කෙනිත්තුවෙමි. ජනකගේ මුහුණද පෙරටත් වඩා අඳුරු වුවත් ගැන හෝ මගේ කෙනිත්තීම ගනනකට නොගත් ඇය "නංගි කොහෙද ජනක" කියා යළිත් ඇසුවාය.


"එන්න මං පෙන්නන්න" කියූ ජනක කොරිඩෝවක් දිගේ ගොස් කෙළවර වූ කුඩා කාමරයක දොර විවර කළේය.


පුස්තකාල කාමරයක් යැයි සිතිය හැකි කාමරය තුල අනෙක් පස හැරවූ ජායාරූප රාශියක් හා බිත්තියටම සවිකල පොත් රාක්ක දෙකකට අමතරව තිබුණේ කුඩා ඇඳක් පමණි. කාමරය තුල කිසිවෙක් නැති බව දුටු මනූජා මෙන්ම පවනිද මදක් කලබල වුවත් මොහොතේ මා සිටියේ මට සමානකමක් ඇති ඔහුගේ නැගණියගේ ජායාරූපයක් හෝ දැක ගැනීමේ ආසාවෙනි. ජායාරූප කිහිපයක් පසෙකින් තැබූ ජනක රාමු කරන ලද විශාල ජායාරූපයක් අප දෙසට හැරවූයේ "නංගි අපිව දාලා ගිහින් දැන් අවුරුදු හතකටත් වැඩියි මනූජා" කියමිනි. දෝතින්ම මුහුණ වසාගත් මනූජා ඉකිගසා හඬන්නට පටන් ගත්තේ යළිත් වරක් මගේ දෑස්ද තෙත් කරවමිනි. ඉණ වටා අත දමා මනූජාත් මාත් එක්වරම ළංකරගත් පවනි ඇද මතින් වාඩි වෙනවාත් සමගම ජනක කාමරයෙන් පිටවිය. එකිනෙකා වැළදගෙන අඬමින් සිටි අපි තිදෙනා එක්වරම තිගැස්සුනේ "මේ මොකද මේ" අසමින් සමීර කාමරයට එබෙන විටය.


අත්ලින් කඳුළු පිසිමින් නැගිටගත් පවනිත් මනූජාත් කාමරයෙන් පිට වුවත් මට නැගිට ගැනීමට තබා සමීරගේ මුහුණ බැලීමටවත් ශක්තියක් නොවීය.


"අරුන් දෙන්නට එන්න කියපන්" කියමින් එතෙක් දොර ළඟ සිටි ජනක දෙස බැලූ සමීර ජනක පිටව ගිය සැනින් මගේ නළලට අත තබා හිස ඔසවන්නට තැත් කළද මට ඔහු දෙස බලන්නට පුළුවන් කමක් නොතිබුණි.


"ඇයි සමීරයියා" අසමින් මනූජත් පවනිත් කාමරයට ඇතුල් වූයේ ඒත් සමගය.


"තමුසෙලාගෙ මොළේ හොඳ නැද්ද ..." මා කෙරෙහි වූ තරහ ඔහු මගේ යෙහෙළියන් මතින් පිට කළේය.


"ඇයි"


"ඇයි අහන්නෙ මේ කෙල්ල මෙතන අඬ අඬා ඉන්නවා.අරුයි මායි කාමරේට එනකොට තමුසෙලා දෙන්නා මාරු. කවුරුහරි කාමරේට ආවනං මේ කෙල්ල විතරක් නෙවෙයි අරුත් ඉදලා ඉවරයි" කේන්තියෙන් කියා දැමූ ඔහු යන්නට ගොස් දොර ළඟ නතර වුණේය.


"දැන් ඔය කඳුළු පිහගෙන එනවා තුන්දෙනත් එක්ක එළියට යන්ඩ"


කතා නොකරම අපි ඔහු පසුපසින් එළියට ආවේ කොහොමත් කාමරය තුලට වී සිටින්නට අදහසක් නොතිබි නිසාය. ජනකලාගේ නිවසේ පිටුපස දොරෙන් එළියට ගිය සමීර කෙලින්ම ඇවිද ගියේ ඊට තරමක් එහායින් තිබූ අළුතින් ඉදිකල දෙමහල් නිවසක් දෙසටය.


"සමීරයියත් වෙලාවකට අර දොස්තරලා ලියන බෙහෙත් තුණ්ඩුව වගේ. කොයි ක්රමේකට බැලුවත් කියවගන්ඩ බෑනෙ" මනූජගේ උපමාවට සිනහ නැගුනත් මම ඇය දෙස රවා බැලුවෙමි.


"මොකද රවන්නෙ. මං කිව්වෙ බොරුද?. වෙලාවකට තාත්තා කෙනෙක් වගේ. දැක්කනෙ අර තේ බොන තැනදි. කන්නෙ මොනාද, ටොයිලට් යන්න ඕනිද අරවද මේවද අහපු මිනිහා වෑන් එකෙන් බැස්සෙ කොහොමද. දැන් වුණත් දැක්කනෙ සැර. හැබැයි ඉතින් අපිට ගෙරෙව්වට මේකිගෙ ඔළුවත් අතගෑවද කොහෙද"


"කියන්නං මං"


"කියලා කරයි" කියා මට දිව ඇද කළ ඇය අපට පෙර ආගන්තුක නිවසට ඇතුල් විය. සාලයේ මල් වැල් සකසමින් සිටි තරුණියන් කිහිප දෙනෙකු අප දෙස බලා යන්තමින් සිනාසී කරමින් සිටි කාර්යට අවධානය යොමු කරද්දී මනූජා සමීර ඇතුළු පිරිසගේ හඬ ඇසුන කාමරයේ දොරෙන් හිස පෙවීය.


"කොහෙද ළමයිනෙ ගිහින් හිටියෙ" අසමින් සමීර අසල අසුනේ වූ දඩෝරි අයියා වෙනත් අසුනකට මාරු විය. මා සමීර අසලින් අසුන් ගද්දී ඔහුගේ කට කොණකට සිනාවක් නැගුනි.


"ඇත්තටම කොහෙද මචං මේගොල්ලො හිටියෙ" එවර මද්දුම අයියා දඩෝරි අයියාගේ පැණයම සමීරට යොමු කළේ අප තිදෙනාගේ මුහුණු දෙසද විපරමින් බලමිනි.


"මූණු දැක්කම පේන්නැද්ද මචං අඬන තරඟෙකට ගිහින් කියලා. මං යනකොට කාමරේකට වෙලා බදාගෙන අඬනවා"


"බදාගෙනෙ....කාවද බදන් තියෙන්නෙ ජනකයවද?. පව් අහිංසකයා. තාත්තා මැරුණ එක මොන දුකක්ද කියලා හිතෙන්නැති"


"ඌව බදන් හිටියනං දුක නෑ මචං" කියා අප දෙස බැලූ සමීර කතාව නතර කළේ බිස්කට් සහ තේ රැගත් මේඛලා  හා තුෂාරි කාමරයට ඇතුළු වනවාත් සමගය.


"නංගිලා ඇවිල්ලා ගොඩක් වෙලාද" බිස්කට් එකක් අතට ගත් වනසරා නමින් හදුන්වන සමීරගේ මිතුරා තුෂාරිගෙන් ඇසුවේය.


"දැන් පැයක් විතර. මේ පැත්තට එන බස් එකක් හොයාගන්න බැරුව ගොඩක් වෙලා ඇහැළියගොඩ හිටියා නැත්තන් තව ටිකක් කලින් එන්න තිබ්බා"


"ඔයාලගෙ බැච් එකේ කට්ටියම ආවද"


"නෑ අයියෙ අපිත් එක්ක ආවෙ තිහ හතලිහක්. ගොඩක් අයට අද චාටඩ්නෙ. අනෙක අපි මෙහෙට එනකල්ම දන්නෑනෙ ෆියුනරල් එකක් නෑ කියලා. කට්ටියක් දැන් මග එනවලු. අනිත් අය පාන්දරම එයි"


පිළිතුරු දෙමින්ම අප අසලට ඇය "අපි හිතුවෙ ඔය තුන්දෙනා අද එන්නැතුව ඇති කියලා" කීවාය. මනූජා එයට කුමක්දෝ පිළිතුරක් දීමට සැරසෙන බව දැක පවනි ඇගේ අත කෙනිත්තුවාය.


"භාග්යා කාගෙවත් මළ ගෙවල්වල යන්නැති නිසා මෙහෙ එයි කියලත් අපි කීයටවත් හිතුවෙ නෑ"  මුල් අනුමානයට අප කිසිවක් නොකී පසු ඇය මා අසලට ආවේ එසේ කියමිනි.


"භගීලගෙ අම්මලත් එනවා කියපු නිසා අපි එක්ක එන්න නතර වුණේ. ඒත් අප්පච්චිට අද එන්න බැරි වෙනවා කියපු නිසා අපි මේ අයියලත් එක්ක ආවා" මනූජා ඇඟට පතට නොදැනී කියූ බොරුවෙන් තුෂාරි පුදුමයට පත් වුවත් ප්රශ්ණ ඇසීම නතර නොකළ ඇය යළි මනූජා දෙස බැලුවේ "භාග්යාලගෙ අප්පච්චි ජනකව අදුරනවද" අසමිනි.


"එක පවුලෙ මිනිස්සු වුණාම අදුරන්නැතුව කොහොමද" කියූ පවනි මේඛලා අතින් තේ කෝප්පයක් ගෙන මගේ අතින් තැබුවාය. ප්රශ්ණ ඇසීම එතකින් අවසන් කළ ඔවුන් ඉතිරිව තිබූ තේ කෝප්පය සමීරට දී කාමරයෙන් පිටවිය.


"ඇත්තටම මචං මාත් මේ අහන්නමයි හිටියෙ භාග්යා ජනකලාගෙ නෑදෑයොද" ඇසූ මද්දුම අයියා මා දෙස හොදින් බැලීය.


"නෑදෑකමක් ගැනනං මං දන්නෑ. ඒත් ජනකයගෙ නංගි ටිකක් භාග්යා වගේ"


"අනේ මචංලා මෙන්න වැන්දා කෙළ හලන්නනං ලෑස්ති වෙන්ඩ එපා. ඒකිට කොල්ලෙක් නැත්තං මං ජනකයව මස්සිනා කරගන්නවා" කියා දඩෝරි අයියා අත් ඉහළට ඔසවා අචාර කළේය


"කෙල්ල දකින්නෙත් නැතුව උඹ බුක් කරගන්ඩ හදන්නෙ දෑවැද්දට මේ ගෙවල් දොරවල් ලැබෙයි කියලද"


" කෙල්ලත් භාග්යා වගේනං ආයෙ දෑවැදි මොකටද මචං" කියූ ඔහු සමීර දෙස බලා ඇසක් ගැසුවේය. සමීරගේ මුහුණ තරමක් වෙනස් වුවත් ඔහු බව නොදැනෙන අයුරින් දඩෝරි අයියා දෙස බැලුවේ "සොරි මචං උඹට මඟුල හරියන්නෑ" කියමිනි.


"ඉරිසියා කරන්ඩ එපා මචං පොඩ්ඩ්ක් උදව් කරන්ඩ බලපන්කො. ජනකයා උඹේ ෆිට් එකනෙ"


"උදව් කරන්ඩ තිබ්බා මචං කෙල්ල මේ ලෝකෙ හිටියනං" කියූ සමීර යළි අපි තිදෙනාගේම මුහුණු බැලුවේය. ජනක ඔහුගේ නැගණියගේ ජායාරූපයක් අපට පෙන්නූ බව සමීරට කියන්නට ඇත.


"අපි එහෙම එකක් දැනන් හිටියෙ නෑනෙ මචං"


"උඹලා තියා මේගොල්ලො මේ හොදම යාළුවෝ වෙලාවත් දැනගෙන හිටියෙ නෑනෙ. නංගි නැති වුණා කියලා කියන්න දුක නිසා ඒක කාටවත් කියලා නෑ.  උඹලා ඉස්සෙල්ලා බයිලා ගහන්න ගත්තට මං පිටිපස්සට ආවෙත් මේගොල්ලන්ට ඔය විස්තරේ කියන්න. ඒත් මනූජලට කියන්න බැරි උනානෙ. ටිකට මේ මෝඩ කෙල්ල අරූගෙන් නංගි කොහෙද අහලා"


"එහෙනං ඊට පස්සෙ වෙන්නැති ඇඬීමේ තරඟෙ පටන් ගන්ඩ ඇත්තෙ" කියූ රම්බො අයියා ජනේලය දෙස බලා දෙතොලට ඇඟිල්ල තබා අපට නිහඬ වන ලෙස සං කළේය. ඒත් සමගම කාමරයට එබුන ජනක යළි සාලයට ගොස් පුටුවක් රැගෙන විත් සමීර අසලින් අසුන් ගත්තේ "කට්ටියට බඩගිනිද" අසමිනි.


"නෑ අපි දැන්නෙ තේ බිව්වෙත්"


ඉන්පසු මොහොතක් නිහඬව සිටි ජනක තාත්තා ගැන දීර්ග විස්තරයක් කරන්නට පටන් ගත්තේය. පත්තර විකුණන්නෙකු ලෙස ජීවන වෘත්තිය ඇරඹූ සිය පියා හදිසි අනතුරකින් එක්තැන් වනවිට නගරයේ පොත් සාප්පුවක්, තොග බඩු අලෙවිසැලක් ඇතුළු තවත් කුඩා ව්යාපාර කිහිපයකම හිමිකරුවෙකු බව ඔහු සදහන් කළේ ආඩම්බරයෙනි. මල්සරා අයියාගේ පැණයකට පිළිතුරු දෙමින් ඔහු සිය පියාගේ හදිසි අනතුර ගැන  කීමට පෙර වරක් මා දෙස බැලුවේය. සිදුව ඇති දේ වනවිට දැන සිටි හෙයින් මා අවස්ථාවේ ඔහුගේ බැල්මට ලක්වූයේ අපහසුවෙනි.


ලේ පිළිකාවකින් මියගිය නැගණිය ගැන කීමට ඔහු බොහෝ වෙලාවක් ගත්තද ඉන් ඔහුගේ සිත තුල වූ පීඩනය තරමකට නිදහස් වූ බව පෙනෙන්නට තිබුණි.  මුළු නිවසම එකලු කළ නැගණියගේ අකල් වියෝවත් සමග පවුලම අඳුරු ආගාධයකට ඇද වැටුන බවත් නියමිත කාලයට වසා දෙවසරකට පසුව උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ අම්මාගේ පෙරැත්තයට බවත් කියූ ඔහු සරසවියට ගිය මුල්ම දිනයේ තමා නැවතත් ජීවත් වන බව දැනෙන්නට පටන්ගත් බව සදහන් කළේද මා දෙස බලමිනි. සමීර දැඩි නොසන්සුන්කමකින් මෙන්ම කේන්තියකින් සිටින බව මා තේරුම් ගත්තද ජනක ඔහුගේ කතාව නතර කරන සූදානමක් නොවීය. සිව් වසරකට ආසන්න කාලයක් අප හා එකා මෙන් සරසවි දිවියේ දුක සැප බෙදාගත් ඔහු මෙතෙක් දිනක් සිත තුල  සිරකරගෙන සිටි සියල්ල අප ඉදිරියේ තබන්නට තීරණය කළා විය හැක. තම නැගණියගේත් මගේත් සමාන කම් ගැන කතා කරමින් සිටි ඔහු එක්වරම කතාව නතර කළේ සාලය දෙසින් ඇසුන යුවතියකගේ ගීතවත් කටහඬකට සවන් දෙමිනි. ඔහු නිහඬ වූ පසු සාලයේ වූ කතාබහ අපටද හොදින් ශ්රවණය විය.


"ලොකු අම්මා කුමාරි අක්කව හොයනවා"


"ඇයි දන්නෑ"


"මං හිතන්නෙ තේ හදන තැන කවුරුත් නැතුව වෙන්නැති. පොඩීගෙ යාළුවෝ ටික විතරයි ඇත්තෙ"


"එහෙනං අපි හතර දෙනාම යන්නං. මේ වැඩේ ඉවරයි" කියමින් මල් වැල් සකසමින් සිටි පිරිස නික්ම යන හඬ ඇසෙනවාත් සමගම ජනක දොර අසලට ගියේ "සුදු නෝනා" කියමිනි


"..ඔයා මෙහෙද මං හැම තැනම හෙව්වා" කියමින් ඇය කාමරය අසලට පැමිණියාය.


"සමීර අයියලා ආවා" කියූ ජනක ඇයට ඇතුලට එන්නට ඉඩ සැලැස්සුවේය. එසේනම් ඇය සමීරද හඳුනන අයෙකු විය යුතු බව මම අනුමාන කරමින් සිටියද දොරෙන් ඇතුලට රුවැත්තිය දෙස අන් සියල්ලන්ම සේ සමීරද බැලුවේ පුදුමයෙන් මෙනි. කෙටි කොණ්ඩය පෝනිටේලයක් දමා දණහිසින් තරමක් පහළට ඇති නිල් ඩෙනිම් සායකට සුදු පැහැ සැහැල්ලු කමීසයක් ඇඳ සිටි ඇය තුල කුමක්දෝ සුවිශේෂී ආකර්ශණීය බවක් විය.


"මේ තමයි සමීර අයියා. මේ අයියලත් ඔක්කොම සමිර අයියගෙ බැච් එකේ. අර රම්බො අයියයි වරුණි අක්කයි, අර දඩෝරි අයියා, ඊළඟ දෙන්නා වනසරයි මල්සරයි, අර තමයි අපේ ආඳා අයියා මේ මද්දුම අයියා" කියා ජනක එක දිගට සමීරගේ මිතුරන් හඳුන්වාදෙන්නට පටන් ගත්තේය.


"මං හිතුවෙ සත්තු වත්තෙම තියෙන නම් අහන්න වෙයි කියලා" කියමින් සියළු දෙනාම දෙස බලා තුනී මදහසක් පෑ මා දෙස බලා ලෙංගතු සිනාවක් පා "ඉතිරි තුන්දෙනා මං තනියම අඳුරාගන්නං ඔයා එපා" කියමින් අප අසලට පැමිණියාය. රූමත් කමට සමානම ආකර්ශණීය බවක් ඇගේ කටහඬේ මෙන්ම දඟකාරී ඉරියව් තුලද තිබුණි.  මා ළඟින් සිටගත් ඇය මගේ අතක් දෝතින්ම බදාගත්තේ " ඔයා ගැන මං අහලා තියෙන තරමට මට චිත් එහෙම අදින්න පුළුවන්කමක් තිබ්බනං මෙලහකටත් ඔයාව ඇදලා" කියමිනි. මගේ නෙත් නිතැනින්ම සමීර දෙසට යොමු වුවත් ඔහු උවමනාවෙන්ම මගේ බැල්ම මග හැරියේය.


"ඔය දෙන්නා ගැනත් එහෙමම තමයි" කියමින් මනූජා සහ පවනි දෙසට හැරුන ඇය "ඔයා මනූජා මේ පවනි මං හරි නේද" ඇසීය. මා මෙන්ම ඇගේ කතාවට වශී වී උන් මනූජා "මේකා අපිව නැති කරලද කොහෙද" කියමින් ජනක දෙස බැලීය.


"අපෝ නෑ වරදකට කිව්වෙ නිතරම භාග්යාග සැර දානවා කියලා විතරයි"


"දැන් ඇති ඔය කියෙව්වා. මෙහෙට එනවා" කියමින් ජනක ඇගෙ අතින් ඇද්දේය. ඉන්පසු සමීර දෙස බැලූ ඇය "සමීර අයියා ගැන මං අහලා තියෙන තරමට මගෙ කණ් පිරෙනවනං දැන් පිරිලා" කියමින් යළි මා දෙස බලා සිනාසුනාය. ජනක ඇගේ කණක් තදින් අඹරවා අත්හැරියේ ඒත් සමගය. කණ අතගාමින්ම ඇය නිහඬ වූයේ ජනකට රවමිනි.


"උඹ දැන් මේ කටර් එක කවුද කියලා අපිට අඳුන්වලා දෙන්නැත්තං අපි ඉතින් සුදු නෝනා උඹේ නෝනා කියලා හිතාගන්නවා" මද්දුම අයියාගේ කතාවට  සිනාසී ජනකගේ මුහුණ බැලූ ඇය ඉන්පසු "අපෝ මෙයාගෙ නෝනා වෙනවනං ඊට කලින් මට ප්ලාස්ටික් කණ් දෙකක් හයි කරගන්ඩ වෙනවා" කියමින් නැවත වතාවක් කණ පිරිමැදගත්තාය.


"මං ඉතින් කොහෙ අඳුන්වලා දෙන්නද. මෙයා පැන්න ගමන් එහෙට මෙහෙට වෙඩි තියන්න ගත්තනෙ" කියමින් දෙස නෝක්කාඩු බැල්මක් හෙලූ ජනක "අපේ තාත්තගෙ නංගි බැදලා ඉන්නෙ මෙයාලගෙ මෙයාලගෙ තාත්තගෙ මල්ලි" කීවේය.


" කියන්නෙ මාමගෙ දුව. උඹේ නෑනා"


"ඔව්"


"උඹ නෑනා ගැන විස්තර කියන්ඩ අකමැතිද කොහෙද. කමක් නෑ කමක් නෑ අපි නිවාඩු පාඩුවේ නෑනගෙන්ම අහගන්නංකො" කියු මද්දුම අයියා දඩෝරි අයියා දෙස බලා ඇසක් වසා "නැද්ද මචං" ඇසීය.


"මෙයාට තියෙන්නෙ දිව උළුක් වෙන නමක්. අරුණෝද්යා වෛද්යසේකර"


"දිව උළුක් වෙනනවනං ඔයාලා මට අරුණි කියන්න" කියමින් ඇය ජනක අසුන්ගෙන සිටි පුටුවේ ඇන්ද මත වාඩි වූවාය. මා මෙන්ම අනෙක් සියළු දෙනාද ඇගේ කතාවට සිනාසෙමින් සිටියද සමීර සිටියේ කුමක්දෝ කල්පනාවකය.


"අරුණෝද්යා මොකද කරන්නෙ. ඉස්කෝලෙ යනවනං වෙන්ඩ බෑ" කියා මද්දුම අයියා යළිත් වරක් දෙස උවමනාවෙන් බැලුවේය.


"ඉස්කෝලෙ නං යන්නෑ හැබැයි ඉගෙන ගන්නවා පේරෙ මෙඩිකල් කොලේජ් එකේ" ඇගේ පිළිතුර මද්දුම අයියාට පමණක් නොව අපටද පුදුමයක් දැනවීය.


එකම විශ්ව විද්යාලයක සිටියද වෛද් පීඨ සිසුන් කිසිවිටක අප සමග සුහද කතා බහකට පැමිණෙන්නේ නැත. අතරින්ද ශිෂ්යාවන් විශේෂ වූයෙන් වෛද් ශිෂ්යාවක වූ ඇගේ හැසිරීම කාටත් පුදුමයක් වීමේ අරුමයක්ද නැත.


"දැන් මගෙ තර්ඩ් ඉයර් එක ඉවරයි. අනිද්දට ෆයිනල් එග්සෑම් පටන් ගන්නවා" කියු ඇය ජනක දෙස බලා යන්තමින් සිනාසුනාය.


"මට එකපාරටම තාත්තා නැති වුණා කිව්වම ආව ෂොක් එකට මං මෙයාට කෝල් කරේ එග්සෑම් එක මතක නැතුව. නැත්තං මං කීයටවත් කියන්නෑ.  පස්සෙ මට මතක් වෙලා එන්න එපා කියලා කෝල් කරනකොට මඟ. දැන් මේ යවාගන්න විදිහක් නැතුව ඉන්නවා" පසුතැවිල්ලකින් මෙන් කියූ ජනක "චූටි බාප්පලා රෑට ගියොත් යන්න සුදු නෝනා" කියමින් ඇය දෙසට හැරුනේය.


"ඔයා විකාර හිතන්නැතුව ඉන්න පොඩී. මට හෙට හවස ගියත් ඇති. විභාගේ අනිද්දා උදේටනෙ" කියූ ඇය ජනක ඊට කිසිවක් නොකී පසු "ඔයා බයවෙන්න එපා මං හොදට පාඩම් කරලා තියෙන්නෙ" කියා ඔහුගේ හිස දෙතුන් වරක් පිරිමැද්දාය. ඔවුන් දෙදෙනා අතර නෑදෑකමකට එහා ගිය සබදකමක් ඇත්දැයි සැකයක් තිබුණද මට එය අසාගත නොහැකි විය. පෙම්වතියක් සිටින්නේදැයි ඇසූ සෑම විටකම ජනකගේ මුව කොණකට සිනහවක් නැගෙනු දැක තිබුණද ඔහු කිසි දිනක ඊට පිළිතුරක් ලබා දී නැත.


"ඔයා මේ අයියලත් එක්ක කතා කර කර ඉන්න පොඩී. මං මේ තුන්දෙනත් එක්ක කෑම දෙන පැත්ත පොඩ්ඩක් බලලා එන්නං"කියා පුටු ඇන්ද මතින් නැගිටගත් ඇය සමීර ඉදිරියෙන් සිටගත්තේ "කමක් නැද්ද එක්ක ගියාට" අසමිනි. සිනහවකින් තොරව හිස වනා මනූජා දෙස බැලූ සමීර "මනූජා… කවුරුත් මොකුත් කිව්වට ඒවා මේවා කියන්න යන්න එපා. ඉන්නෙ කොහෙද ඇයි ආවෙ කියලා මතක තියාගෙන වැඩ කරන්න" කරන්න කියා තරමක් සෙමින් කිව්වද එය අන් අයටද ඇසෙන්නට ඇත. මගේ අතින් ඇදගෙන දොර දෙසට යන්නට තැත් කරමිනි සිටි අරුණෝද්යා මදක් නතරව සමීර දෙස බලා සිනාසී "ඔයා හරි ෂෝක් සමීරයියෙ....මට ඇත්තටම එක්කෙනෙක් ගැන ඉරිසියත් හිතෙනවා" කියමින්ම දොරෙන් පිටවන්නට සූදානම් වුවත් ඊට පෙර අංජන කාමරයට ආවේ "ජනක කෝ අරුණි" අසාගෙනය. පිළිතුරක් නොදුන් ඇය කාමරය දෙස බලන විට ජනක නැගිට්ටේ "ඇයි මචං" අසමිනි.


"අයියගෙ බැචාලා සෙට් එකක් ඇවිත් අයියව හොයනවා. මං හිතන්නෙ අයියා තාම ඇවිත් නැද්ද කොහෙද"


"එහෙනං මං බලලා එන්නං මචං" කියා අංජනගේ පිටට තට්ටුවක් දැමූ ඔහු අරුණෝද්යා දෙස බලා "මං එනකල් ඉන්න සුදු නෝනා" කියා කාමරයෙන් පිටවිය. හිස වනා ඔහුට සිය කැමැත්ත පල කළ අරුණෝද්යා අංජන දෙස බලා " පැත්තෙ වැඩ කොහොමද අංජන කෑම දෙන්න පටන් ගත්තද" ඇසුවාය. අප නොදැන සිටියද අංජන ඇය ගැන දැන සිටින්නට ඇති බව සිතී මා මනූජා සහ පවනි දෙස බලද්දී ඔවුන්ද එය අනුමාන කරන්නට මෙන් හිස සලා නැවතත් අසුන් ගත්හ.


"ඔක්කොම රෙඩි ඒත් කවුරුත් තාම කෑමට ආවෙ නෑ" කියමින්ම මනූජා අසලට අංජන ඇගේ පුටු ඇන්ද උඩින් වාඩි වූයේ "උඹලා සැපට වාහන වල ඇවිල්ලා දැන් නෝනලා වගේ මෙතන්ට වෙලා පච හල හලා හිටපල්ලා. අරහෙ අපිත් එක්ක ප්ලේන්ටියක්වත් බොන්න ආවෙ නැති උන් දුන් දාගෙන වැඩ" කියමිනි


"අපි මේ යන්න හැදුවෙ"


"පල පල පච කියන්නැතුව"


"බොරුනං අරුණෝද්යාගෙන් අහන්න" එය සැබෑවක්දැයි දැනගන්නට මෙන් ඇය දෙස බැලූ අංජන "ඇත්තද සුදු නෝනා" කියා ඇසුවේ ජනකගේ කටහඬට සමීප හඬක් මවාගනිමිනි.


"ඔයා අරුණෝද්යාව කලින් දන්නවද අංජන" පවනි ඇසුවේ මටත් දැනගත යුතුම වූ පැණයකි


"උඹත් අහන්නෙ මාර කතා. අරූ මගෙ ඇද එහා පැත්තෙ ඉදන් රෑ දෙගොඩහරි ජාමෙ මල් කඩනකොට මං දන්නැද්ද. ඉස්සෙල්ලම දවසක් දෙකක් රෑ මැද්දෙ මේකා සුදූ සුදූ කියනකොට මං හිතුවෙ මූ හීනෙන් භාග්යා එක්කවත් කතා කරනවද කියලා. එතකොට මං මුගෙ නංගි ගැන දැනන් හිටියෙත් නෑ. පස්සෙ පස්සෙ මේකගෙ හීනෙන් කියවිල්ල නතර වෙච්චි නැතිපාර මං දවසක් දෙකක් රබර් කණ දාගෙන අහන් හිටියා. එතකොටනෙ වැඩේ මාට්ටු වුණේ. හැබැයි ඉතින් දැක්කෙ අද. මූ සුදු සුදූ කිව්වට මං  හිතා හිටියෙ තාර කළු කෑල්ලක් වෙන්නැති කියල. හැබැයි අන්න එතනදි මට පොඩ්ඩක් වැරදිලා" කියා අරුණෝද්යා දෙස බැලූ අංජන යළි පවනි දෙස බැලුවේ නෙතඟින් අරුණෝද්යාව පෙන්වමිනි. එතෙක් කිසිදු සබකෝලයක් නොමැතිව කියවමින් සිටි ඇය මොහොතේ සිටියේ ලැජ්ජාවෙන් රතු වෙමිනි.


"මේකා තියන්න වටින්නෑ. මෙච්චර අපිත් එක්ක එක තේ එක බොන එකා අපිට නිකමටවත් කියලා නෑ. අපි කෙල්ලෙක් ඉන්නවද ඇහුවමත් උත්තර දෙන්නෑ හිනාවෙලා මගාරිනවා"


"ඔයාලා එහෙම හිතුවට අපි අතරෙ එහෙම සම්බන්දයක් නෑ පවනි. පොඩි කාලෙ ඉදලම මට හිටිය හොදම යාළුවා පොඩී. සමහරවිට පොඩීට ඔයාලා හම්බුනාට පස්සෙ ඒක වෙනස් වුණාද දන්නෑ. ඒත් මගේ පැත්තෙන්නං අදටත් ඒක එහෙමමයි. ඒත් ඕක අපි දෙන්නට දෙන්නා ඇරෙන්න කවුරුත් පිළිගන්නැති නිසා අපි කියන්න යන්නෙත් නෑ. අඩුගානෙ අපෙ අම්මලවත්. පවුලෙ හැමෝම හිතා ඉන්නෙ අපි දෙන්න බදින්න ඉන්නවා කියලා. සමහරවිට ඒක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මං ගැන හිතන්නෑ. හොද විදිහ කාලෙට තීරණය කරන්න දීලා අපි දෙන්නා පොඩි කාලෙ වගේම අදටත් දුක සැප බෙදාගෙන රණ්ඩු වෙවී  යාළු වෙවී ඉන්නවා"


ඇගේ කතාව අනෙක් අය විශ්වාස නොකරන බවක් පෙනුනද මට එහි සත්යතාවයක් දැනෙමින් තිබුණි. ඇතැම්විට ඇගේ සිතේ ජනක කෙරෙහි එවන් විශේෂිත හැඟීමක් නොමැති වුවත්  ජනක ඇයව බලාපොරොත්තු වනවාද විය හැක.


"අම්මෝ ඇති. අන්න ලොකූ ආවා. දැන් තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ" ජනේලය දෙස බලාසිටි අරුණෝද්යා එක්වරම එසේ කියා මා අසලට පැමිණ "ඔයාව දැක්කම ලොකූට තවත් දුක හිතෙයිද දන්නෑ. ලොකූ කිය කියා හිටියෙ මාමට බෙහෙත් ගන්න කොළඹ යන වෙලාවක එක්ක ගිහින් ඔයාව පෙන්නන ඕනි කියලා" කියා මගේ උරහිස මත සුරත තැබීය. මා සමීර දෙස බලද්දී ඔහු එය නුදුටු අයුරින් නළල පිරිමදිමින් සිටියේ මුහුණ අඳුරු කරගෙනය.



34 comments:

  1. දැන් දැන් ටිකක් කම්මැලි වේගෙන එනවද මන්දා.

    ReplyDelete
    Replies
    1. eththatama mata nam ehema kammeli kamak denenne nehe. bolada bawin miduna agana kathawak

      Delete
    2. මුල ටික කියවලා මේ ටික කියවනකොට එහෙමයි මටනම් දැනෙන්නේ. මං කියන දේ සඳා අක්ක තේරුම් ගනීවි.

      Delete
    3. කසුන්, ඔයා කියන කතාව මට තේරෙණවා මල්ලි. අතෑරලා දාන්න කසුන් මේක ලියන මටමත් ආපහු කියවන්න කම්මැලි එකේ ඔයාලා ගැන කවර කතාද?

      මුල කියවද්දි ඉස්සරහට කියවන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙච්ච කතාව නැති නිසාද මේක නීරස වුණේ නැත්නං මං ලියන විදිහද?. පුළුවන්නං මට ඒ ගැනත් කියන්න

      මං ලියන දෙයක් ලස්සනයි හෝ එක හුස්මට කියෙව්වා කියලා කෙනෙක් කියනකොට මට සන්තෝසයි.

      හැබැයි මං ඊටත් වඩා කැමතියි නෙගටිව් පැත්ත පෙන්නලා දෙනවට. ඒ නිසා ඔයා ඔයාගෙ හිතට දැනුන ඇත්තම දේ ලිව්වට ස්තූතියි! මල්ලි. ඉස්සරහා ටික ලියද්දි ඔයාගෙ කමෙන්ට් එක මගෙ හිතේ උඩින්ම තියෙනවා. මං ඒ ගැන සැලකිලිමත් වෙන්නං ( පහළින් හැලපයා ලියලා තියෙන්නෙත් ඔයා කියන දේම වෙනස් විදිහකටනෙ )

      මගේ නොම්මර එකේ පාඨකයෙකුටත් ඔය කම්මැලිකම ඔහොම්ම දැනිලා එයා දැන් මේ පැත්ත බලාගෙන බත්වත් කන්නැතිලු. ඕ යේස්

      Delete
    4. ඩොක් අක්කා,

      අපි එක එක්කෙනාගෙ රසවින්දනය එකිනෙකට වෙනස්නෙ. දැන් ටික ටික බෝරිං වගේ කියලා තව කීප දෙනෙකුත් කිව්වා.

      හැබැයි ඒ වගේම දැන් නියමායි කියාගෙන් නොඉවසිල්ලෙන් ඉතිරි ටික කියවන්න බලන් ඉන්න පිරිසකුත් ඉන්නවා.

      එක නංගි කෙනෙකුට දැන් හරියට නින්ද යන්නෙත් නෑ කිව්වා

      Delete
    5. ඔව් අක්කෙ මං කිව්වෙත් හැලප අදහස වගේ එකක්. සමහර තැන් ඕනාවට වඩා විස්තර කරන්න ගිහින් වගේ දැනුනා. කොහොම උනත් මේක අන්තිම වෙනකල් එක කොටසක්වත් අතාරින්නෙ නෑ.

      Delete
    6. කසුන්,

      අර දෙන්නට කිව්වා වගේම ඔයාටත් කියන්නෙ කතාව ඉවර වුණාම ඔයාට එහෙම දැනුන තැන් මට කියන්නකො. දැන්ම කියන්න ඕනි නෑ මොකද කවුද දන්නෙ ඔයා ඔය ඕනිවට වැඩියි කියන්නෙ ඕනිම කොටසක්ද කියලා.

      //කොහොම උනත් මේක අන්තිම වෙනකල් එක කොටසක්වත් අතාරින්නෙ නෑ// සන්තෝසයි.

      Delete
  2. සමීරට ජෙල ද නැත්තන් ඌ අපි නොදන්න මොනව හරි දන්නවාද මන්දා... හ්ම්ම්.. ලඟ ලඟ කොටස් දාන එක නම් මහත්ඵල මහානිසංස ලැබෙන වැඩක් ඔන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. eeka nam eththa. kathawa kiyawanna asawen inna apita digatama kathawa dana eka gena mamath godak sthuthi karanawa

      Delete
    2. ජීඑල්,

      සමීරට ජෙලද නැත්තං පිස්සුද කියලනං මං දන්නෑ. හැබැයි ඔය පුරුෂ පාර්ශවය කියන්නෙ වෙලාවකට තමන්ම ප්‍රශ්ණ හදාගෙන තමන්ම උත්තර ලියාගෙන තමන්ම හරි වැරදි බලාගන්න කොට්ඨාශයක් කියලනං මං දන්නවා.

      අයියෝ මාත් කැමතියි එක දිගට මේක ලියලා දාන්න. ඒත් සතියෙ දවස් පහේ ඒ වැඩේ ටිකක් අමාරුයි. සති අන්තෙ ලියාගත්තු ටික තමයි ඔය එක දිගට දැම්මෙ. ඒ නිසා අද බැරිවෙයි

      Delete
  3. මරණ ගෙදර විස්තර උවමනාවටත් වඩා දිග වැඩි කියල හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. eththatama nehe. oyata ehema hithunata meeka liyana kena api nodakina peththak kiyanna yanawada kauda danne. iwaseemen digatama kiyola balamuko

      Delete
    2. හැලපෙ,

      මරණ ගෙදර කිව්වා?..... මං නං ඒවයෙ යන්නෑ.

      මේක මම ලියමින් ගමන් ඔයාලට බලන්නත් දාන නිසා මේකෙ සංස්කරණය විය යුතු තැන් තියෙනවා කියලා මටත් දැනෙනවා. ඒත් ඔයාලා කියෙව්වට පස්සෙ මට ආපස්සට ගිහින් වාක්‍ය එකතු කරන්නවත් මකලා දාන්නවත් බැරි නිසා සමහර කොටස්වල තාර බර වැඩි වෙන බව පේනවා.

      ස්තූතියි ඒ ගැන කිව්වට. අපි අන්තිමට බලමු වෙනස් වෙන්න ඕනි තැන්. මං ඒකට ඔබේ උදව් කොහොමත් බලාපොරොත්තු වෙනවා

      Delete
    3. ඩොක් අක්කා,

      ස්තූතියි! ඔයා ඉවසීමෙන් කතාව රස විදිනවට.

      මං මේ කතාව ලියන කෙනා නොවී කියවන කෙනෙක් වුණානං මාත් කියන්නෙ හැලපයා කියන කතාවම තමයි

      Delete
  4. eththatama lassana kathawak. kammelikamak nethuwa digatama kiyawanna hithena kathawak. obe liweeme hekiyawa gena agaya karanawa. digatama pataka apita liyanna. dawasaka obath prasidda nawakatha karuwan atharata wetena hoda nawakatha karuwek wewi kiyala mama hithanawa. suba anagathayak obata GBU

    ReplyDelete
    Replies
    1. මං බැලුවෙ මේ සඳවියමන්ගෙ ෆේක් ප්‍රොෆයිල් එකද කියල. නෑනෙ?

      Delete
    2. ඩොක් අක්කා,

      ස්තූතියි! ඔබේ අගය කිරීමටත් සුබ පැතුමටත්.

      මමත් ආසයි ලියන්න. ඒත් ඉතිං මේ වගේ ඉස්පාසුවක් ආයෙ මේ ආත්මෙටනං බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් පුළුවන් හැටියට යමක් ලියන්න උත්සහ කරන්නම්

      Delete
    3. කසුන්,
      මට ඇත්තටම කණගාටුයි මල්ලි ඔයා මාව මනින්න හොයාගත්තු මිනුම් දැන්ඩ ගැනනං.

      ඒත් ඉතිං මිනිස්සු අපිව මනින්නෙ තමන්ට පුරුදු/ තමන් කැමති/ තමන්ට හරියි හිතෙන මිනුම් දඩු වලින් කියලා මං දන්න නිසා ඒ ගැන අමනාපයක් නෑ

      Delete
    4. හපොයි මං කියපු දේ එහෙම්පිටින්ම අනිත් පැත්තට නේද හිතාගෙන තියෙන්නේ? මං කිව්වේ මේ ඩොක් අක්කා හැමෝටම රිප්ලයි කරල තිබුනු නිසා. ඔයා ගැන හිතාගෙන නෙවෙයි. එහෙම උනානම් සමා වෙන්න.

      Delete
    5. කසුන්,

      අයියෝ සොරි මල්ලි. මාත් ඔයා කියපු දේ වැරදියටනෙ තේරුම් අරන් තියෙන්නෙ. හිත රිදුනා නේන්නං. ඒත් දැන් මට තේරුණා ඔයා කියපු දේ. ඒ නිසා ඒක ඉවරයි.

      Delete
  5. දිගටම ලියමු සඳා...ස්තුතියි වැඩ අතරේ වුනත් අපට කතාව අරන් එන එක එකට...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි! පොකුරු වැඩ අතරෙ වුණත් මේක කියවමින් මාව දිරිමත් කරනවට.

      මගේ විනෝද සමය ඉවර කරන්න කාලෙ හරි. ඒ නිසා මේක ඉක්මණට ඉවර කරලා ආපහු පීඑච්ඩී එකට යන්න ඕනි.

      Delete
  6. මේ අර උඩ කියුවෙ මං ගැනද?????? හී... හී..

    මේ ටිකේ කොටස් කීපයක් එකට කියවන්න උනා.... හැබැයි දිගටම කියෙව්වා....

    ඇත්තටම ඔයා කතාවට මුල දී ලස්සනට ගලා යන්න ඉඩ සැලැස්සුවා... ඒත් දැන් දැන් සමහර සමහර තැන් වලදී අනවශ්‍ය විස්තර වැඩී වගේ.... කතාවට මුල් රසය දෙන්න ඔයාට බැරි වෙන එකක් නෑ....

    ReplyDelete
    Replies
    1. නිර්මාණි, ඔයාගෙ සිංහල තේරුම් ගැනීම දුර්වලයිනෙ නංගි. පාඨකයා මේ දිහා බලාගෙන බත් කන්නෙත් නෑ කිව්වම කියවලා කමෙන්ට් එකකුත් දාලා මංද අහනවා. ඔයත් හොද පාඨකයෙක් කියලා මං හිතනවා. ඒත් ඔයා මේ මෑතක අහසින් ආව පාඨිකාවියක්නෙ. ඒ හන්දා ඒ ඔයා නෙවෙයි.

      උඩ කසුන්ටයි හැලපෙටයි දුන්නු උත්තරේ ඔයාටත් වලංගුයි. මං මේ ගැන වැඩිය කතා කරන එක හොද නෑ. ඒත් ඔයාලා මේ කතාව ඉවර වුණාට පස්සෙ මට පෙන්නලා දෙන්නකො මේ මේ කොටස් නිසයි නීරස වුණේ කියලා. මං එතකොට එඩිට් කරන්නම් පස්සෙ මේක කියවන කෙනෙකුට හෝ ඒ අපහසුව නොදැනෙන්න.

      දැනට පුළුවන්නං පුළුවන් හැටියකට කියවන්නකො. මේක මං මෙහෙම කොටස් විදිහට ලියන්න ගත්තු පළවෙනි (සහ බොහෝ දුරට අවසන් ) කතාවනෙ. ඒ නිසා අඩුපාඩුත් ගොඩයි. ඒත් ඉතින් මං බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය ඉක්මවන ප්‍රමාණයක් තාමත් මේක කියවනවා සහ දවසින් දවස ඒ ප්‍රමාණය ඉහළ යනවා.

      කොහොම වුණත් කතාව ඉවර වුණාම මට උදව් කරන්නකො අඩුපාඩු හදන්

      Delete
  7. //////මේක මං මෙහෙම කොටස් විදිහට ලියන්න ගත්තු පළවෙනි (සහ බොහෝ දුරට අවසන් ) කතාවනෙ. /////


    එහෙම අන්තිම එක වෙන්න බෑ... ඒක කපා හරිනවා...

    පහුගිය දවස් ටිකේ මං ලියපු කතාව තමයි මගෙත් පලවෙනි කතාව..... මාත් ඒකෙන් අඩුපාඩු ගොඩක් බලා ගත්තා..... තව එකක් ලියන්න ඔයාමයි අක්කෙ මාව උනන්දු කලේ... එහෙම කියපු කෙනා මේ විදිහට අන්තිම කතාව කියන්න ඔට්ටු නෑ.....

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,
      එහෙම අදහසකින් නෙවෙයි නංගි මං ඒක ලිව්වෙ. මෙහෙ ඉද්දි රෑ 10-11 වෙනකල් වැඩකරන්න ඕනි වුණත් මොකද්දෝ කියන්න නොතේරෙන නිදහසක් තියෙනවා. මං හිතන්නෙ ඒක දැනෙන්නෙ මනසට. එතකොට ලියන්න දේවල් හිතට එනවා.

      ලංකාවට ගියාම ඒක එහෙම නෑ. ඒත් ලංකාවෙදි මෙහෙ ඉන්නවට වඩා හොදට ජීවත් වෙන බව දැනෙනවා. මට ඕක විස්තර කරන්න තේරෙන්නෙ නෑ. ඒත් ආපහු මෙහෙම නව කතාවක් තියා කෙටි කතාවක්වත් ලියන්න ඉස්පාසුවක් ලැබෙයි කියලා මට හිතෙන්නෑ. ඒත් ඉඩක් ලැබුණොත් මං අනිවාර්‍යෙන්ම ලියනවා.

      මං ප්‍රාර්ථනා කරගෙන යනවා ලියන්න බැරි වුණත් බ්ලොග් ටිකක් කියවන්න හරි ලැබේවා කියලා

      Delete
    2. අක්කෙ ඔයා ලංකාවට එන්න කිට්ටුද/??? කියවන්න විතරක් නෙවෙයි පුලු පුලුවන් වෙලාවට ලියන්නත් බලන්න.... මොකද තව ඔයා ලැබුව අද්දැකීම් එක්ක කොච්චර දේවල් ලියන්න පුලුවන්ද... සකුරා සුවදත් තව ලියන්න ඇති නේද අක්කේ...

      මං ප්‍රාර්තනා කරනවා ඔයාට ලියන්න වෙලාව ලැබෙන්න කියලා...

      Delete
    3. counting days. තව දින 64 යි.

      මගේ Final defense එක අගෝස්තු 18. මේ කතාව ඉවර කරලා ඒකට ලෑස්ති වෙන්න ඕනි. ඊට පස්සෙ මං හිතා ඉන්නෙ එන්න කලින් ඒ පටන් ගත්තු සීරිස් දෙකම ඉවර කරලා දාන්න. එතකොට මට හිත නිදහසෙ එන්න පුළුවන්නෙ

      Delete
  8. කම්මැලි ගතියක් දැනෙනවා තමා ටිකක්..මුල විස්තර වැඩි වගේ.. සඳවියමන් ටිකක් විවේකයක් අරන් ලිව්වොත් ආපහු...

    ReplyDelete
    Replies
    1. හීන දකින්නී,

      ස්තූතියි ඔයාගෙ යෝජනාවට. ඒත් ලැබුණ විවේකයේදි කතාවක් ලියන්න උත්සහ කළා මිස විවේක අරන් කතාවක් ලිවිය හැකි තත්වෙක නෙවෙයි මං ඉන්නෙ.

      ඔයාටත් කියන්නෙ, තාම කතාවෙ මැදනෙ ඒ නිසා මේක මං ලියලා ඉවර වුණාම ඔයාට විස්තර වැඩියි වගේ දැනුන තැන් මට කියන්නකො. මං සියළු පාඨක ප්‍රතිචාර කිරලා මැනලා මේක සංස්කරණය කරන්නම්

      Delete
  9. මට තාම හිතාගන්න අමාරුයි මේ කතා ලියන අය මේ තරම් චරිත ප්‍රමාණයක් හසුරුවන විදිහ නම් පටලගන්නේ නැතුව...

    ReplyDelete
    Replies
    1. ඔයාට පවුලෙ අයගෙ, පංතියෙ හරි ඔෆිස් එකේ හරි යාළුවන්ගෙ නම් පැටලෙන්නෑ නේද?. මං හිතන්නෙ ලියන අයටත් එහෙමයි

      Delete
  10. මම දවසක් බීල ගිහින් වයිෆ්ට වෙන නමකින් කතා කරල පොලු පාරක් නොකා නූලෙන් බේරුනෙ

    ReplyDelete
    Replies
    1. ඇනො,
      හොදටම ෂුවර් ද එහෙම ගුටි නොකා බේරුණේ එක දවසයි කියලා

      Delete